Saturday , September 26 2020
Breaking News

Potugadu (2013) | නොලැබුන ආදරයක් නිසාවෙන්… [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

Potugadu (2013)ගොඩක් කාලෙකින් ඔන්න චිත්‍රපටියක් කරේ. ගොඩක් කාලෙකින් කියන්නෙ ඉතිං සති එක හමාරකින් විතර 😀 ලස්සන තෙලිගු චිත්‍රපටියක් ඇවිත් තිබුනා. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Pavan Wadeyar. මේ අධ්‍යක්ෂක වරයාම කරපු Govindaya Namaha කියන චිත්‍රපටියේ නැවත සැකසුමක් විදිහටයි මේ චිත්‍රපටිය එලිදැක්වෙන්නේ. මේ චිත්‍රපටියේ ප්‍රධාන නිළියන් හතර දෙනෙක් ඉන්නවා. Sakshi chowdhary, Simran kaur muni, Rachel සහ Anupriya කියන්නේ ඒ නිළියන්ගේ සැබෑ නම්. කියන විදිහට මේ ප්‍රධාන නලුවා වන Manojගේ ලොකුම චිත්‍රපටිය කියලත් කියවෙනවා. ඒ අතිදැවැන්ත මුදලක් යට කරලා තියෙන නිසා.චිත්‍රපටිය නිකුත් වුනේ 2013 සැප්තැම්බර් 13 වෙනිදා. ඒ වගේම Box Office හිට් එකක් කියලත් කිසි බයක් නැතිව ප්‍රකාශ කරලා තියෙනවා.කතාව ටිකක් කියන්නම්.

ගෝවින්ද් කියන්නේ ජීවිතය කල කිරුන පුද්ගලයෙක්. ඒකට හේතුව චිත්‍රපටියේ අවසානයේදී බලාගන්න පුලුවන්. ඉතින් මෙයා සියදිවි හානිකර ගන්න හිතලා කන්දක් උඩට නගිනවා. අවසාන මොහොත නිසා කෑම බීම ටිකක් එහෙම ගෙනත් මෙයා කන්ද උඩ ලෑස්තිකරගෙන කකා ඉද්දි මෙන්න තවත් මනුස්සයෙක් එනවා. එයත් සියදිවි හානිකරගන්න. හේතුව බලද්දි එයා ආදරයෙන් පරාද වෙලා. තමන් ආදරය කරපු ගෑණු ලමයා එයාගේ කාර්යාලයේම බොස් එක්ක විවාහ වෙන හේතුව නිසායි එයා මැරෙණ්න හදන්නේ. ඉතින් එයාගේ කතාව අහගත්ත නිසා මේ මනුස්සයා ගෝවින්ද්ගේ කතාවත් අහන්න පටං ගන්නවා. මම ගෝවින්ද්ගේ කතාව කියන්නේ නෑ, සාරාංශ කරලා කියන්නම්. ගෝවින්ද් කියන්නේ කෙල්ලෝ හතර දෙනෙක්ව රවට්ටපු කෙනෙක්. එක් කෙනෙක්ගෙන් වාසියක් බලාන එයාව එපාවුනාම තව කෙනෙක්ව අල්ලගන්නවා. ඉතින් මෙහෙම යද්දි මෙයා අන්තිමේදි එක ගෑනු ලමයෙක්ට, මොම්ටීස් කියලා කෙනෙක්ට ආදරේ කරන්න ගන්නවා. හැබැයි ඒත් ඒ ආදරේ කරන ගෑනු ලමයටත් මෙයා වංචා කරනවා. ඒත් එයා හිතලා කියපු දේවල් නෙමෙයි. මොම්ටාස් තනිකරම හිතන්නේ මෙයා ගැන වැරදියට. මෙයාට කරන්න දෙයක් නැති නිසා ඒ පළාතේ හැමෝටම බීගෙන ගිහින් බනිද්දි මිනිස්සු වගයක් ගහනවා. ඒ සටන නවත්තගෙන වෙන ගැහැණ ුලමයෙක් එයාව ගෙදර එක්කරගෙන ගිහින් එයාට සාත්තු කරනවා. ඒවගේම අනාථනිවාසයක් එයාට තියෙන නිසා ගෝවින්ද්ව එහේ නතර කරගන්නවා. හැබැයි මේ අනාථනිවාසය ඇත්තටම එහෙම එකක් නෙමෙයි.

කියන්නෙම නෑ ඉතුරු ටික ඔන්න. බලන්න. මුලදි පටං ගන්න විදිහ නෙමෙයි අන්තිමට වෙන්නේ. කෙල්ලො හතරකට ආදරේ කරාට ඒ හතර දෙනාම මෙයා අතාරින්නේ ඇයි කියලා තේරුම් ගන්න චිත්‍රපටිය බලන්න වෙයි. ඒ වගේම මොකක්ද මේ දෙන්නට වෙන්නේ,
දෙන්නම මැරෙයිද අන්තිමට කියලා දැනගන්න ඒත් චිත්‍රපටිය බලන්න වෙනවා. ඒ වගේම ඒ ගෑනු ලමයි හතර දෙනාට මොකද වෙන්නේ, ඇයි මේ මිනිස්සු වගයක් මේ ගෝවින්ද්ට ගැහුවේ, නිකම් බීලා කෑගහන නිසානම් වෙන්න බෑනේ නේද.. 😀 Raja Rani කතාව බැලුවට පස්සේ බලපු තවත් නියම ආදර කතාවක්. එහෙනම් තවඋපසිරැසියකින් හම්බවෙමු. ජයවේවා!

Potugadu (2013) on IMDb

 

9E717DADB7EF0157F7B02B19EC6B36E242675ED5
21EDA729643CEB340ABC142AC79F11ABE953DB08
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Temple Grandin (2010) Sinhala Subtitles | ටෙම්පල් ග්‍රෑන්ඩන් [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා බයිස්කෝප් වෙබ් අඩවියේ සියලු දෙනාටම, විශේෂයෙන්ම හසන්ත සොයුරාටත් මට මේ අවස්ථාව …

Leave a Reply

Your email address will not be published.

57 comments

  1. thkz machan me wage ewwa tawa oni ela

  2. fatta vagee neee sahoooooooooo…..onna ehenam banavooooo…..thanksss thanksss sub ekatahh…

  3. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  4. lakshitha viraj

    මෙන්න film …
    මේ වගේ තෙලිගු film ටිකක් ඉස්සරහටත් ‍දෙන්න …….

    !!!!!!!!!!!Maxxxxa!!!!!!!!

  5. සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  6. දිමුතු තරංග ඉලුක්කුඹුර

    එල එල සහෝ, ජයවේවා.

  7. thanks machan….elama thamayi….jayawewa!!! ohoma yan…

  8. බොහොම ස්තූතියි චලිදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  9. Thanks yalu

  10. Ela film ekak wagei.jayawewa… thanx for sub..!!

  11. ඔයා කතාවේ ඉතුරු ටික කියන්නෙම නෑනේ,අපි බලලම දැනගන්නම්,thanks සහෝ

  12. niyamay maru thawa thelugu demu

  13. කොහෙද බන් වෙලා තියෙන්නෙ මෙච්චර සබ් දෙන්න.. උඹනම් නියමයි.. තෑන්ක්ස්..

  14. කැලුම් ගුණසේකර

    කිනා මොකෝ අහක බලන් ඉන්නේ? රජාරානි නම් එළ.

  15. හර්ෂ ලහිරු

    ජයවේවා කිනෝ තව මේවගේ එකක් බස්සමු 😉

  16. thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa..pinsiduweewa…

  17. madras cafe dvd rip ekata update karanne nadda?

  18. Download Manager

    Thanx Bro

  19. ශාන් විමුක්ති [ විමා]

    මරු කිනෝ මරු
    එහෙනම් ඔන්න මම උබ මේකේ කොටහහක් බුකියේ දාලා තියනවා දැකපු එකෙන් අසා හිතිලා බාන්නයි හදන්නේ
    එළකිරි එකක් වෙන්ටති නේද ?
    මම වැඩිය මේ වගේ ෆිල්ම් ගැන නම් දන්නේ නෑ බන්
    නළුවෝ ගැන දන්නෙත් නැහැ
    ඒකයි මේ අහන්නේ
    සබට තුති කිනෝ 😉

  20. ela machan sub ekata thva telugu patta film tikakata sub denda

  21. නලින්

    උඹට වෙන වැඩක් ඇත්තෙම නැද්ද බං..!:D
    දෙනවා කියන්නේ ලොවෙත් නැතිවෙන්න දෙනාවා නොවැ..

    එළ එළ කොල්ලේ අපිට ඉතිං නන්ස්ටොප් බැවිල්ලක් තමයි තියෙන්නෙ හැබැයි බැලිල්ලක් නම් අහාලකවත් නැහැ…

    ජය වේවා කිනෝ..

  22. Saman Prasad ( Black Cobra )

    thanq KINA… Nanri… 😀

  23. mcn supiri 1k ne genath thiyenne.ela ela.thanks KINA sahoo.jaya wewa.onna banna dawa.mcn Abbai Class Ammayi Mass (2013) , Bhai (2013) me Telugu movie 2tath sub denawada……

  24. පැටියා

    ලොකු සේවයක් මේ උදවිය කරන්නේ. වදනයකින් හරි අගය කරන්න ලැබීම සතුටක්.
    Jobs 2013 ෆිල්ම් එකටත් සබ් දැම්මොත් හොඳයි. ඒකත් වටිනා ෆිල්ම් එකක්.
    http://kickass.to/jobs-2013-720p-brrip-x264-yify-t8176790.html

  25. mudiya / මුදියා

    අනිව බෑමක් තමයි.
    හොඳ තෙළිඟු එකක් දෙනකං තමයි මග බලන් උන්නෙ.
    නියමයි කිනෝ.
    තව එකක්.
    ඔන්න මේකෙ කමෙන්ට්ස් රජෙක් වුන යුරාජයගෙ රෙකෝඩ් එකත් මං කැඩුව.
    ජයවේවා.බොහෝ………………………………………………………………………….ම ස්තූතියි…!

  26. ela machan..niyamai…danma banna danawa..thnx..jayawewa

  27. ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ‍ඉස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ.

  28. balamu ….ehenam ….sub 1ta thanks kollo…

  29. ජයම වේවා සහෝට පට්ට ෆිල්ම්ස් දෙන එකට

  30. bohoma thuthi machan

  31. mihin ලංකා

    ගින්දරණේ මචං

  32. තැන්ක්ස් වේවා!!!

  33. lakshitha viraj

    kalekin hoda film akak dala tiyenne.(Y).. me wage tawa telegu movie akak denmu sahooooo

  34. “චූටී මල්ලි”

    එල එල
    පට්ට පහරක් වගෙ
    සබට තුති
    ඔබට ජය…..

  35. wow, maru 😀

  36. නියමයි කිනා මචං

  37. Hasitha prasad

    txz machan

  38. ජය වේවා සහෝ මේක පට්ට

  39. ලොවෙත් කිනා දෙන්නේ මරු ෆිල්ම්ස් තමා

  40. patta patta saho digatama subs damu supiri awata

  41. ada mama eka .
    suppa ekak wage den baanawa.

  42. එල එල කිනෝ පට්ට පහරක් වගේ
    ස්තූතියි උපසිරසට 😀

  43. isuru samarasinghe

    niyamama kathawak saho

  44. නියමම එකක් නේ මචං

  45. loweth pattai machan ubala nam kina

error: Alert: Content is protected !!