අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Sergio (2020) Sinhala Subtitle | ලෝකයක් සුවපත් කරන්නා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 18 votes.
Please wait...

“සැබෑ අභියෝග

සහ සැබෑ විපාක කිසි විටෙකත් අමතක නොකරන්න

එකසත් ජාතීන්ට සේවය කිරීමේ

ක්‍ෂේත්‍රයෙන් පිට තියෙන

මිනිසුන් දුක් විඳින තැන

මිනිසුන්ට ඔබව අවශ්‍ය තැන”

1948 වසරේ මාර්තු 15 දින තානාපති ආර්නල්ඩෝ වීරා ද මෙලෝ සහ ඔහුගේ බිරිඳ ගිල්ඩාට දාව සර්ජියෝ ඩි මෙලෝ උපත ලබන අතර. ඔහුට වැඩිමල් සොහොයුරියක් සිටිය නමුත් ඇගේ මුළු ජිවිත කාලය පුරාවටම ඇය schizophrenia නම් රෝගී තත්වයෙන් පිඩා විඳි කෙනෙක් විය. සර්ජියෝ සිය මුල් කාලය බුවනෝස් අයර්ස්, ජෙනෝවා, මිලාන්, බේරූට් සහ රෝමයේ යන නගර වල දිවි ගෙවූ අතර 1965 දී ඔහු රියෝ ද ජැනෙයිරෝහි ෆෙඩරල් විශ්ව විද්‍යාලයේ දර්ශනය හදාරමින් සිටියද වැඩ වර්ජන නිසා පන්ති නිතරම කඩාකප්පල් වූ නිසා ඔහු යුරෝපයේ අධ්‍යාපනය දිගටම කරගෙන යාමට තීරණය කළේය. යුරෝපයේදී ඔහු පැරිසියේ සෝර්බෝන් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ අතර එහිදී ව්ලැඩිමීර් ජන්කෙලිවිච් යටතේ දර්ශනයද හැදෑරීය. සෝබෝන් හි ඉගෙනුම ලබන තරුණ සර්ජියෝ එහි ලතින් ඇමරිකානු සිසුන් සදහා වෙන් වූ මයිසන් ඩි එල් ආර්ජන්ටයින් ශිෂ්‍ය මහල් නිවාසයේ නැවතී තම අධ්‍යාපන කටයුතු සිදු කළේය. ඔහු 1968 දී පැරීසියේ චාල්ස් ඩි ගෝල් රජයට එරෙහි ශිෂ්‍ය කැරැල්ලට සහභාගී වූ අතර පොලිස් බැටන් පොල්ලකින් හිසට පහර වැදී ඔහුගේ දකුණු ඇසට ඉහළින් ස්ථිර විකෘතියක්ද ඇතිවිය. චිත්‍රපටයේද යම් තැනක සර්ජියෝ මේ සිද්දිය තමාගේ සරසවි මිතුරා වන අයින් සාරි කොලොම්බියානු කැරලි කරුවාට පවසන ඔබට දැකගන්න පුළුවන්. එතැනදී අයින් සාරි සර්ජියෝට මෙලෙස පවසනවා “සෝබෝන් සරසවිය ජනතාවගේ සරසවියක් කල විප්ලවවාදියා” කියලා. මෙලෙස තම ජිවිත කතාව අරබන සර්ජියෝ ඩි මෙලෝ 1969 වසරේදී සෝර්බෝන් උපාධිය ලැබීමෙන් පසු, ඔහු ගේ පවුලේ මිතුරෙකු සමඟ නැවතී සිටීම සඳහා ජිනීවා වෙත යන අතර, එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ කර්තෘවරයෙකු ලෙස ඔහුගේ පළමු රැකියාව ආරම්භ කරනවා.

මෙලෙස තම රැකියාව අරබන ඩි මෙලෝ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සිට 1971 වර්ෂයේදී බංග්ලාදේශයේ නිදහස ලබාගැනීමේ සටනෙන් ක්ෂේත්‍රයට පිවිසෙන අතර එතැන් පටන් 1972 වසරේදී සුදනයේදී පළමු සුඩාන සිවිල් යුද්දය අවසන් කර 650,000 ක් පමණ වූ සුඩාන සරණාගතයින් සහ අවතැන් වූවන්ට නැවත පැමිණීමට ඇඩිස් අබාබා ගිවිසුම හරහා ඉඩ කඩ සැලසිය. එතනින් අවසන් නොවූ තරුණ සර්ජියෝගේ ගමන 1974 දී තුර්කි ආක්‍රමණයෙන් පසු සයිප්‍රසය ගොඩනැගීම, සිම්බාබ්වේහි සුදු ජාතික පාලනයෙන් හා සිවිල් යුද්ධයෙන් පලා යන සරණාගතයින්ට (එවකට රොඩේෂියාවේ) උපකාර කිරීම සඳහා මොසැම්බික් රාජ්‍යට ඇතුල් කිරීම වැනි සැබෑම මානව හිමිකම් සුරැකීමේ පුරෝගාමී පුද්ගලයෙක් විය.

මෙලෙස වසර 31 පුරා තම ජීවිතය එක්සත් ජාතින් වෙනුවෙන් කැපකළ මේ අසහාය මානව හිතවාදියා ගේ රාජකාරි සමයේ ඔහු ලබාගත් අත්දැකීම් බොහෝය එනම්:

1969–1971: French Editor, UNHCR, Geneva, Switzerland
1971–1972: Project Officer, UNHCR, Dhaka, East Pakistan
1972–1973: Programme Officer, UNHCR, Juba, Sudan
1974–1975: Programme Officer, UNHCR, Nicosia, Cyprus
1975–1977: Deputy Representative and Representative, UNHCR, Maputo, Mozambique
1978–1980: Representative, UNHCR, Lima, Peru
1980–1981: Head of Career Development and Training Unit of Personnel Section, UNHCR, Geneva, Switzerland
1981–1983: Senior Political Officer, UNIFIL, DPKO, Lebanon
1983–1985: Deputy Head of Personnel, UNHCR, Geneva, Switzerland
1986–1988: Chef de Cabinet and Secretary to the Executive Committee, UNHCR, Geneva, Switzerland
1988–1990: Director of Asia Bureau, UNHCR, Geneva, Switzerland
1990–1991: Director of External Affairs, UNHCR, Geneva, Switzerland
1991–1993: Director for Repatriation and Resettlement Operations, UNTAC, DPKO, and Special Envoy of High Commissioner Sadako Ogata, UNHCR, Phnom Penh, Cambodia
1993–1994: Director of Political Affairs, UNPROFOR, DPKO, Sarajevo, Bosnia-Herzegovina
1994–1996: Director of Operations and Planning, UNHCR, Geneva, Switzerland
October–December 1996: Special Envoy of Secretary-General to the Great Lakes Region
1996–1998: Assistant High Commissioner for Refugees, UNHCR, Geneva, Switzerland
1998–2002: Under-Secretary-General for Humanitarian Affairs, UN, New York, US
June–July 1999: Special Representative of Secretary-General to Kosovo
1999–2002: Transitional Administrator, UNTAET, DPKO, and Special Representative of the Secretary-General of the United Nations, Dili, East Timor
2002–2003: High Commissioner for Human Rights, Geneva, Switzerland
May–August 2003: Special Representative of the UN Secretary-General to Iraq.

සර්ජියෝ ඩි මේලෝ හට සම්මාන හා ගෞරව කිරීම් විශාල සංඛ්‍යාවක් හිමි වූ අතර ඒ අතරින් විශේෂයෙන් ඕඩර් ඔෆ් රියෝ බ්‍රැන්කෝ, බ්‍රසීල රජයෙන් පුරවැසියෙකුට පිරිනැමෙන ඉහළම ගෞරවය, පෙඩ්‍රෝ අර්නෙස්ටෝ පදක්කම, ඔහුගේ උපන් ගම වන රියෝ හි ඉහළම ගෞරවය 2003 දී ඔහුගේ මරණින් පසු ප්‍රධානය කරන ලදී, 2004 අප්‍රියෙල් මාසයේදී සර්ජියෝ වීරා ද මෙලෝට ඊස්ට්වෙස්ට් ආයතනය විසින් ‘වසරේ රාජ්‍ය නායකයා සම්මානය’ මරණින් පසු ප්‍රදානය කරන ලදී.

1999-2002 කාල වකවානුව සර්ජියෝ ලෝක ඉතිසාහය අලුතින් ලියන්න සමත් වෙනවා. එනම් 21 වන සියවසේ නව රජයක් ප්‍රකාශයට පත් කරමින් “ටිමෝරය” කිසිදු විදේශීය රජයක මැදිහත් වීමකින් තොරව වසර 24 පුරා ඉන්දුනීසියානු පාලනේ තිබුන ටිමොරයට නිදහස ලබාදීමෙන් ඉන්දුනීසියානු ජනාධිපතිවරයාගේද කැමත්ත ඇතිව. දැන් කෙනෙක්ට කියන්න පුළුවන් රටක් දෙකඩ කඩන ඒක අනුමත කරන්න බැ කියලා. නමුත් ටිමෝරයේ ඉතිහාසය තුලම ඔවුන් ස්වාධින රාජ්‍යක් විදියට පැවතුන ජාතියක්. ඒ මොකද ටිමෝරය කියන්නේ ගිනිකොනදිග ආසියාවේ දූපතක් ඒ වගේම තමයි ජාවා සහ නිවුගිනියා දුපත් සමුහයේත් විශාලම දුපතක්, නමුත් 1515 සිට තමයි ටිමෝරයේ ඉතිහාසය වෙනස් වෙන්නේ එනම් ඉන්දුනීසියානු ආක්‍රමණ වලින් ටිමෝරයේ බටහිර කොටස ඉන්දුනීසියානු බටහිර ටිමෝරය ලෙසත් නැගෙනහිර කොටස ලන්දේසීන් සහ පෘතුගීසීන් ගේ පාලනයට නතුවෙන්නේ අද අපි මේ හදුන්වන නිදහස් ස්වාදීන රාජ්‍ය තමයි නැගෙනහිර ටිමෝරය. ඒ නිසා ස්වාදීන රටක් දෙකට කඩලා අලුත් රටක් හදන්න සර්ජියෝට උවමනාවක් තිබ්බේ නැ. ඔහුට ඕනේ උනේ ටිමෝර් ජනතාවට තමන්ගෙම කියලා රටක අන්තිම හුස්ම හෙලන්න ඉඩ දෙන්න ෆිල්ම් එකේ එක තැනක කියනවා කාන්තාවක් සර්ජියෝට මෙහෙම:

“සර්ජියෝ ඔයාට බැ මම ඉල්ලන දේ මට දෙන්න

සර්ජියෝ: කියන්න මට දැන ගන්න ඕනේ

මට ආසයි ආකාශයට යන්න ගිහින් වලාකුලක් වෙලා මම ඉපදුන තැනට ගමන් කරන්න

එතනට ගිහින් වැස්සක් වගේ කඩා හැලෙන්න

කඩා හැලිලා සදහටම එහෙ නවතින්න

මගේ භුමියේ පස් මත”

හිතන්න අපේ රටේ 30 වසරක් තිබ්බ යුද්දය ඉවර කරන්න එක්සත් ජාතීන්ගේ හෙන්චයියෝ මොනවද ගත්ත ක්‍රියා මාර්ග සාම සාකච්චා විතරයි ඔවුන්ට ඕනේ උනේ රට දෙකට කඩන්න පැහැදිලිවම කිවුවොත් ඇමරිකාවට ඕනේ විදියට තමා වැඩ සිද්ද උනේ. නමුත් සර්ජියෝ ඩි මේලෝ කියන චරිතය කාටවත් ඔලුව නවපු චරිතයක් නෙවෙයි ඒ බව මැනවින් ඔප්පු වෙනවා සර්ජියෝ ඉරාකයේ කියපු දේවල් වලින් ඒ මාධ්‍යවේදියෙක් ඔහුගෙන් මෙලෙස ප්‍රශ්න කරනවා:

“මාධ්‍යවේදියා : “එක්සත් ජාතින් ඇමරිකානු මැදිහත් වීම ආවරණය කිරීමක් ද කරන්නේ ?

සර්ජියෝ : පළමුව, මගේ මිතුරා, මම ඔබේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නම්. එක්සත් ජාතීන්, ඒ කියන්නේ මහලේකම් වරයා, ඒ වගේම සර්ජියෝ වයිරිරා ඩි මෙලෝ, නියෝජනය කරන්නේ මහලේඛම් වරයාව, අපි කිසිවෙකුත් ආවරණය කරන්නෙත් නැ කිසිවෙකුත් ආරක්ෂා කරන්නෙත් නැ. අපි ස්වාධීන සංවිධානයක්. මහලේකම් කොෆි අන්නන් සහ මම ස්වාධීනයි. ඉතින් ඒ නිසා ක්ෂණිකයෙන් හිතන්න එපා. අපි මෙහෙ ඉන්නේ එක්සත් ජනපදයට හරි සන්ධානෙට හරි සහය දෙන්න කියලා”

ඒ වගේම ඔහු ඔහුගේ කාර්ය මණ්ඩලය කැඳවල මෙහෙම කියනවා “My Friends We are not here to Fix the Iraq” ඒ නිසා මේ ෆිල්ම් එකෙන් ඔයාලට බලාගන්න පුළුවන් ඇත්තටම ඔයාලට බලාගන්න පුළුවන් ඇමරිකාව කියන්නේ මොනතරම් පටු දේශපාලන දර්ශයක් තියෙන රටක් ද කියලා. ඇමරිකාවට ඇත්තටම ඕනේ උනේ ඉරාකය එකදි පති පාලනයෙන් ගලවා ගැනීමක් නොවෙයි. ඔවුන්ට ඕනේ උනේ ඉරාක භුමියේ තෙල් සම්පත. සර්ජියෝට ඕනේ උනේ ඉරාකයේ අස්ථාවර තාවය ඉවත් කරලා ඉක්මනින් මැතිවරණක් තියලා ඉරාකය නැවත ගොඩනගන්න නමුත් පටු ඇමරිකානුවන් එකට ඒකට ඉඩ දෙන්නේ නැ ඒ බව හොඳින්ම ඔබය වැටහෙයි මේ කතාව බැලුවම. ඔවුන් ඇත්තටම මොකක්ද කරන්න ගියේ කියලා. ඒ ගැන ඇමරිකානු නියෝජිත පෝල් බ්‍රයන් සර්ජියෝට මෙහෙම කියනවා:

“මම තීරණය කරලා තියෙන්නේ මැතිවරණයක් පැවැත්වෙන්නේ නැ

අපි සූදානම් වෙනකම්”

සර්ජියෝව ලෝකයා හහැඳින්වුයේ “ The World Mr. Fix It” කියලා ඔහුට ඕනේ උනේ දුක් විඳින ඉරාක ජනතාව එකෙන් ගලවා ගැනීම. නමුත් 2003 අගෝස්තු 9 වෙනි දින කැනල් හොටෙල් බෝම්බ ප්‍රහාරයෙන් ඔහු ඇතුළු කාර්ය මණ්ඩලයේ 21 මිය යාමත් සමග එක්සත් ජාතින් සිය මෙහෙයුම් ඉරාකයේ නවතා දමනවා.

සර්ජියෝ බෝම්බ ප්‍රහාරය එල්ල වෙන්න මොහොතකට කලින් මෙහෙම කියනවා ඔහුගේ මිතුරු ගිල්ට සහ ඇමරිකානු නියෝජිත පෝල් බ්‍රයන්ට:

“සර්ජියෝ: අපි ආරක්ෂක මණ්ඩලයට මැදිහත් වීම පිළිබඳ සම්පූර්ණ ලේඛනයක් යවනවා, ඒ වගේම එකේ ගොඩක් මානව හිමිකම් උල්ලංගනය වීම් සඳහන් වෙනවා, පෝල්”

“ගිල් පුවත් පත් සාකච්චාවක් කැඳවන්න උදේ 9.00 ට ඩිසි (වොෂිංටන්) ඒක දැන ගන්න කලින්. ලෝකයට අයිතියක් තියෙනවා මෙහෙ වෙන්නේ මොනවද කියලා දැන ගන්න”.

එදා ඒ මාධ්‍ය සාකච්චාව සර්ජියෝ පැවැත් වූවානම් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඒ ලේඛන ටික ගියානම් අද ඉරාකය මීට වඩා වෙනස් වෙන්න ඉඩ තිබුනා මොකද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ පුර්ණ කාලින සාමාජිකයන් ගෙන් ( ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, චීනය, රුසියාව) රුසියාව සහ චීනය නිසැකයෙන් තම නිශේද බලය බාවිතා කරණ නිසා, ඒ නිසා ඇමරිකාවට තම සැලසුම් හකුලාගෙන එන්න සිද්ද වෙනවා. මේක හොදින් ඔප්පු වෙන තැනක් තමයි ඇමරිකාව ඉරාකයේ ඇතිකළ තත්වය ඔවුන් වෙනත් ආකාරයෙන් අරාබි වසන්තය ලෙස කරලියට ගෙන ඒම. එම අවස්ථාවේදී සිරියාවට එරෙහිව ඇමරිකාව ගෙන ආ යෝජනාවේදී චීනය සහ රුසියාව තම නිශේද බලය බාවිතා කරලා ඒ උත්සයට වියර්ත කර හරිනවා. නමුත් ඔවුන් ISIS හරහා තම ආශාවන් ඉටු කරගන්නවා සිරියාව තුල.

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මගේ අදහසට අනුව මොකද ප්‍රේක්ෂක ඔබලාට වෙනස් මත තියෙන්න පුළුවන් ඇමරිකාව කියන්නේ 21 වන සියවසේ දියුණු රටක් නමුත් ඒ දියුණුව අනිත් ජාතීන්ගේ කඳුළු මතින්. අනිත් ජාතීන්ගේ මිනි මතින්, අනිත් ජාතීන්ගේ සම්පත් සොරා කෑමෙන් ලබා ගත් ඉතා පටු මානසිකත්වයේ ලබා ගත් දියුණුවක්. අදත් ඔයාලට බලන්න පුළුවන් ලෝකේ කොහේ හරි තැනක ප්‍රශ්නයක් තියෙනවනම් එකේ ඔහේ හරි මුල්ලක ඇමරිකාවේ හෙවනැල්ලක් තියෙනවාමයි. ලෝකයේ තිරුගු නිෂ්පාදනෙන් ඉදිරියෙන් ඉන්න ඇමරිකාව, ඒ තිරිගු අතිරික්ත මුහුදට දාලා අප්‍රිකානු රටවල් වල දිලිදු බව මන්ද පෝෂණය නැති කරන්න ඇමරිකාව. මගේ මතයට අනුවනම් මනුස්ස කම අතින් ඉතා මත් දිළිඳු ජාතියක්. ඒ අතින් මගේ රට ශ්‍රීලංකාව ලෝකයා 3 වන ලෝකයේ දියුණු වෙමින් පවතින රටක් ලෙස හැඳින් උවත් මටනම් මානුෂිය අතින්, මිනිසත් කම අතින්, මානව හිමිකම් අතින් ලෝකයේ ඉතා මත් දියුණුම රටක් කියලා ආඩම්බරයෙන් කියන්න පුළුවන්. 30 වසරක ත්‍රස්ත වාදයේ ගිනිදැල් නිමා කරලා සතුරාට උවත් මානව දයාවෙන් සලකපු අපේ රටට, තම සතුරා මිය ගිය පසුත් ඔන්ගේ සිරුරු වලට මුත්‍ර කරන ඇමරිකානුවන් තමයි මානව හිමිකම් ගැන කිසිම ලැජ්ජාවක් නැතිව අපට චෝදනා එල්ල කරන්නේ.

සර්ජියෝ ඩි මෙලෝ මේ අසහාය මානව හිත වාදියාට ඕනේ උනේ ඒ නැති වී ගිය මනුස්ස කම රැක ගන්න ඒ නිසයි ඔහුගේ මුවින් සැම විටම පැවසුවේ

“සැබෑ අභියෝග

සහ සැබෑ විපාක කිසි විටෙකත් අමතක නොකරන්න

එකසත් ජාතීන්ට සේවය කිරීමේ

ක්‍ෂේත්‍රයෙන් පිට තියෙන

මිනිසුන් දුක් විඳින තැන

මිනිසුන්ට ඔබව අවශ්‍ය තැන”

චිත්‍රපටය ඔබට බාරයි ලිපියේ වැරදි ඇත්නම් සමාවෙන්න කියලා කියනවා මොකද මේ මට දැනුන දේ ලිපියකට ගොනුකරලා ඔබලාට කියන්නේ එහෙනම් බලල අදහස් කියන්න කියලා මතක් කරනවා වැරදි ඇත්නම් නිවැරදි කිරීමේ අයිතිය ඔබලාට බාරයි.


සර්ජියෝ ඩි මේලෝ

චිත්‍රපටයේ සර්ජියෝ ඩි මේලෝගේ චරිතයට
පණපොවන Wagner Moura


සර්ජියෝ ඩි මේලෝගේ නිසල දේහය


කැනල් හොටෙල් බෝම්බ ප්‍රහාරය ( එක්සත් ජාතීන්ගේ ඉරාකයේ මුලස්ථානය)

STAY HOME SAFE!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබදව මලිත් මධුශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-12-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


19 thoughts on “Sergio (2020) Sinhala Subtitle | ලෝකයක් සුවපත් කරන්නා [සිංහල උපසිරැසි සමඟ]

  • Thanks machan sub ekata

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජයම වේවා!
    නිදුක් නිරෝගී සුවපත්භාවයම ලැබේවා!

    Reply
  • ස්තුතියි.ෆිල්ම් එක හොදයි. හැබැයි 18+ කියලා දැම්මනම් වඩාත් හොදයි.title එකේ එහෙම නොදා ෆිල්ම් එක බලද්දී අපහසුතාවයට පත්වෙනවා.

    Reply
    • පස්සෙ තමා මටත් ඒක මතක් උනේ සහෝ

      Reply
  • ලිපිය සෑහෙන්න වටිනවා. උපසිරැසියට බො⁣හෝම ස්තූතියි

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanxxxxx bro………….

    Reply
  • ලිපියටත් සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා.. බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ..

    Reply
  • ඇමෙරිකාව දැන් ඉතිහාසයේ කරපු වැරදි වලට පොලී සමග ගෙවනව කොරෝනා වලින් ..මිනිස් ජිවිත වලින්..

    Reply
  • … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • සබ් එකට ස්තූතියි අයියේ.. ගොඩක් වටින ලිපියක් ගොඩක් මහන්සි වෙලා තියෙනවා.. ගොඩක් ස්තූතියි..

    Reply
  • ලිපිය දැකලා ෆිල්ම් එක බලන්න හිතුනේ thanks සබ් එකට..

    Reply

Leave a Reply to හෂාන් Cancel reply

Your email address will not be published. Required fields are marked *