Wednesday , August 4 2021
Breaking News

Quantico [S02 : E07] | with Sinhala Subtitles | රහස් හෙළිවේවිද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Quantico S2-1

ඉතිං කොහොමද කස්ටිය හොදින් ඇති කියල හිතනවා. මේ මොකද බලනව ඇති නේද? අද ඉදන් Quantico කතාමාලවට උපසිරැසි ලබාදෙන්නේ මම ඉතිං ඔන්න. (කස්ටිය කැමති වෙයිද මන්ද මගේ උපසිරැසි එක්ක කතාව බලන්න *:P tongue*:D big grin) හරි ඉතිං මුලින්ම කියන්න ඕනෙ මේක මම බලන්න ආසකරන කතාවක් නම් නෙමේ. මොකද Priyanka Chopra කියන්නෙ මම අකමැති නිළියක් නිසා. ඒත් ඉතිං මධූකප්‍රිය සොයුරාගේ ඉල්ලීම අහක දාන්න බැරි නිසා කතාව කරන්න බාර ගත්ත. මොකද මම Baiscope එකත් එක්ක එකතුවෙලා වැඩි කාලයක් නැහැ. මාස 7ක් වගේ ඇති (උපසිරැසි කරන්න අරගෙන). ඉතිං ඒ කාලය තුල මාත් එක්ක Baiscope කණ්ඩායමේ කෙනෙක් විදිහට මුහුණු පොතෙන් හෝ මුලින්ම set වුනේ මධූකප්‍රිය සොයුරා. ඒ නිසා ඉතිං ඔහුගේ ඉල්ලීම අහක දාන්න බැරි වුණා. ඉතිං මගේ පෞද්ගලික මතයෙන් වැඩැක් නැහැ. ඒත් සැකයක් තියාගන්න එපා මම මට හැකි උපරිම ආකාරයෙන් කතාවට උපසිරැසි ලබාදෙන්න පොරොන්දු වෙනවා.

අද කතාව ගැන කීවොත් ගිය සතියේ ඇලෙක් ලිඩියා එක්ක ධාවකයන් සොයන්න යනව. ඒ වගේම ලිඩියා ඇලෙක්ස්ට පහර දීල ඇයව බැදදමා ධාවකත් අරගෙන පැණල යනව. ඉතිං අද කොටසේදී ඇලෙක්ස් ෂෙල්බිට පවසනවා ත්‍රස්තවාදීන් පිටත සිටින යම් කෙනෙක් සමග සංනිවේදනය කරනවා කියල. ඒ වගේම ඇය එම දුරකතනඅංකයේ අංක කිහිපයකුත් ඇයට ලබාදෙනවා. ඒ වගේම ත්‍රස්තවාදීන් ඇලෙක්ස්ව අල්ලා ගන්නවා සහ ධාවක ඇති තැන ඇගෙන් විමසනවා. ඒ වගේම FBI හි අධ්‍යක්ෂිකාවගේ සම්බන්ධයක් ත්‍රස්තවාදීන්ට තිබෙන බව පෙනෙනවා. මොකද ඇලෙක්ස් පවසන අර දුරකතනය තිබෙන්නේ ඇය ළග.

ඒ වගේම අතීත කතාවේ දී අද කස්ටියට වධදී කෙනෙක්ව බිදවලා රහස් දැනගන්නා ආකාරය ගැන කියල දෙනව. ඒ වගේම ඕවන් ඔවුන්ට පැවරුමක් ලබාදෙනවා. ඒක තමයි ඉතිං ඔහුට වධදීල ඔහුගේ කාර්යාංශයේ අන්වර්ථ නාමය ලබා ගන්නා ලෙස. ඒ වගේම ඇලෙක්ස්ට ඕවන්ගේ රහස් කාමරයත් සොයාගැනීමට හැකිවෙනවා.

ඉතිං කට්ටියට ඕවන්ගෙන් ඔහුගේ අනුවර්ථ නාමය ලබාගන්න හැකිවේවිද, අධ්‍යක්ෂිකාව දුරකතනය නිසා අල්ලාගැනීමට හැකිවේවිද, ත්‍රස්තවාදීන්ට අහුවුණු ඇලෙක්ස්ට කුමක් වේවිද, එහෙනම් කතාව බලලම තීර්ණය කරන්න කියල ආරාධනා කරනවා.

එහෙනම් Chicago PD කතාමාලාවෙන් හමුවෙමු.
සුබ දවසක්….!!!!

Quantico on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

quantico.207.hdtv-lol[ettv]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                           All Episodes                           Next Episode >>

Check Also

Jungle Cruise (2021) Sinhala Subtitles | කැප්ටන් ෆ්‍රෑන්ක් වුල්ෆ් සමඟ ඇමසෝන් වනයේ වික්‍රමය…! [සිංහල උපසිරසි]

කොහොමද යාලුවනේ? මෙන්න එහෙනම් අගෝස්තු මාසේ මුලම Dwayne Johnson නැත්තන් වන් ඇන්ඩ් ඔන්ලි Rock ගේ …

Leave a Reply

Your email address will not be published.

10 comments

  1. Thanks bro……

  2. quantico season 2,episode 8 wala sub danna,

  3. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  4. Thanks for the subtitles

  5. Thanks for the subtitiles

  6. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. මධුකප්‍රිය පෙරේරා

    බොහොමත්ම ස්තුතියි සහෝ මේක බාරගත්තට..
    මේකේ උපසිරැසිය එන්න ප්‍රමාද වීම තමා මට පරහට හිටියේ..
    සබ් එක කලින් ආවනම් මේක ඉක්මනට දීලා අනිත් එකට අත ගහන්න පුළුවන්..
    කරුමේ කියන්නේ මේක සබ් එන්නෙත් හොදටම රෑ වෙලා නොවෑ..
    එහෙනම් දෙවැනි වතාවටත් මම උබට ණයගැති වුනා..
    අද ඉදන් මාත් මේක බලනවා ඔයාගේ සබ් එක්ක..
    සබටත් තැන්කු.

  8. මධූකප්‍රිය දුන්න සබ් ටිකයි පහුගිය අද මේකයි එක දිගට බලලා ඉවර කළා. වැඩ ගොඩක් නිසා වෙලාව හොයාගන්න අමාරු උනා. ඉතින් ඊලග කොටසේ ඉදන් සමගාමිව බලන්න පුළුවන් වෙයි…
    ස්තුතියි

    ජය

  9. Thanks bro……jayawewa….!

  10. කියන්න අමතක වුණා…. Quantico කාල සටහනේ
    දක්වලා තිබෙන විදිහට ලබන සතියේ කතාව විකාශය
    වෙන්නෙ නැහැ. නැවත කතාව විකාශය වෙන්නේ
    නොවම්බර් 27 වැනිදා….

error: Alert: Content is protected !!