Wednesday , October 28 2020
Breaking News

Police Force: An Inside Story (2004) Sinhala Subtitles | පොලිස් බලකායේ අභ්‍යන්තර කතාව. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.6/10. From 8 votes.
Please wait...

හැමෝටම සුබ දවසක් වේවා කියල පලමුවෙන්ම ප්‍රාර්තනා කරනවා. ඔන්න මම කියපු විදිහටම මගේ අට වෙනි උපසිරැසියත් එක්ක ඔයාල හමුවෙන්න ආව. මේ වතාවේ මම ඔයාල වෙනුවෙන් අර ගෙන ආවේ 2004 වර්ෂයේ තිර ගත උන තවත් සුපිරිම නිර්මාණයක්. Police Force: An Inside Story.

මෙහි ප්‍රධාන චරිතය රග පාන්නේ අපි ගොඩ දෙනෙක් ආදරය කරන ඉන්දීය සිනමාවේ සුපිරි තරුවක් වෙන ආක්ෂේ කුමාර්. ඒ වගේම ප්‍රධාන නිලිය ලෙස රග පාන්නේ 90 දශකයේ සිට 2000 දශකය දක්වා හොදම නිලියට හිමි සම්මානය දිනා ගත් සුරූපී ඉන්දීය නිලියක් වන රවීනා තන්ඩන්. මෙම චිත්‍රපටිය ඉන්දියාවේ Mumbai, Maharashtra, India ප්‍රාන්ත තුනකම රූගත කිරීම් පවත්වා තියෙනවා. 2004 මැයි 28 තමයි පලමුවෙන්ම තිර ගත කරන්න පටන් අරන් තියෙන්නේ. මෙම චිත්‍රපටිය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ දිලීප් ශුක්ලා.

ෆිල්ම් එක ලස්සන උනාට අපිට චිත්‍රපටයට හිමි ස්ථානය නම් ලැබිල නැහැ. IMDB අගය 4.7. හරිම අඩුවෙන් තමයි ලැබිල තියෙන්නේ. ඇයිද කියන්න නම් දන්නේ නැහැ. මීට වඩා සාදාරනයක් ලැබෙන්න ඕනි මම හිතන විදිහට. ඒක ඔයාලට බලද්දී තේරුම් ගන්න පුලුවන්. මෙම චිත්‍රපටිය පැය 2කයි විනාඩි 18 පුරා දිවෙන අතර Action, Crime, Drama කියන තුන් වර්ගයටම අයිති වෙනවා. චිත්‍රපටිය ගැන කියනවා නම් දේශපාලනය රටේ නීතියට අත තියන හැටි තමයි මෙම කතාවෙන් අපිට තේරුම් ගන්න පුලුවන් වෙන්නේ.

කතාව මෙහෙමයි. විජේ කියන්නේ පුහුනු වෙන පොලිස් නිලධාරියෙක්. පුහුනුව අතර තුර මුලු කන්ඩායමම මැතිවරන රාජකාරි වලට යොමු කරනවා. එක දවසක විජේ තම සේවා ස්ථානයේ සිටින විට අපරාධකරුවන් පිරිසක් පොලිස් නිලධාරියෙක්ව ගාතනය කරනවා. ඒ පසු පස හබා යන විජේට දේශපාලන නායකයන්ගෙන් සහ ඔවුන්ගේ මැරයන් ගෙන් ඒ වගේම ඉහල පොලිස් නිලධාරීන් ගෙන් ගොඩක් බලපෑම එල්ල වෙනවා. ඉන් එහාට තමයි කතාව වෙනස්ම පැත්තකට ගලා යන්නේ. විජේට යුක්තිය ජය ගන්න පුලුවන් වෙයිද කියලා ඔයාල අරගෙනම බලන්න. කතාව පුරාවටම ලස්සන සින්දු හතරක් අඩoගු වෙනවා. අපිට නිතර රූපවාහිනියේ සහ ගුවන් විදුලියේ අහන්න ලැබිල තියෙනවා. 2000 දශකයේ ගොඩක් ජනප්‍රිය සිoදු 4ක් තමයි තියෙන්නේ.

ඇත්තටම මේක කරන්න හිත දුන්නේ නැහැ. මොකද ගැලපෙන සබ් ෆයිල් එකක් තිබුනේ නැහැ. ටයිම් ලයින් හද හද බොහොම අමාරුවෙන් සබ් එක කලා. ඒ නිසයි ගොඩ දවසක් ගියේ මේක කරන්න. නැත්නම් මීට කලින් බාර දෙන්න තිබුනා. you tube පිටපතකට තමයි උපසිරැසිය කලේ. මේ වෙන කම් කරපු හැම චිත්‍රපටියක්ම ටයිම් ලයින් හද හද තමයි කලේ. කවුරුවත් මම වගේ මෙහෙම කරයි කියල මම හිතන් නැහැ. ඉදිරියේදීත් ඔයාලට කවුරුවත් මේ වෙනකම් නොකරපු සුපිරි ෆිල්ම් ටිකක් තෝර ගෙන තියෙනවා මගෙ යාලුවො වෙනුවෙන්. සමහර ඒවා රූපවාහිනියෙ වත් පෙන්වල නැහැ.

ඊලගට මම ඔයාලට දෙන්නේ තවත් සුපිරි ෆිල්ම් එකක්. හිතා ගන්න බැරි නොහිතපු ෆිල්ම් එකක්. ඉගියක් දුන්නේ කුතුහලයක් තියෙන්න ඕන නිසා. ඒකත් ඉක්මනට දෙන්නම්. එහෙනම් යාලුවො හැමෝම උපසිරැසි බාගත කර ගන්න ගමන් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. දැන් වෙලාව හරියටම රෑ 12.00 යි. ඇස් දෙකත් රිදෙනවා. ගිහින් එන්නම් හැමෝටම සුබ රාත්‍රියක් වේවා…. ජය වෙවා….🙏🙏🙏🙏

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි Youtube හි පැය 2කයි විනාඩි 16යි තත්පර 14 කියන වීඩියෝ පිටපතට හා බයිස්කෝප් ඩවුන්ලෝඩ් අඩවියෙන් නිකුත් කරනා පිටපතට අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සම්පත් විජේසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-06-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Ayyanar (2010) Sinhala Subtitles | දෙවියන් එක්ක හැප්පෙන්නේ බලාගෙනයි [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් යාළුවො හැමෝටම. හැමෝම සතුටින් ආරක්ශා කාරීව ඉන්නව ඇති කියල හිතනවා. මොකද කිවුවොත් මේ …

Leave a Reply

Your email address will not be published.

14 comments

  1. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. thanks..

  3. isuru srinath sjs

    උපසිරැසියට බොහොම ස්තුතියි !!

  4. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි ……. (Sampath Wijesinghe)

  5. tnx sahoo subata

  6. Dilum Kulathunga

    ammooh machan…godak thanks mekata sub dipu ekata.mn gdk kal mekata sub hoya hoya htye.thanks a lot

  7. sthuthi saho

  8. තුති වේවා උපසිරැසියට! ❤️

  9. puluwannam 2009 relese wechcha daddy cool kiyala film ekak thiyanawa ekatath sub denna.sunil shetty ragapana ekak.denata kisima sinhala sub ekak nehe.

  10. Thanks broo puluwannam Johnny Gaddar 2007 hindi film eka denna

  11. Amboo thankyou bn .puluwan nam jaanwar (1999,)sangharsh (1999) me film dekatath sub denna

  12. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂 🙂

  13. Sub ekata thanks mchn. Supiri.

error: Alert: Content is protected !!