Friday , December 4 2020
Breaking News

Padi Padi Leche Manasu (2018) Sinhala Subtitles | ආදරයම ජීවිතේ කරගන්නම්… [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.9/10. From 119 votes.
Please wait...

ලඟකදී ඉදන් මගේ හදවතේ ප්‍රශ්නයක් තියෙනවා..
මං හිතන්නේ ඒකෙ රිද්මය අවුල් වෙලා..
වෙලාවකට ඒක වේගෙන් ස්පන්ධනය වෙනවා…
තවත් වෙලාවකට ඒක හෙමින් ස්පන්ධනය වෙනවා…
ඒක හරිම භයානක රෝගී තත්වයක්…
හරියටම වෛශාලිව දැකපු දවසේ ඉදන්…
මෙහෙම වෙනවා…

ඔන්න කවුරුත් බලාගෙන හිටපු ඒ ලස්සන ආදර කතාව අරගෙන එන්නයි මේ සූදානම් වෙන්නේ. අපේ කොල්ලන්ගේ ටීචර්, එහෙමත් නැත්නම් මලර් ටීචර් නොහොත් සායි පල්ලවී අක්කිගේ අලුත්ම තෙලුගු නිර්මාණය තමයි මේ දිග හැරෙන්නේ. Padi Padi Leche Manasu සිනමා නිර්මාණය තිරගතවීම ආරම්භ කරන්නේ ගිය වසරේ සිනමා ලෝලීන්ට ගත වූ ලස්සනම දවස වුනු දෙසැම්බර් 21 වැනිදා. ඒ සායි පල්ලවීගේම මාරි 2 ඇතුළු තවත් හොලිවුඩ්, බොලිවුඩ්, ටොලිවුඩ්, කොලිවුඩ් සිනමා නිර්මාණ රැසකට සමගාමිව. ඉතින් මෙහෙම තිරගතවීම ආරම්භ වෙලා ධනාත්මක විචාරක ප්‍රසාදය හා ආකර්ශනීය ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද්දේ තිරගත වු අතර ඔන්න පහුගිය දවසක හදිසියේම අන්තර්ජාලයට හොඳ කොපියක් නිකුතු වී තිබුනා. ඉතින් දහසක් වැඩ රාජකාරි මධ්‍යයේ ඔබ වෙත උපසිරැසිය අරගෙන එන්නට හැකිතාක් උත්සහ ගත්තද වෙනදාට වඩා ඉක්මනින් ගෙනෙන්නට නොහැකිවීම පිලිබඳ සමාව මුලින්ම ඉල්ලා හිටින්නම්. විශේෂයෙන්ම ආදර කතාවක් නිසා ටිකක් වෙලාව අරගත්තා. ලස්සනටම වැඩේ වෙන්න ඕන නිසා. ඉතින් ඔන්න එහෙනම් දිග අරිනවා..

මං මුලින්ම කිව්වනේ ඉන්නේ කවුද කියලා දකුණු ඉන්දියානු සිනමාවේ මෑත කාලයේ ඇති මහත් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගන්නට සමත් වුනු සායි පල්ලවී තමයි මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය හැඩ කරන්නේ. Premam 2015, Kali 2016, Fidaa 2017, Middle Class Abbayi 2017, Diya (2018), යනු සායි පල්ලවී රඟපෑ චිත්‍රපටි ලයිස්තුවයි. නම් දුටු පමණින් ඔබට තේරෙනවා ඇති ඇය රඟපෑ චිත්‍රපටි සියල්ලම කොතරම් ප්‍රේක්ෂක හද බැඳ තබාගෙන ඇති බවට. සමහරුන්ගේ පරිඝනක තුල මේ චිත්‍රපටි තවමත් නොමකා තබාගෙන තිබෙන බව විස්වාසයි. ඉතින් අමුතුවෙන් පවසන්නට දෙයක් නෑ ලොවෙත් අරගන්න කියල එකෙම්ම කියන්නේ මෙවන් ආදර කතාවක් ඔබට දකින්නට ලැබෙන්න බොහොම කලකින් නිසාවෙන්. පල්ලවී එක්ක ප්‍රධාන චරිතයට පණ පොවන්නේ Sharwanand විසින්. IMDB 6.6/10 අගයක් ලබාගන්නට මේ චිත්‍රපටිය සමත් වෙලා තියෙනවා. බොහොම පොඩි බජට් එකකින් නිපදවුණු මේ චිත්‍රපටිය හොඳ අදායමක් උපයා ගනිමින් වසරේ තවත් සාර්ථක සිනමා නිර්මාණයක් වන්නට සමත් වෙලා තියෙනවා.

සූර්යා නමැති තරුණ කොල්ලට දවසක් අහම්බෙන් ලස්සන කෙල්ලෙක් නෙත ගැටෙනවා. මෙයා වෛද්‍ය ශිෂ්‍යාවක්.නම වෛශාලි හරිම ලස්සනයි. ඉතින් ඒ ගෑණු ලමයව තමන්ගේ කරගන්න සූර්යා තීරණය කරනවා. නමුත් වැඩේ ලේසි වෙන්නේ නෑ. මෙයා උගත් බුද්ධිමත් ගෑණු ළමයෙක් නිසා දැලේ දාගන්න එක හරිම ගේමක්. ඉතින් කොහොමින් කොහොම හරි මෙයාගේ ආදරය වෛශාලිට දනවන්න උත්සහ කරනවා. වරක් දෙවරක් නෙවෙයි දිනපතා වෛශාලිට අලුතින් ආදරේ කරන්න සූර්යාට සිද්ධ වෙනවා. ඒ එක්තරා හේතුවක් නිසා. ඉතින් ඔතනින් එහාට පොඩි වචනයක් වත් කියන්න බෑ. චිත්‍රපටිය අරගෙනම ඉතිරිය රසවිඳින්න ආරාධනා කරනවා. ඒ වගේම ඔබේ අදහසුත් පහලින් එකතු කරන්න කියල ඉල්ලා හිටිනවා.

චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Hanu Raghavapudi විසින්. නිෂ්පාදනය Prasad Chukkapalli, සහ Sudhakar Cherukuri විසින් සිදු කර තිබෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන මේ චිත්‍රපටිය ලස්සනම ලස්සන ගීත රැසකින්ම අලංකාර වෙලා තියෙනවා. ගොඩක් හොඳ සවුන්ඩ් ට්‍රැක් එකක් තියෙනවා ඔයාලට බලාගන්න පුළුවන් චිත්‍රපටිය බලද්දී. ඉතින් එක ලයින් එකක්වත් නෑර උපසිරැසි ගන්වා ඇති නිසා ඒ හැම එකකම ලස්සන රස විඳින්න ඔයාලට හැකිවේවි. ඉතින් ඒ සුන්දර සංගීත මුසුව මේ චිත්‍රපටියට එක් කරලා තියෙන්නේ විශාල් චන්ද්‍රශේක්ර් විසින්.

ඉතින් එහෙනම් සමුගන්න වෙලාව ඇවිත්. යන්නට කලින් බයිස්කෝප් අඩවියට පිවිසෙන ඔබට මේ වසරේ ඉදිරි වැඩ කටයුතු සාර්ථකව කරගන්න හැකියාව ලැබෙන්න කියලත්. බයිස්කෝප් ඇඩ්මින් මණ්ඩලය ඇතුළු උපසිරැසිකරුවන් සැමටත් සුභ අනාගතයක් ප්‍රර්ථනා කර සිටිනවා. දශකයක් පුරාවට බයිස්කෝප් අඩවිය එක්ක රැඳිලා ඉන්න ඔබ සියලු දෙනා වෙනුවෙන් මේ වසරේදීත් සිනමාවට සහ ටෙලි කතා අවකාශයට නිකුත් වෙන්නට නියමිත නිර්මාණ සියල්ලම හැකි ඉක්මනින් ඔබ වෙත ලඟා කර දෙන්න අපේ කණ්ඩායම නොයිවසිල්ලෙන් බලාගෙන සිටිනවා. ඒ හැමදේම සාර්ථකව කරගන්න බයිස්කෝප් ඇඩ්මින් මණ්ඩලය ඇතුළු උපසිරැසි කණ්ඩායමේ සැමටත් හැකිවෙන්න කියල ප්‍රාර්ථනා කරන ගමන් මං එහෙනම් හෙමිහිට විසි වෙනවා.. ඔබ සැමට ජයෙන් ජය…!!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි  HDRip පිටපත් සඳහා වලංගු වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-11-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Banshee [S04 : E01] Sinhala Subtitles | හැමදේම වෙනස් වෙලා [සිංහල උපසිරසි සමඟ] (18+)

කොහොම හරි බැන්ෂී අන්තිම සීසන් එකටත් අපි ආවා. කලින් සීසන් තුන එක දිගට දුන්නා වගේම …

Leave a Reply

Your email address will not be published.

104 comments

  1. Thank You…

  2. Download karannna saite ekak kiyannako broo

  3. Film eka downlod karanne kohomada. Downlod karanna pennanne nene

  4. Thanks bro sub ekata

  5. Thank you Very Much Brother

  6. Thank you

  7. thanks….

  8. Asela sooriya bandara

    ela

  9. Ela ela

  10. Thanks bn ela

  11. සුපර්

  12. සුපිරි….. සායි පල්ල්වී අක්ක නිසා අනිවා බලන්න ඕනනේ… බොහොම ස්තූතියි සබ් එකට…

  13. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  14. සුපිරි

  15. ස්තුතියි අදහස් දැක්වූවන් හට… හැකි උපරිමයෙන් ඉදිරි නිර්මාණ වලට දායක වන්නම්.

  16. abhiman nethsara

    thank you bro

  17. thankz saho

  18. thanks saho

  19. Thank you baiscope

  20. Thanks bro

  21. Thank You Yaluwa…

  22. Thnx sahoo..

  23. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  24. sub ekta thanks

  25. Eranda Malith 2.0

    බොහොම ස්තූතියි මචෝ

  26. bohoma sthuthi sahooo jaya …

  27. malithmadhushan45

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට

  28. me film ekata sub genawata bohoma sthuthi

  29. thanks mchn

  30. niyamai….subata thanks saho….keep it up…..

  31. සබට බොහොම තුති කිව්වා..
    පල්ලවී අක්කා ඉන්න නිසා ඉතින් නොබලා කොහොමැයි.
    මේකට ඇහැ ගහන් හිටියට ගන්න බැරි වුනා නෙව. 😛
    දිගටම සබ් දෙමු ආ…
    ඔබට ජය!

  32. Elakiri wadak digatama garagana yanna.

  33. Thnk you

  34. Thanks ………. .good luck ……… ….

  35. සබ් එකට තුති කිව්ව,
    ඔන්න ගත්ත එහෙනම්.

  36. Imeshkulathilaka1234

    Woowww

  37. Thanks Bro…

  38. තැන්ක්ස් බන් සබ් එකට

  39. Kaushan Herath

    Thanks4the sub

  40. thanks for sub. super work

  41. Shashika mendis

    download karanna baha!

  42. subeka downloade karanna denne nane macho

  43. Kaushan Herath

    Sub download krnna denne na bn

  44. sub eka download kranna denne na ne bn

  45. සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි.

  46. Sub download denne na

  47. Baiscope eken denakan aasawen balan hitapu film1k. Thank you very much Tharaka Nuwan Dilhara. Niyamai

  48. ස්තූතියි !!!

  49. Rumesh dhanushka

    Thanks sahooo….

  50. Thanks for sub bro…!!!

  51. thank you..

  52. Thanks macho.

  53. Thank you soo much for the subtitle Tharaka bro….!!!

  54. Thanks…

  55. Thank You Tharaka

  56. ස්තුතියි ස්තුතියි ස්තුතියි සහෝ…..මරු…..දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි….ජය වෙිවා….

  57. Sub ekata thanx

  58. Thnxxxxxxxxxxxx

  59. thank you bro
    elaaa….

  60. අම්බෝ බෝම තුති සහෝ.එල වැඩක්.ජය

  61. mama meka enakanma balan hitapu film ekak balalamai cmnt eka danne me pissuma haduna goda dawasakin mewage film ekak baluwe hithatama wadina adara kathawak kiyalawadak na ewagema sub ekata godak thanks pattama wadak thawa thawa sub denna supiri aa

  62. thanks for the sub malliye….great work…saakshyam ekatath sub dennako..hdrip 1ta

  63. ගොඩාරියක් ස්තූති සබට සහෝ.. ජය වේවා !!!

  64. dimuthu lakmal

    thanks bro.elama good luck.digatama yamu…..

  65. තුති වේවා මචන් සබ් එකට

  66. sub ekata tnks bro

  67. thanx sahoo

  68. Ammooo enakan hitiye godak thanks sub ekata. Nela ticket film ekatath sub eka dennakoo bro

  69. Wow patta. Thankyou සබ් එකට. Namaste england හිංදි ෆිල්ම් එකට සබ් දෙන්නකො මචං . හොද කොපියක් ඇවිත් දැන්

  70. Gathsara Umesh

    Bhooooom sathutui ❤️

  71. thankz machan meka enakan thama balan hitiye.

  72. Thanks You Mcn ♥️

  73. bohoma sthuthi saho..

  74. Patta bn

  75. Thanx

  76. Thnkz machan…

  77. ගොඩක් ස්තූතියි මචන් බුදු සරණයි

  78. උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

  79. shehan prathapasinghe

    thanks brother…………….

  80. RamudithaDisal

    me film eke link eka tiyanawada bn

  81. Pradeepkdisanayaka

    Thans bokka

  82. ලස්සනයි වෙනස් ආදර කතාවක් සුපිරී…… තැන්කූ වේවා බ්‍රෝ

  83. chamil madushanka

    thanks machan………

  84. kelumchathuranga

    thanks

  85. damith_janaranjana

    Thanks brother

  86. pramitha sadaruwan

    thanks broh…..

  87. sooriyapatabadige

    Thanks for sub…… ( dwaraka 2017) film eka dennako please…..

  88. පැතුම් ඉෂාර

    හම්මේ එනකන් බලාගෙන ඉදපු ෆිල්ම් එකක්… සායි පල්ලවී ඉන්නවා කියන්නේ ආයේ ඒක ගැන කතා දෙකක් නෑ… ස්තූතියි සහෝ උපසිරැසියට… දහසකුත් වැඩ රාජකාරි අස්සේ අපි වෙනුවෙන් කරන මේ කර්තව්‍යයට බොහොම පිං… ඒ වගේම හැමදාම කාටත් කලින් සිංහල උපසිරැසි දෙන්නේ බයිස්කෝප් විතරයි… බයිස්කෝප් අඩවියටත් හැමදාම ආදරෙයි ❤️
    ජය!

  89. Thanks bro

  90. ela bn

  91. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

    ඔන්න පලවෙනි කමෙන්ට් එක මගෙන් නියම වැඩක් සබ දෙනකන් හිටියේ.!

error: Alert: Content is protected !!