You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , May 26 2020
Breaking News

Playmobil: The Movie (2019) Sinhala Subtitles | නොමියෙන සහෝදරත්වය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 19 votes.
Please wait...

ඔන්න ඉතින් යාලුවනේ අද මම අරගෙන ආවේ සුපිරිම ඇනිමේෂන් කතාවක්. කොටින්ම කිව්වොත් මම මේකේ ට්‍රේලර් එක ආපු දවසේ ඉඳන් ඉවසිල්ලක් නැතුව හිටියේ මේ ෆිල්ම් එක බලන්න. ඇත්තම කිව්වොත් සමහර ෆිල්ම් තියෙනවා ට්‍රේලර් එක හොඳ වුනාට ෆිල්ම් එක ගන්න දෙයක් නැති ඒවා. මම බය වුනා මේකත් ඒ වගේ එකක්ද දන්නේ නෑ කියලා. ඇත්තම කිව්වොත් එහෙම කිසි අවුලක් නැතුව හොඳට හදපු ඇනිමේෂන් ෆිල්ම් එකක් කියලා Playmobil කියන්න පුළුවන්. ඉතින් ගොඩක් අය බලලා ඇතිනේ ලෙගෝ ෆිල්ම්ස්. මේකත් ඒ ජාතියේ ෆිල්ම් එකක්. ඒ නිසා මම හිතනවා ඔයාලා මේකට කැමති වෙයි කියලා.

හරි දැන් අපි හැරෙමු කතාව පැත්තට. මේකේ ඉන්නේ ප්‍රධාන චරිත දෙකයි. එනිසා කතාව හරිම රසවත් විදිහට ගොඩනගලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඇත්තම කිව්වොත් මේ ෆිල්ම් එකේ හරය තමයි “සහෝදර ප්‍රේමය” කියන්නේ. ඔයාටත් අක්කා කෙනෙක් ඉන්නවා නම් මේ ෆිල්ම් එක හොඳට හිතට වදින එකක් වෙයි. කියන්න සතුටුයි මට නම් අක්කා කෙනෙක් නෑ. හරි කොහොම හරි දැන් මේ ෆිල්ම් එකෙත් තියෙන්නේ අක්කා-මලෝ වික්‍රමයක්. මම ෆිල්ම් එකේ මැද ඉඳන් ඔයාලට කියන්නම්. මොකද අනිවාරෙන්ම ඔයා මුල ටික බලන්නම ඕනේ. එයාලා එනවා අමුතුම ලෝකෙකට, ඉතින් ඔය අතරේදී මල්ලි අතුරුදහන් වෙනවා. අපේ කතාවේ කතා නායකයන් දෙන්නගෙන් මල්ලිගේ නම තමයි චාලි කියලා කියන්නේ. ඉතින් මේ චාලිව අපේ කතා නායකාවිය වෙච්ච මාර්ලාට මඟ හැරෙනවා. ඔන්න ඔය නිසා මාර්ලාට ගොඩක් මහන්සි වෙන්න වෙනවා තමන්ගේ මල්ලිව හොයාගන්න. එයා ඒ කිසි දෙයක් ගානකට ගන්නේ නැතුව එයාගේ මල්ලිව හොයාගන්න වැඩේට බහිනවා. ඔය අතරේදී එයාට මේ අලුත් ලෝකේ ඉන්න එක එක ජාතියේ විනොදකාමි මිනිස්සු හම්බවෙනවා. ඒ කවුද කියලා දැනගන්න ඕනේ නම් අනිවාරෙන් ඔයාට ෆිල්ම් එක බලන්නම වෙනවා. හරි හරි වැඩි කතා නැතුව එහෙනම් දැන් අපි හැරෙමු මේ ෆිල්ම් එකේ රේටින් පැත්තට.

මේ ෆිල්ම් එකට IMDb රේටින්ග්ස් 4.5ක් හම්බවෙලා තියෙනවා . ඇත්තම කිව්වොත් ඒක ඇනිමේෂන් ෆිල්ම් එකකට හොඳ ගානක්. ඇත්තටම මම මේ ෆිල්ම් එකේ පලවෙනි කැමරා කොපිය බලනකොටවත් ඒ තරම් IMDb රේටින්ග්ස් ප්‍රමාණයක් මේ ෆිල්ම් එකට තිබ්බේ නෑ. ඉතින් ඔයාට මේ ෆිල්ම් එකේ සාර්ථකත්වය එකෙන්ම පෙන්වා ඇති. හරි වැඩි කතා නැතුව මම දැන් ලිපිය අවසන් කරන්නයි යන්නේ.

ඉතින් දැන් මට වෙනදට වැඩේ සබ් හදන්න වෙලාවක් නැහැ. හැබැයි ඉතින් ඔයාලා වෙනුවෙන් සතියේ දවස 7, 8ක් කරගෙන වැඩ කරනවා. හොඳ ෆිල්ම් එකක් හම්බවුනොත් අනිවාරෙන් ඔයාලට ඒක සමීප කරනවා කොහොම හරි. කොහොම වුනත් මේ මාසේ මට වැඩ ගොඩක් වැඩි මාසයක් නිසා ආයේ ඔයාලව හම්බවෙන්න එන්න තව ටිකක් කල් යයි. මට කොච්චර වැඩ තියෙනවද කිව්වොත් අඩු ගානේ මේ ලිපියවත් මට ටයිප් කරගන්න වෙලාවක් නැහැ. හරි එහෙනම් ඔන්න ඉතින් මම එහෙනම් සමුගන්න තමයි හදන්නේ.

>> ඔබ සැමට ජයට වේවා <<<

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ පවන් විකසිත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-04-30
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Zookeeper (2011) Sinhala Subtitles | තමන් තමන්ම වෙන්න [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් මම ආපහු ආවා මට බලන්න මග ඇරුණු තවත් ලස්සනම කතාවක් උපසිරස එක්ක අරගෙනම. …

Leave a Reply

Your email address will not be published.

19 comments

  1. Thanks …………….good luck ……………..

  2. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. ela saho thanks

  4. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජයම වේවා!

  5. Thanks for sub

  6. Roshan warnapura

    Ft.
    Good Job
    ….. Thank you …..

  7. Thankz bro..

  8. බොහොම ස්තුතියි
    ජය

  9. Good job

  10. Thanks for Sub!

  11. Thanks Brother

  12. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  13. Tharindu Lakmal Ekana6aka

    MCn download karanna bane

  14. ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
    ❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
    සබ් එක ගේන්න වෙන මහන්සිය
    වෙනුවෙන් බොහොම ස්තූතියි සහෝ! ✌❤
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    ටිකක් පරන අනිමේෂන් එක්කට සබ් ඉල්ලන්න කියලා බැලුවේ,
    වැඩ වැඩියි කියලා තියෙනවනෙ නේද.
    එල එල අව්ලක් නෑ සහෝ
    සියලු යහපත් වැඩ සාර්ථක වේවා කියලා සුබ පතනවා සහෝ! ✌
    ජය වේවා! ✌❤
    ❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥

  15. නියමයි….සබ් එකට තැන්ක්ස්….

  16. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  17. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂
    ජය වේවා.!

error: Alert: Content is protected !!