Tuesday , September 22 2020
Breaking News

Roswell (2000) [S02 : E01] |with Sinhala Subtitles | අතීතයෙන් ගැලවිය නොහැක [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.0/10. From 1 vote.
Please wait...

Roswell S2-2

ඔයාල හැමෝම හොඳින් ඉන්නවා කියල හිතනවා.මම බයිස්කෝප් එක්ක සිංහල උපසිරැසි කලේ චිත්‍රපටි 2 කට විතරයි.ඒ නිසා ඔයාලට මාව වැඩිය මතක නැතුව ඇති.පහුගිය කාලේ ඉගෙනීමේ කටයුතු තිබුන නිසා වෙන දෙයක් කරන්න කාලේ තිබුනේ නැහැ. දැන් ටිකක් වෙලාව ලැබුන නිසා වෙනසකටත් එක්ක TV Series එකක් දෙන්න හිතුනා. අද ඉඳන් මම ඔයාලට ගේන්න හදන්නේ Roswell TV Series එකේ Season 2. ඒකේ 1 වන Episode එක වන Skin and Bones තමයි අද දෙන්නේ.Season 1 වලට දැනටමත් සිංහල උපසිරැසි දීලා තියෙනවනේ.බලපු නැති අය ඒකත් අරන් බලන්න. Season 2 වලත් Season 1 එකේ වෙච්ච දේවල් කෙටියෙන් පෙන්වනවා..

මේකේ කතාව යන්නේ මෙහෙමයි. Season 1 එකේ මයිකල් FBI ඒජන්ට් පියර්ස්ව මැරුවා මතකයිනේ.මැක්ස් ඒ වෙනුවට ශරීර මාරු කරන්නෙක් වන නෙසේඩොව FBI ඒජන්ට් පියර්ස් විදියට යොදවලයි තියෙන්නේ.ඒත් ඒ සෙල්ලම වැඩිකල් කරන්න හම්බ වෙන්නේ නැහැ.මේ Episode එක ආරම්භයේදීම ග්‍රාන්ට් සොරෙන්සන් නැමැති භූවිද්‍යා ගවේෂණයකයෙක්ට කැණීම් කරද්දී ඇත්ත ඒජන්ට් පියර්ස්ගේ මළසිරුරේ අස්ථි හම්බ වෙනවා.එයා ඒවා අරගෙන ගිහින් පළාතේ ෂෙරිෆ්වරයා වන වැලන්ටිට බාර දෙනවා.මේක පිටසක්වළ ජීවින් ගැන ඉතාමත් සැලකිල්ලෙන් හොයන කමිටු සාමාජිකා වැනිසා විටේකර්ත් දැන ගන්නවා.එතනින් තමයි ඔක්කොම කරදර පටන් ගන්නේ.මයිකල්ව මේ කරදරෙන් බේරගන්න නෙසේඩොත් මැක්ස්ට උදව් කරන්න එනවා.මැක්ස්ගේ පෙම්වතිය වන ලිස්ටත් කමිටු සාමාජිකා විටෙකර්ගේ කාර්යාලයේ රැකියාවක් ලැබීම නිසා එයත් මැක්ස්ට උදව් කරනවා.මේ ඔක්කොම එකතු වෙලා මයිකල්ව මේ කරදරෙන් බේරගන්නේ කොහොමද? මේක අවසානයේදි කට්ටියට අලුත් හතුරෙක් හදුන්වා දෙමින් තමයි අවසන් වෙන්නේ. ඒ කවුද කියල මේ Episode එක බලලම දැනගන්න.. 

අදට මම ගිහින් එන්නම්.ඉක්මනටම ඊළග Episode එකත් අරගෙන එනවා.එතකන් ඔයාල හැමෝටම සුබ දවසක් !

 

 

Shadowhunters (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුෂානි දිසානායක” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< 1st  Season                      All Episodes                      Next Episode >>        

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

17 comments

  1. නියමයි සහෝදරී…. ඔහොම දිගටම යමු… ජය වේවා…!!

  2. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. denakan balagena hithiye bohoma sthuthi……….jaya wewa……….

  4. tnx sub kalata. season 2 sub denakal balan hitiye. eturu tikath ekmanatama denna.

  5. බොහොම ස්තූතියි සහෝ සබ් එකට
    ~~~ ජය වේවා ~~~

  6. බොහෝම ස්තූතියි උපසිරැසියට මේක දෙනකන් මග බලන් හිටියෙ
    පුලුවන් විදිහට ඉතුරු කොටස් ටිකත් දෙන්න

  7. harith fernando

    Haffaaa.. menna meka awith. Mama hithuwa meka iwarai thamai kiyala. Thanks bro

  8. සබ් එකට තෑන්ක්ස් සිස්…
    02 වෙනි කොටසෙන් හමු වෙමු

  9. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝදරී
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  10. සුබපැතුම් නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
    ඉක්මනටම ඉතුරු සීසන් ටිකත් කරන්න

  11. මෙන්න උපසිරැසියට අදාලම ඩිරෙට්ක් බාගතකර ගැනීමෙ ලින්කුව-http://vivimovie.com/Series/Roswell/S02/Roswell.S02E01.480p.Baranmovie.mkv

error: Alert: Content is protected !!