අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Puppy (2019) Sinhala Subtitles | සෙල්ලක්කාර යෞවනය [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.2/10. From 19 votes.
Please wait...

2019 ඔක්තෝම්බර් මස 11 වන දින නිකුත් වෙච්ච පටං ගත්ත වෙලේ ඉදල ආතල් එකේ බලන්න පුලුවන් ලස්සන ෆිලුමක් තමයි අද ආයෙත් ඉක්මනටම අරගෙන ආවේ. 6.4ක imdb අගයක් හිමිවෙලා තියෙන drama/comedy වර්ගීකරණයට අයත් පැය 1 විනාඩි 50 පුරාවටම හිනාවීගෙනම බලල ඉවර කරන්න පුලුවන්.

එකක් තමයි. ඒ විතරක් නෙමෙයි මේකෙන් සමාජයට ලොකු ආදර්ශයකුත් දෙනවා. විශේෂයෙන්ම තරුණ ආදරවන්තයන්ට/ආදරවන්තියන්ට.දැන් කාලේ ආයෙ කියන්නත් දෙයක් නෑනේ, කොල්ලෙක්, කෙල්ලෙක් එක්ක යාළුවුන ගමන් කරන වැඩ ගැන.කොල්ල කෙල්ල එක්ක රෑම් වලට ගිහින් කරගන්න දේවල් කොපමණවත් මේ සමාජයේ දැනට උදාවෙලා තියෙනවද..? එාහම ගිහින් ජීවිතය වරද්දවාගෙන සමාජයට මුහුණ දෙන්න බැරුව, පොඩි වැරැද්දකින් ලොකු දේවල් සිද්ද වුන අවස්ථා එමටයි. එහෙම විනෝද වෙන්න ගිහින් අනවසරෙන් ගැබ් අරන් ගබ්සා කර ගන්න කීයෙන් කීදෙනනෙක් අද සමාජෙ ඇත්ද..? ලෝකයේ තියෙන උත්තරීතරම මාතෲ පදවිය ගැන තමයි අධ්‍යක්ෂකවරයා ඉස්මතු කරන්න උත්සාහ කරල තියෙන්නේ. ඉතින් මේ කථාවෙනුත් ලෝකෙට දෙන්න යන්නේ අන්න ඒ දේ සම්බන්ධ ආදර්ශයක් තමයි. ජීවිතයක් නැති කරනවා කියන්නේ කොච්චරනම් පවක්ද කියලා මේක බලලා ඔයාලම තේරුම් ගන්න.

ඉතින් මේ වසරේ පිට පිට ප්‍රධාන චරිතයට සිනමා පට කිහිපයකින් ඔබ හමුවට පැමිණි මීට අමතරව දමිල සිනමාවෙ ආතල්ම පොරක් වන Yogi Babu එයාත් මෙහි රගපානවා.මෙහි ප්‍රධාන නළුවා ලෙස රංගනයෙන් දායකවෙන්නේ හදුන්වවාදෙන නවක නළුවෙකු වන Varun විසිනුයි. ඒ වගේම ප්‍රධාන නිලිය ලෙසට සුරූපී නිලී Samyuktha hedge රංගනයෙන් දායක වනවා.

එහෙනම් වෙනද වගේම මම මීට පෙර ලබාදුන්න zombie 2019 චිත්‍රපටයට අදහස් දක්වපු සියළු දෙනාට ස්තූති කරමින්. මේකත් උපසරසි දෙන්න වෙන් කරල දුන්න බයිස්කෝප් ෆැමිලි එකටත්, විශේෂයෙන් හසන්ත වික්‍රමරත්න අයියටත් මුලින්ම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම අපේ චමෝද් කොළුවටත් ස්තූති වෙනවා, පොඩි සප් එකක් දුන්නට.

කථාව ගැන පොඩ්ඩක් කියනවනම් ප්‍රභු කියන්නේ ඉංජිනේරු විද්‍යාලයේ 4 වන අවුරුද්දේ ඉගෙන ගන්න ශිෂයෙක්. ඉතින් මේ කාලේ කොල්ලො ගැන දන්නවනේ. මෙයත් කෙල්ලෙක්ව දාගන්න සෑහෙන්න ට්‍රයි කරත්, එයාට බැරි වෙනවා. ඉතින් මෙයාට තව යාලුවෝ 03 දෙනෙකුත් ඉන්නවා. දවසක් ක්ලාස් එක වෙලාවක හොද වැඩක් මෙයාලට වෙනවා. ප්‍රභු තහනම් කොහොම හරි දවසක් හැම සයිට් එකක්ම (ඒ කිව්වේ අසභ්‍ය දේවල් තියෙන සයිට්) බ්ලොක් කරල තියෙද්දි කොහොම් හරි එක සයිට් එකක් හොයා ගන්නවා. ඉතින් මෙයා ඒකෙන් මේ වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරලා ඕක ඉස්කෝලේ ක්ලාස් එක වෙලාවේ හෑන්ඩ් ෆ්‍රී එකක්තු ගහගෙන බලනවා.ඕක ඉතින් යාළුවෝ දැකලා එයාලත් ෆෝන් එක උදුරන් බලන්න යද්දී ෆෝන් එක හෑන්ඩ් ෆ්‍රී එක ගැලවිලා බිමට වැටෙනවා. දැන් මාර වැඩේ වෙන්නේ, සද්දෙත් යනවා. ඉතින් මෙයාලට කර කියා ගන්න දෙයක් නැතුව යනවා. කොහොමින් හරි මෙයාලට මාස 06 ක් පන්ති තහනම් වෙනවා.

ප්‍රභුට කෙල්ලෙක් නැති වුනාට එයාට ඉන්නවා ගොඩක් එයා ආදරය කරන බැල්ලියක්. ඉතින් ප්‍රභූටත් හැම දේම මේ බැල්ලිය තමයි. මෙහෙම පන්ති තහනම් වෙලා ප්‍රභු ඉද්දී දවසක් එයාලගේ ගෙදර උඩ තට්ටුවට මදුරෙයි වලින් පදිංචියට කට්ටියක් එනවා.මෙතන කෙල්ලෙකුත් ඉන්නවා අවුරුදු 22 ක විතර. ඉතින් ප්‍රභුට මෙයා ගැන හිත යනවා, මෙයාවත් සෙට් කරගන්න පුළුවන් වෙයිද කියලා. කොල්ල කෙල්ලට ෆිල්ම් එහෙම දාල දෙන්න කියල දවසක් ගෙදරට ගෙන්න ගන්නවා. එතනදි ඉතින් මේ කෙල්ල ආ එයා රම්‍ය, එයාව දැක්කම මෙයාට පිස්සු වගේත ගෙදරත් කව්රුත් නෑ කියල හිතන් කෙල්ල එක්ක කථා කර කර ඉන්නවා. ඉතින් මෙයාට දවසක් තමන් කැමතිම කෙල්ලව සෙට් කරගන්න විදිහෙ ක්‍රම ටිකක් කියල දෙනවා. දැන් ප්‍රභුටත් ඕනි රම්‍යාව සෙට් කර ගන්න මේ දේවල් ටික ඇයට කරන්නයි. ඉතින් ඇස් දෙක එහෙම වහගන්න කියලා වැඩේ කරන්න හදනකොටම මොකද වෙන්නේ, එයාට කෝල් එකක් එනව අම්මගෙන්. අම්ම කියනවා තාත්තා ගේ ඇතුලෙ ඉන්න නිසා කෑම ටික එහෙම දෙන්න කියලා. මෙයා උඩ යනව.තාත්ත ගෙදර කියල දැන ගත්තම. කොහොම හරි ගැටයක් ගහලා රම්‍යාව ගෙදරින් යවනවා.

ඉතින් මේ දෙන්නගේ සම්බන්දෙ ගොඩක් දුර දිග ගිහින් දවසක් රෑම් එකක නවතිනවා. මෙතනදී තමයි මේ දෙන්නට හොදම වැඩේ වෙන්නේ. ඒ ටික කියන්න යන් නෑ, අරගෙනම බලන්න.ආ යෝගි බාබු ඉන්නවනේ එයා තමයි මේ ප්‍රභුගේ පාපන්දු සෙල්ලම් කරන යාළුවා. මෙයත් හොද ආතල් ටිකක් දෙන්නේ.ඒ වගේම අන්තිමට හොද ආදරශයක් දෙනවා.තමන් ආදරය කරන අය තමාගෙන් ඈත් වුනාම දැනෙන දුක,කොයි වගේද කියලත්, එයාල ඈත් වුනාට පස්සේ ජීවිතේ කොයි තරම් වෙනස් මගට හැරෙනවද කියලා. එහෙනම් ගිහින් එන්නම්, ඉක්මනින් තවත් උපසිරසියක් අරන් එනකන් සියළු දෙනාටම තෙරුවන් සරණයි.

වැරදි නොකරන කෙනා වීරයා නෙවෙයි.
තමන් කරපු වැරැද්ද තේරුම් අරගෙන හැදෙන කෙනයි වීරයා.

චිත්‍රපටය පිළිබද විස්තර බිදක්.

  • කාණ්ඩය : Comedy/ Drama
  • අධ්‍යක්ෂණය : Nattu Dev
  • නිෂ්පාදනය : Ishari K. Ganesh
  • කථාව රචනය : Nattu Dev
  • රංගන ශිල්පීන් : Varun, Samyuktha Hegde, Yogi Babu
  • ධාවන කාලය : 1h 49min
  • තිරගත කල දිනය : 11 October 2019 (India)
  • සංගීතය : Dharan Kumar
  • IMDB අගය : 5.4/10

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Proper HD/ Proper True Web-DL පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදය සමන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-15
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

8 thoughts on “Puppy (2019) Sinhala Subtitles | සෙල්ලක්කාර යෞවනය [සිංහල උපසිරසි සමඟ]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජයම වේවා!

    Reply
  • bohoma sthuthi sahoo

    Reply
  • එල එල ..කොල්ල දිගටම වැඩ ..ඔන්න එහෙනම් ස්තූතියි කියල බාගත්තා

    Reply
  • … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply

Leave a Reply to ඔෂද ධනංජය Cancel reply

Your email address will not be published. Required fields are marked *