Saturday , June 12 2021
Breaking News

Red Dog (2011) With Sinhala Subtitle | ඔයාල ජෝන්ව දැක්කද? [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

Red Dog (2011)

මේක මගේ පළවෙනි උපසිරැසිය. ඒක හින්දා වරදක් තියෙනව නම් මුලින්ම සමාව ඉල්ලනවා. ඒ ව‍ගේම මට මේකට අවස්ථාව දුන්න බයිස්කෝප් කාර්ය මණ්ඩලයට මගේ හද පිරි ස්තුතිය. මේ චිත්‍රපටය සෑහෙන කාලයක් මගේ චිත්‍රපට එකතුවේ තිබ්බ චිත්‍රපටයක්. ඒත් කවදාවත් බලන්න හිතුණේ නෑ. මට මේ චිත්‍රපටය බලද්දි මුලින්ම මතකයට ආවේ Hachi චිත්‍රපටයයි. Red Dog ඇස් දෙකෙන් කදුළු ගලපු ලස්සන කතාවක්. 1971 සිදුවීමක් ඇසුරින් Kriv Stenders විසින් අධ්‍යක්ෂණය කල Josh Lucas හා Rachael Taylor රංගනයෙන් දායක වූ Red Dog,සත්‍ය කතාවක්.

Dampier නගරයේ අවන්හලක් පටන් ගන්න එන ජෝඩුවකට අතරමගදි රතු බල්ලෙක් මුණ ගැහෙනවා. ඔවුන් මෙම බල්ලවත් නගරයට රැගෙන එනවා. විවිධ රටවල් වලින් රැකියා හොයාගෙන, මෙම නගරයට ආපු සෑම පුද්ගලයෙක් සමගම රතු බල්ලා මිත්‍ර වෙනවා. ඔවුන් රතු බල්ලට කෑම බීම ආදියෙන් සංග්‍රහ කරමින් ආදරයෙන් සලකනවා. රතු බල්ලත් මෙම සියලුම ආදර සත්කාර ලබමින් ජිවත් වෙන නමුත්, කාටවත් විශේෂයක් දක්වන්නෙ නෑ.

ජෝන් නම් ඇමරිකානු ජාතික බස් රථ රියදුරා නගරයට පැමිණීමත් සමග රතු බල්ලා ඔහු සමගත් මිත්‍ර වීමට උත්සාහ දරන නමුත් ඔහු, රතු බල්ලව ගණන් ගන්නෙ නෑ. එක්තරා සිදු වීමක් නිසා රතු බල්ලා සහ ජෝන් අතර නොබිදෙන මිතුදමක් ඇති වෙනවා. ජෝන්, නැන්සි නම් තරුණිය සමග ආදරයෙන් බැදෙන අතර ජෝන් නැන්සිට විවාහ යෝජනාවක් ගෙන එනවා. එදිනම “ඔහොමම ඉන්න මම හෙට උදේම නැවත එනවා” රතු බල්ලට පවසමින් ජෝන්, නැන්සි හා පිටත්ව යනවා.

සති ගණනක් බලා සිටියද ජෝන් නැවතත් පැමිණෙන්නෙ නැති බැවින් රතු බල්ලා, ජෝන් සොයා ගැනීමට මුළු ඕස්ට්‍රේලියා මහද්වීපය පුරාම සංචාරය කරනවා. ඌ හැමෝගෙන්ම ඇහුවේ එකම එක ප්‍රශ්නයක් විතරයි. ඒ “ඔයාල ජෝන්ව දැක්කද?” යන්නයි.

Red Dog (2011) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න

52cba02825aee8d217e2cd9dde2c610c0d7a1bee
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රියදර්ශණ හෙට්ටිආරච්චි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Frontier [S02 : E05] Sinhala Subtitles | හෙලිදරවුව සහ මංකොල්ලය [සිංහල උපසිරැසි]

දෙවන කතා සමයේ අවසානය පෙනෙන මානයටම ඇවිත් දැන්..තව එක කොටසකින් ඒකත් ඉවරයි.අද කොටසේ වෙන දේවල් …

Leave a Reply

Your email address will not be published.

22 comments

  1. Thanks ………….good luck ……………..

  2. සබට බෝම ස්තූතියි සහෝ. ඕන් මාත් බා ගත්තා.

  3. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රියදර්ශණ සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

  4. බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට …

  5. නලින් පෙරේරා

    ස්තුතියි ප්‍රියදර්ශන සහෝ!

    අනිවා මේක නම් කොහොම හරි බලන්න ඕනේ

    ජය වෙව්!

  6. ප්‍රියදර්ශන

    අදහස් දැක්වු සහ මා දිරිමත් කල සියලු දෙනාටම ස්තූතියි..

  7. කැලුම් ගුණසේකර

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට ….

  8. Thanks

  9. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  10. Thank U Priyadarshana.

  11. thanks bro sub 1kata lassana katawak wage

  12. Kulanjana Maduranga

    G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks PRIYADARSHANA saho.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….

  13. සාදරයෙන් පිළිගන්නව සහෝ ඔයාව..
    දිගටම මේ වගේ එළ සබ් ටිකක් දෙන්න..
    ජය වේවා! 🙂

  14. පළමු උපසිරසියට සුබ පැතුම්.
    දිගු ගමනක් යන්න ලැබේවා..

  15. ස්තූතියි
    අඩවියට පිළිගන්නව
    ජය

    • බයිස්කෝප් එකෙ පෙනුමත් වෙනස් වෙලා නොව!
      බයිස්කෝප් අඩවියටත් ජය…

  16. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  17. ඉසුරු දිල්ශාන්

    පලමු සබ් එකට සුභ පැතුම් සහෝ!
    ජය!

  18. පළමු උපසිරැසියට සුභ පැතුම්….

  19. ෂා!බයිස්කෝප් අලුත් වෙලා.
    1 ට මගෙන් සුභ පැතුම්!
    බොහොම පින් සහෝ.
    ජය වේවා!!

  20. නලින්

    ස්තුතියි ප්‍රියදර්ශණ සහේ!

    මෙකත් නියම කථාවක් වගේ! අනිවා මොන වැඩ තිබ්බත් මෙක නම් අතහරින්නේ නැහැ! ස්තුතියි නැවතත්!

    ජය වේවා!

error: Alert: Content is protected !!