අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Rampage (2018) Sinhala Subtitles | වියරු වැටුණු දැවැන්තයෝ! [සිංහල උපසිරසි සමඟ] (100*)

Rating: 8.7/10. From 229 votes.
Please wait...

උපසිරැසිකරණය…ඉතා හොඳ විනෝදාංශයක්. ඉතා හොඳ අධ්‍යාපනික මාර්ගයක්…ඒ වගේම වගකීම් හා කැපකිරීම්වලින් යුක්ත වූ කටුක ගමනක්…. මොකෝ කින්ඩියට වගේ හිනා වෙන්නේ. මම විහිළුවක් කලේ නෑනේ. හිතන්නේ මේක පට්ට ලේසි වැඩක් කියලද? ඒනම් එක උපසිරසක් කරලා බලමුද? අම්මෝ ඕනේ නෑ නේද. මේවා කළා කියලා මොනා ලබා ගන්නද නේද? හ්ම්ම්ම් කමක් නෑ. හිතන තරම් ලේසි නැත්ත අමුතුම ෆන් එකක් තියෙන මේ චාරිකාවේ තවත් එක් කඩයිමක් පනින වෙලාවේ “ඇහෙනවනම් හිත හඬන තරම්…. කිසිවෙකු නෑ ලිපිය ස්කිප් කර යන්නේ ” . එහෙම කිව්වට ලිපි කියව කියව ඉන්න බෑ නේද? අවුලක් නෑ…අවුලක් නෑ… ආතල් එකට සින්දුවක් කිව්වා. කැමතිනම් ලිපිය කියවහන්. නැත්තම් ඔන්න ඔහේ සබ් එක බාගෙන ඉඳින් බං.

2015 -04 -22 මගේ ජිවිතේ තවත් එක් හැරවුම් ලක්ෂ්‍යයක ආරම්භය වුනා.සුපුරුදු බයිස්කෝප් රසිකයෙන් නොව එතනින් එහාට ගොස් බයිස්කෝප් උපසිරැසි පවුලේ තවත් සාමාජිකයෙක් වීමේ අවස්තාව ලබා ගත්තේ එදා දිනයේ දීයි. Unleashed (2005) චිත්‍රපටයෙන් එදා ලබාගත් ඒ අවස්තාව මේ දක්වාම සුරැක ගනිමින් මගේ බයිස්කෝප් උපසිරැසිකරණ මාවතේ අර්ධ ශතකය වාර්තා කරන්න සමත් වුනේ 2017-07-30 දිනයේ දීයි. ඒ Cars 03 චිත්‍රපටයෙනුයි.ආරම්භයේ පටන් වසර දෙකකට වගේ පසුව පළමු කඩයිම පසුකරද්දී දැනුන ඒ සතුට ජීවිතේ අනුස්මරණිය දෙයක් බවට පත්වුනා. මොනතරම් වැඩ රාජකාරි තිබුනත් මේ ගමන තව දුරටත් යායුතුයි කියලා අදහස් කරගත් මා ක්‍රම ක්‍රමයෙන් ශතකය දක්වා පැමිණි මේ ගමන අතිශයින් සුන්දර ගමනක්. මේ සොඳුරු ගමනේ හමුවූ සහෘදයන් නිසා මේ ගමන තවත් රසවත් වුනා. ඉතින් මෙවන් මොහොතක ඔවුන් අමතක කිරීම තරම් ගුණමකුකමක් තවත් නැතැයි මා සිතනවා.

ඉතින් මේ කඩයිම සපුරණ මේ මොහාතේ මතක් කලයුතු පිරිසක් ඉන්නවා. මුලින්ම මට මේ අවස්තාව දුන්න හසන්ත වික්‍රමරත්න , සමීර චතුරංග අයියලා දෙන්නට ස්තුතිවන්ත වෙනවා.ඒ වගේම තමා විද්‍යුත් පණිවිඩ සඳහා පිළිතුර දක්වමින් සහය දැක්වූ රොයිලි ප්‍රනාන්දු , ආසිරි ප්‍රියන්ත, අසංක ප්‍රදීප්, සුධීර මාලන් අයියලටත්, නිර්මාණි අක්කටත් අශාන් විමුක්ති, සමීර කරුණාරත්න, සමන් ප්‍රසාද්, සිසිල ප්‍රසාද්,යශෝධ අතුරලිය ,චාමර සම්පත් යන සහෝලා ඇතුළු ඇඩ්මින් මණ්ඩලේ හැමෝටම ස්තුතියි කඩිනමින් පිළිතුර දක්වමින් කළ උපකාරයන්ට හා දැක්වූ සහයෝගයන්ට.ඒ වගේම තමා මේ වැඩේ තනියෙන් ගොඩ දාන එක ලේසි පහසු වැඩක් නෙවෙයි. “අඩෝ වෙලාවට සබ් එක දීපන්….මොනාද බං තාම ඉවර නැද්ද? ” වගේ වදන්වලින් හරි දිරිගන්වපු, අපහසු අවස්ථාවල දී සහය දුන්නු විශාල පිරිසක් ඉන්නවා. ලහිරු ප්‍රසාද්, නිලුපුල්, රවිඳු මලයා, අචින්ත උදයංග අංකල් ,නුවන්ත මල්ලි, ප්‍රනීත් රණේ , දිල්ශාන් සචින්ත පෙරටුකොටගත් සඳුන් ධනුෂ්ක,තිසර නියෝ, චලිඳු(කිනා),සසිත් සඳරුවන් ,දේවක එස් පී කුමාර ,ඉසුරු දිල්ශාන්, මයුර සුරාජ්, චන්දිම අමරසිංහ, පුර්ණි මධුභාෂිනී, මුතු උඩුකලා යන අයියලා,අක්කලා හැමෝටමත් සොනාලි, හෙළිලි හේමමාලි,නවෝදනී,රංග ප්‍රසන්න,කවිඳු ගිම්හාන්, හිරාන් එරන්ද, තාරක, නවීන් නිසල් , ප්‍රනීත් නාවැල්ල,සොහාන් ජයසුරිය,රශින් මන්සිල්,සමිත රමේෂ් ,ඉමේෂ් කුමාර ,ප්‍රබුද්ධ කේෂර ඇතුළු බයිස්කෝප් උපසිරැසි සහෝදර සහෘදයන් හැමෝටම කෘතඥතා පුර්ව ස්තුතිය පුදකරමින් ස්තුති කතාව මෙතනින් නිමා කරනවා.

දැන් හැරෙමු චිත්‍රපටය දෙසට.එනජින් සමාගම විසින් ඈතීනා -01 යානයේ විශේෂ පරීක්ෂණයක් සිද්ධ කරනවා. මෙහි දී පරික්ෂය අසාර්ථක වීම නිසා යානය අතහැර දමා පරීක්ෂණය සඳහා යොදාගත් වෛරසය රැගෙන නැවත පෘථිවිය කරා පැමිණීමේ දී පලායන යානය විනාශ වෙනවා. එනමුත් වෛරසය විනාශ නොවී චිකාගෝ නගරය ආශ්‍රිත ප්‍රදේශ තුනකට පතිත වෙනවා. මේ ස්ථාන තුන අතරින් එකක් තමා ඩේවිස් ඔකොයේ වැඩකරන වානරයන් පිලිබඳ වූ සත්ව උද්‍යානය. පොලවට පතිත වුන මෙම වයිරසය ආග්‍රහණය කරන ජෝර්ජ් නම් විශේෂිත ගොරිල්ලා කලහකාරී ලෙස හැසිරීමට පටන් ගන්නවා. මේ අතර වාරයේ වෛරසය වැටුණු අනෙකුත් ස්ථාන දෙකේ දීද මෙවැනිම සිද්ධීන් දෙකක් සිද්ධ වෙනවා. වේගය,කලහකාරී බව, ප්‍රතිජනන හැකියාව ,ශක්තිය වැනි කාරනා නිසාවෙන් මෙම සත්වයින් මරා දැමීමට හමුදා මෙහෙයුමක් දියත් කරනවා. මේ අතර වාරයේ එනජින් සමාගමේ අයිතිකාරියවන ක්ලෙයාර් වේඩ්න් මේ තුලින් මුදල් ඉපයීම සඳහා වෙනත් උපක්‍රමයක් යොදා ගන්නවා. එසේනම් තමන්ගේ මිත්‍රයා,ජෝර්ජ්නම් ගොරිල්ලා ගලවා ගැනීමට ඩේවිස් කුමක්නම් කරාවිද? වේඩ්න්ලාගේ උපක්‍රමය කුමක් වේවි ද? හමුදා මෙහෙයුම කෙසේනම් හමාර වේවි ද?

Midway Games මගින් නිකුත්කළ Rampage යන වීඩියෝ ගේම් සිරිස් එක ආශ්‍රය කර ගනිමින් Brad Peyton විසින් අධ්‍යක්ෂණය කරන ලද Action, Adventure, Sci-Fi ගණයෙහි ලා සැලකෙන මෙම සරලුව IMDbහි 6.4/10 ක ගයක් ලබා ගන්න සමත් වුනා. 2018 අප්‍රේල් 04 වන දින Warner Bros. Pictures විසින් ප්‍රදර්ශනය ආරම්භ කල මෙම සරලුව සඳහා රංග දායකත්වය ලබා දෙන්නේ Dwayne Johnson(ඩේවිස් ඔකොයේ) , Naomie Harris(ඩොක්ටර් කේට් කාල්ඩ්වෙල්) , Naomie Harris( ක්ලෙයාර් වේඩ්න්), Jeffrey Dean Morgan(ඒජන්ට් හාවී රසල්) ඇතුළු පිරිසයි. $120 මිලියන වියදමකින් නිර්මිත මේ සරලුව මේ වනවිට $421.8 මිලියන ලබා ගන්නේ 2018 වර්ෂයේ වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපට ලයිස්තුවේ හත්වන ස්ථානය ලබා ගනිමිනියි.රොක් ජොන්සන්ගේ හා මෝගන්ගේ සුපිරි රංගනයෙන් හා අගනා විෂුවල් ඉෆෙක්ටවලින් යුක්ත මේ සරලුව සිංහල උපසිරැසිය සමගින්ම රසවිඳීමට දැන් ඔබට අවස්තාව එළඹ තියෙනවා.

එසේනම් මේ සමුගන්නටයි සුදානම. ඉතින් සමුගන්න මේ මොහොතේ මෙතෙක් කාලයක් මාගේ උපසිරස් සඳහා කමෙන්ටුවකින් සහය දක්වපු හැම කෙනාටම,පුද්ගලිකව මැසේජ් කරලා සුභ පතපු හැමෝටමත් අනේකවාරයක් ස්තුතිවන්ත වෙනවා.ඔයාලගේ සහයෝගය ලැබෙන නිසා තමා මෙතෙක් දුර එන්න පුළුවන්කම ලැබුනේ. එනමුත් දැන්නම් ජිවිතේ කාර්ය බහුලත්වය වෙනදට වඩා වැඩියි. ඒ නිසාම කලින් වගේ උපසිරස්කරණය කරන්න අපහසුවක් තියෙනවා. ඉතින් මේ වෙන්න පුළුවන් බයිස්කෝප් සිංහලෙන් වෙබ්පල සඳහා මම ලබාදෙන අවසාන උපසිරස. ඉතින් මෙතෙක් කල් මට සහයෝගය ලබා දුන්නු, උපසිරස රස විඳපු හැමෝටම සුභම සුභ අනාගතයක් උදාවේවා යයි පතමින් මම සමුගන්නවා.

~හැමෝටම ජය ශ්‍රී~

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි  WEB-DL/Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

358 thoughts on “Rampage (2018) Sinhala Subtitles | වියරු වැටුණු දැවැන්තයෝ! [සිංහල උපසිරසි සමඟ] (100*)

  • උපසිරසට ස්තුතියි.

    Reply
  • Thanks machan

    Reply
  • Thanks for subtitles….වැඩේ හොදටම නියමෙට කරල තියනව……

    Reply
  • Subtitle එකට බොහොම ස්තූතියි

    Reply
  • 100 weni sub eka wenuwen suba pathanawa

    Reply
  • thanks bro

    Reply
  • congrtz saho. tnx filumatai subatai……

    Reply
  • thanx for the sub…..

    Reply
  • Thnks machan… mam nam hmdama ubalage wisthareth kiyawanawa. Aniwa ubalage mahnsiyata pin machan… naththam apita gammata film ekk balanna wenne ne… thans bro

    Reply
  • Thanx for the subtitle & CONRATZ!!!!!keep it up!

    Reply
  • උනුසුම් සුබපැතුම් මල්ලි කඩයිමට.
    මාවත් මතක් කලාට බොහොම ස්තූතියි.

    Reply
  • elama thanks brooooo

    Reply
  • Congrats bro and thaks for the sub

    Reply
  • congratulations ☺ keep up.

    Reply
  • එල එල මචං.

    Reply
  • Congrats on your 100 Sub, thank you Anurudha brother & Baiscope Team for the SUB, All the best to Baiscope Team………….

    Reply
  • Tnx for the Subtitle…..

    Reply
  • Thankx.mama sub eka nam download kara gatte naa.artical eka maru oya daala tiyena

    Reply
  • thank You Machan… wish you all the best … bro.

    Reply
  • 100 වෙනි උපසිරසට සුබ පැතුම් ලියෝ !!!
    බොහොම ස්තූති සහෝ උපසිරසට.
    ජය වේවා!!!

    Reply
  • good luck biscope

    Reply
  • සියවෙනි සබට උණුසුම් සුබ පැතුම්… ෆිල්ම් එක බලලා මයි ඔන්න කොමෙන්ට් එක දැම්මේ….
    දැන් දැන් ඉංග්‍රීසි ෆිල්මුත් හින්දි වගේ වේගෙන එනවද කියල හිතෙනවා… සමහර සීන් හෙන බොළඳයි අප්පා……

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ඒ වගේම කඩඉම් සබ් එක වෙනුවෙන් මගේ උණුසුම් සුබ පැතුම්.
    ඔයාලගේ මහන්සිය හා උත්සාහය මෙන්ම අපි වෙනුවෙන් කැප කරපු කාලය නිසා තමයි බයිස්කෝප් සයිට් එක අද මේ වගේ තැනක තියෙන්න හේතුව.
    ජයෙන් ජය.

    Reply
  • 100වන උපසිරැසියට සුබ පැතුම්,ජය වේවා !

    Reply
  • Thanks bro ජයම වේවා !

    Reply
  • thnks ubala neththan api film balalath iwarai sirawatama

    Reply
  • උපරැසියට ස්තූතියි සහෝ
    මම ඔයාලට සුබ පතනවා!

    Reply
  • උණුසුම් සුභ පැතුම් සහෝ ….!. උපසිරැසියට බොහොම ස්තුතියි ….

    Reply
  • 100වන උපසිරැසියට උනුසුම් සුබ පැතුම්,
    ඉදිරියටත් උපසිරැසි කරන්න ශක්තිය දෛරය ලැබේවා!

    Reply
  • Elamaaaaaaa…Thnx Bro

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • ලියෝ….. ස්තූතිය ….

    Reply
  • Thanks
    Bro……….

    Reply
  • Cngratz saho.. 100 n nwathinna epaa. puluwan welawata sub ekak karanna.

    Reply
  • thanx baiscope.lk eke me sub eka hadapu admin ta

    Reply
  • ස්තුතියි උපසිරසියට
    100 වන උපසිරසියට උණුසුම් සුබ පැතුම්

    Reply
  • සබි එකට ස්තුතිය .ජය වෙිවා .

    Reply
  • බොහොම ස්තූතියි සහෝ උපරැසියට
    ජය වේවා!

    Reply
  • තෑන්ක්ස් සහෝ සබ් එකට..
    ජය වේවා!

    Reply
  • Thankss…macho sub ekata.jaya wewa….!

    Reply
  • bohoma sthuthi sahooo

    Reply
  • ස්තුතියි බ්‍රෝ ….

    Reply
  • ස්තුතියි බ්‍රෝ

    Reply
  • නියමයි.100 වෙනි උපසිරැසියට සුබ පැතුම්
    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Machan Congrats! & Thanks ah!

    Reply
  • Tz sub ekata…… Jayawewa!!

    Reply
  • Thanks for subtitles

    Reply
  • Thanks Bro… Keep it up…

    Reply
  • හම්මේ 100 ගැහුවා නේ.ජය වේවා මචන්.Teen Wolf හින්දම උඹේ නම කටපාඩම්. :).මේ කරන යන වැඩේ දිගටම කරගෙන යන්න ලැබේවා.

    Reply
  • අනිවාර්යෙන්ම බලනවා . කියන්න වචන නැහැ මේ කරන උතුම් වූ වටිනා සේවයට .
    BR එක එනකන්ම බලන් හිටියා. ඔබ සැමටම ජය වේවා තමන්ගේ මහන්සිය කාලය කැප කරමින් කරන්නා වූ මෙම සේවයට!
    බොහෝමත්ම ස්තූතියි BLURAY update කලාට හැකිනම් baiscope එකේ මිට කලින් දුන්න ෆිල්ම් වලට බ්ලූ රේ අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
    හැරි පෝටර් සහ ලෝඩ් ඔෆ් රිංග්ස් එකේ සමහර ෆිල්ම් වලට BLURAY update දීලා නැහැ ඒ ෆිල්ම් ටිකටත් BLURAY අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..

    Reply
  • 100 weni upasiresi kadaimata suba pethum anuruddha saho!upasiresiyata thuthi, idiriyatath gunathmaka upasiresi nirmanaya kirimata awashya hekiyawa, shakthiya, dhairyaya, wasanawa ha kaalaya lebewa! jaya!

    Reply
  • Thanks for Sub…

    Reply
  • පුලුවන් වෙලාවක අයේ උපසිරසක් කරන්න. ජය වේවා අයියේ…

    Reply
  • ලියෝ අයියට ජය !
    සබ් එකට ස්තුතියි !
    Bluray ආවා , සබ් එකත් යාවත්කාලීන කරන්න පුලුවන් නම් හොඳයි කියල ඉල්ලනව <3

    Reply
  • බොහෝම ඉස්කෝතුයි

    Reply
  • Niyamai onna math bewa. Thanks……… thawath issarahata sub dendooooooo

    Reply
  • අර ලිපියේ අන්තිමට දාපු ඡේදේ. මුවගට මන්දහාස නැගිලා අන්තිමට බක බක ගාලා බිම පෙරලිලා ඉවර වුනේ. විහිලු නොකර ඉන්න මෙයා. ෆිල්ම් එක නම් බැලුවා. කලබලේට ෆිල්ම් එක බාපු ගමන් සබ් මුකුත් නැතුව අමුවෙන්ම තමයි බැලුවේ. අනුරුද්ධ සහෝට සුබපැතුම් එකතු කරනවා 100 වෙනි කඩයිමට. අන්තිමට කියපු එක ඇත්තද නැත්තද දන්නෑ. හැබැයි කමෙන්ට් එක අගට එද්දී තමයි විහිලුවක් නොවෙන්න පුළුවන් කියලත් හිතුනේ. කොහොම වුනත් අඩූ…..මගානේ සබ් 200ක් වත් දෙන්න ඕනේ සයිට් එකට දැනෙන්න. නැතුව සමුඅරං වැඩක් නෑ. කොහොම වුනත් මගේ ප්‍රාර්ථනාව ජීවිතේ කාර්යබහුලත්වය සමනය වෙලා උපසිරැසි වලට වගේම ජීවිතේ අනිත් වැඩ කටයුතු ඉටු කරගන්නත් කාල වේලාව වගේම, ශක්තිය ලැබෙන්න කියලා. 100 වෙනි කඩයිමට නැවතත් සුබපැතුම් එකතු කරනවා.

    ආයු -බෝ -වේවා !!!

    Reply
  • Thanks සහෝදරයා sub ekata.

    Reply
  • Thank you brother

    Reply
  • සබ් එකට තැන්කු ලොක්කා

    Reply
  • බෝම ස්තූතියි සමීර අයියේ සබ් එකට…
    100ට සුබපැතුම්

    Reply
    • බෝම ස්තූතියි අනුරද්සධ සහෝ …

      Reply
  • එල එල .ඉදිරි වැඩ කටයුතු සාර්ථකම වේවා කියා මා ප්‍රාර්ථනා කරනවා ඔබට ජයෙන් ජය බුදු සරණයි.

    Reply
  • thanks machn…

    Reply
  • Thanks baiscope!
    Thanks ලියෝ!
    100 වෙනි සබට congratulation!
    ඉදිරියටත් මේ වගේ සබ් දෙන්න baiscope හැමෝටම සුබපැතුම්!

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි.

    Reply
  • සබට තෑන්ක්ස් සහෝ!!!!

    Reply
  • තෑන්ක්ස් සහෝ සබ් එකට.මෙච්චර කල් වෙහෙස මහන්සි වෙලා සබ් දුන්නට බොහෝම පිං.පුළු පුළුවන් වෙලාවට සබ් දෙන්න බලන්න.නවත්වන්න එපා. ජයවේවා……..

    Reply
  • සුබ පැතුම්.ජය වේවා.

    Reply
  • 100 ට සුබ පැතුම!!
    bluray awama balamu

    Reply
  • Subtitle download karanda behene

    Reply
  • Thanx bro….Ammo honda copyak enkn sahenna balan hitapu film ekak

    Reply
  • සබ් එකට බොහොම ස්තූතියි!!!
    100 වෙනි සබ් එකට සුබ පැතුම!!

    Reply
  • suba pathanawa saho oyage upasirasikaranaye samarumata !!
    ewagema upasirasiyatath sthoothiy !

    Reply
  • suba pathanawa saho oyage upasirasikaranaye samarumata !!
    ewagema upasirasiyatath sthoothiy !

    Reply
  • සබ් එකට බොහොම ස්තූතියි සහෝ…..
    ඒ වගේම 100 වෙනි සබ් එකටත් සුබ පැතුම්…..

    Reply
  • 100වෙනි උපසිරැසියට සුභ පැතුම් ලියෝ!!
    එලකිරි වගේ සබ් ගහන කන බොන කොල්ලෙක්නෙ.. 🙂
    මේ ෆිලුමත් බී ආර් ආවම බලනව ඕං..ඊලග කඩයිමටත් යමු!! ජයවේවා!!

    Reply
  • බොහොමත්ම ස්තුතියි සිංහල උපසිරැසියට
    ෴෴ජය වේවා෴෴

    Reply
  • thanks machn. dishatama su b denna.

    Reply
  • Thanks for sub!!

    Reply
  • 100 වෙනි උපසිරසට සුබ පැතුම් ලියෝ !!!

    අන්තිමට දාපු කෑල්ල කමෙන්ට් වැඩියෙන් ගන්න දැම්මයි කියල මම කාටවත් කිව්වේ නැහැ. හැබැයි කමෙන්ට් නම් වැඩි වෙලා. හැම කඩඉමකටම මෙහෙම දැම්මා නම් කමෙන්ට් ටිකක් අරගෙන මේ වැඩේ දිගටම කරගෙන ගියෑකි.

    ඉස්සරහටත් මේ විදිහටම උපසිරසිකරණයේ යෙදෙනවා කියල දන්නවා. මොකද පටන් ගැන්මක් මිසක් අවසානයක් තියෙන විනෝදාංශයක් නෙමේ උපසිරැසි කිරීම කියන්නේ. ජය!!!

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි.
    100 වෙනුවෙන් සුබපැතුම් ………………….

    Reply
  • 100ta suba pathum.. sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • Thanx…. Mcn.. Sub ekata

    Reply
  • thank you brother. Best luck for your futur

    Reply
  • අම්මේ කොත්තු ඔයත් හොරගෙඩිය වගෙ ඉදලා 100 ගහලා නේ. බොක්කෙන්ම සුභ පතනව හාද. ඉක්කමටම 150ට් යමන්.

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි.
    100 වෙනුවෙන් සුබපැතුම්

    Reply
  • thank u bro and wish you all the best.. eth pulwan welwat aphu sub denn enn bro…!!!!!!

    Reply
  • bro in bruges(2008) film ekatai the girl with the dragon tattoo(2011) film ekatai sub dennako.supirima film dekak

    Reply
  • Thank U bro………

    Reply
  • thanks liyo sub akataa.

    Reply
  • Congratulations Bro…..
    Wish you all the best and good luck in my deep of heart…

    Thanks for the subtitle….
    waiting for BR Rip.

    Thanks again

    Reply
  • Thanks for your sub..good luck bro

    Reply
  • Thanks for your valuable time

    Reply
  • Sthuthi saho,subapathum…

    Reply
  • උපසිරැසියට බොහොම ස්තුතියි…………….

    Reply
  • 100 වැනි කඩයිම වෙනුවෙන් සුබපැතුම් ලියෝ

    Reply
  • Congratulations bro.උපසිරැසියට බොහොම ස්තුතියි

    Reply
  • සබ් එකට තෑන්ක්ස් බ්‍රෝ..සුබ පැතුම්..

    Reply
  • Sub 1ta tnx bro..watinwa karna wade

    Reply
  • Subata Thanks Saho…
    Metek Api wenuwn Sub karapu hama ekatma Thanks..
    Ape satuta wenuwn Una mahnsiyta Bhoma pin…
    Puluwan Welwak Tibunot Apata sub 1kak Karnna…
    Apiwa dalama Ynna epa..
    E wagema oyge Jivite Karana Hama deyakma Sartakama wewa…
    Ape Satuta wenuwn Mahansi una wage oytat Satuta Noaduwama Labewa….
    Jayen Jayama Wewa……………….!!!!!!!!!!!!!!!!!

    Reply
  • Congratulations bro… thanks

    Reply
  • congratz bro thanxxx…….

    Reply
  • 100 වෙනි උපසිරැසියට සුබ පැතුම්!!

    Reply
  • උපසිරැසි කඩයිම වෙනුවෙන් සුභපැතුම් සහෝ.
    ඉදිරි කඩයිම් වලටත් ඉක්මණින්ම ලඟාවීමට, කාලය, ශක්තිය, ධෛර්‍යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    ජයවේවා!

    Reply
  • 100 වෙනි උපසිරැසියට සුබ පැතුම්!!

    Reply
  • 100 වෙනි උපසිරැසියට සුබ පැතුම්!!
    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • මෙතනින් නවතින්න එපා..තව එවා ලබා දෙන්න..ඒ වගෙම අපි ලිපිය කියවනවා..නිකන්ම බාගෙන යන් නැ..ස්තුති..

    Reply
  • Good work friend, Thanks!!

    Reply
  • sub ekata thanks…..!

    Reply
  • ජයෙන් ජය සහෝ…

    Reply
  • 100ට් උනුසුම් සුබ පැතුම් මල්ලි. ඒ වගේම මාවත් මතක් කලාට බොහොම ස්තූතියි. මෙතනින් නොනැවතී ඉදිරි 150-200 කඩයිම් වලටත් යන්න ශක්තිය වාසනාව ලැබේවා කියල ප්‍රාර්තනා කරනවා. සුපිරියක්නෙ ගෙනල්ල තියෙන්නෙ. මේක එනකන් බලන් හිටපු එකක්. එහෙනම් උපසිරැසියටත් බොහොම ස්තූතියි.

    Reply
  • thanks u brooo…supiri ..

    Reply
  • thanx ………………………………….

    Reply
  • 100 ta Suba Pathum Saho …. 🙂 🙂 🙂

    Reply
  • සාදරයෙන් පිලිගන්නවා ශතක සාමාජික කවයට. කොච්චර වැඩ තිබ්බත් කොහොමහරි ඊලඟ කඩ ඉමටත් යමු. වෙනද වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ 😛 😛

    Reply
  • සුභ පැතුම් ලියෝ…100 වන උපසිරසිය වෙනුවෙන්…..
    ජයෙන් ජයම වෙිවා !

    Reply
  • wish u and thanx for sub.

    Reply
  • thanks bro sub ekata. suba pathum machan

    Reply
  • 100 WENI SUB EKATA SUBAPATHUM……..JAYA WEWA!

    Reply
  • THANKS FOR SUB………100 වැනි කඩයිම වෙනුවෙන් සුබපැතුම්…

    Reply
  • 100 වැනි කඩයිම වෙනුවෙන් සුබපැතුම්…
    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ….
    ජයවේවා……

    Reply
  • supiri bro…sub anakan hitiye…thanks…Jaya wewa !!!

    Reply
  • Mm ayyw aduna gaththe teen wolf walin…
    Ayyge sub nm fattam qlty…
    Mnawa unth ayyt wageem matath sathutuyi ayya deweni kadayima panna eka gana….eth thyen duka thma samugnn eka..
    Ithn hadawathinm ayyge anagathayata subapathna gman samugnn gaththu theerny ayeth salka blnn kiyl illnawa….
    Bhooooom sthuuthiyi api wenuwen karapu sewayata ayye….!!!!

    Reply
  • Bhoom sthuuthiui

    Reply
  • super wadak …thnx sub ekata

    Reply
  • Thank you brooo

    Reply
  • fatta bn..fatta..

    Reply
  • 100 වැනි කඩයිම වෙනුවෙන් සුබපැතුම් ලියෝ
    අර කියන්නහේ ඉස්සර නම් ලෙසටම සබ් කල එකා
    කොත්තු කන්න ගත්තට පස්සෙද මන්දා සබ් දුන්නෙම පරක්කු වෙලා
    පිස්සු හැදෙ 100 නෙමේ 200 මැ ගහල යමන්
    සබට තුති වේවා
    උඹව අවුස්සන්න කිව්වට තවම ෆිල්ම් එක බැලුවේ නෑ 😛
    ජය පතනවා

    Reply
  • හොදම වැඩක් සහෝදරයා…….. ජය වේවා….බුදු සරනයි

    Reply
  • Congratulations and thank you for the sub

    Reply
  • 100 වැනි උපසිරසියට උණුසුම් සුභපැතුම් ලියෝ සහෝදරයා!
    ඊළඟ කඩඉමත් ජයගන්න සුභ පතනවා!
    දිගටම වැඩේ කරගෙන යමු!
    ජයවේවා!
    🙂 🙂 🙂

    Reply
  • BR sub ekath denna.

    Reply
  • Good Luck Mate_Keep up the good work \m/

    Reply
  • good job saho..congradzz……….

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ.
    ජයවේවා……

    Reply
  • thanks ban lassana film ekak sub enakan balan htye torrent wetune den dawas dekakata kalin wage needa…? mechchara ikmanata sub dunnata thanks……jaya wewa…..

    Reply
  • ස්තූතියි මිතුර.. බුදු සරණයි…

    Reply
  • BRRIP කොච්චර කල යයිද?

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්….
    100ට සුබ පැතුම්!
    සබ් දෙන එක දිගටම කරන් යමු…
    ඔයා සබ් දුන්න series ගොඩක් බලලා තියෙනවා..
    දිගටම දෙමු පුළුවන් වෙලාවට…

    Reply
  • thanks bro sub ekata…

    Reply
  • Thanks ………………..good luck ……………………..@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–

    Reply
  • 100 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • Jayawewaaa mchoo 200 t gahamu aaa.Tnx

    Reply
  • Thank you sub ekata…. suba pathum…

    Reply
  • Thank you sub ekata…. suba pathum…

    Reply
  • Thanx machoo…..

    Reply
  • Suba Perthum Saho. Obe Siyalu Weda Katayuthu Sarthaka Wewa!!!

    Reply
  • Thanks for sub..
    Wishing you all the best..

    Reply
  • all the best machan. congraz. keep going

    Reply
  • THANKS sub ekata ela

    Reply
  • Suba pathum bro….

    Reply
  • ස්තුතියි අනුරුද්ධ…
    ඒ එක්කම 100 ට ත් සුභ පැතුම්….

    Reply
  • thank you sho digatama sub demu

    Reply
    • ඒවගේම 100 වෙනි කඩඉම වෙනුවෙන් සුබ පැතුම්.

      Reply
  • Thanks for the sub!!!

    Reply
  • Thanks machan…….jayawewa……!

    Reply
  • 100ට සුභ පැතුම් සහෝ.
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!

    Reply
  • 100 වෙනි sub ekata සුභපැතුම්‍ සහෝ
    sub ekatath thanx
    br kawada wage eida bro

    Reply
  • සියවන කඩඉම වෙනුවෙන් සුබ පැතුම් සහෝ.නියම ෆිලුමකට සබ දුන්නේ . ජය වේවා . දිගටම ෆිලුම් වලට සබ්දෙමු ආ..

    Reply
  • සබ් එකට බොහොම ස්තූතියි සහෝ……!
    ඒවගේම 100 වෙනි කඩඉම වෙනුවෙන් සුබ පැතුම්.

    Reply
  • 100 වෙනි උපසිරසියට සුභ පැතුම් සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • ජයෙන් ජයම වේවා !!!¡¡!!!!
    සුපිරි බොහෝම ස්තුතියි මහන්සි වෙලා සබ් දුන්නට .
    ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p පික්සල් එකම දෙනකම් අමාරුවෙන් ඉවසන් ඉන්නවා…

    මේක හොදට දිලිසි දිලිසි බලන්න ඕන චිත්රපටයක්නේ .

    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට.

    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

    Reply
  • 100ට සුභ පැතුම් සහෝ. සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply
  • Thanks sub ekata

    Reply
  • congratulation for 100 & Thank aiye sub ekata

    Reply
  • onna 1 weni eka ganna gaman 100th ganna yanne… suba pathum…. mechchara kal apita karapu upakareta…

    Reply
  • Thanks aiye sub ekta…

    Reply
  • උපසිරැසියට බොහොම ස්තුති ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.

    Reply
  • congrazz brother…..a wgema thnx sub ekatath….

    Reply
  • Congratulation Brdh….

    Reply
  • ශතකෙට උනුසුම් සුබ පැතුම්!!!! සහෝ,, ඉස්සරහට යමු ජය වේවා,, සබට ගොඩක් ස්තූතියි !!!!!

    Reply
  • සුභ පැතුම් ලියෝ.ස්තූතියි හැමදේකටම

    Reply
  • good luck dude………..thnx for the sub

    Reply
  • සබට බොහොම තුති ලොකු අයියා.100ට සුභ පැතුම්.නවතින්න එපා.පුලුවං විදියට හෙමීට කරමු.සදා ජය.

    Reply
  • ස්තුතියි සහෝ

    Reply
  • 100ට උණුසුම් සුභ පැතුම් ජය වේවා තවත් උපසිරැසි කරන්න වෙලාව කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි….

    Reply
  • 100ට උණුසුම් සුභ පැතුම් ලියෝ
    මම දන්න විදියට නම් අභිරහස් චරිතයක් තමයි ඉතින් 😀
    අපි හිතුවේ 100දි හරි පොටෝ කෑල්ලක් දකින්න හැකිවෙයි කියලා 😛
    පවුල් ජීවිතය නිසා දැන් ටිකක් කාර්යබහුල ඇතිනේ
    ඒත් මෙච්චර දුරක් ආපු එකේ නවතින්න එපා කියන එක තමයි මගේ අදහස
    ඊලඟ කඩයිම් වලටත් හෙමිහිට හරි යමු
    ජය වේවා!!!

    Reply
  • patta bro anakam balan hiteye thanks . idiriyatath me wage film ala sub danna suba pathanawa

    Reply
  • bohoma sthuthi saho, suba pethum 100ta , thawa thawath upasirasa dennaa shakthiya dayrya labenna kiyala prarthana karanawa…

    Reply
  • Suba pathum..blan hitiya filumak

    Reply
  • එලම කොල්ල එනකන් මග බලන් හිටපු sub එකක් ඉස්සරහට කරගෙන යන්න එලම

    Reply
  • Congrtz bro. Hope we will c u again

    Reply
  • 100 ට උණුසුම් සුභ පැතූමි සහෝ…..මෙික දෙනකන් බලන් හිටියේ මචෝ….තවත් උපසිරැසි කරන්න වෙලාව කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි….

    Reply
  • Thanks saho………patta. great work

    Reply
  • සුබ පැතු⁣ම් බොක්ක 100 උපසිරැසට… ජය වේවා

    Reply
  • 100වැනි උපසිරසියට මාගෙ හෘදයාංගම සුබපැතුම් ලියෝ!!! ඇත්තටම උපසිරසියක් කරනවා කියන්නෙ අර උඩ කියලා තියෙනවත් වාගේ දැඩි පරිශ්‍රමයක් දරලා කරන්න ඕන වැඩක්.. ඉතින් උපසිරසි සීයක් කරන්න මොන තරම් කට්ටක් කන්න ඕනද කියන එක ඉතින් මමනම් හොදාකාරවම දන්නවා…. එහෙම උපසිරසි කළාට විතරක් මදි නොවෑ.. ඒවගෙ ගුණාත්මකභාවයක් නිරවද්‍යතාවයක් නැතිනම්.. ඉතින් ලියෝ කියලා කියන්නෙ ඉතා නිවැරදිව හා කාර්‍යක්ෂමව උපසිරසි ලබාදෙන(ලබාදීපු ද මන්දා ) උපසිරසිකරුවෙක් කිව්වොත් නිවැරදියි.. මං හිතන්නෙ ලියෝ කා අතරත් ජනප්‍රිය උනේ ටීන් වුල්ෆ් කතාමාලාවෙන් පස්සෙ තමා.. ඉතින් ලියෝගෙ උපසිරසි සෑහෙන ප්‍රමාණයක් බලලා තියෙන කෙනෙක් හැටියට හිතට එකගවම කියත හැකි දක්ෂ උපසිරසිකරුවෙක්‍ කියන කාරනෙ.. ඒ විතරක් ඈ ජෝක් එකෙන් ඉන්න එළකිරි අභිරහස් චරිතයක්.. ඉතින් කියන්න තියෙන්නෙ මෙච්චරයි.. මෙතනින් නොනැවතී ඉක්මනටම 150,200 ආදී කඩයිම්වලටත් යමු.. එහෙමනම් යළිත් 100වැන්නට සුබපැතුම්! ඔබට ජයෙන් ජයම වේවා!

    Reply
  • 100* වැනි උපසිරසියට සුබ පැතුම් සහෝ!!
    ඔබට ජය!!

    Reply
  • පිලුම උදේ බෑව
    සබ් දීල නැති නිසා ඉංග්‍රීසි සබ් එකක් එක්ක බලන්න හැදුවෙ..නිකමට සයිට් එකට ආවම සබ් දීල කියල දැක්ක
    100 වෙනි උපසිරැසියට සුභ පැතුම්
    ජය වේවා 🙂

    Reply
  • 100 ට සුභ පැතුම්!!!
    සබට තෑන්ක්ස්.

    Reply
  • thax sub ekata. All the best & good luck.

    Reply
  • Suba pathum saho 100ta

    Reply
  • Suba pathum saho 100ta

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි සහෝ.

    Reply
  • තැන්කුයි බන් සබ් ඒකට!

    Reply
  • ෆිල්ම් එකත් චාටර්
    සබ් එකත් චාටර්
    100ට උනුසුම්.
    සුබම සුබ පැතුම්

    Reply
  • අනේ අයියා ගොඩාක් සතුටුයි ඔයගේ මෙ සබ් වලට. අපි ගොඩාක් අසවෙන් ඔයාලගෙ සුබ් download කරගෙන බලන්නේ, අපේ සතුට ඔයලගෙ අතේ, කලින් බලුව වගේ සබ් නතුව ඔහේ බලන් ඉන්න පුලුවන් එත් එක වඩක් නැ . ඔයාට පුලුවන් වෙලවට අපිට ස්බ් කරල දෙන්න අපිට ඔව කරන්න ඉවසිමක් නැ අයියලට තරම්. ඔයල කොච්චර කප කිරිමක් කරනවද අපි වෙනුවෙන් ඒක මෙහෙම කියල වඩක් නෑ අයියා. මම ගොඩක් කල් ඉදන් ඔයලගෙන් සබ් ගන්නේ එත් වෙනදටනම් ඔයලගේ ලිපි කියවන්නෙ නෑ එත් ලගකදි ඉදන් කොයවනව ඔයලා ගන සතුටුයි. ගොඩාක් පිං අයියලට අනේ පුලුවන් වෙලවට ස්බ් දෙන්න…………..

    Reply
  • 100 වැනි උපසිරැසියට සුබ පැතුම් සහෝ….
    ඉක්මණින්ම 150 හමුවෙමු….
    උපසිරැසියටත් බොහොම ස්තූතියි සහෝ….

    Reply
  • super bro– super

    Reply
  • Congratz bro– super

    Reply
  • Jayen jayama wewa Sahooo….

    Reply
  • Congratulations bro…thanx for tge sub…

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    100 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා
    ජය ….
    පිස්සුනම් කියවන්න එපා කොල්ලෝ මම ගොඩාක් ටීවී සීරීස් බලන කෙනෙක් මම කොච්චර ඔයාගේ සබ් අරන් බලලා තියනවද… පුලුවන් විදියකට සබ් කරහන් මචෝ… චාමර,මදුකප්‍රිය,ලහිරු,සමීර,නුවන්ත,…
    උබල මේ ගේමෙන් අයින් වෙනවා කියන්නේ අපිට සොරි ඩොට්කොම් 🙂
    වෙලාවක් තියන විදියකට සබ් කරමු නවත්තන්න එපා කොල්ලෝ…

    Reply
  • Thanks for sub and good luck brother

    Reply
  • thanx bro… teen wolf eken passe oyage ekak me balanne goda kalekata passe

    Reply
  • Thanks Good Luck Saho.

    Reply
  • thanks machanla sub eka dammata. film eka balanne nethuva hitiye sub eka danakam

    Reply
  • සුභ පැතුම් සහෝ..තව තවත් උපසිරසි කරන්න..ශක්තිය හා වාසනාව ලැබේවා..

    Reply
  • 100ට සුබ පැතුම් ලියා.. අමුතුවෙන් කියන්න දෙයක් නෑ බන් උඹ මොන වගේ සුපිරි ඩයල් එකක්ද කියල බයිස්කෝප් අපි හැමෝම දන්නව..සයිට් එකේ සෑහෙන සේවයක් කරන ..උදව්වක් ඉල්ලුවොත් අනේ බෑ නොකිය කරන එලකිරි බොක්කෙ ෆිට් එකක් තමයි ඉතිං..උඹෙ ෆිලුම් නං මට එච්චර මීටර් නෑ ටීවී සීරීස් නං සෑහෙන්න බැලුවා..කියන්න දෙයක් නෑ ගුණාත්මක සබ් එකක් ඉක්මනින්ම දුන්න අපේ තවත් එක සුපිරි බුලට් එකක් තමයි ඉතිං.. වැඩ අස්සෙ සබ් කෝමාරි 100ත් දුන්න වගේ ඊළග කඩයිමටත් යමු ඔහොම්ම..මට අංකල් කීව එක නං හෙන අවුල් ඈ මොනව වුණත්..එනිවේ ජයින් ජයම පතනව මං බොට..

    Reply
  • 100 වෙනි කඩයිමට සුභ පැතුම් සහෝ….

    Reply
  • බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!

    Reply
  • thanks for sub.And I wish U.Go A head……

    Reply
  • අඩේ 100 ත් ගැහුවා එහෙනම්. සුපිරියි සහෝ….හදවතින්ම සුබපතනවා.නියම වැඩක්. ඔයා කරපු Teen Wolf සීරියස් එකෙන් තමයි මාව සීරියස් පිස්සෙක් කලේ. සබ් වැඩේ නවත්තන්න හිතන්නවත් එපා. එහෙම උනොත් මගෙන් වෙන්න තියෙන කරදර තව ටිකක් වැඩි වේවි. ඊලග කඩයිමත් ඉක්මනට අරන් එමු. සබ් එකට ගොඩක් ස්තුතියි. මේක නම් අනිවා බලනවා. උඩදී මාව මතක් කලාට බොහොම ස්තුතියි. ජය වේවා…

    Reply
  • සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතියි…

    Reply
  • 100 උනුසුම් සුභ පැතුම්…. බුදු සරණයි

    Reply
  • 100 උනුසුම් සුභ පැතුම්…. thanks….

    Reply
  • බොහොම ස්තූතියි උපසිරැසියට ලියෝ ජය වේවා!

    Reply
  • මුලින්ම සුබ පතනවා 100 වෙනි කඩයිම වෙනුවෙන් ලියා.
    බයිස්කෝප් එකත් එක්ක එකතු වුනාට පස්සෙ සෙට් වුන කට්ටියගෙන් තවත් සුපිරි ඩයල් එකක් සුපිරි යාළුවෙක් තමයි උබ.
    (හැබැයි පොටෝ කෑල්ලකින්වත් උබව දැකලා නෑ, පුළුවන්නම් එකක් දා)
    ඒ වගේම සබ් ගැනත් ආයෙ කියන්න වදන් නෑ බං සුපිරියි. උබේ සබ් නම් වැඩිපුරම සෙට් උනේ ටීන් වුල්ෆ් නිසා තමයි, ෆිල්ම් කරන්නෙම නැති තරම්නෙ. මතකයි පහුගිය කාලෙ සීරීස් එක පිට ඇදලා හෙන ගේමක් දුන්නා.
    ආයෙ කියන්න තියෙන ඒවා චැට් එකේ කියන්නම්, නවත්තන්න හදන්න එපා, GIFTED, Teen wolf ස්පින් ඕෆ් එකක් එහෙම එන්න තියෙනවා. එහෙනම් උපසිරැසියට බොහොම ස්තූතියි. 100 දැනටම පහු කරලා වෙන්නෝන, ඊලග කඩයිමත් ගේමු.
    ජය!

    Reply
  • Thank You..100 ta suba pathum

    Reply
  • සුබ පතනවා අයියෙ හදවතින්ම.. අනිත් කඩයිම් වලටත් ඉක්මනටම යමු.. ජය වේවා.. මේක නම් අනිවා බලනවා බූ රේ ආවාම..

    Reply
  • නියමයි ලියෝ.. මේ කරපු කැප කිරීම මාර වටිනව.. උපසිරැසිකරණයේ දිගටම නියැලෙන්න තවත් ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව.. ජය වේවා..!

    Reply
  • බොහෝම ස්තූති සිංහල උපසිරැසියට ලියෝ අයියේ 🙂
    අනිවාර්යයෙන්ම බලන්න බලාගෙන හිටපු ෆිල්ම් එකක් 🙂
    ඒ වගේ 100 වෙනි උපසිරැසි කඩයිම වෙනුවෙන් සුභම සුභ පැතුම්.
    තව තවත් උපසිරැසි කිරීමට කාලය හා ශක්තිය ලැබේවා කියලා,
    එක සිතින් ප්‍රාර්ථනා කරනවා 🙂

    Reply
  • Jaya wewa…broo..
    බොහොම ස්තූතියි

    Reply
  • Fatta bro, good luck

    Reply
  • ස්තූතියි

    Reply
  • වැය කල කාලය ශ්‍රමය කාලය කොතරම්දැයි සිතාගන්න පුලුවන්. මේ ගමන මෙලෙසින්ම ඉදිරියට යන්න අපෙනුත් සුබ පැතුම්.

    Reply
  • ලියෝ 100 ගහලා සුපිරියකින්ම. දැන් තමා දැක්කේ. මාවත් මතක් කරලා තියෙන්නේ. බොහොම ස්තූතියි. උපසිරැසි විතරක් නෙවෙයි ඕන වෙලාවක උදව්වක් ඉල්ලුවොත් කරලා දෙන ජාතියෙ හිත හොද මල්ලි කෙනෙක් තමා ලියෝ කියන්නෙ. මෙතනින් නොනැවති 150, 200….. ඉදිරි කඩයිම් වලට ඉක්මනින්ම ළගා වෙන්න අවශ්‍ය ශක්තිය, ධෛර්යයත් ඒත් එක්කම සියලු වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා! ඒ වගේම මල්ලිගෙ ලොකුම හීනේ වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතාවය අපේ රටට ගෙන එයි කියලා බලාපොරොත්තු වෙනවා.

    Reply
  • ඉක්මනින්ම 150 කඩඉමටත් සපැමිණේවා!

    Reply
  • Unusum Suba Pathum. WEBrip eka avillath thama dawas 2k giye na. Ela ikmanataama dunna ekata.

    Reply
  • ela.tnx.100 suba pathum.

    Reply
  • Good luck broo. Sub walata thnxs

    Reply
  • 100 වෙනි උපසිරස කඩඉමට හදවතින්ම සුභපැතුම් සහෝ..උපසිරස 100ක් කියන්නේ ලේසී පාසු දෙයක් නෙමේ.තව තවත් උපසිරස කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. උපසිරස 100ක් උනත් බයිස්කෝප් අඩවියේ හොදම උපසිරස නිර්මාණකරුවක් තමා අනුරුද්ධ සහෝ. ඒක නිසා දිගටම උපසිරස ලබා දෙමු ඉදිරියටත්. එනකම් මග බලන් හිටපු ලිස්ට් එකේ උඩින්ම තියෙන ෆිලුමක් තමා මේක. කොහෙද ඉතිං. BR වලටම හුරු වෙලා BR එක්ක නැතුව බලන්න හිතෙන්නෙම නෑ.. Br ආව ගමන් අප්ඩේට් එක්ක දෙන්න සහෝ..මේ උපසිරසටත් ගොඩක් ස්තූති..බුදුසරණයි..ජය වේවා!!!

    Reply
  • ශතකෙට සුභපැතුම් ලියෝ…
    ටීවී සීරිස් ටික ඇදගෙන ගියපු තවත් සුපිරි චරිතයක් තමයි ඉතින්. 😛
    දෙවෙනි පනහ අවුරුද්දක් යන්නත් කලින් ගහලා නෙහ්.
    මාවත් මතක් වුනා එහෙනම්.
    100 ටත් සුපිරියක් තමයි ඉතින් ගෙනත් තියෙන්නේ.
    අනිවා බැලිල්ලක් තමයි. සබට තුති කිව්වා.
    දිගටම සබ් දෙමු ආ…
    ඔබට ජය!

    Reply
  • Thnxxxxxxxxxxxxxx

    Reply
  • Thank you for Subtitle
    We really appreciate your work in baiscopelk
    It was a pleasure to be a part of baiscopelk

    Reply
  • නියමයි මල්ලි 200 ඉක්මනටම දෙමු !!!!!!

    Reply
  • congratulations bro 100ta jayawewa.
    digatama ohama yan.
    tv show amathaka karanna ehema apa.

    Reply

Leave a Reply to samiya Cancel reply

Your email address will not be published. Required fields are marked *