You dont have javascript enabled! Please download Google Chrome!
Monday , November 18 2019
Breaking News
Home / 18+ / Police Story 3: Super Cop (1992) AKA Ging chaat goo si III: Chiu kup ging chaat Sinhala Subtitles | සුපිරි පොලිස් නිලධාරි ජැකි චැන් මත්කුඩු අධිපතියෙක් සොයා පොලිස් නිලධාරිනියක් සමඟ අපුරු රහසිගත මෙහෙයුමක [සිංහල උපසිරැසි සමග] 18+

Police Story 3: Super Cop (1992) AKA Ging chaat goo si III: Chiu kup ging chaat Sinhala Subtitles | සුපිරි පොලිස් නිලධාරි ජැකි චැන් මත්කුඩු අධිපතියෙක් සොයා පොලිස් නිලධාරිනියක් සමඟ අපුරු රහසිගත මෙහෙයුමක [සිංහල උපසිරැසි සමග] 18+

Rating: 9.8/10. From 13 votes.
Please wait...

හොඳයි, එහෙනම් ඔන්න පොරොන්දු වුන විදියටම Police Story 3 වෙනි චිත්‍රපටියත් අරගෙන ආවා. Police Story 12 යන චිත්‍රපටි අතරින් මේක තමයි හොඳම චිත්‍රපටිය. ජැකිගේ සුපිරි ක්‍රියාදම දර්ශන පෙලක්ම බොහොම අපූරුවට මේ චිත්‍රපටියේ එක්කහු වෙලා තියනවා. මේකේ කොච්චියක ජැකි චැන් සටන් වදින බොහොම නෙත් ඇදගන්නා සුළු දර්ශනයක් තියනවා, ඒ දර්ශනයි අනිත් චිත්‍රපටි 2කේ වගේම සියලුම ක්‍රියාදාම සටන් දර්ශන ගන්නේ ඇත්තටමයි. පරිගණක සජීවිකරණ දේවල් මුකුත්ම නෑ. ජැකීගේ මේ Police Story චිත්‍රපටි මාලාව රූගත කරන්න විශාල කැමරා ප්‍රමාණයක් යොදාගෙන තියනවා. ඒ වගේම හුඟක් තැන් වල ජැකීට තුවාලත් වෙලා ලේ හිටං ගලන අවස්ථා වෙලා තියනවා. ඒ සමහර කොටස් ඔයාලා මේ චිත්‍රපටි මාලාවේ අවසන් කොටස් වල දකින්න ඇතිනේ.

මේ චිත්‍රපටිය තියලා තියන Box Office වාර්තාව ඇවිල්ලා ඇමරිකානු ඩොලර් මිලියන $16,270,600ක්. බොහොම විශාල ආදායමක් උපයන්න සමත් වෙලා තියනවා.

කතාව මේකයි,

චායිබාට් නැමති ප්‍රබල මත්ද්‍රව්‍ය අධිපතියෙක් නිතීයේ ‍රැහනට කො‍ටු කරගැනීමට ජාත්‍යන්තර පොලිසිය විසින් විශාල සැලසුමක් සකස් කරනවා. මේ වැඩේට යවන්න ජාත්‍යන්තර පොලිසියේ උදවිය හොයන්නේ එක විශේෂ සුපිරි පොලිස් නිලධාරියෙකුවයි, මොකද මේ චායිබාට් කියන මත්කුඩු අධිපතියව අල්ලන ඒක ලේසි වැඩක් නෙමෙයි හින්දා. විශාල හමුදාවක් පිරිවරාගෙන රහසිගත දූපතක තමයි මිනිහා ඉන්නේ. මේ වගේ මෙහෙයුම් සම්බන්ධයෙන් අත්දැකීම් බහුල දක්ෂ අපේ සුපිරි පොලිස් නිලධාරියා වන චැන් කාකූයිව තමයි යවන්න යෝජනා වෙන්නේ. මේ මෙහෙයුමට තවත් එක ජාත්‍යන්තර පොලිසියේ උසස් නිලධාරිනියක් කාකූයි එක්ක යනවා. මෙයාලා යන්නේ වෙස්වලාගෙන චායිබාට් මත්කුඩු අධිපතියගේ දකුණු අත විදියට ඉඳපු දැන් සිරගත වෙලා ඉන්න පුද්ගලයෙක් සමග හාද වෙලා චායිබාට්ට කිට්‍ටු වෙන්නයි.

හොඳයි, එහෙනම් තවත් වැඩි විස්තරයක් මම කරන්න උවමනා නෑ කියලා හිතනවා, චිත්‍රපටිය එහෙනම් අරගෙනම බලන්න.

● මෙම චිත්‍රපටය සදහා සිංහල උපසි‍රැසි සකස් කොට තිබෙන්නේ මෙම චිත්‍රපටියේ නියමානුකූල පිටපත වන දකුණු චීන භාෂාව අඩංගු පිටපතේ ඉංග්‍රීසි උපසි‍රැසියට සරිලන අයුරිනි.

● ඉංග්‍රීසි හඬකවන ලද පිටපතකට මෙම උපසි‍රැසි නිසි ආකාරව ක්‍රියා කිරීම හෝ යොදා ඇති වචන නොගැලපීම සිදුවිය හැක. එම නිස හඬනොකවන ලද නියමානුකූල ශබ්ද පිටපත සහිත තිබෙන චිත්‍රපටයේ පිටපතම ලබාගන්න.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Leave a Reply

17 comments

  1. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  3. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. Thanks machan…..jayawewa…..!

  5. Thank you malli. firststrike ekatath sub damu.

  6. Police Story 2013 ෆිල්ම් එක තියෙන්නේ HD RIP කොපිය එක ඩවුන්ලෝඩ් වෙන්නේ නැහැ පුලුවන්නම් එකටත් BLURAY update එකක් දෙන්න.

  7. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ …..
    ජයවේවා ….

  8. බොහොම ස්තූතියි උපසිරැසියට

  9. සබ් එකට බොහොම ස්තූතියි සහෝ…..!

  10. මේක මම පුංචි කාලේ ගොඩාක් ආසාවෙන් බලපු ෆිල්ම් එකක් බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් ඒ වගේම අනිත් ෆිල්ම් ටිකටත් සබ් දෙන්න .

  11. බොහොම ස්තූතියි සබ් එකට…

  12. Hashan M. Priyadarshana

    බොහොම ස්තූතියි බ්රෝ සබ් එකට.. Police Story ඉතුරු ෆිල්ම් ටිකටත් ඉක්මනටම සබ් එක දෙමු..
    ජය වේවා.!

  13. Old Is Always Gold!!!

    thanks

  14. Download karanna thiyena site eka weda nane

error: Alert: Content is protected !!