අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

One Punch Man [S01 : E11 & E12] AKA Wanpanman Sinhala Subtitles | පෘථිවියේ ඉරණම විසඳන, ප්‍රබලයින් දෙදෙනාගේ සුපිරි ගැටුම! [සිංහල උපසිරසි] 18+

Rating: 10.0/10. From 7 votes.
Please wait...

බයිස්කෝප්වාසී ඇනිමේ රසිකයින්ට සුභ දවසක් එහෙනම්. වන් පන්ච් මෑන් පළවෙනි කතා සමයේ අවසන් කොටස් දෙකේ උපසිරසි තමා මේ අරගෙන ආවේ. ප්‍රමාද වීම ගැන හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. මුල ඉඳලම මේක බලපු අය දැන් දන්නවා ඇතිනේ මේක කොච්චර සුපිරි ඇනිමේ එකක්ද කියල. එහෙනම් කලින් වුණේ මොකද කියල මතක් කරගෙන අද කොටස්වලට එමු.

පසුගිය මතකයන් –

සී ෆෝල්ක් ගෝත්‍රයෙන් ආපූ තර්ජනය මතක ඇතිනේ. උන්ගේ රජා කියල කියාගත්තු “ඩීප් සී කින්ග්” කියන එකා එන එන හැම හීරෝ කෙනෙක්ටම ගහලා බිම දානවා. අන්තිමේදී මූ මිනිස්සු ඉන්න ෂෙල්ටර් එකටත් ආවා. එතනදී තමා අපේ ජෙනොස් කොලුවත් මූ එක්ක ගේම ඉල්ලන්නේ. හොඳ සටනක් දුන්නත් පොඩි කෙල්ලෙක්ව බේරගන්න ගිහින් ජෙනොස්ට පරදින්න සිද්ධවුණා. එතකොට මූමෙන් රයිඩර්; කොච්චර දුර්වල එකෙක් වුණත් මිනිහත් ඩීප් සී කින්ග් එක්ක සටනට ආවා. අන්න ඒකයී හීරෝ කෙනෙක්ගෙ තියෙන ගැම්ම. කොහොමහරි මූමෙන් රයිඩර් පවා මේ ඩීප් සී කින්ග්ගෙන් හොඳටම ගුටි කනවනේ. ඉතින් අපේ සයිතමාම තමා එක පන්ච් එකකින් මේ ඩීප් සී කින්ග්වත් ඉවරයක් කළේ. හැබැයි ඉතින් මිනිසුන්ගෙන් පැසසුම් ලැබෙනවා වෙනුවට ආයෙත් දෙස් දෙවොල් තමා අහන්න ලැබුණේ. 😪

ඒ වගේම මහා අනාවැකි කියන්නිය, “මදමේ ශිභාබවා” ඉදිරියේදී වෙන්න නියමිත මහා විනාශයක් ගැන අනතුරු අඟවනවා. ඒ අනුව සියලුම Class S හීරෝලට, හීරෝ ඇසෝසියේෂන් ප්‍රධාන මූලස්ථානයේදී රැස්වීමක් පැවැත්වෙනවා. මේ අතරෙදී තමා පෙර නොවූවිරූ විදිහේ විනාශයක් වෙන්නේ. මේ පාර තර්ජනය එල්ල වෙන්නෙ පිටසක්වළින්. ඉහළම අවධානම් මට්ටම වෙන “ගොඩ්” මට්ටමේ විනාශයක් අපිට දැක ගන්න ලැබුණා. මුළු A නගරෙම දැන් විනාශ වෙලා තියෙන්නේ. මේ වෙනකොට ඇටොමික් සමුරායී, සිල්වර්ෆෑන්ග්, මෙටල් බැට් සහ පුරිපුරි ප්‍රීසනර් පිටසක්වළ ජීවියෙක් එක්ක සටනේ ඉන්නේ. ඒ වගේම සයිතමා දැන් මේ යානයේ ඇතුලටත් ගිහින් ඒකේ ඉන්න උන්ට නෙළන්න පටන් අරගෙන.

අද කොටස් තුළින් –

ඉතින් එහෙනම් මේ පෙර නොවූවිරූ විනාශෙට මේ හීරෝලා කොහොම මුහුණ දෙයිද? සයිතමාට පැරදවිය නොහැකි විදිහේ සතුරෙක් හමුවෙයිද? පෘථිවියේ ඉරණම මොකක් වෙයිද? අවසන් කොටස් දෙක නරඹලා එහෙනම් පිළිතුරු හොයාගන්න.

මේ ටිකත් කියවලම යන්න –

දෙවෙනි සීසන් එකේ සබ් තවම සූදානම් වෙලා නෑ. පොරොන්දු උනා වගේ දෙවෙනි සීසන් එකටත් අනිවා සබ් දෙනවා. නමුත් ඉක්මනින් ලැබෙන එකක් නැතිවෙයි. යම් කාලයක් ගතවෙයි. ඒ නිසා සබ් දෙන්නෙ නැද්ද කියල සැරෙන් සැරේ කමෙන්ට් දදා අහන්න ඕනේ නෑ. අනිවා දෙනවා ඒ ටිකත්. ඒ සබ් සූදානම් වෙනකන් Hell’s Paradise සමඟ එකතු වෙන්න. ඉදිරි කාලයේදී ප්‍රධාන වශයෙන් මූලිකත්වය දෙන්නේ Hell’s Paradise වලට නිසා ඉවසීමෙන් ඉන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා. හැකි ඉක්මනින් දෙවෙනි කතා සමයටත් අනිවා උපසිරසි දෙන්නම්. 😊

අද කතාංගයන් –

11. The Dominator of the Universe [Imdb 9]
12. The Strongest Hero [Imdb 9.4]

විකාශය වූ දිනයන් –

11 – 2015 දෙසැම්බර් 13
12 – 2015 දෙසැම්බර් 20

” I became a hero for fun.”

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1

All BT1

16 thoughts on “One Punch Man [S01 : E11 & E12] AKA Wanpanman Sinhala Subtitles | පෘථිවියේ ඉරණම විසඳන, ප්‍රබලයින් දෙදෙනාගේ සුපිරි ගැටුම! [සිංහල උපසිරසි] 18+

  • Thanks for Sub…

    Reply
  • Season 2 ekath ikmanata dennako.

    Reply
    • තව පොඩ්ඩක් ගහන්න තියෙ සහෝ. ඉක්මනින් දෙනවා. පොඩ්ඩක් කාර්යයබහුලයි මේ ටිකේ…

      Reply
  • සබ් එකට Thanx Bro

    Reply
  • season 2 ekath one bro . ikmanata denna

    Reply
    • මේකේ එකයි ආවේ තාම.

      Reply
      • S2 2019 avith thiyenne ekath ona bro

        Reply
        • ඉක්මනින් දෙන්නම් සහෝ.

          Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Season 2 ikmanata dennako plz bro

    Reply
  • bohoma sthuthi sahoo . ..

    Reply
  • Ela ela supiri 2 kath oni ikmant

    Reply
  • බොහොම ස්තුතියි නියම වැඩක් .

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *