Tuesday , December 1 2020
Breaking News

Saige Paints the Sky (2013) | අඹ යෙහෙලියෝ… [සිංහල උපසිරසි සමඟ]

Rating: 1.0/10. From 1 vote.
Please wait...

Saige Paints The Sky (2013)

මේක මගේ පළවෙනි උපසිරැසිය. ඇත්තටම මම මේක හැදුවෙ අපේ අයියගෙ දුවට බලන්නත් එක්ක කියලයි. හැබැයි ඉතින් දුව තවම මොන්ටිසෝරි යන්නෙ, අවුරුදු දෙක තුනක් ගියාම හරි එයා මේකෙන් වැඩක් ගන්නෙ නැතෑ නේද? කොහොම උනත් උපසිරැසිය හදල කාලයක් වෙනවා, උපසිරැසි හදල ගෙදර නිකම් තියගෙන ඉදල වැඩක් නැති හින්ද වගේම තවම කවුරුත් මේකට උපසිරසි ලබා නොදීපු නිසා මට හිතුන මේක බයිස්කෝප් එකට එකතු කරන්න. උපසිරැසි  හදද්දි ‘මධුර ඩික්ෂනරි’ ය මට ගොඩක් උදවු වුනා. මොකද මගේ English දැනුම ගොඩක් හොද මට්ටමක තිබුනේ (දන්නවානේ) .

මට ෂුවර් මේක සීයට අනූ අටක්, අනූ නමයක් නිවැරදියි කියල, ඒත් වැරැද්දක් දැක්කොත් නිවැරදි කරල මේක අප්ඩේට් කිරිමේ සම්පූර්ණ අයිතිය ඔයාලට තියෙනව. ඒ නිසා කිසිම නමක් ගමක් නැතිව මේක ඉදිරිපත් කරනවා. ෆිල්ම් එක මැද්දෙ ඇඩ් කෑලි යනවට මම කොහොමත් කැමති නෑ. ඒ නිසා ඔයාලත් ඒක දිගටම ආරක්ෂා කරයි කියල හිතනවා. කොහොම උනත් මේක ගොඩක් හිතට දැනෙන ෆිල්ම් එකක් වෙයි කියල නම් මට විස්වාසයි. මේ ෆිල්ම් එක සිංහල උපසිර්ස එක්ක ටීවී එකේ ගියත් ඒ උපසිර්ස එක හදල තිබුනෙ යලට මහට වගේ. ඉතින් ඔයාලට සම්පූර්ණ උපසිර්සයම මේ සමග ලැබෙනවා.

දැන් ෆිල්ම් එක ගැන කියනව නම් මේක ළමා ෆිල්ම් එකක්. හැබැයි බාල මහළු වෙනසක් නැතිව රසවිදින්න පුළුවන් විදියෙ ජීවිතයට යමක් එකතු කරගන්න පුළුවන් විදියෙ ආදර්සමත් ෆිල්ම් එකක්. කතාවට අනුව හොදම යෙහෙලියො දෙන්නෙක් (අඹ යෙහෙලියෝ) නිවාඩුවට පස්සෙ පාසලේදි හමුවෙනව. හැබැයි එක්කෙනෙක් අළුතින් තවත් යෙහෙලියක් හොයාගෙන. ඒ අතර පාසැල් අරමුදලෙ හිඟතාවක් නිසා එක යෙහෙලියකගෙ චිත්‍ර පංතිය නවතිනවා. ඉතින් මේ අළුත් යෙහෙලිය නිසා අඹ යෙහෙලියන් අතර ඇතිවෙන හිත නොහොද කම, ඉරිසියාව, දුක වගේම නැවතුන චිත්‍ර පංතිය ආපහු පටන් ගන්න මේ ගොල්ලො එකතුවෙලා කරන දේවල් ගැන තමයි මේ ෆිල්ම් එකෙන් කියවෙන්නෙ. මේ දෙන්න ආපහු හොදම යෙහෙලියන් වෙයිද, ඒ අතරට තවත් අය එකතු වෙයිද, චිත්‍ර පංතිය ආපහු පටන් ගන්න පුළුවන් වෙයිද කියන එක ෆිල්ම් එක බලලම තමයි දැනගන්න වෙන්නෙ. මට හිතෙන විදියට මේ ෆිල්ම් එක පොඩි කට්ටිය බලන්නම ඕනි වටින ෆිල්ම් එකක් ( ලොකු අයටත් අවුලක් නෑ හොදේ). ලස්සන සිංදු එහෙමත් තියෙනවානේ. බාලම බලන්නකෝ එහෙනම්, ඔය කියෙවුව මදෑ නේද?

Saige Paints the Sky (2013)  on IMDb

 

 

450 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

334066E960F8E73B9377572AE69B4F3990EEE33C
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කපිල හර්ෂන් ලියනගේ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Aakashaganga II (2019) Sinhala Subtitles | පළිගැනීමේ වෛර ගින්නෙන් පෙලෙන යක්ෂණිය [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා.! ඔබ සියලු දෙනාටම, අදත් සුපුරුදු පරිදි බයිස්කෝප් අඩවියට ගොඩවෙන්නේ මලයාලම් සිනමා රසිකයින්ට …

Leave a Reply

Your email address will not be published.

29 comments

  1. Thanks

  2. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  3. බොහොම ස්තූතියි කපිල සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

  4. ස්තුතියි සහෝ සිංහල සබට..
    ඔන්න ගත්තා..
    ජයෙන් ජය..

  5. සම්පූර්ණ අයිතිය ඔයාලට තියෙනව. me wadana hithata weduna, thanks

  6. “චූටී මල්ලි”

    නියමයි මචන්
    සබට තුති
    ඔබට ජය…….

  7. 1st sub ekata suba pathum!

  8. jaya wewa .. palawini subata thuthi

  9. Manjula Kumara

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. 🙂
    ජය වේවා. !

  10. thn Q 🙂

  11. නියමයි.. ගොඩක් ආදර්ශවත් වැඩක්… මටත් පේන්නම බැරි දෙයක් තමයි ෆිල්ම් එක මැද්දෙන් ඇඩ් යන එක.. මේ ෆිල්ම් එක එහෙම නෑ කියලා කියන හින්දම බානවා…

  12. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.
    කෙල්ලෝ ටිකකගේ විකාරයක් වගේ නේද? :p
    ඒකට කමක් නෑ… ඉඩ තියෙන වෙලාවක බාගෙන බලනවා. (අනිවා බලනවා)

    ඒ වගේම බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිලිගන්නවා වගේම,
    පලමු උපසිරැසියට සුබපතනවා. 🙂
    ලඟඳීම තවත් උපසිරැසියකින් හමුවෛමු.

    **// අනිත් එක තමයි උපසිරැසිය වගේම ඔයාගේ දැනුමත් දියුණු කරගන්න හොඳම
    ක්‍රමය තමයි ඔක්ස්ෆර්ඩ් ඩික්ශනරිය. ඒක නිසා මධුර වලට වඩා ඒක පාවිච්චි කරන්න 🙂

    ආයු -බෝ -වේවා !!!

  13. සබ් එකට තැන්ක්ස්…

  14. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  15. විරාජ් කොඩිතුවක්කු (තෙලා)

    උණුසුම්ම උණුසුම් සුභ පැතුම් සහෝ පලමු උපසිරැසියට! දිගු ගමනක් යමු. හදවතින්ම සුභ පතනවා. ඒ වගේම අද ගෙනාපු සබටත් බොහොමත්ම ස්තූතියි. ජය වේවා!!!

  16. G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks KAPILA Saho.Me wge thawa sub karanna shakthiya labewa.Baiscope 1kath ekka digu gamanak yamu.jaya wewa……………

  17. පළමු උත්සහයට සුභ පැතුම්.
    අඩවියට සාධරයෙන් පිළිගන්නවා කපිල සහෝ…
    වැඩේ අතාරින්න එපා ඕණ කෙනෙක්ගෙ මුල් උත්සහයන්වලදි අඩුපාඩු තියෙනවා ඉතින් දිගටම සබ් දෙද්දි ඔයාටත් හොරා ඔයාගෙ දැනුම දියුණු වේවි…
    මේ සලරුව නම් අනිවා බෑමක්…
    උපසිරසට තුති…
    ජය…

  18. godaak thanks niyama wadak

  19. මමත් මේ වගේ කථා වලට ගොඩාක්ම කැමතියි

  20. අපේ නංගි මේක ආසාවෙන් බලාවි බොහෝම ස්තුතියි උපසිරැසියට.

  21. පලවෙනි වැඩේට සුබ පැතුම්

  22. බොහෝම ස්තුතියි උපසිරැසියට.

  23. yasiru jayasunadara

    Palaweni wadeta suba pathum saho.
    thawath upasirasi denna
    sathuthiy oyatai dhoni tai dennatama
    ********Jaya**********

  24. ස්තූතියි. බාප්පගේ දෝනිටත් ස්තූතියි.

  25. Palaweni subata suba pathum…. bohoma sthuthi….:)

  26. පලවෙනි වැඩේට සුබ පැතුම් මචන්.
    දිගටම වැඩේ කරන්න.
    බොහෝම ස්තුතියි උපසිරැසියට.
    ජයවේවා!!

  27. සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. 🙂
    ජය වේවා. !

error: Alert: Content is protected !!