අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Raahu (2020) Sinhala Subtitles | රාහුගේ දෝෂය [සිංහල උපසිරැසි සමග]

Rating: 7.9/10. From 28 votes.
Please wait...

ඔන්න එහෙනම් යාළුවනේ අදත් බයිස්කෝප් අඩවියට ගොඩවෙන්නේ ප්‍රේක්ෂක ඉල්ලීමක් අරගෙනයි හැබැයි සමාවෙන්න ඕනේ මේක ඉල්ලපු කෙනා දැන් මේක බලලා ඉවරයි නම් මොකද මම මේක කරන්න ගොඩකාලෙකට කලින් වෙනත් වෙබ්අඩවි වල මේකට සිංහල උපසිරසි පළකරලා තිබුනා….
ඒත් අපේ සමහර ප්‍රේක්ෂකයෝ ඉන්නවා මොනදේ වුනත් බයිස්කෝප් එකෙන්ම ඒක දෙනකන් අන්න ඒ අය වෙනුවෙන් තමා මේක පරක්කු වෙලා හරි කරන්නගත්තේ. එහෙනම් මේ චිත්‍රපටය මට ලබාදුන්නු සිසිල ප්‍රසාද් අයියටත් ස්දූදී කරගෙනම අපි සිනමාපටය ගැන විස්තර ටිකක් බලමු……..
මේ තෙලිඟු සිනමාපටයේ නම “රාහු” . 2020 පෙබරවාරි 28 වනදින ඉන්දියාවේ තිරගත වුනු මෙය IMDb දර්ශකයේ 6.7 කුත් Google පරිශීලකයන්ගේ 91% ක ප්‍රසාදයකුත් හිමිකරගෙන තිබෙනවා. එතකොට මේක තිරරචනය සහ අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Subbu Vedula කියන කෙනා. ඇත්තටම කියනවනම් මේක තමා එයාගේ පලවෙනි ෆිල්ම් එක.  මේකේ ප්‍රධාන නළුවාගේ චරිතය AbeRaam Varma නිරූපනය කරනවා. මොහුව මේ සඳහා තෝරගෙන තියෙන්නේ Manu චිත්‍රපටයේ දක්වපු දස්කම් නිසා ඒ වගේම මේකේ ප්‍රධාන නිලිය Kriti Garg තවමත් නැගී එන නිලියක්. ඇය තවමත් රංගනයෙන් දායක වෙලා තියෙන්නේ 2 Hours Love කියන සලරුවට පමණයි. අත්දැකීම් හිඟවුනත් මෙහි අධ්‍යක්ෂකවරයා සාමාන්‍ය ඉන්දීය සිනමාවේ දක්නට නොලැබෙන විදිහේ සුපිරි ගණයේ තිරරචනයක් කරලා තියනවා. නමුත් නළු නිලියන්ගේ වගේම ක්‍රියාදාමවල අඩුපාඩු නිසා එතරම් සාර්ථක වෙලා නැහැ. ඇත්තටම කියනවනම් මේකේ වියදමවත් ආදායම ගැනවත් කිසිම සඳහනක් අන්තර්ජාලයේ මට හොයාගන්න බැරිවුනා.
කථාව පැත්තට හැරුනොත් භානු කියන්නේ පොඩි වයසෙදිම අම්මා නැතිවුන පුංචි ගැහැණු ලමයෙක්. මෙයාට පොඩිකාලේ වෙන සිද්ධියක්(රාහු දෝශයක්) නිසා ලේ දැක්ක ගමන් ඇස් පෙනීම තාවකාලිකව නැතිවෙනවා. ඉතින් කොහොමහරි මෙයා ලොකුවෙලා මෝටර් රථ ඉංජිනේරුවෙක් වෙනවා. 
දවසක් මෙයාට සෙශ් කියලා කොල්ලෙක් හම්බවෙනවා මෙයා යන නිවාඩු ගමනකදී…. ඒ දෙන්නා යාළුවෙලා විවාහ වෙන්න ගියාම පොඩි
ප්‍රශ්නයක් භානුගේ තාත්තගෙන් එල්ලවෙනවා. 
තාත්තගේ බලපෑම් ගණන් නොගෙන මෙයාලා විවාහ වෙනවා.
මොකක්ද මේ ප්‍රශ්නය..?
ඒක භානුගේ අනාගතයට බලපායිද?
ඇත්තටම භානුගේ ජීවිතයේ රාහු කවුද?
මේ දේවල් නම් ඔයාලා උත්තර හොයාගන්න ඕන ප්‍රශ්න
මේකේ කතාවේ මුල ඉඳන් කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්.
ඒ වගේම අන්තිමට කවුරුත් නොහිතන දෙයක් වෙනවා.
ඔන්න එහෙනම් මේ කුතුහලය දනවන පැය 2 මිනිත්තු 3 ක සලරුව නරඹන්න ඔබටයි මේ ආරාධනා………
“ශ්‍රී ලංකාව තුල ඇතිවී තිබෙන අවදානම් තත්ත්වය පහව යනතුරු සැමදෙනාම සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පිළිපදින ලෙසත් ඉල්ලමින් මම සමුගන්නවා” ඉතා ළඟදීම පොඩි විශේෂ දෙයකුත් අරගෙන තවත් උපසිරසියකින් හමුවෙනතුරු ඔබ සැමට ජයෙන් ජය.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි HD-Rip පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (එස්.කේ.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-01-19
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

14 thoughts on “Raahu (2020) Sinhala Subtitles | රාහුගේ දෝෂය [සිංහල උපසිරැසි සමග]

  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහෝම ස්තූතියි උපසිරැසියට…

    Reply
  • Ambo me film ekata sub eka mamath illuwa,vena website wala sub dala thibba sub download kara eth film eka bewe ne,dan බයිස්කෝප් eken dila thynwne dan ithin bala balanawa,bohoma sthuthi sub ekata,jayawewa,budusarnai !!!

    Reply
  • ස්තූතියි සහෝ

    Reply
  • unlock 2020 the ghost 2019 khali peeli 2020 ginny weds sunny 2020 the accidental primeminister 2019 lakshmi 2020 me hindi film walatath sub denna mewatath mekenma sub denakan balagena inne

    Reply
  • Thankx bro
    Suggestions
    Three kings

    Reply
  • … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply

Leave a Reply to Vivek Cancel reply

Your email address will not be published. Required fields are marked *