Wednesday , September 30 2020
Breaking News

Penny Dreadful [S03 : E05] with Sinhala Subtitles | ජීවිතයක් නැති ජීවිතයක්…. (18+) [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

ඉතින් ටික දවසක් පරක්කු වෙලා හරි ඔයාලට පස්වෙනි කතාංගය අරගෙන ආවා. මේ දවස් වල කැම්පස් එකේ වැඩ ගොඩගැහිලා නිසා හරියට කාලය හොයාගන්න ටිකක් අමාරුයි මේ වැඩ වලට. ඉතින් කොහොමහරි මම ඔයාලට උපසිරසිය අරගෙන ආවා. වැඩි කතාවක් නැතුවම අපි ගියසතියේ මොකද වුණේ කියලා පොඩ්ඩක් මතක් කරගෙන ඉමුකෝ. ගිය සතියේ කතාව ටිකක් අමුතුයි නේද කට්ටියට එපා වුනාද දන්නේ නෑ. මිස් අයිවුස් වෙනදා වගේම මෝහන ප්‍රතිකාරය සඳහා පැමිණියා. ඊටපස්සේ වැනේසාගේ අතීත සිදුවීම් අතර ධවල කාමරයේ ඇයට අත්විඳින්නට සිදුවූ අවාසනාවන්ත ඉරණම ගලාගෙන යනවා. මේකෙදි වැනේසා මෝහනයේ ගැඹුරටම යනවා ඔයාලා දකින්න ඇති. ඒවගේම ඇයගේ ආවතේව කාරයා විදියට එන්නේ අපිට හුරුපුරුදු මූණක්. ආවතේව කාරයාගේ හොඳ සහ නරක පැතිකඩයන් අනුව වැනේසාට ස්වාමියාගේ බලපෑමට යටත් වෙන්න වෙනවා. ඒ කියන්නේ පුද්ගලයෙකුගේ සිතේ පවතින ස්වරූපයන් දෙකක පවතින ගැටීම් තමයි මේකෙන් විස්තර වෙන්නේ. ඒවගේම ලුසිෆර්ගේ බලපෑමට වැනේසා යටත් වෙන්නේ නෑ. මේ සියළු සිදුවීම් අවසානයේ ඇයට ලුසිෆර් විදියට බලපෑම් කරන්නේ ඩ්‍රැකියුලා කියලා දැනගන්නවා. 

එහෙනම් අද කතාව මෙන්න. කයිටනේ සහ පිරිස තවදුරටත් ලුහුබැඳීම කරගෙන යයිද? ඩොක්ටර් ෆ්රෑන්ක්ස්ටයින් සහ ජේකිල් ගේ පරීක්ෂණ ප්‍රතිඵල සාර්ථක වෙයිද? ඊතන්ට කාන්තාරය ජයගන්න පුලුවන් වෙයිද? අවසානයේ ඊතන්ට මුණගැහෙන විශේෂ පුදගලයින් දෙදෙනා කවුද? හරි, එහෙනම් ඔයාලා හැමෝටම  අද කතාවත් බලන්න ආරාධනා කරනවා. ඒවගේම කියන්න ඕනි මීටපස්සේ කොටස් ටික මට වෙලාවටම දෙන්න බැරිවෙයි. ඒත් පුලුවන් ඉක්මනින්ම දෙන්න බලන්නම්. එහෙනම් අදට මම සමුගන්නවා. ලබන සතියේ මුණගැහෙනකන් ගිහින් එන්නම් ඔයාලා හැමෝටම ජයෙන් ජයම වේවා…!

 

Penny Dreadful (2014– ) on IMDb

 

 

 
HD පිටපත් සඳහා උපසිරැස අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද ප්‍රදීප් මධුසංඛ සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  << Previous Episode                   All Episodes                        Next Episode >>

Check Also

Abhay (2019-) [S02 : E05] Sinhala Subtitles | ජල භීතිකාව වැලඳුනු සුනඛයා [සිංහල උපසිරැසි සමඟ]

‘දැන් එයා මොනවද කරන්නෙ?’ ‘වෙස් මාරු කරගන්නවද?’ – ‘එයාගෙ වෙනසක් පේන්නෙ නැද්ද?’ – ‘සෑහෙන්න වෙනස්.’ …

Leave a Reply

Your email address will not be published.

14 comments

  1. සිංහල උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා.

    Hail Hydra

  2. උපසිරැසට බොහොම ස්තූතියි සහෝ………….

  3. mahesh priyankara

    kohomada download karanne.
    torent link eka danna puluwanda katahari plz.

  4. Thank you machan…..jayawewa…..!

  5. Muditha Praboth

    Thanx bro………….
    The Vampire Diaries eke season 2 idan sub dannako…………..

  6. Dinesh Sapumal

    Thanks Saho Sub Ekata.

  7. shehan randika jayathunga

    thanks broo niyamai

  8. බොහොම ස්තූතියි ප්‍රදීප් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  9. ස්තූතියි සබ් එකට. පොඩ්ඩක් පරක්කු උනාට එහෙමට අවුලක් නෑ සහෝ. අධ්‍යාපන කටයුතුවල්ට මුල් තැන දීලා ලැබෙන විදිහට මේවා කරන්න. අපිට උනත් සබ් එක ලැබුන ගමන්ම බලන්න වෙන්නේ නෑ. සමහර විට දවස් කීපයක්ට පස්සේ තමයි බලන්නේ. ඔන්න එහෙනම් බාගන්නවා ජය වේවා

  10. තිසර නියෝ


    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

  11. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

error: Alert: Content is protected !!