Tuesday , October 20 2020
Breaking News

Proud Mary (2018) Sinhala Subtitles | ඝාතකයෙකුගේ පළිගැනීම…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 22 votes.
Please wait...

නමින් මේරි වන ඇය තමයි බොස්ටන් අපරාධ පවුලක ප්‍රධාන ඝාතකයා වෙන්නේ. එහෙමත් නැත්නම් අපි දන්නා හැටියට කියනවා නම් ඇය “Hit Woman” කෙනෙක්. ඒ වගේම ඇය බොහොම සාර්ථක කෙනෙක්. ඉතින් ඇයට ඝාතනයක් සිදු කරන්න අණ ලැබෙනවා, ඒ මේරි පක්ෂපාති පවුලට ලොකු මුදලක් ණය බුකීකාරයක්ව. මේරි මේ ඝාතනය බොහොම ලේසියෙන් කරලා ඉවර කරනවා, ගෙදර සද්ධයක් ඇහුන නිසාවෙන් ඒ පැත්ත බලනකොට ගෙදර පොඩි කොල්ලෙක්, නමුත් මේ පොඩි එකා මේරිව දකින්නේ නැහැ මේරි පැන යනවා නමුත් මේ සිද්ධිය එකක් මේරි මේ කුඩා දරුවා ගැන හොයන්න පටන් ගන්නවා. ඔහොම යනකොට අනාථ වුන මේ දරුවා තවත් අපරාධ පවුලක මත් ද්‍රව්‍ය බෙදා හරින කොලුගැටයෙක් බවට පත් වෙනවා, බොහොම නරක විදිහට තමයි මෙයාට සලකන්නේ.

දවසක් මේ ළමයා වෙනුවෙන් මේරි පෙනී හිටිය වෙලේ මේරි අතින් මේ පවුලේ කිහිප දෙනෙක් ඝාතනය වෙනවා. එතනින් තමයි යුද්ධය ආරම්භ වෙන්නේ. සතුරු පවුල ඒ වෙනුවෙන් පලිය ගන්න දගලන අතරේ මේරිට සිද්ධ වෙනවා තමුන් වැඩ කරන පවුලෙනුත් මේ කුඩා දරුවා බේරා ගන්න. ඉතින් අපරාධ පවුල් දෙකක දුෂ්ඨයන් එකක් මේරි දරුවා බේරා ගන්නට ගෙනයන සටන තමයි මේ සිනමා පටයේ කතාවට පාදක වෙලා තියෙන්නේ.

2018 වසරේ ජනවාරි 12 වැනිදා නිකුත් වුන මේ චිත්‍රපටය Action, Crime, Thriller කියන කාණ්ඩ තමයි නියෝජනය කරන්නේ. දාවන කාලය වෙන්නේ පැය 1 මිනිත්තු 29 ක්. IMDB අගය නම් 4.9 ක් හැටියට තමයි සඳහන් වෙන්නේ. නමුත් පුර්ව ප්‍රචාරක පටය බලලා ඉන්නකෝ ඔබ අකමැති වෙන එකක් නැහැ. මොකද මේක අර 90 ගණන් 2000 ගණන්වල මුල ආව කිසිම කතාවක් නැති විශිෂ්ඨ ඝාතකයන් අලලා නිර්මාණය වුන ක්‍රියාදාම චිත්‍රපටයක් වගේ. වෙනසකට තියෙන්නේ ප්‍රධාන චරිතය වෙන්නේ ගැහැණු කෙනෙක් වීම. ඉතින් එහෙම මේරි වෙන්නේ Taraji P. Henson. ඇයට අමතරව මේකේ Billy Brown, Jahi Di’Allo Winston, Danny Glover හා තවත් ලොකු පිරිසක් තිරයේ දැකගන්නට හැකි වේවි.

මේක ඊයේ නිකුත් වුනත් මම උනන්දු වුනේ නැහැ මොකද අපේ ක්‍රියාදාම චිත්‍රපටි කරන්න ඕන තරම් අය ඉන්න එකේ මේක වෙන් කරගෙන ඇති නේද කියලා. ඊයේ රෑ නිකන් වගේ බලනකොට කවුරුවත් අරගෙන තිබ්බේ නැහැ ඉතින් එහෙම්ම වැඩ පටන් ගත්තා. සිසිල් සහෝ ස්තුතියි කිව්ව සැනින් පින්තුරය නිර්මාණය කිරීම සම්බන්ධයෙන්. එහෙනම් බලන්න මේරි කොහොම සටනක් දේවිද කියලා තමුන් නිසාවෙන් අනාත වුන ඒ කුඩා දරුවා බේරා ගන්නට…. ආයෙත් උපසිරසක් එකක් හමුවෙමු. එතෙක් ඔබට ජය වේවා !!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

ස්ටේට් ඔෆ් සීජ්: 26/11 [S01 : E05] Sinhala Subtitles | අජ්මල්ගේ ලෝකය.. [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා හැමෝටම. මුලින්ම මේ State Of Siege 26-11 වෙබ් කතා මාලාවේ උපසිරැසි ගැන්වීම් …

Leave a Reply

Your email address will not be published.

22 comments

  1. Pradeepmadusanka913

    Thanks saho.. digatama apita sub denna..

  2. උපසිරැසියට ස්තුතියි සහෝ ….!

  3. හෆොයි ඉංග්‍රීසි සබ් එක්ක බලලා ඉවර වුනාම දැක්කේ.. ආය බලනවා.. තැන්කු සහෝ…

  4. thank you broooooooo

  5. උපසිරසියට ස්තුතිය සහෝ

  6. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  7. Thanks…..

  8. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  9. AsithaDilruwan

    ela ela sameera saho thanks

  10. Good job bro and god bless you….keep continue….

  11. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සමීර සහෝ.
    ජයෙන් ජය.

  13. ස්තුතියි සහෝදරයා

  14. සබට තුති බන්

  15. Bandaramudiyansi

    ඔයා මෙක බැලුවාද… සමිර ඔබව මම දකින්නෙ රස වින්දනය කියන දේ හදුනාගෙන චිත්‍රපට කරන කෙනෙක් විදිහට .මෙකය ලොකු රෙටින් අගයක් නැ නෙද.. ඉස්සර ඔයාගෙ ලිස්ට් එකේ චිත්‍රපට ඔක්කම වාගේ බලළ තියෙනව . පොඩ්ඩක් ඔයාගෙ මතෙත් කියන්නකො මේක ඩව්න්ලොර්ඩ් කරගන්න බොහොම ස්තුතියි ජය ඔබට!!

    • ලොකු රේටිං නැති බලන්න හිතෙන ෆිල්ම්ස් කොච්චර තියෙනවද
      ලොකු රේට් තියෙන මෙලෝ යකෙක්ට බලන්න බැරි ෆිල්ම්ස් කොච්චර තියෙනවද

      • Bandaramudiyansi

        අදහසට එකගයි.

        • Bandaramudiyansi

          මම මෙක ගන්න කියල හිතම් ඉන්නෙ. එකම හේතුව නම් සමිර මල්ලි උපසිරැස කළ නිසා බොහොම ස්තුතියි ඔයාලට සිංහල උපසිරැසි වලට

  16. උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

error: Alert: Content is protected !!