අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Public Enemies (2009) Sinhala Subtitles | දුෂ්ටයෙක්ද? නැත්නම් වීරයෙක්ද? [සිංහල උපසිරැසි සමග]

Rating: 7.5/10. From 111 votes.
Please wait...

ආයූබෝවේවා බයිස්කෝප් රසික රසිකාවියනි. හැමෝම පරිස්සමින් ඉන්නවා නේද ? අපේ රටේ වගේම මුලු ලෝකේම තීරණාත්මක වෙලාවක තම තමන් පරිස්සමින් වෙලා අවදානම පහව යනකන් ගෙදරටම වෙලා ඉන්න. ඒ වගේම මේ වසංගත තත්වයෙන් මුලු ලෝකේම සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතිං මේ පාර මම ගෙනාවේ සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය උන චිත්‍රපටියක්. මේකට අපේ බයිස්කෝප් සයිට් එකේ සහෝදරයෙක් ලිපියක් දාලා තිබුනත් උපසිරැසියක් තිබුනේ නෑ. මේ වගේ විශිෂ්ට සිනමාපටයකට උපසිරැසිය නැති එක ලොකු අඩුවක් නිසා මම හිතුවා මේකට උපසිරැසිය කරන්න. ෆිලුම බලන්න කලින් පොඩි හැදින්වීමේ ලිපියක් තියෙනවා වෙලාව තියෙනවනම් කියවලා බලන්න. හැබැයි චිත්‍රපටිය පොඩ්ඩක් ස්පොයිල් වෙන්නත් පුලුවන් ඒ නිසා ෆිලුම බලලා මේක කියෙව්වත් කමක් නෑ.

ජෝන් ඩිලින්ජර්

මහා අවපාත යුගයේ එක්සත් ජනපදයේ ඇමරිකානු මැර කල්ලියක නායකයා වු ජෝන් හර්බට් ඩිලින්ජර් බැංකු 24ක් සහ පොලිස් ස්ථාන හතරක් කොල්ලකෑමේ චෝදනාවට ලක්වූවෙකි. නැගෙනහිර ඉන්දියානාපොලිස් බන්ධනාගාරයෙන් දෙවරක්ම පැන යාමට සමත් වු හෙතෙම බන්ධනාගාරයේදී හමුවි පසු කලක ගජමිතුරන් වු හැරී පියර්පොයින්ට්, හෝමර් වැන් මීටර්, එඩී ග්‍රීන්, ජෝන් “රෙඩ් ” හැමිල්ටන්, රසල් ක්ලාක් , ලෙස්ටර් ජෝශප් ගිල්ස් (බේබ් ෆේස් නෙල්සන් )හා චාල්ස් මැක්ලි යන අයවලුන් සමග කුප්‍රකට “ඩිලින්ජර් කල්ලිය (Dillinger Gang)” ලෙස සමස්ථ ඇමරිකාවම ත්‍රස්ත කරමින් බැංකු මංකොල්ලකෑම්හි නිරත විය. ඔහු කිසි දිනක දුප්පතුන්ගෙන් මංකොල්ල නොකෑම නිසා එකල මාධ්‍ය විසින් ඔහුගේ නිර්භීතකම හා වර්ණවත් පෞරුෂය අතිශයෝතියෙන් වර්ණනා කර ඔහු රොබින් හුඩ් චරිතයක් ලෙස හුවා දැක්වීම නිසා ජනතාවද ඔහුව අගය කරන්නට පෙළඹුනි.

1934 වනවිට ජෝන් ඩිලින්ජර් ඇමරිකාවට අත්‍යාවශම පුද්ගලයන්ගේ ලැයිස්තුවට ඇතුලත් වු අතර චිකාගෝ පොලීසියේ Dillinger Squad (ඩිලින්ජර් කණ්ඩායම ) ලෙස ඩිලින්ජර් අල්ලාගැනීමට වෙනම කාර්‍යාංශයක් ආරම්භකරන ලදී. මෙම කල්ලිය අත්ඩංගුවට ගත්තත් බන්ධනාගාරවලින් පැනයාමට ඩිලින්ජර් සතු දක්ෂතාවය නිසා මොවුන් සෑම අවස්ථාවකම නීතියේ රැහැනින් පලායාමට සමත් විය. කඩවසම් පුද්ගලයෙකු වු ඩිලින්ජර් හට කාන්තා ආකර්ශනයද නොමදව හිමි විය. 1933 ඩිලින්ජර්ට එවලින් බිලී ෆ්රිශට් නම් කාන්තාවක් හමුවු අතර ඔවුන් දෙදෙනාගේ සම්බන්ධය ඩිලින්ජර් මියයන තුරුම පැවතුනි.

ජෝන් ඩිලින්ජර්

එවකට විමර්ශන කාර්‍යාංශයේ (වර්තමානයේ FBI – ෆෙඩරල් විමර්ශන කාර්‍යාංශය ) අධ්‍යක්ෂවරයා වු එඩ්ගාර් හූවර් විසින් ජෝන් ඩිලින්ජර් අත්අඩංගුවට ගැනීම සදහා මෙල්වින් පර්විස් නම් තරුණ නිළධාරියා පත් කරන ලදී. 1934 ජූලි මාසය වනවිට ජෝන් ඩිලින්ජර් හැරුනු කොට ඩිලින්ජර් කල්ලියේ සියල්ලම පාහේ අත් අඩංගුවට ගෙන හෝ මියගොස් සිටි අතර ජෝන් ඩිලින්ජර් මේ වන විට මංකොල්ලකෑම් නවතා රහසිගතව සැගවි සිටියේය. මෙල්වින් ඇතුලු පිරිස ඩිලින්ජර් කොටු කර ගැනීමට සිනමාශාලා, රේඩියෝ, පුවත්පත් දැන්වීම යොදාගනිමින් සහය පැතුවත් ඒ දැරූ සියලු ප්‍රයත්නයින් අසාර්ථක වූයේ සාමාන්‍ය ජනතාවට ඩිලින්ජර් කෙරෙහි තිබු අසීමිත ආදරය සහ ගෞරවයත් එමෙන්ම ඩිලින්ජර්ගේ බුද්ධිය සහජ හැකියාව නිසාත්‍ය. ඩිලින්ජර් කෙතරම් නිර්භීත පුද්ගලයෙකු යත් වරක් ඔහු චිකාගෝ පොලීසියේ තමන්ව අල්ලාගැනීමට පත්කල කාර්‍යාංශය වෙත වෙස්වලාගෙන ගොස් නැවත ඒමට පවා සමත් විය. මෙල්වින් පර්විස් මෙලෙස අසාර්ථක වෙද්දි ඔහුගේ අවධානය යොමු උනේ ඩිලින්ජර්ගේ දීර්ඝ කාලීන මිතුරියක් වු ඇනා සේජ් නම් ගණිකා නිවාස හිමිකාරිනිය වෙතයි. එවකට ඩිලින්ජර් කල්ලිය වෙත ගණිකාවන් සැපයු ඇය ජෝන් ඩිලින්ජර් සමග ඉතා ළගින් ඇසුරු කලාය. රුමේනියානු සංක්‍රමනිකයෙකු වන ඇය තම ග්‍රහණයට ගත් පර්විස් නිතීයෙන් සමාව දීමට පොරොන්දු කරගෙන ඇයගෙන් ඩිලින්ජර් පිළිබඳව පාපොච්චාරනයක් ලබාගැනිමටද හෙතෙම සමත් විය.

FBI නියෝජිත මෙල්වින් පර්විස්

 

බයෝග්‍රාප් සිනමාශාලාව 1934දී

1934 ජූලී 22, ජෝන් ඩිලින්ජර්, ඇනා සේජ් සහ එවකට ඔහුගේ පෙම්වතිය වු පොලී හැමිල්ටන් සමග බයෝග්‍රාප් සිනමාශාලාවට පැමිණි අතර ඇනාගේ පෙර දැනුම් දීමකට අනුව පර්විස් ඇතුලු නිළදාරින් පිරිසක්ද සිනමාශාලාව පිටත රැඳී සිටියේය. රාත්‍රී 10:40ට පමණ ඩිලින්ජර් කණ්ඩායමේ විශේෂ නියෝජිතයන් විසින් ජෝන් ඩිලින්ජර්ව බයෝග්‍රාප් සිනමාශාලාව ඉදිරිපිටදි වෙඩි තබා ඝාතනය කරන ලදී. මියයන විට යන්තම් 31 හැවිදිරි වු හෙතෙම ඇමරිකාවේ අත්‍යාවශම අපරාධකරුවා බවට පත් වී සිටියේය. ඩිලින්ජර්ගේ අභාවය කණ වැකුන සාමාන්‍ය ජනයා විසින් බයෝග්‍රාප් සිනමාශාලාව අවට පදික වේදීකාවේ සහ මාර්ගයේ තිබූ ඩිලින්ජර්ගේ රුධිරයෙන් තම අත්ලේන්සු සහ ගැහැණු තම යට සායවල් වලින් රුධිරය පොගවාගෙන මතකසටහන් ලෙස ඒවා ළග තබාගැනීමට ක්‍රියා කල බව වාර්තා වෙනවා.

ඩිලින්ජර්ගේ මෘත දේහය පරීක්ෂා කරන FBI නිළධාරීන් 

වොෂිංටන් ඩී සී හි අපරාධ කෞතුකාගාරයේ තබා ඇති ජෝන් ඩිලින්ජර්ගේ වෙස් මුහුන

ඇතැමුන් මෙම මළ සිරුර ජෝන් ඩිලින්ජර්ගේ නොව වෙනත් අයෙකු බව පැවසුවත් FBI පරීක්ෂකයන් විසින් එම මළසිරුර ඩිලින්ජර්ගේ බවට සහතික කරන ලදී. ඩිලින්ජර්ගේ දේහය කුක් කවුන්ටි මෘත ශරීරාගාරයේ මහජන ප්‍රදර්ශනය සඳහා තබා තිබූ අතර ඇස්තමේන්තු ගත කිරීමට අනුව දින 1 ½ තුල 15,000කට අධික ජන සංඛ්‍යාවක් ඩිලින්ජර්ගේ දේහය නැරඹීමට පැමිණ ඇත. ඩිලින්ජර්ගේ මුහුණට වෙඩි වැදි තිබු නිසා වෙනම වෙස් මුහුණු 4ක්ද ඔහු වෙනුවෙන් සාදා තිබි ඇත. ඩිලින්ජර්ගේ දේහය තැන්පත් කර ඇත්තේ ඉන්දියානාපොලිස් හි ක්‍රවුන් හිල් සුසාන භූමීයේය. සිහිවටන ලෙස ඩිලින්ජර්ගේ අස්ථි කැබලි සොරකම් කිරීමට ඇතැම් පිරිස් ක්‍රියා කිරීම නිසා කිහිපවරක්ම ඔහුගේ සොහොන ප්‍රතිස්ථාපනය කිරීමට සිදුවී ඇත.

ජෝන් ඩිලින්ජර්ගේ සොහොන් කොත

පොදු ජනතාවගේ වීරයෙකුත් නීතීයේ සතුරෙකුත් වූ ජෝන් ඩිලින්ජර්ගේ චරිතාපදානය ඇසුරෙන් 1935 දී Public Hero No.1 ලෙස චිත්‍රපටයක් නිකුත් වු අතර 1945 දී පලමු වරට ඩිලින්ජර්ගේ චරිතය ඇතුලත් චිත්‍රපටය ලෙස Dillinger (1945) නිකුත් වු අතර මෙහි ජෝන් ඩිලින්ජර්ගේ චරිතය Lawrence Tierney විසින් නිරූපනය කරන ලදී. ඩොලර් 150,000 ක වියදමිකින් නිර්මාණය වු මෙය ඩොලර් මිලියන 4ක Box Office වාර්තාවකටද හිමිකම් කියන ලදී. 1973 දී Dillinger (1973) ලෙස නැවත චිත්‍රපටයක් නිර්මාණය වූ අතර එහි ජෝන් ඩිලින්ජර්ගේ ලෙස Warren Oates රඟ දක්වන ලදී. ආදායම් අතින් එම චිත්‍රපටයද අති සාර්ථක වී ඇත. 1991 වසරේදී රූපවාහිනී චිත්‍රපටයක් ලෙස නැවතත් Dillinger (1991) නම් සින්මාපටය ප්‍රතිනිර්මාණය විය. මෙහි ඩිලින්ජර්ගේ චරිතය නිරූපනය කර ඇත්තේ Mark Harmon නම් රංගන ශිල්පියායි. මෙලෙස ජෝන් ඩිලින්ජර්ගේ චරිතය ඇසුරින් චරිතාපදාන කෘති කිහිපයක් හා සිනමාපට කිහිපයක් වරින් වර නිශ්පාදනය වී ඇත.

Public Enemies (2009)

ඩිලින්ජර් චරිතය ඇසුරින් 2009දි නිර්මාණය උන මෙම චිත්‍රපටයේ කුප්‍රකට බැංකු මංකොල්ලකරු ජෝන් ඩිලින්ජර්ගේ චරිතය නිරූපණය කරන්නේ හොලිවුඩයේ එදා මෙදා තුර බිහිවු සුපිරි රංගන ශිල්පියෙකු වන Johanny Depp විසින්ය. මෙහි අධ්‍යක්ෂනය Michael Mann විසින් සිදුකර ඇති අතර දෙවැනි ප්‍රධාන චරිතය වන FBI නියෝජිත මෙල්වින් පර්විස්ගේ චරිතය නිරූපණය කරන්නේ ඉතිහාසයේ හොඳම බැට් මෑන් චරිතය රඟ දැක්වු ප්‍රතිභාපූර්න රංගන ශිල්පි Christian Bale විසිනි. IMDb දර්ශකයේ 7.0ක ඉහල අගයක් ලබා ගැනීමට සමත් උන මෙම නිර්මාණය Biography, Crime, Drama යන කාණ්ඩ වලට වර්ගීකරණය වෙනවා. එමෙන්ම මෙම සලරුව 2009දී ඩිලින්ජර් ජිවත් වු නගරය වන චිකාගෝහි පලමු ප්‍රදර්ශනය ආරම්භ කර මුලු ආදායම ලෙස ඩොලර් මිලියන $214.1ක බොක්ස් ඔෆිස් ආදායමක්ද උපයාගැනීමට සමත් වෙලා තියෙනවා.

සැබෑ ජෝන් ඩිලින්ජර් සහ ජොනී ඩෙප් 

මෙහි ජෝන් ඩිලින්ජර් ලෙස ජොනී ඩෙප්ගේ රංගනය අතිවිශිෂ්ට බවට විචාරකයන්ගේ පැසසුමට ලක්වු අතර ඩිලින්ජර්ගේ කූට බුද්ධිය, උපායශිලිබව, නිර්භීතකම මේ රංගනය තුලින් මොනවට පෙන්නුම කරන බව අපිට බලා ගන්න පුලුවන්. ඒ වගේම ක්‍රිස්ටියන් බේල් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ලැබෙන ඕන චරිතයකට උපරිම සාධාරණය කරන විශිෂ්ට චරිතාංග නලුවෙක්. අනිත් චරිත සඳහා යොදාගෙන තියෙන්නෙත් ජනප්‍රිය නළු, නිලියන් පිරිසක් තමයි. ලිපියත් දිග වැඩි උන නිසා තවත් මුකුත් කියන්නේ නෑ එහෙනම් තවත් පරක්කු වෙන්නේ නැතුව මේ විශිෂ්ට සිනමාපටය රසවිඳින ගමන් ගෙදරට වෙලා පරිස්සමින් ඉන්න. උපසිරසිය ගන්න ගමන් කොමෙන්ටුවක් දාගෙන ගියාට තරහ වෙන්නේ නෑ. ඒ වගේම මේ ෆිලුම උපසිරැසි ගැන්වීමට අවසර දුන් අපේ හසා අයියටත් ස්තූතිවන්ත වෙනවා. තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු. මම දනුවා.

මේ සියලු කරදර, රෝගපීඩා දුරු වී අප මව්බිමත්, මුලු ලෝකයත් සුවපත් වේවා !!!

#STAY HOME SAFE

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

පොතේ ගුරා

හ්ම්ම්ම්..මා ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ විශේෂයෙන්..ටිකක් වැඩියෙන් ෆිල්ම් බලන කෙනෙක්..ඉතින් ඔයාලටත් ඒකෙන් ප්‍රයෝජනයක් ලැබෙන වැඩක් ක‍රන්න හිතුව..ඒ සිතුවිල්ලේ ප්‍රතිඵල තමයි මේ!

102 thoughts on “Public Enemies (2009) Sinhala Subtitles | දුෂ්ටයෙක්ද? නැත්නම් වීරයෙක්ද? [සිංහල උපසිරැසි සමග]

  • Thanks for the subtitles

    Reply
  • great job Thank you !

    Reply
  • උපසිරැසිය ලබාදීම වෙනුවෙන් බොහොම ස්තූතියි යුරාන් සහෝ!
    ජය!

    Reply
  • patta film ekk tnx sub ekt

    Reply
  • Superb

    Reply
  • Thanx yuran brother

    Reply
  • සබට බොහොම ස්තූතියි සහෝ

    Reply
  • ස්තූතියි සහෝ

    Reply
  • Thanxx bro patta…..

    Reply
  • සබ් එකට ගොඩක් පිං ස්තුතියි

    Reply
  • බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට . ජය වේවා !!!

    Reply
  • බොහොම ස්තුතියි සහෝ sub එකට, මේ වගේ film තව ගොඩක් තියනවා ලිපිය විතරක් තියන sub නැති, පුලුවන්නම් ඒවත් දෙන්න, ඒ වගේම පුලුවන්නම් හැම කාලෙකටම අතිවිශිෂ්ට නිර්මාණයක් වෙච්ච lord of the rings චිත්‍රපටවල තියන sub වල අඩුපාඩුත් හදනවා නම් සහෝ ගොඩක්ම වටිනා වැඩක් වේවි…

    Reply
  • බාගෙන ගොඩාක් කල්, sub දෙනකම් හිටියේ.ස්තූතියි..

    Reply
  • ei bam me anith site karapu film witak ubalat karanne.anit sit site wala karapu ewa kalanm hodai neda.mechara kalayak thiyagattu respect eka netiwenawa me karana waden.

    Reply
  • උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි…
    ජයාව්වා…

    Reply
  • ගොඩක් කල් ඉදලා බලන්න ආසාවෙන් හිටපු film එකක්, ස්තූතියි උපසිරැසියට ඔබට ජය..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks මචෝ sub එකට

    Reply
  • Mekata deanakan hitiye උපසිරිසියට බොහොම ස්තුති

    Reply
  • බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂 🙂 ..
    පුළුවන් නම් Robert Pattinsonගෙ Cosmopolis (2012) film එකටත් සබ් දෙන්න

    Reply
  • අම්මෝ පට්ට යුරාන් සහෝ ජොනි අයියගෙ එකක් නම් සුපිරි තමා ඔන්න ගත්තා එහෙනම් ස්තුතියි සබ් එකට

    Reply
  • සිංහල සබ් එක ඕනේ..

    Reply
    • sub eka pennanawada bn?

      Reply
  • where is the sub?

    Reply
  • bro plz waiting for your sub

    Reply
  • American Psycho ekatatath sub denna puluvannam supirima.

    Reply
    • Dan masa 3k vithara thisse baluva mekata sub ekakak.thama na.ikmaninma dai kiyala hithanava.

      Reply
    • thank you 2020 -04-25

      Reply
  • Mekata sub dennako plzz..american physcho ekath sub denna

    Reply
  • සබ් දීපල්ලා…..avitar එකටත් නෑ

    Reply
  • කො දෙයියනේ සබ….

    Reply
  • Meken. Dan dennako saho

    Reply
  • සිංහල සබ් එක දෙන්න 🙂

    Reply
  • විස්තරේට තෑන්ක්ස්.පුලුවන්නම් කවුරුහරි මේකට සබ් දෙන්න. බොහොම පිං හොදේ.බුදු සරණයි…

    Reply
  • meke sinhala sub eka dendaaaaaaaaaaa ane plzzzzzzzzzz

    Reply
  • meka dakke danuy.man asama naluwo 2kma innawa Johnny Depp ha Christian Bale mekata sub danne naddaaaaaaaaaaaaa

    Reply
  • පොඩි වැරදීමක් නිවැරදි කරන්න ඕනේ….මේ ලිපියේ තියෙනවා the aviator අධ්‍යක්ෂණය කලේ Michael Mann කියලා ඒක වැරදි…..ඔහු කලේ නිෂ්පාදනය……….මේක අධ්‍යක්ෂණය කලේ…..ෆිල්ම් 1ක් අධ්‍යක්ෂණය කරපු සැනින් ඔස්කාර් දොරටුව අබියස ඉන්න Martin Scorses වැරද්දක් එහෙම කිව්වා නෙවේ

    Reply
  • පොඩි වැරදීමක් නිවැරදි කරන්න ඕනේ….මේ ලිපියේ තියෙනවා the aviator අධ්‍යක්ෂණය කලේ Michael Mann කියලා ඒක වැරදි…..ඔහු කලේ නිෂ්පාදනය……….මේක අධ්‍යක්ෂණය කලේ…..ෆිල්ම් 1ක් අධ්‍යක්ෂණය කරපු සැනින් ඔස්කාර් දොරටුව අබියස ඉන්න Martin Scorsese වැරද්දක් එහෙම කිව්වා නෙවේ

    Reply
  • ස්තූතියි.

    Reply
  • sinhala subs nathi eka nam chater……

    Reply
  • tamil movies dannako english balala epa wela

    Reply
  • බලමු,බලමු ෆිල්ම් එක හොද වගේ

    Reply
  • ela mamath dwn denawa….

    Reply
  • pissu hadana film 1k
    ela kiyanna kiyala wadak naha….!

    Reply
  • MEKA WADAKERANNA GOLAYO

    Reply
  • @ maneesh

    මචෝ, සබ් ෆයිල් ෆයිල් එක නම මේ විදිහට වෙනස් කරන්න
    The.Hurt.Locker.2008.DvDRip.XviD-FileHunter

    නැත්නම්,

    සබ් ෆයිල් ෆයිල් එක The KM player ඇදලා දාන්න එතකොට වැඩ කරනවා.

    Reply
  • මේක නම් එළම ෆිල්ම් එකක්..හැමෝම අනිවා බලන්න ඕන!

    Reply
  • niyamai roily bro…dan nam subs windows media 11 eketh wada…ela…thanx…

    Reply
  • බාමි බාමි…ස්තූතියි….

    Reply
  • @ maneesh,

    ඔව් මචං මටත් ඕක වුනා. පොඩි දෙයක් කරගන්න ඕනා ඕකට.

    බාන සබ් ෆයිල් එකේ නම The.Hurt.Locker.2008.DvDRip.XviD-FileHunter විදියට වෙනස් කර ගන්න.

    මොකද ඒකේ sinhala.sub කියන කෑල්ල නිසා ඒකේ නමයි ෆිල්ම් එකේ නමයි වෙනස් වෙනවා. මම බලන්නේ Jet Audio එකේ. මම ඔහොම කරගෙනයි බැලුවේ.

    Reply
    • Public enemy ake sub aka denawada

      Reply
  • K M player eketh wada karanne na….
    eka subs dunna eka asaaratakai…
    ikmanat wisadumak denna…

    Reply
  • The.Hurt.Locker.2008.Sinhala.Subs.DvDRip.XviD-FileHunter me subs wada karanne na ne……321player eketh na…windows media 11 eketh na……

    Reply
  • අදනම් මම හැමෝටම පොදුවේ reply එකක් දාන්නේ. කතාව එළ ලු. මොකද, තාම මමත් මේක බානවා. බලලා මමත් ගුණ දොස් විචාරන්නම් කෝ.

    @උදිත ඉසුරංග : හෙට මරු ප්‍රේම කතාවක් දෙන්නේ. එන සුමානෙ හින්දි එකක් දෙනවා, අනිවා. 😀

    Reply
  • @ රොයිලි :-

    urajdrlk (at) elakiri (dot) com or urajdrlk (at) yahoo (dot) com

    Thanks macho…. 🙂

    Reply
  • hoda movie ekak lu..baalama balanna one….

    Reply
  • බාමි බාමි අනේ හින්දි ටිකකුත් දාන්න මේව බලලා බය වුනාම බලන්න

    Reply
  • ඔන්න එහෙනම් මාත් බාන්න දැම්මා. ස්තූතියි කිව්වා ගෝලයෝ….

    @ Uraj Deemantha,

    මචං මට ඔයාගේ මේල් ඇඩ්‍රස් එක දෙනවද? මම ratatouille එක GOM Player එකේ බලන විදියට හදලා එවන්නම්. 😉

    Reply
  • Johny Depp ne…. aith dekak naa! siraama athi! mamath meka me baana gaman…..

    Reply
  • can watch, but have to wait for days to download
    :-S

    Reply
  • දැන් බානවා හවස තමයි බලන්න වෙන්නේ…..

    Reply
  • e;a thanx machan 🙂

    Reply
  • බාන්න නම් බැරියෑ…… 😀 බලන්නනේ වෙලාවක් නැත්තේ…. 🙁

    Reply
  • දවසක් දෙකක් පරක්කු කරලා බානවා….. 😛 මේක පට්ට ස්ලෝ ඇති දැන්…. 🙁

    Reply
  • bala balanawa hoda ati,gura danne hoda moviene!!!!!!!!!

    Reply
  • ela!
    mekanam maarama sira!!!
    thanx wewa!!!
    kattaiya the invicible balanna!!
    eka mara patta!!!!
    hamotama jaya!!

    Reply
  • හ්ම්………
    බාමිදෝ…..නොබාමිදෝ……….
    දෙලොවක් අතර..
    එල වගේ නන් පේනව.
    ඔන්න ඔහෙ බානව.හික්z

    Reply

Leave a Reply to rockweli Cancel reply

Your email address will not be published. Required fields are marked *