අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Right at Your Door (2006) | ගෙද‍රටම පැමිණි මාරයා!

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Thriller චිත්‍රපටි බලන අය කැමති වෙන එකක් මේක. තරමක විද්‍යා-ප්‍රභන්ධ ලක්ෂණත් තියනවා. IMDB එකේ 6.3ක් තියන මේකට සම්මානයකුත් ලැබිලා තියනවා. ලොස් ඇන්ජලීස් නගරයේ කීප තැනක පුපුරා යන කුඩා න්‍යෂ්ඨික බෝම්බ කීපයකින් පසු ඇතිවන තත්ත්වයත්,  තරුණ යුවලක් වන “බ්‍රැඩ්” සහ “ලෙක්සි”  ඊට මුහුණ දෙන ආකාරයත් ගැන තමයි මේකෙන් පෙන්නන්නෙ. බ්‍රැඩ් ගෙදර ඉන්න, ලෙක්සි වැඩට ගිහිපු දවසක තමයි මේ බෝම්බ පුපුරන්නෙ. බ්‍රැඩ් ඉක්මනටම ගියත් ලෙක්සි ව හොයා ගන්න බැරි වෙනවා. පිපිරීමෙන් පස්සෙ එන දූවිල්ල ලොකු ප්‍රදේශයකට පැතිරිලා, බ්‍රැඩ් ල ගෙ ගෙදර පැත්තටත් එනවා. මේ දුවිල්ල එක්ක අලුත් වෛරස් එකකුත් අවිල්ල සමහරු ලෙඩ වෙනවා. මේක බෝවෙන ලෙඩක්. අලුත් එකක් නිසා තාම බෙහෙත් නැහැ. ලෙඩේ පාලනය කරන්න ඕන නිසා ලෙඩ්ඩුන්න්ට වෙඩි තියන්න පොලිසියට සිදු වෙනවා. මේ අතරේ ලෙඩේට ඉක්මනින් ම බෙහෙතක් හොයන්නත් බලධාරීන් ක්‍රියා කරනවා. එතකං හුලඟක් වත් ඇතුලට නොඑන්න ගෙවල් දොරවල් වහගෙන ඉන්න කියලා උපදෙස් ලැබෙනවා. පරහකට තියෙන්නෙ, ලෙක්සි සැහෙන්නෙ පරක්කු වෙලා ගෙදර එන කොට බ්‍රැඩ් ගේ air tight කරල ඉවරයි. ලෙක්සි ලෙඩ වෙලාද නැද්ද කියල දන්නෙ නැහැ. ලෙක්සි ව ගෙට ගන්න විදියක් නැහැ මොකද සමහර විට ලෙක්සිගේ ඇ‍ඟේ ලෙඩේ තිබ්බොත්, බ්‍රැඩ් ටත් හැදෙන්න පුළුවන්. ලෙක්සි ව එලියෙ තියලත් බැහැ මොකද දැනට ලෙඩේ හැදිල නොතිබුනත්, දිගින් දිගටම එලියෙ ඉන්න කොට  හැදෙන්නත් පුළුවන්. බ්‍රැඩ් බේරෙයි ද,  ලෙක්සි මැරෙයි ද, දෙන්නම බේරෙයි ද, නැත්තං මැරෙයි ද, ලෙඩේට බෙහෙත් හම්බ වෙයිද, වගේ කුතුහලය අවුස්සන කතාවකුත්, අනපේක්ෂිත සිදුවීමකුත් ඇතුලත් මේ චිත්‍රපටිය එක හුස්මට බලන්න පුළුවන්. බලල ඉවර වුනාම, තෲෂ්නිම්භූත වෙන්නත් ඉඩ තියනවා. 🙂

ලිපිය – රන්බංඩා

පොතේ ගුරා

හ්ම්ම්ම්..මා ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ විශේෂයෙන්..ටිකක් වැඩියෙන් ෆිල්ම් බලන කෙනෙක්..ඉතින් ඔයාලටත් ඒකෙන් ප්‍රයෝජනයක් ලැබෙන වැඩක් ක‍රන්න හිතුව..ඒ සිතුවිල්ලේ ප්‍රතිඵල තමයි මේ!

15 thoughts on “Right at Your Door (2006) | ගෙද‍රටම පැමිණි මාරයා!

  • මේක නම් එළ එකක් වගේ.

    Reply
  • TORRENT EKE WADA NAHA KARUNAKERA MEKE HADANNA

    Reply
  • @රොයිලි : ඇයි උඹ ඉස්පෙෂල් ද? 😉 😀

    @සහන් : හම්ම්…

    @Uraj Deemantha : අනේ මන්දා බං, සමහර දවස් වලට හීනත් පේනවා. ගුරා, රොයිලි, උඹ, මම කම්බි ගනන් කර කර ඉන්නවා. හික්z… 😀

    @HANDY : බලලා ගුණ දොස් විචාරපන්..

    Reply
  • hoda thi dwn karala balanawa……..

    Reply
  • @ ගෝලයා + රොයිලි :- අනිවා දැන් ඉතින් රවුටරේට අබසරණයි තමා….. 😛

    මෙහේ බියගම හැමෝම complain කරනවලු SLT එකට නෙට් පට්ට slow කියලා….. 😀

    අහන්නත් දෙයක්යෑ…. 😛 මම මේ බාන බෑමට අනිත් අයට දෙන්න තරම් නෙට් නෑ…. 😀 හික් හික්ස්….. 🙂

    Reply
  • ‍ෆිල්ම් එකනම් හොඳයි අවසානෙ තමයි අවුල් O.o

    Reply
  • ඔන්න එහෙනම් මාත් බාන්න දැම්මා.රන්බංඩා සහෝදරයට ස්තූති වෙන්න ඕනා ලිපියට.

    @ Uraj Deemantha,

    හොඳම දේ අපේ ගුරු ගෝල දෙදෙනාගෙන් මෝඩම් එකට අනුග්‍රහයක් ඉල්ල ගන්න එකයි. 😉

    Reply
  • @chathurarcrc : පොඩි තාක්ෂණික වැරැද්දක් වුනා. දැන් වැඩේ හරි. පොතේ ගුරා හැමදාම බයිස්කෝප් පැත්තේ ඇවිල්ලා යනවා. 🙂

    @Uraj Deemantha : resign වුන එකෙන් උඹේ modem එකට නිවනක් නැති වේවි! නේද? 😉

    @maneesh : බලලා කියන්න කොහොමද කියලා.

    Reply
  • ඔන්න resign වෙලා ගෙදර ආව ගමන් මුල්ම කමෙන්ට් එක බයිස්කෝප් එකට… 😀

    පහුගිය දවස් ටිකේ එන්න බැරි වුන නිසා, බාන්න දේවල් ගොඩායි…. 🙂

    ඊයේ රෑත් ලයිට් නැති වුනු නිසා එච්චර බාගන්න බැරි උනා……!!

    Reply
  • ade meka adane dala thiyenne.eth thama
    Ratatouille udinma thiyenne.

    ah pothe gura dekka kal… 😀

    Reply

Leave a Reply to Ramraj Cancel reply

Your email address will not be published. Required fields are marked *