Wednesday , December 2 2020
Breaking News

Out of the Dark (2014) with Sinhala Subtitle | නොසන්සිඳුණු වෛරය. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 4 votes.
Please wait...

ඔන්න එහෙනම් මේ සැරේ අරගෙන එන්නෙ  Horror, Thriller කාණ්ඩ වලට අයත්වන, සුපිරිම ඉංග්‍රීසි චිත්‍රපටයක්.මේක 2014 දී ජර්මනියේ  Fantasy Filmfest හිදී ප්‍රදර්ශණය කෙරුවත්, නිළ වශයෙන් සිනමාහල් වල ප්‍රදර්ශනය ආරම්භ කරන්නෙ 2015 වර්ෂයේදී. විශේෂයෙන්ම කියන්න ඕනේ, චිත්‍රපටයේ කැමරාකරණය නම් අති විශිෂ්ට මට්ටමේ තියෙනවා.චිත්‍රපටයට පසුබිම් වෙන්නෙ කොලොම්බියාවේ අති රමණීය දර්ශන තලයන්.කොලොම්බියාවේ තිබෙන්නා වූ මනරම් වනාන්තර, දිය ඇලි, ගංගා, ආදී ඉතාමත් සුන්දර පසුබිම් දර්ශන චිත්‍රපටය පුරාම දැකගන්න පුළුවන්.භයංකාර ස්ථාන පවා, ප්‍රේක්ෂකයාගේ සිත් ඇද බැඳ ගන්නා ආකාරයට ඉදිරිපත් කර තිබීම මෙහි ඇති විශේෂත්වයක් වෙනවා.ඒ නිසාවෙන්ම මේ චිත්‍රපටයට, සාමාන්‍ය Horror චිත්‍රපට වලට වඩා සුවිශේෂී ස්ථානයක් නිතැතින්ම ලැබෙනවා.චිත්‍රපටයට ප්‍රධාන රංගන දායකත්වය සපයන්නේ සම්මාන ලාභී නළු දෙපලක් වන, Scott Speedman සහ Julia Stiles විසින්.

කතාව ආරම්භ වන්නේ 1992 වර්ෂයේ සිදුවන සිදුවීමකින්.ලහි ලහියේ, වැදගත් ලිය කියවිලි පුළුස්සා දමමින් නිවසින් පිටවී යාමට උත්සාහ දරණ වෛද්‍යවරයෙකු, කිසියම් අදෘශ්‍යමාන බලවේගයක් මගින් මරා දමනවා.ඉන් වසර ගණනාවකට පසුව, ලන්ඩනයේ ජීවත් වන පවුලක් කොලොම්බියාවට පැමිණෙනවා.පවුලේ සිටින්නෙ මව, පියා සහ සිඟිති දියණිය.කොලොම්බියාවට පැමිණෙන මෙම පවුල, සිය නිවහන බවට පත්කර ගන්නේ, වසර ගණනාවකට පෙර ඉහත කී මරණය සිදුවූ නිවසයි.ඉතා මනරම් භූමි බාගයක පිහිටා ඇති මෙම සුවිසල් මන්දිරයේ පදිංචි වන මොවුනට සැනසිල්ලේ සිටින්නට හැකිවන්නේ දින කිහිපයක් පමණි.හදිසියේම මොවුන්ගේ සිඟිති දියණිය අතුරුදහන් වෙනවා.මෙරට වැසියන් පවසන ආකාරයට මෙය සිදුකරන ලද්දේ, වසර 500 කට ඉහතදී, කැරලිකරුවන් විසින් පන්සලක සිරකොට පණපිටින් ගිනි තබන ලද ළමයින්ගේ ආත්මයන් විසිනි.මොවුන් ශත වර්ෂ ගණනක් මුළුල්ලේම ද්වේශයෙන් සිටින බව එරට වැසියන්ගේ මතයයි.කුඩා ගැහැණු ළමයා අතුරුදහන් වූයේ කෙසේද….වසර ගණනාවකට පෙර වෛද්‍යවරයා එම නිවසේදීම මියගිය හේතුව කුමක්ද…..තම එකම දරුවා බේරා ගැනීමට දෙමවුපියන් කුමන අන්දමේ තීරණයක් ගනීද…..මෙම සුන්දර නිර්මාණය නරඹා, ප්‍රේක්ෂක ඔබම කුතුහලය සංසිඳුවා ගන්න.ඉතාමත් අලංකාර නිර්මාණයක් බවට සහතික කරලා කියනවා. එහෙනම්, තවත් නිර්මාණයකින් හමුවෙනකම්.

 

සියලු දෙනාටම ජයවේවා…!

 

Out of the Dark (2014) on IMDb

 

 

Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the Show.

මෙම ලබා දී ඇති උපසිරැසිය සියළුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Banshee [S03 : E10] Sinhala Subtitles | ආදරණීයයන්ගෙන් වෙන්වූ කල [සිංහල උපසිරසි සමඟ] (18+)

බැන්ෂී තුන්වෙන් කතා මාලාවත් මේ විදියට අවසන් වෙනවා. අවසන් වෙන්නෙම නෑ. ඉස්සර මම කිව්වා ව‍ගේ …

Leave a Reply

Your email address will not be published.

21 comments

  1. Thanks for Sub!

  2. thanks siysiy sub ekata digatma karagana yan

  3. සිංහල උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා.

    Hail Hydra

  4. ashan lankanath

    thanks

  5. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  6. Udara Damith B\K

    බොහෝම ස්තුතියි

  7. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  8. Sajith Anthony

    නියමයි සබ් එක දෙනකල් හිටියෙ
    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
    ජයෙන් ජයම වේවා…!!!

  9. නියමයි මචන්.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය…

  10. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. ඕන් බාන්න දැම්මා. සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි! ජයෙන් ජයම වේවා!

  12. elama thanks

  13. වෛරය නං හොදම නෑ ඈ..
    හොඳම නෑ..
    ඒ උනාට සබට බොහොම ස්තුති ඈ..

  14. Direct Link
    uptobox.com/upo3dkz5inme

    Hash – 2E7F521C9B26EFDA6A9CE479795815BF5016E273

  15. Out of the Dark (2014) 720p Bluray 800MB (Direct Link)
    http://uptobox.com/upo3dkz5inme

    torrents—
    Out of the Dark (2014) 720p BRRip 800MB – MkvCage
    https://extratorrentlive.xyz/torrent/4241709/Out+of+the+Dark+%282014%29+720p+BRRip+800MB+-+MkvCage.html
    hash – 2E7F521C9B26EFDA6A9CE479795815BF5016E273

error: Alert: Content is protected !!