Saturday , September 26 2020
Breaking News

Planet Dinosaur [S01 : E05] Sinhala Subtitles | දැවැන්තයින්ගේ වගතුග [සිංහල උපසිරැසි සමඟ]

Rating: 5.0/10. From 1 vote.
Please wait...

ඉතිං යාළුවනේ… මම හිතුවට වඩා වැඩේ ටිකක් කල් ඇදුණා වගෙයි. කමක් නෑ අලුත් ‍ෆිල්ම්ස් එනකොට ඒවට වැඩි තැනක් දෙන එක මම හිතන්නේ මේක බලන අයට කරන පොඩි අසාධාරණයක් වගේ පෙනුණට, අලුත් චිත්‍රපට බලන්ඩ ආශාවෙන් ඉන්න පිරිස මේක බලන්ඩ ඉන්න පිරිසට වඩා වැඩි නිසා අපට ඒකට වැ‍රැද්දක් කියන්ඩත් බෑ. අනික් එක දැන්නම් මට මේ සබ් හදන වැඩේ හරි කම්මැලි වැඩක් වෙලා, පටන් ගන්න එකක්වත් ඉවර කරන්ඩ හිත දෙන්නෙ නෑ නෙවැ. හ්ම්හ්… ඒකෙන් කමක් නෑ. ඒවයෙන් ඇති වැඩක් නෑ.

එහෙනම් අපි බලමු මේ ඩයිනොසෝර වාර්තා වැඩසටහනේ මේ ගෙනෙන පස්වන කොටසින් හෙළි දරව් කරන කෙනා කවුද කියලා. මෙහෙම කියමු. ගිය කොටසෙ හිටියා මුහුදේ උන්නු දැවැන්තම මාංශ-භක්ෂකයා. මුල්ම කොටසෙ උන්නා ගොඩබිම උන්නු දැවැන්තම මාංශ-භක්ෂකයා. නමුත් ඒ දැවැන්තයො කවුරුවත් මෙයාට සම කරන්ඩවත් බෑ. තමන්ගෙ පරාසයෙදි, පරිසරයෙදි ඒ අය දැවැන්තයො වුණාට මෙයා ගාව තිබ්බහම ඒ අයත් කුරුමිට්ටො. මෙයා කිව්වට එක්කෙනෙක් නෙමෙයි -ඒ කිව්වෙ එක වර්ගයක් නෙමෙයි-. මෙතෙක් මේ ලෝක ධාතුවේ පියවර එසවුවා යැයි අප දන්නා ලොකුම සත්ත්වයන් තමයි මේ. එක්කෙනෙක් හිටියෙ වසර මිලියන 95කට පෙර දකුණු ඇමෙරිකාවෙ, අනික් කෙනා ඒ කාලෙම අප්‍රිකාවෙ. මේ දෙන්නගෙන් ලොකු අයියා ආජන්ටීනොසෝරස් ටොන් 75යි. මීටර 35යි. පොඩි අයියා පැ‍රැලිටයිටන් ටොන් 45යි. දිග අර තරම්ම වගේ. හැබැයි මේ අය කොළ විතරක්ම කන අය.

එහෙමනම් මේ පාරත් ප්‍රශ්න ගොඩයි. මේ අය මෙච්චර ලොකු වුණේ කොහොමද? කොළ විතරක්ම කාලා මෙච්චර ලොකු වෙන්න තරම් පෝෂණයක් ලබා ගත්තේ කොහොමද? මේ අයගේ ආහාර පුරුදු මොනවද? මේ අයට සතුරෝ හිටියද? විලෝපිකයන් එක්ක තිබුණෙ කොයි වගේ ගනුදෙනුවක්ද? අනික අවුරුදු 40ක් පුරා වැඩෙනකොට වර්ගයාගේ පැවැත්ම ‍රැක ගත්තේ කොහොමද? ඒ විතරක්ද; මේ අය තවත් සතුන්ගෙ මිනීවළ හෑරුවේ කොහොමද? කිව යුතුම දේ. ඕනෑම තැනක; මහත් දැවැන්ත ශාකාහාරකයෙකු හමු වූ විටක, ඒ අසලම ඔවුනට මරණ බිය කැන්දූ මාංශාහාරකයෙකුද හමුවුණා. මෙතැනත් කිසිදු වෙනසක් නෑ. කොතරම් සද්දන්තයෙක් වුවත් ඔවුනගෙන් බේරුණේ නෑ.

එහෙමනම් ඉතුරු කොටසත් එක්ක මේ වාරෙ ඉවරයි. දැන් එහෙමනම් මං ඊළඟට දෙන්නෙ මොකද්ද කියන එක ගැනත් හිතලා බලන්ඩ වෙනවා… මොකද්ද හැබෑට. බලමු අපි එහෙනම්. ඉස්සරහට හොඳ අදහසක් හිතට එයි. එහෙමනම් ලබන කොටසින් ආයි හම්බෙමු!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010-11-22

Previous BT1

All BT1

Next BT1

Check Also

The 100 [S07 : E15] Sinhala Subtitles | ආලෝකයේ මරණය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් THE 100 හත්වැනි සහ අවසාන කතාමාලාවේ 15වන කොටස අරගෙන ආවා. ඉතින් මේ කොටසින් …

Leave a Reply

Your email address will not be published.

39 comments

  1. Thank You uda brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team……….

  2. වරුණ රංගජිත් (වරූ)

    මම ආසම වාර්තා වැඩසටහනක්..
    සුපිරි සබ්..
    ජයම වෙවා…

  3. Thanx shaho..!!!

  4. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | 🙂 |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  5. hondama wadak
    2 awoth ekath denna onaa….

  6. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. පලවෙනි හතරනම් බාගත්තා. ඉතුරු ටික ලබන මාසේ අග තමා. 🙁 සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. 😛 😛

  7. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  8. dimuthu තරංග ඉලුක්කුඹුර

    සමහර වෙලාවට මටත් සබ් දැමිල්ල එපා වෙනවා.කොමන්ට් අඩුවෙනකොට හරවත් දෙයක් නොබලා කිසිම වැඩක් නැති දේවල් තමයි දැන් කට්ටිය බලන්න කැමති .අපේ අයගේ බුද්ධිය මොට්ට වෙලා කියලයි මට හිතෙන්නේ.කොහොම උනත් මේ වගේ වැදගත් දේවල් බලන්නත් කිහිප දෙනෙක් හෝ ඉන්න නිසා එයාල වෙනුවෙන් මෙවැනි නිර්මාණ අරන් එන්න.ඉක්මනින්ම මේකේ අවසන් එකත් දෙන්න උදා සහෝ .ජයවේවා

  9. THANKS MACHAO………..

  10. මේ මේ….. කම්මැලිකම පැත්තකින් තියලා, බයිස්කෝප් කට්ටියට, සිංහල සබ් දුන්නොත් හොදා….. 😀 😛

  11. රාම් රාජ්

    ස්තූතියි උදා.දිගටම කරගෙන යන්න.

  12. මේ කතා මාලාව අපේ පොඩි එවුන්ටත් හරිම වැදගත්.. මට තාම එකක්වත් බලන්න උනේ නැහැ කාලවේලාවේ ගැටළු නිසා. මොනව උනත් ඉඩක් ලැබුන ගමන් සෙට් එකම එකට බලන්න ඕන.. බොහොම ස්තූතියි උදා සහෝ.. ජයවේවා!!

  13. machan meka episode 6 n iwarada??

  14. wada naa meka…….

  15. බොහෝම ස්තුතියි සහෝ. මේක ඇත්තටම ලස්සන වැඩසටහනක් 😀 ඒ වගේම සහෝ සබ් දාන වැඩේ නම් කීයටවත් නතර කරන්න එපා. ඉස්සරහට තවත් හොඳ වැඩසටහනක් අරගෙන එන්න බලන්න. ජයෙන් ජය 😀 😀

  16. කේ.යු.ජී.උදාර

    කම්මැලිවෙන්න එපා කොල්ලො.
    අපි ඉන්නව කමෙන්ට් එකකින් සප් එක දෙන්න.
    වැඩේ දිගට ම කරගෙන යමු.
    දුන්නු සිංහල සබට බොහොමත් ම තුති…….

  17. ගයාන් තාරක

    බොහොම ස්තූතියි මචන්.. නියම වැඩක් ඔයා කරගෙන යන්නේ.. ජයවේවා..

  18. නියමයි සහෝ… මම බලාගෙන හිටියේ ඊලග කොටස දානකම්. මේක නම් නියමයි. මේ වගේ වාර්ථා වැඩසටහන් තවතවත් ඉදිරිපත් කරන්න ශක්තිය ලැබෙන්න ඔන. ඇත්තටම මේ වැඩසටහන් පෙල බොහෝමත්ම ලොකු දැනුමක් ඩයිනෝසරයන් ගැන ලබා ගන්න පුළුවන් උනා.

  19. දිෂාන්

    නියමයි නියමයි සහෝ අනික් කොටසත් ඉක්මනට දෙන්න ප්ලීස්

  20. mudiya / මුදියා

    නියමයි උදා.ඊයෙ තමයි කලින් කොටස බැලුවෙ.මේ සෙට් එක බලද්දි වෙන කිසිම වැඩකට හිත යොමු වෙන්නෙ නෑ.එච්චර ආසාවෙන් තමයි බලන්නෙ.සුපිරි වැඩක් තමයි ඔයා කරන්නෙ.ජයවේවා.බොහෝ………………………ම ස්තූතියි…!

  21. නාමල්

    mama godak asayi me wage ewata uda puluwan vidiyakata meka iwara wenakalma sub denna balanna nawathwanna nam epa

  22. thx machan

  23. බොහෝම ස්තුතියි උදා සහො ඊලග එකත් මේ වගේම කොර වෙන්න දෙන්න

  24. ela machooooooooooo

  25. niyamai sahoo…. thanx

  26. නියමයි බොහෝමත්ම ස්තුතියි

  27. ela ela ela Thanxxxxxx

  28. මමත් ගන්නවා මේක බලං ඉන්න ආස පාඩමක් 🙂

  29. maxxxama maxxxa sup[iri

  30. සුපිරි මචෝ

  31. අනගි කතාවක් වටිනා කියන

    පින් වේවා උදා

  32. “චූටී මල්ලි”

    elazzzzzzzzzz ne

  33. මමත් ගන්නවා බොහොම පින් මේ වගේ වැදගත් එකක් දුන්න ඒකට

  34. maxxa macho UDA

  35. maru story akak watinawa

  36. patta Thanks

error: Alert: Content is protected !!