Monday , October 18 2021
Breaking News

PSV Garuda Vega (2017) Sinhala Subtitles | ප්‍රභල ප්ලුටෝනියම් වංචාව… [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.6/10. From 34 votes.
Please wait...

බයිස්කෝප් සිංහලෙන් සහෘදයන්ට සුභ දවසක්ම වේවා…! අදත් මා ඔබ හමුවට පැමිණියේ පසුගිය වසරේ අවසානයේ තිරගතවු Action | Drama | Spy Thriller වර්ගීකරණයට අයත් තෙලඟු සිනමා කෘතියක් සමඟින්…! චිත්‍රපටය සඳහා උපසිරැසි ගැන්වීමට භාරදුන් දින සිට මේ දක්වා ඔබ හමුවට රැගෙන ඒමට ප්‍රමාදවීම ගැන මාගේ දැඩි කණගාටුව ප්‍රකාශ කරන අතරතුරම මෙම චිත්‍රපටයට උපසිරැසි ගැන්වීමට අවස්ථාව සලසා දුන් කවදත් මට උදව්කරනා අප අඩවියේ සංස්කාරකවරයෙකු වන සිසිල ප්‍රසාද් සහෝටද ස්තුතිය පිරි නමනවා.

2017 වසරේ නොවැම්බර් මස 03 දින ධන සමාලෝචන මධ්‍යයේ ලොවපුරා තිරගත කිරීම ආරම්භකල මෙම චිත්‍රපටය Praveen Sattaru සහ Niranjan Reddy යන දෙපලගේ අධ්‍යක්ෂණයෙන් හා කතාවෙන් හැඩගැන්වූවක් මෙහි නිෂ්පාදනය M Koteswara Raju විසින් සිදුකර ඇත.තවද මෙම චිත්‍රපටය imdb හි අගය 8.0/10 ම ලබාගැනීමටද සමත්ව තිබෙනවා. නළු නිලියන් ගතහොත් Rajasekhar, Pooja Kumar, Kishore, යන අය ප්‍රදාන චරිත නිරුපණය කරනවා. මෙම සලරුව සඳහා වියදම $ 5,000,000 ක් ලෙසින්ද ආදායම ලෙස $ 10,000,000 ක් ලෙසද සටහන් වනවා.

කතාව වෙන්නේ මෙහෙමයි සේකර් කියන්නේ ජාතික විමර්ශණ කාර්ය්‍යාංශයේ වැඩකරන සහකාර කොමසාරිස්වරයෙක් එයාගේ රාජකාරි බහුලත්වය කොහොමද කියනව නම් වෙලාවට කලාවට ගෙදරවත් යන්න වෙන්නෙ නෑ ඔන්න ඉතින් එහෙම උනාම අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ ගෙදර අයගේ බර බරේ ගැන ඒ නිසාම සේකර් රස්සාවෙන් ඉල්ලා අස්වෙන්න ලියුමකුත් බාරදෙනවා මොකද එයාගේ නෝනට හොඳටම තරහ ගිහින් දික්කසාඳය දක්වා යන්න හදපු නිසා..! දවසක් සේකර්ගේ වාහනේට ඇවිත් ගැටෙන පුද්ගලයෙක් නිසා සේකර්ගෙ ජිවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා සේකර් ඒ පිටිපස්සේ හඹායද්දි සේකර්ට අහන්න දකින්න වෙන්නේ වෙනමම දේවල් ටිකක් ඒ දේවල් අවසානේ සේකර් හොයාගන්නවා නඟරයේ හෙට දින පවත්වන ලබන ජනතා රැලියට බෝම්බ ප්‍රහාරයක් එල්ලවන බව තම ඉල්ලා අස්වීම පැත්තකට දාපු සේකර් තමන්ගේ කණ්ඩායමත් එක්ක එකතුවෙලා කොහොම හරි බෝම්බ ප්‍රශ්නේ විසඳුවත් එතනින් තවත් අලුත් ප්‍රශ්නයක් පටන්ගන්නවා ඒ තමයි ඉහල මාතෘකාව දාලා තියෙන කාරණාව ඉතින් හිතුව තරම් ලේසියෙන් ගොඩ එන්න බැරි මේ අවුල සේකර් කොහොම විසඳයිද කියලා දැනගන්න චිත්‍රපටිය බලන්න කියලා සියලු දෙනාටම ආරාධනාකරන ගමන්ම අදට මා සමුගන්නවා ඒ වගේම පහලින් ඔබගේ වටිනා අදහස් උදහස්ද දක්වා යන මෙන්ද කාරුණිකව ඉල්ලා සිටිනවා..!

ඔබ සැමට කඳසුරිදු පිහිටයි…!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා ” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Copshop (2021) Sinhala Subtitles | පොලීසියක බිහිසුණු රැයක් [සිංහල උපසිරසි]

ආයූබෝවන් හැමෝටම ඔන්න මේ වසරේ නිකුත් උන අළුත්ම ඇක්ෂන් චිත්‍රපටයක් ගෙනාවා. පසුගිය 14 වෙනිදා මේ …

Leave a Reply to N_R Cancel reply

Your email address will not be published.

30 comments

  1. Thank you

  2. ela…..

  3. thankssssss….keep it up……

  4. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ

  5. thnx Tharindu….

  6. Tanks brother obata jaya

  7. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.

  8. Coool bro carry on man.

  9. Tnx bro

  10. බොහොම ස්තූතියි අයියේ උපසිරැසියට…
    දිගටම සබ් දෙමු ආ…. 😛
    ඔබට ජය!

  11. sthuthi bohoma telegu films apita balanna genawata

  12. Thank U Browww

  13. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  14. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි තරිඳු සහෝ.
    ජයෙන් ජය.

  15. thankes brooo

  16. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.

  17. Gandhaka Indrajith

    Thanks for the subtitle

  18. උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

  19. එල මචෝ

  20. උපසිරැසියට බොහෝම ස්තුතියි

  21. Thanks bro…good job and well done…god bless you and keep continue it…

  22. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  23. Sub 1 ta.. thanks machan…Rangasthalam movie 1ta sub 1th ikmnta demuko

error: Alert: Content is protected !!