Thursday , May 28 2020
Breaking News

Premonition (2007) Sinhala Subtitles | අද අදමයි කියල විශ්වාසද? [සිංහල උපසිරැසි සමග]

Rating: 9.2/10. From 10 votes.
Please wait...

මේක මගෙන් කෙරෙන දෙවන නිර්මාණය. පලවෙනි නිර්මාණයෙන් ඔයාලට ගෙනාපු ෆිලුම වගේම මේකත් එක්තරා විදියක මයින්ඩ් බ්ලෝවින්ග් එකක්. ඉතින් ෆිලුමෙ විස්තර කතා කලොත්.

IMDB මීටරේ 5.9 කරකවපු සුපිරියක් තමා. මිලියන අසූ හතර බොක්ස් ඔෆිස් වාර්තාවක් එක්කම,ගූගල් පරිශීලක මනාප සියයට අසූ එකක් ලබා ගන්නව.Mennan yapo කියන අද්‍යක්ශකවරයෙක් යටතෙ නිමැවුනු මේකෙ ප්‍රදාන චරිතය කරන්නේ BirdBox එකේ හිටපු සැන්ඩ්‍රා බුලොක්.කියන්න දෙයක් නෑනෙ එයා ගැන නම් ☺️.තව හුරුපුරුදු චරිතයකුත් ඉන්නව.ඔය ටික තමා ෆිලුමෙ විස්තර. කතාව පැත්තට පොඩ්ඩක් හැරුනොත්,

ලින්ඩා කියන්නෙ ලස්සන කුඩා ගැහැණු ලමුන් දෙදෙනෙක් සහ ආදරණීය සැමියෙක් ඉන්න කාන්තාවක්.කෙමෙන් කෙමෙන් දියුණු වෙලා මේ පවුල ඇත්තටම සතුටින් ඉන්නව ,නමුත් දවසක් සැමියා රාජකාරියට පිටත් වෙලා ,දරුවනුත් පාසල් ගියාට පසු නිවසට එන පොලිස් නිලදාරියෙක් කියනව ඔබේ මහත්තය අනතුරකින් මිය ගිහින් කියල.ඉතින් මිනිය රෝහලට ගෙනිහින් ඇති බවත් හෙට වන විට එය ලැබෙයි කියල ඔහු යන්න යනව.එදා දවසම දුක් විද විද ගත කරල පහුවෙනිදට අවදි වුනාම අවමගුල් කටයුතු කරන්න ඇගේ සැමිය කිසිවක් නොවූ පරිද්දෙන්ම ගෙදර ඉන්නව.මොකක් ? , ලින්ඩා නිදියන හැම දවසකම මෙහෙම දේවල් වෙනස් වෙනවද ? මේ හැමදෙයක්ම ලින්ඩා හිතින් මවා ගත්තද ?ලින්ඩා මොනා හරි පාවිච්චි කරනවද ? සැමියා විදියට ආවෙ වෙන කවුරු හරිද ? ඇත්තටම මොකක්ද කියල හොයා ගන්න ඔයාට බාර කරන ගමන්.ඊලග එක වෙනකම් සමු ගන්නව.ඔයාල වෙනුවෙන් මහන්සි වෙලා හදන උපසිරැසියට කමෙන්ට් එකක් දාල යන්නත් අමතක කරන්න එපා.බුදු සරණයි…

https://en.wikipedia.org/wiki/Premonition_(2007_film)

 

 

 

Due to copyright issues, we do not provide any torrent link. 

ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චමෝද් මදුශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-05-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Mulk (2018) Sinhala Subtitles | ත්‍රස්තවාදීන්ගේ අඬහැරය..!! [සිංහල උපසිරැසි සමග]

‘අපරාදේ බන් ඩේටා ටික! වෙලාවත් අපරාදේ.. හෙනම බොරු ෂෝ එකක්…’ 2020දි ආපු එක්තරා චිත්‍රපටියක් ක්‍රියාදාම …

Leave a Reply

Your email address will not be published.

10 comments

  1. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. ela saho thanks

  3. Thanxx bro……………..

  4. “” oyala hinda mahan si wela karapu sub ekata comment ekak dala yanna kiwama “” tikak duka hithuna . goadk pin sub ekak dammata.

  5. isuru srinath sjs

    ස්තුතියි සිංහල උපසිරැසියට…

  6. thanks..

  7. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….! වෙනස්ම විදියේ ෆිල්ම් එකක්, කවදාවත්ම හිතුවෙ නෑ මේ වගේ ෆිල්ම් එකකට කවුරුවත්ම සබ් කරයි කියලා…

  8. Thanks for sub

  9. Thakyou for sub

  10. film eka down kare dan. me notification eka aapu gaman down karanna damma. sub ekata thanks

error: Alert: Content is protected !!