අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Raw (2016) AKA Grave Sinhala Subtitle | මිනී මසට ගිජු වූ ඇය! [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ] 18+

Rating: 8.9/10. From 40 votes.
Please wait...

Cannibalism එහෙමත් නැත්තන් මිනී මස් කෑම අදටත් ලෝකයේ එලිපිට නොවූවද රහසිගතව විශාල වශයෙන් පවතින දෙයක්. පැරණි ගෝත්‍රික ජන කොට්ඨාස වල මෙන්න මේ මිනිමස් කෑම පිලිබඳ ප්‍රභලව ඉස්මතු කරන සාධක තියෙනවා. ලෝකය පුරාද, අන්තර්ජාලය තුලද (Dark Web තුල) සුවිසාල මිනී මස් වෙලදාමක් වෙන බව අපි කවුරුත් දන්නා දෙයක්.

මෙතරම් මස් ආශ්‍රිත ආහාර තියෙන නූතන ලෝකයකත් මෙවන් ජරා වෙලදාම් වෙන්නේ ඒ සඳහා හොඳ ඉල්ලුමක් තියෙන නිසා. තමන්ගේ වර්ගයාම උයලා කන්න ආස තරම් මොන තිරිසන්නුද මේ. මුන්ව පන පිටින් පුච්චන්න ඕන කියලා අපිට හිතෙන්න පුලුවන්.

ඒත් ඒක හුදෙක්ම ආසාවක් නෙවෙයි නම්…

ලෝකයට Cannibalism සම්බන්ධව ආන්දෝලනාත්මක කතා බහක් ඇති කරන්න සමත් සිනමා පටයක් බවට පත්වූ මෙම සලරුව Julia Ducournau ගේ විශිෂ්ට අධ්‍යක්ෂණයක්. කොටින්ම Toronto International Film Festival හි පැවති මෙහි මංගල දර්ශනයෙහිදීම සිනමාශාලා බලධාරීන්ට ගිලන්රථ සඳහා ඇමතුම් ලබා දෙන්න සිදුවුනේ චිත්‍රපටය නරඹමින් සිටි ප්‍රේක්ෂකයන් එකින් එකා සිහි නැතිවීමටත්, වමනය කරමින් පිටතට පැමිණීමත් නිසාය.

නූතන ලෝකයේ මසට ගිජු වී ජීවිතේ සිදුවන වෙනස්වීම්, හුදෙක් පන පිටින් මිනීමස් බුදින,මිනිස්සු කෑ ගහද්දී ඉරාගෙන කන Cannibal චිත්‍රපට වලින් ඔබ්බට ගොස් මේ තත්ත්වය තුල පුද්ගලයා පීඩා විඳින අයුරු, සමාජය මගින් ඇතිවන පීඩාව ඉතාමත් තාත්වික අයුරින් ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කිරීමට මෙම චිත්‍රපටය සමත් වෙනවා.

කතාව දෙසට හැරුනොත්…

Justine වෛද්‍ය විද්‍යාලයට ඇතුලත් වන්නේ අනෙක් ශිෂ්‍යයන් වගේම වෛද්‍ය සිහිනය පෙරදැරිවයි. පොඩි කාලයේ ඉදලම දෙමාපිය දැඩි රැකවරණය යටතේ හැදීවැඩුණු Justine දෙමාපියන්ගේ අල්ලෙන් ගිලිහෙන පලවෙනි අවස්ථාව තමයි මේක. මෙයාලගෙ මුලු පවුලම Vegetarian. දැඩි ලෙස Vegetarian. මන් එහෙම කියන්නේ Justine කැම්පස් එකට දාන්න එන අතරමග කෑම කන්න ගිය තැන වැරදිලා Justineගේ කෑම එකට Meatball එකක් වැටිලා. මේ ගැන අම්මා දැනගත්තා විතරයි කඩේ වැඩකරන අය එක්ක පුදුම විදියට රණ්ඩු වෙන්න පටන් ගන්නවා.

අනික මෙයාලගේ පවුලම වෛද්‍යවරු. අම්මා, තාත්තා තව මෙයාගෙ අක්කා. අක්කත් වෛද්‍යවරියක් වෙන්න ඔන්න මෙන්න ඉන්නෙ. ඒ කිව්වේ කැම්පස් එකේ අවසන් වසරේ (Justine යන කැම්පස් එකේම තමා). කොහොමින් හරි වෛද්‍ය විද්‍යාලයේ ජීවිතේ නම් Justineට ලේසි වෙන්නෑ. (කොහොමත් First Year Students ලට දෙන වද ගැන කියන්න ඕන නෑනේ). ඔන්න විද්‍යාලයේ රැග් එකේ ආරම්භයක් හැටියට මෙයාලට Rabbit Kidney (හා වකුගඩු) කන්න දෙනවා. තමන් Vegetarian කියලා කිව්වත් Justine ට අන්තිමට ඒක කන්න වෙනවා. මේ පොඩි මස් කෑල්ල Justineගෙ ජීවිතේ, තමන් නොදුටු නොසිතූ පැත්තකට වෙනස්කරන්න හේතු වෙනවා. ඉතින් මේ මස් ප්‍රශ්නෙම තියෙන එකම කෙනා Justine නෙමෙයි. ඔය කිව්වා ඇති.

එහෙනන් කතාව කවුරුත් බලන්න කියලා ආරාධනා කරනවා. කතාව අවසානයේ Cannibalism සම්බන්ධව වෙනස්ම මතයක් ඔබ තුල ඇතිකරන්න මේ සලරුව සමත් වෙයි. Ratings ගැනත් කියන්නන්… IMDb මීටරේ 7/10ක් එක්ක ටොමැටොමීටරේ 92% ක අගයක් දෙන්න මේ සලරුව සමත් වුනා. තවත් සඳහන් කරන්න අවශ්‍ය දෙයක් තමයි මෙය වැඩිහිටියන් පමණක් බැලීම සුදුසුයි කියලා. තිසර සහෝදරයා ප්‍රමුඛ ඇඩ්මින් මඩුල්ලත් මේ වෙලාවෙ මතක්කරනවා මේක මට කරන්න ලබා දීම වෙනුවෙන්.

අදට එහෙනන් ගිහින් එන්නන්,.. තවත් වෙනස්ම සලරුවකින් හමුවෙමු, එතකන් හැමෝටම ජය!..

විශේෂයෙන් මෙම ලිපිය සඳහා දායකත්වය:- සිනමාවේදීන් facebook පිටුව වෙනුවෙන් Victor Frankenstein විසින් පලකල ලිපිය.

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BD පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු (විනෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

43 thoughts on “Raw (2016) AKA Grave Sinhala Subtitle | මිනී මසට ගිජු වූ ඇය! [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ] 18+

  • “මෙම ලබාදී අති උපසිරැසි BD පිටපත් සඳහා වලංගු වේ.”

    BD කියන්නේ මොනවාද?

    BR කියන එක වැරදිලා type වෙලාද?

    Reply
    • නැහැ, වෙනස්

      Blu-Ray>WEB-DL>BD-Rip>BR-Rip>DVDrip

      Reply
      • ආහ්…! මං නම් එහෙම එකක් ඇහුවෙත් අදමයි… Thanks brother, Reply කරාට…

        BD-RIP එකක් හොයාගන්න තමා අමාරු… PSA එකේ BluRay rip එක නම් තියෙනවා… RarBG එකෙත් BluRay, Web-RIP නම් තියෙනවා… BD හොයන්නේ කොහොමෙයි…? movie එක පරණ නිසා (+ වැඩිය ප්‍රසිද්ධ නැති නිසා) Subtitle file එක Update කරන්න ගන්න කාලෙත් අපරාදේ නේ…

        අවුලක් නෑ…BluRay අරගෙන Sync කර කරා බලනවා…

        Subtitle එකට + ලිපියට THANKS ❤❤❤

        Reply
  • Thanks ……………..good luck ………………….

    Reply
  • Thanks for the sub

    Reply
  • plz van helsing ekta sub dennko ai magadi nwththuwe???????

    Reply
  • Baiscope downloas eka naddha dan thanks for subtitles

    Reply
    • එම වෙබ් අඩවිය තාවකාලිකව විසන්ධි බව කරුණාවෙන් සලකන්න.
      ඉක්මනින් නැවත යතා තත්ත්වයට පත්වෙයි.

      Reply
    • Baiscopdawnload site eka wada nani

      Reply
      • Baiscopedownloads.co ලෙස url ලිපිනය බාවිතා කරන්න

        Reply
  • Thank U very much……..

    Reply
  • උපසිරැසි ලබා දුන්නා ට බොහොම ස්තූතියි

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thanks brother

    Reply
  • thanks lahiru vino jayawewa

    Reply
  • thanks mchn…

    Reply
  • Thanku thanku thnaku mcn. Hoya hoya hitiye sub eka. Jaya wewa

    Reply
  • Thanks for the sub good luck bro

    Reply
  • ස්තූතීයි ….ජය වේවා

    Reply
  • ස්තූතියි සහෝදරයා ජයවේවා !

    Reply
  • ස්තුතියි සහෝ….පට්ට කතාවක්….wrong turn වගේ…දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි….ජය වෙිවා…..

    Reply
  • උපසිරිසියට බොහොම ස්තුති

    Reply
  • ela saho thanks

    Reply
  • අඩෝ මේක පට්ට බයිස්කෝප් එකක් , මම බැලුවෙ ආව දවස්වල , පට්ට පතුරැ ඇ සුපිරියටම ගහල තියෙනවා…………..

    Reply
  • බොහොම ස්තූතියි බ්රෝ සබ් එකට.. මං මේ ෆිල්ම් එකට සබ් දෙන්න කියලා කීප වතාවක් ඉල්ලලත් තිබ්බා..
    ජය වේවා.!

    Reply
  • සුපිරියි

    Reply
  • … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • suppaHH FiLm eka mcn…. ගැම්ම 😀 ජය‌ෙන් ජය #කන්න_ඔින‌ේ_ 😛

    Reply

Leave a Reply to MAALnath Cancel reply

Your email address will not be published. Required fields are marked *