Monday , July 26 2021
Breaking News

Rakshadhikari Baiju Oppu (2017) Sinhala Subtitles | මැදිවියේ බයිජුගේ ලාමක ක්‍රිකට් පිස්සුව. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 22 votes.
Please wait...

මේ සති දෙක රාජකාරි වැඩයි පුත්ගලික වැඩයි නිසා අතිශය කාර්යබහුල වුනා. ඒ නිසා පේලි තුන්දහස් දෙසීය කරන්ඩ සතිදෙකක්ම ගියා ඒ නිසා මුලින්ම ඔයාලගෙන් සමාව ඉල්ලලාම පරන්ගන්නවා..ඉතින් යාලුවනේ මම මේ සැරේ ගෙන එන්නේ මගේ පස්වෙනි උපසිරසයි.විමුක්ති සහොදරයා තමා මට මේක යෝජනා කරේ. ස්තුතියි (වීමු). මේක මලයාලම් චිත්‍රපටියක් පැය දෙක හමාරක් වගේ දිග මේ සලරුව ගෙතෙන්නේ කුම්බලම් කියන ගම වටා..දන්නවනේ ඉතින් ඉන්දියාව..ක්‍රිකට් කිවුවොත් කෑමත් ඔනෙ නෑ ඒතරමටම ඒක ආගමක් වගේ එහෙ.ඉතින් ක්‍රික‍ටුත් මේකේ ප්‍රධාන මාතෘකාවක්.ඉතින් ඒ ගමේ කට්ටියට මේකේ IMDb අගය 7.3 කට කරකවන්ඩ පුලුවන් වෙලා තියනවා.චිත්‍රපටර අධ්‍යක්ශනය කරලා, ලියලා තියෙන්නේ Ranjan Pramod. මේකේ ප්‍රධානය එනම් එයගේ නමම තියන බයිජු කුම්බලම්ට පණ පොවන්නේ Biju Menon.

බයිජු කියන්නේ ඉතින් ක්‍රිකට් පිස්සෙක්. බයිජු බැලදා වයස 12ක දුවකුත් ඉන්න වගකීම් රාශියක උරුමකාරයෙක් උනත් ඉතින් ක්‍රිකට් පිස්සුව තමා එයාගෙ ජීවිතේ පළමු තැන.ඉතින් හිතන්ඩකෝ ඒ වගේ සැමියෙක් ලබපු බිරිදක් කොහොම හැසිරෙයිද කියලා..කියලා වැඩක් නෑ කොච්චර බැන්නත් කිසි වැඩක් නෑ..මේකව හදාගන්ඩ බෑ ඒ මදිවට ඉන්නෙත් දුවක් මෙහෙම තාත්තෙක් ඇත්තට..ඒ මදිවට ගෙදර හදන්ඩ තාත්තා ගත්ත ණය ගෙවන්ඩ ත් ඔනේ ඒ වගේම තම දුව පාසැලේ විවිධප්‍රසංගයට අලුත් කාරාබු දෙකකුත් ඉල්ලනවා..මෙයාට ඉතින් මේ ඔක්කොටම පිහිටට තියෙන්නේ මෙයාගේ රජයේ අයිස් ගහන පිනට ලැබුන රස්සාව ( ලංකාවෙ විතරක් නෙවෙයි එහෙත් එහෙමයි) .ඒකට ඉතින් මෙයා තව මෙයාගෙ අර්ථසාධකකෙන් ණයක් ගහනවා.. ඔහොම ගම වටේ රවුම් ගහ ගහා ඉන්නකොට දවසක් තමන්ගේ රොත්තේ කෙනෙක්ට රංජි කුසලානෙට ‍තෝරන පුහුණු සැසියකට අවස්ථාව හම්බෙනවා..මේ යකා මොකද කරන්නේ අර ගත්ත ණය මුදලින් අර කොල්ලට ක්‍රිකට් බඩු ටික ඇරන් දෙනවා..තමන්ගේ දුවටත් වඩා මෙයාට වටින්නේ ඒක.ඉතින් ඒක එක උදාහරනයක් මෙයාගේ ක්‍රිකට් පිස්සුව ගැන.

අපි ඉතින් කොල්ලෝ නේ කොච්චර මෙයාට බැන්නත් කාලයක් ඉතින් අපේ රටෙත් එහෙම පිස්සෝ හිටියනේ හැබෑට…මාත් එකෙක්,කොටින්ම යන හැම මැච් එකේම ඕවරෙට ගහන ගාන පොතක වෙනම ලිවුවා ඒකරලා ප්‍රස්ථාරත් ඇන්දා අනේ ඒ අතීතේ… අර එක්කෙනෙක්ට (අර බුකී..එක්කො ඕනෙ නෑ) පින්සිද්ද වෙන්ඩ දැන් එහෙම ප්‍රශ්නයක නෑ ගොඩක් අය මැච් එකක් යනවද කියලවත් දැන් නෑනේ නේද. ඉතින් මේ කුම්බම් ගමේ බයිජුගේ කන්ඩායමේ නම Kumbalam Brothers මෙයාලා ඉතින් තරඟ දිනනවට වඩා වෙන්නේ ඒකේ අනිත් පැත්ත.අපේ ලංකාවේ කන්ඩායමට වඩා මෙයාලට පොඩ්ඩයි හොද. ඉතින් මේ ගමේ එක එක රසවත් සිද්ධි තමා මේ කතාවට ජීවය ගෙනදෙන්නේ.ක්‍රිකට් පිස්සො, කෙල්ලො පස්සෙ පණ දෙන්ඩ පන්නන කොල්ලො, පස්සෙන් එක කොල්ලන්ගෙන් ඇතිවෙන්ඩ වැඩ ඇරන් බූට් තියන කෙල්ලො,කොල්ලො පස්සේ පණ දෙන්ඩ පන්නන කෙල්ලෝ, පලමු පෙමේ මතකයන් හිතින් විදවන පවුල් කාරයෝ.. තම ජිවිතේම අධාපනය කරගත් ළමයි,ළමයි සතුටින් සෙල්ලම් කරනවා බලාගෙන ඉන්ඩ බැරි වයසක උන්දැලා ආදී නේක විධියේ මිනිසුන් ‍රැසක් මැද ගලා යන කතාව බයිජු වටා තමා කේද්‍රගත වෙන්නේ.

බයිජුගේ තේමාව තමා “අපි ජීවිතයේ සමහර වෙලාවකට අපි පරාජ වෙනවා. අපි පරාජය, ජය ගැනීම සඳහා පාඩමක් කරගන්ඩ ඕනේ! එහෙම අයගේ ජීවිත තමා පරිපූර්ණ වෙන්නේ” හැම වෙලාවෙම මෙයාගේ වැඩ වගේම කතාවත් මේ වගේ.ළමයි අධ්‍යාපනයෙන් අයින් කරලා සෙල්ලමට යොමුකරවනවා කියලා ගම කොච්චර මෙයා ගැන නරක විදිහට හිතුවත්, මෙයා තමන්ගේ දර්ශනය ගමට කරලා පෙන්නන කෙනෙක්.මිනිසුන්ගේ ජීවිත සැම දෙයින්ම සමබර වෙන්ඩ ඔනේ බොහෝ ඇසූපිරූ තැන් තිබීබේ වැදගත් කම,තමාට එන අභියෝග වලදි නොසැලී ඉදිරියට යන්ඩ අත්වැලක් බව මෙමගින් පෙන්වන්ඩ උත්සහ කරනවා. ඒ වගේම් අපි කුමක් හේ දෙයක් සමඟ බැදුනහම ඒවා අනිත්‍ය නිසා නැතිනම් ඒවා වෙනස් වෙනකොට අපිට දුක එනවා කියන සනාථන ධර්මතාව මෙහි මනාව පසක් කරනවා. ඒඅතරම ගම නාගරීකනය වෙනකොට මිනිසුන්ගේ අවශ්‍යතා වෙනස් වෙනකොට වෙන සමාජ පෙරලිය අපි “ගම්පෙරලියේ” ඉදන් මේ දක්වාම කතා වෙනවනෙ. බයිජුලත් ඒ පෙරලියට අකමැත්තෙන් උනත් මුහුන දෙන්ඩ වෙනවා.

මොනවා කිවුවත් අන්තිමට මට පේන්නේ අපි සමාජය ගහගෙන යන පැත්තට යනවාමයි. බයිජුලා වගේ සරලව ප්‍රීතිමත්ව ජීවිත ගෙවන අය සල්ලි පස්සේ පන්නන අපිට පේන්නේ නිකමෝ..පිස්සෝ.. වගේ. වර්ථමාන ආර්ථික රටාව විසින් අපේ මනස එහෙම දකින්ඩ අපිව සුසර කරලා තියනවා කියලයි මට හිතෙනවා.

ඉතින් හැමෝටම ආරාධනා කරනවා ප්‍රශ්න ගැටලු උපහාසය ප්‍රහසන මැදින් ගලා බසින මේ සිනමා සිත්තම නරබන්න තෙරුවන් සරණයි! නැවත හමුවෙමු…

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

www.TamilRockers.at-Rakshadhikari-Baiju-Oppu-2017-Malayalam-v1-DVDRip-700MB

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත DVD පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන් ලසිත දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-03-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Jolt (2021) Sinhala Subtitles | මගෙ යකා අවුස්සන්න එපා [සිංහල උපසිරසි] [18+]

මේ සති අන්තයේදීත් චිත්‍රපට සහ කතා මාලාවන් කිහිපයක් සුපුරුදු පරිදි නිකුත් වුනා. දැන් කට්ටිය බලාගෙන …

Leave a Reply

Your email address will not be published.

29 comments

  1. thank you yaluwa…

  2. Thanx mcn. Digatama sub dipan plwn widihata. <3 ✌️✌️✌️✌️✌️

  3. Thank you

  4. බොහොමත්ම ස්තූතියි සබට සහෝ…..
    තව තවත් සබ් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා….!!!!!!!!!!

  5. prageeth chamalka

    උපසිරැසියට බොහොම ස්තූතියි

  6. බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරසියට.
    වැඩි වැඩියෙන් මලයාලම් ෆිල්ම් වලට සබ් කොටන්න ඇඟිලි ශක්තිමත් වේවා
    කියල ප්‍රාර්ථනා කරනවා.
    ජය වේවා…!!!

  7. උපසිරැසියට ගොඩාක් ස්තූතියි………….

  8. film ekath niyamaii..sub ekath niyamaii…thank you….

  9. Gandhaka Indrajith

    Thanks for the subtitle

  10. thank you soooo much bro…

  11. sub ekata sthuthi wewa

  12. tanks all for your valuable comments

  13. නියම ෆිලුමක් සහෝ.ෆිලුම ආව ගමන් ගත්තා .සබ දීපු එකනම් මැක්සා . සබ හදන්න කාපු කට්ටට බෝම පිං,ආ… ජය ජය වේවා තව මලයාලමි සබ් ඕනේ.ජය ජය

  14. thanks

  15. උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

  16. උපසිරැසියට බොහෝම ස්තුතියි

  17. Thank You Nuwan…
    Thans baiscope too..

  18. thanks bro……

  19. සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

  20. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  21. බොහෝම ස්තුතියි සහෝ!!! මලයාලම් වලටම දිගටම සබ් දෙන්න.

  22. ඩොක් අයියා

    “නුවන් ලසිත දිසානායක” සොහොයුරාට ස්තූතිය

  23. Sub ekta thanks mcn

  24. ස්තුති සහො ….ජයවේවා ….
    තෙරැවන්සරණයි

  25. thamks bro

  26. Thank You

  27. niayamai…aniwa bamak thma… thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

error: Alert: Content is protected !!