Thursday , October 22 2020
Breaking News

Patrick Melrose [S01 : E02] Sinhala Subtitles | ගනන් ගන්න එපා…. [සිංහල උපසිරැසි සමග]

Rating: 9.6/10. From 12 votes.
Please wait...

පැට්‍රික් මුහුන දීපු කාරනාම ඇති කෙනෙක් පිස්සු වැටෙන්න..මත්ද්‍රව්‍ය නිසා ඔහු කෙලින් සිටියත් ඔහුටම එහි ඇති අතුරු ආබාධ පෙනී ගියපු බව කලින් කතාංගයෙන් පෙනෙන්න තිබුනා..පියාගෙ මරණය ඔහුට දුක් මුසු සතුටක් ගෙන දුන් නමුත් කාලකන්නි හැගීමක් ඔහු තුලින් පෙනෙන්න තිබුනා…පෙම්වතියන්ගෙ අරගල මැද්දෙ ඔහු ජීවිතේ සෙවුවා..හැබැයි ඒ කාමයෙන්..කුඩා පැට්‍රික් සිය පියාගේ අසහනකාරී දෙඅත් මැද සිරවී කාමරයක මවටත් නොදැනී සිරඋනා..මේ පිලිබදව ඇය නොදන්නේද නැතිනම් සැමියාට බියෙන් නොදන්නවා වගේ සිටිනවාද කියන එක සිතා බැලිය යුතු කරුනක්..පියාගෙ ශේෂයන් රැගෙන ඒමට නිවුයෝක් ගිය පැට්‍රික්ට ඔහුගේ හෝන්දු මාන්දු මනසත් සමග තනිව සටන් වැදී ජයගැනීමට සිදුඋනා..කලබලකාරි කතාංගයක් උනා සැබැවින්ම පලමු කොටස සම්පූර්නයෙන්ම වගේ.පැට්‍රික්ගේ ජීවිතය අදුරු පාලුපාරක ආලෝකයක් සොයා ගමන් කරනවා යැයි මට සිතුනා..ඔහු ඇත්ත ඇති සැටියෙන් දකින්නෙ නෑ..සියල්ලම කාමයට සුරාවට භාර දීලා..චරිත දෙකක් ඇත්තටම මේ පැට්‍රික් කියන්නෙ.උඩින් එකක් යටින් එකක්..ඉතින් මේ දෙබිඩි චරිතය අවසානයේ තීරනය කරා හරිපාරට පැමිනෙන්න..අපි බලමු ඔහුගෙ මේ වෑයම සාර්තක වේවිද කියලා…ඒ කොහොම උනත් කියන්නම ඔින කතාව ගොඩක් මියුරු නාදයන් වලින් නම් සමන්විතයි කියලා.

අද කතාව පටන් ගන්නෙ දුර බැහැර ඉදන්.වර්තමාන පදිංචියේ සිට විතරක් නෙවෙයි කාලයෙනුත් ගොඩක් ඈතින්.ඒ 1967 වසරේ සෙප්තෙම්බර් මාසයේ නොදන්නා දවසක ෆ්‍රංශයේ ලකෝස්ටේහී සුන්දර උදෑසනක්..ඔවු පැට්‍රික්ගේ කුඩා කාලයට වගේම මෙල්රෝස් පවුලට එබිකම් කරන්න තමයි අද සූදානම..මේ ඔවුන්ගෙ නිජ බූමිය..මෙල්රෝස් නිවසේ කුඩා සාදයක්..කලින් කොටසේ හමුවුනු ඈන් වගේම නිකොලස් යුවලත් මේ සාදයට සහබාගි වෙනවා..ඔය අතරෙ ඉන්න රුවැත්තිය තමයි බ්‍රිජට්..ඇයවනම් ඩේවිඩ් මෙල්රෝස්ට දිරවන චරිතයක් නෙවෙයි.මේ වැඩිහිටියන් විනෝද වෙත්දි අසරණ පැට්‍රික් මුලු ගැන්විලා තෙරක් නොපෙනන සිතුවිලි ගංගාවක සිරවෙලා පරිසරයේ ශබ්දයන්ට ඇහුම්කන් දෙමින් නිසොල්මන්ව ආදරයක් පතා සිටිනවා..මවගෙන් පමනක් ආරක්ෂාවක් ලැබේවියැයි සිතා සිටින පැට්‍රික්ට ඈන්ගෙන් ලැබෙන්නේත් ආදරණීය කුලුපගු සෙනෙහසක්..මේ දවස් කීපය සම්පූර්නයෙන්ම පාහේ මැල්රෝස් මාලිගාවෙ අනසකට යටත්වෙලා සිටින්නයි වෙලා තිබෙන්නෙ..ආදරය වෛරය කුහක කම් වලින් පිරුනු පැට්‍රික්ගේ ජීවිත කතාවෙ තවත් එක පරිච්ඡෙදයක් මෙසේ ඔබට අද කතාවෙන් දැකගන්න පුලුවන්..

ඊලග කොටසිනුත් ඉක්මනින්ම හමුවෙමු..ඔබට ජය !!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ප්‍රගීත් චමල්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-00-00
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

The Odessa File (1974) Sinhala Subtitles | ඔඩෙස්සා ලිපිගොනුව [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්.. සුබ දවසක් බයිස්කෝප් යහළු යෙහෙලියන් හැමෝටම. පුස්තකාලයෙන් අහම්බෙන් මට දවසක් පරිවර්තන පොතක් හම්බවෙනවා The …

Leave a Reply

Your email address will not be published.

17 comments

  1. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. Denis Maneesha

    Thanks machan sub ekata

  3. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  4. මම හිතුවෙ මේ subtitle එක කරල තියෙන්නෙ කෙල්ලෙක් කියල , මොනාද මේ වචන ආ, සබ් කරනව කියල උබට ඕන විදියට භාෂාව විකෘති කරන්න එපා , “තීන්නෙ” කීන්නෙ නැතුව පිරිමියෙක් වගේ sub එක හදහන් මේව රටටම පේනව ලැජ්ජයි !

  5. Ayye ilaga kotas wala sub dennako ikmanata. Budusaranai oyata… Good luck

  6. සබ් ඉක්මනට දීපන් දෙයියො. දවසට එක ගානෙවත්. බලාගෙන ඉන්න බැ. මේකේ කොටස් කීයක් තියෙනවද

  7. සබ් ඉක්මනට දීපන් දෙයියො. දවසට එක ගානෙවත්. බලාගෙන ඉන්න බැ

  8. Sub ekata thanx

  9. Kaushan Herath

    මේකනම් පහරක්.අනිත් ටිකත් ඉක්මනට ඕනේ

  10. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ …..

  11. kavinuweerakkody

    thnkq mchn!! jya wewa!!

  12. ලොවෙත් නෑ බ්‍රෝ තෑන්ක්ස් දිගටම සබ් දෙමු..ජය

  13. නියමයි….සබ් එකට තැන්ක්ස්…
    ඉතුරු ටිකත් මේ වගේ ඉක්මනටම දෙමු..

  14. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

error: Alert: Content is protected !!