Thursday , December 9 2021
Breaking News

Road to Perdition (2002) | කුරිරු ගමනාන්තය තෙක් පිය පුතු දෙපල… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.5/10. From 6 votes.
Please wait...

Road to Perdition (2002)

ඉතින් මම ඔයාලට ගෙනාවෙ පට්ටම පට්ට ෆිල්ම් එකක්. මේක මගේ පළමුවෙනි උපසිරැස. ඒක හින්දා ඉතින් මේකෙ පොඩි පොඩි වැරදි ඇති. ඇත්තටම කියනවනම් මේක “DC Comic”ලා චිත්‍ර කතාවක් විදිහට 1998දි පලකරලා තියනවා. මේ ෆිල්ම් එකේ ප්‍රධාන නළුවා තමයි අපි කවුරුත් දන්න ජනප්‍රිය නළු “Tom Hanks”. මේක Crime, Drama, Thriller ගනයට අයිති වෙන ෆිල්ම් එකක්. ඉතින් මේකෙ කතාව ගැන කෙටියෙන් කියුවොත් මේක 1931 වර්ෂයේ සිදුවුනු කතාවක්. Tom Hanks පනපොවන්නෙ මයික් සොලිවන් කියන අමුතුම ජාතියෙ මනුස්සයෙක්ගෙ චරිතයකට. ඒ වගේම කෝනර්ගෙ චරිතයට පන පොවන්නේ Daniel Craig. මැග්වයර් කියනන මිනිමරු චරිතයට පන පොවන්නෙ ජනප්‍රිය නළු Jude Law.

හරි එහෙනම් මේකෙ කතාව කෙටියෙන් කියුවොත්, මයික් සුලිවන් වැඩකරන්නේ චන්ඩ් බොස් කෙනෙක් ගාව කුලියට මිනී මරන පොරක් විදිහට. ඒත් මේ චන්ඩි බොසා සුලිවන්ට තාත්තා කෙනෙක් වාගේ හිටියෙ. සුලිවන්ට පුතාල දෙන්නෙක් හිටියා. මේ දෙන්නම දන්නෙ නෑ තාත්තා මොනවද කරන්නෙ කියලා. ඉතින් දවසක් සුලිවන් වැඩකට යද්දි එයාගෙ ලොකු පුතා මයිකල් කාර් එක ඇතුලෙ හැංගෙනවා. මයිකල් හැංගිලා බලාගෙන ඉන්නවා තාත්තයි කෝනර් කියන බොසාගෙ පුතයි මිනිස්සු මරනවා. ළමයා හැංගිලා ඉන්නව දකිනවා මේ දෙන්නම. ඉතින් කොනර්ට සැක හිතෙනවා මෙයා මේක ගැන කාට හරි කියයි කියලා. සුලිවන් ගෙදර නැතිවෙලාවක් කෝනර් යනවා මයිකල් මරන්න. මයිකල් ගෙදර එන්න පරක්කු වෙනවා. කෝනර් තමන්ගෙ මල්ලිවයි අම්මවයි මරලා යනවා මයිකල් දකිනවා. ඊට පස්සේ අනිත් ළමයත් අරගෙන මෙයා යනවා ගෙදරින් හැබැයි මෙයා ගෙදරින් යන්නෙ නිකන් නෙමේ ළමයවයි නෝනවයි මරපු එකේ පලිය ගන්නත් හිතාගෙන. මේ අතරේ මේ දෙන්නෙව මරන්න වෙන භයානක මිනී මරුවෙක් එවනවා මැග්වයර් කියලා. ඔය ඇති හොදටම ඔයාලම බලන්නකො මෙයාට ළමයවත් බේරගෙන පවුල මරපු එකේ පලිය ගන්න පුලුවන් වෙයිද කියලා.

Road to Perdition (2002) on IMDb

 

 

751 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

94DEE59143B2584418DB029D0A366B97EFEAE49F

1.6 GB (1080p BR)කොපිය මෙතනින් බාගන්න

263EC697CB1AC65EC1E6B59752A0C448902ECDA6
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසන් මධුසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Money Heist aka La casa de papel [S05 : E08] Sinhala Subtitles | ජයග්‍රහනයේ ඝෝෂාව…! [සිංහල උපසිරැසි]

Money Heist කතා මාලාවේ අන්තිම සීසන් එකේ අටවෙනි කොටස භාරවුනේ මට. දැන් අපි අවසන් කොටසට …

Leave a Reply to Isuru Cancel reply

Your email address will not be published.

32 comments

  1. Thank you!

  2. Lakshansilva18

    Terminal, green mile, saving private ryan baluwata passe tom hanksge film walata pissu watila inne mekath aniwa balanawa

  3. elama machan supiriiiiiii

  4. absence of a well-defined vision, so they use wordslike ‘religious restrictions,'” saidIbrahim el-Houdaiby, a research-er of beauty by all forms of media is tearing apart the confidence of women all over the released. Jay Morena said in May.. 1. They get good gas mileage, which makes them more

  5. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  6. “චූටී මල්ලි”

    elz

  7. නිරෝෂ්

    ස්තුතියි පසන්.ජය වේවා !

  8. මම ඊයෙයි මේක බැලුවේ. හරිම සංවේදී හොඳ ෆිල්ම් එකක් කියන්න පුලුවන්. සබට බොහෝම ස්තූතියි සහෝ.

  9. Thn Q 🙂

  10. විරාජ් කොඩිතුවක්කු (තෙලා)

    උණුසුම් සුභ පැතුම් සහෝ පළමු උපසිරැසියට! ෆස්ට් ටයිම්ම සුපිරි ෆිල්ම් එකකටනේ සබ් ගෙනල්ලා
    තියෙන්නේ. අනිවා බලනවා. ජය වේවා!!!

  11. පළමු උපසිරසට නියම ම සලරුවක් ගෙනත්….
    බොහොමත්ම ස්තුතියි පසන් සහෝ උපසිරසට…

  12. palamu wedeta suba pathum!

  13. tom hank innawanam katawa kese wttat ragapema oda ati balama balamu thanks

  14. සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
    ජය වේවා. ! 😀

  15. දිගටම සබ් දෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා…….බොහොම ස්තුතියි උපසිරසියට……………

  16. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  17. දසුන් සුචරිත

    බාමි

  18. දසුන් සුචරිත

    බාමි.ස්තුතියි

  19. බොහොම ස්තූතියි පසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  20. mn balapu Supirima Film ekak bn maxxa..

  21. G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks PASAN saho.Me wge thawa sub karanna shakthiya labewa.Baiscope 1kath ekka digu gamanak yamu.jaya wewa……………

  22. පලවෙනි වැඩේට සුබ පැතුම් මචෝ.
    දිගටම සබ් දෙමු.
    ස්තුතියි සබ් එකට.
    ජයවේවා.

  23. thsnks bro

  24. බොහොමත්ම ස්තුතියි!!!..

  25. බලමු බලමු.

  26. පලවෙනි සබට සුබ පැතුම් සහෝ,,,වෙල්කම් ටු බයිස්කෝප්…
    තව දෙමු…!!!!!!!!!!!

  27. නලින්

    පළමු නිර්මාණයට සුභ පැතුම් පසන් සහෝ.. දිගටම නිර්මාණ කරන්න.
    අඩවියට සාදරයෙන් පිළිගන්නවා!
    ජය වේවා!

  28. කැලුම් ගුණසේකර

    පලවෙනි උපසිරැසියට උණුසුම් සුභපැතුම.

  29. චාමික දිල්හාර (දිලා)

    නියමයි සහෝ………….
    සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් වෙතට…….
    දිගටම උපසිරස දෙන්න ශක්තිය හා කාලය ලැබේවායි කියලා හද වතින්ම ප්‍රාර්ථනා කරනවා සහෝ…..
    එල……… එල………… එල……….. එල………. එල……. එල…….. එල…….. එල……… එල…………

error: Alert: Content is protected !!