අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Silent Night (2012) Sinhala Subtitles | මාරාන්තික නත්තල් සැඳෑව..[සිංහල උපසිරැසි සමඟ]

Rating: 5.6/10. From 5 votes.
Please wait...

ඔන්න යාළුවනේ මේ නත්තල් මාසයේ මම ඔයාලට අළුත්ම අළුත් නත්තල් කතාවක් සිංහල උපසිරැසි සමගින් අරගෙන ආවා..මේක සුරංගනා කතාවක්නම් නෙවෙයි. ඒක පින්තූරෙ දැක්ක ගමන් පේනවනේ.. දෙසැම්බර් දෙවෙනිදා සිනමාහල් වලට නිකුත් උන මේ චිත්‍රපටිය පලමු සති අත්නය තුල ඩොලර් 9700ක් හෙවත් ආසන්න වශයෙන් රු. මිලියන 1.2ක මුදලක් උපයලා බොක්ස් ඔෆිස් වාර්තාවකුත් තියලා තියෙනවා.. ඒ වගේම ලොව හොඳම චිත්‍රපටි අතර මේ සතියේ 1700 වෙනි ස්ථානයේ තියෙන්නෙත් මේ චිත්‍රපටියයි. චිත්‍රපටිය සුපිරි එකක් කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.. ඒ නිසා කතාව ගැනත් පොඩි හැඳින්වීමක් කරන්නම්..

නත්තල් සැඳෑව නිසා නගරේ හැම සාප්පුවකම, හැම හන්දියකම නත්තල් සීයලා වැහි වැහැලා. හැම නත්තල් සීයෙක්ම වගේ කරන්නේ මිනිස්සුන්ට සතුට බෙදලා දෙන එකයි..ඒත් එක නත්තල් සීයෙක් නම් එහෙම නැහැ.. එයා සතුට වෙනුවට බෙදන්නේ මරණය..ගැහැනුන් මිනිසුන් විතරක් නෙවෙයි, පොඩි ලමයින් පවා මේ නත්තල් සීයා එයාගෙ ක්‍රෑරත්වයට ගොදුරු කරගන්නවා. හැබැයි ඒකෙ පොඩි විශේෂයක් තියෙනවා.. මෙයා මරලා දාන හැම කෙනෙක්ම පුංචි පුංචි වැරදි කරපු අය.. මේ නත්තල් සීයා අහිංසකයන්ව මරන්නෙ නැහැ.. එයා මරන හැම කෙනෙක්වම මරන්නේ මරණයේ වේදනාව සහ භිතිය දැනෙන්න දීලා..

ඒ රටේ මේ නත්තල් සීයා ගැන පුරාවෘතයකුත් තියෙනවා.. ටිකක් විතර බය හිතෙන චිත්‍රපටියක්.. ඉතින් පොලිසියක් මේ මිනී මරුවා කවුද කියලා හරියටම දන්නෙ නැහැ.. එක තැනක ඔහු කරන මිනීමැරුමක් වීඩියෝ කැමරාවක පටිගත වෙලා තියෙනවා. ඒකෙන් තමයි මේ මිනීමරුවා වෙස් මුහුනක් දා ගත්ත නත්තල් සීයෙක් වගේ ඇඳගෙන ඉන්න අයෙක් බව පොලිසිය දැනගන්නේ.. ඒත් ඉතින් මෙච්චර නත්තල් සීයලා අතරින් මිනීමරුවව කොහොම හොයාගන්නද?

ඉතින්, ඇයි නත්තල් සීයා මෙහෙම මිනී මරන්නේ? මොකක්ද මේ නත්තල් සීයා ගැන තියෙන පුරාවෘතය? ඒ පුරාවෘතය මේ නත්තල් සීයට සම්බන්ධ වෙන්නේ කොහොමද? පොලිසියට මේ මිනීමරු නත්තල් සීයාව අල්ලගන්න ලැබේවිද? බය හිතෙන චිත්‍රපටි වල අවසානයට වෙනවා වගේ මේ චිත්‍රපටිය අවසානයේදිත් මේ මිනීමරු නත්තල් සීයා ඉතුරු වේවිද? කියලා චිත්‍රපටිය බලලම දැනගන්න යාළුවනේ.. ජයවේවා!!

වැඩිහිටියන්ට පමණක් වඩාත් සුදුසු වේ…

නිහඬ වූ රාත්‍රිය ……..
ශුද්ධ වූ රාත්‍රිය ……..
හැමදේම සන්සුන් ……..
නිහඬ රාත්‍රිය ……..
මාරාන්තික රාත්‍රිය ……..

හැමදේම සන්සුන් 

මෘදු බව නොගැලපේ ……..
කන්‍යාවියන් වට කර ……..
දඟර දම්වැල් වලින් ……..
අඳෝනා අසමින් ……..
නිෂ්ඵල කෑගැසීම් ……..
වේදනාවෙන් කෑගැසීම් ……..

හැමෝම දකීවි අද රෑ ලේ රතු පැහැය

සෙල්ලම්බඩු පෙට්ටියකට දමා ……..
දෙවරක් අගුළු දැම්මොත් වඩා හොඳයි ……..
පඩිපෙල දිගේ දිව යන්න ……..
ඔබේ ජීවිතේ නැති වීමට පෙර ……..
ඔබ කැමති තරම් හයියෙන් අඬන්න ……..

කිසිදෙයකට අද රෑ ……..
ඔබව බේරගත නොහැකියි ……..
නිහඬ රාත්‍රිය ……..
මාරාන්තික රාත්‍රිය ……..
කිසිදෙයකට අද රෑ ……..

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/06/14

53 thoughts on “Silent Night (2012) Sinhala Subtitles | මාරාන්තික නත්තල් සැඳෑව..[සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දැම්මා . 😛 😛

    Reply
  • thanks kollaa

    Reply
  • අම්බෝ භයානක ෆිල්ම් එකක් වගේ…… 😛 කෝකටත් කියලා Trailer එක බලලා ඉන්නවා….. 🙂

    Reply
  • maxxxxxxxxxxxa bro…keep it up ;; prasanna uk

    Reply
  • ela film 1k…tnx sahoo..
    BRRip 1ta sub 1 dennathda??

    Reply
  • අපි මේ ගැනත් මංසලේ කිව්වනේ… 😉
    නියමයි යාළු ඔයාලා මේවා සබ් දෙන එක හොදයි. මාත් ඉක්මනට බලන්ඩ ඕනෙ. ටිකක් වෙන්ස්ම කතාවක්නෙ.

    Reply
  • එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]

    Reply
  • thanks lot හැමදාම වගේ suprb බයිස්කෝප් එකක් දිලා තියෙන්නෙ….

    Reply
  • ස්තූතියි.අලුත් ආරක නත්තල් ෆිලම් එකක් වගේ.අපිට බලලා පුරුදු නත්තල් සීයගේ තෑගි බෙදන කථානේ.මේ පාර අමුතුම එකක්.

    Reply
  • මාරම කතාවක්නෙ.අනිව බලනව.නියමයි දිනිඳු.ජයවේවා.බොහෝ……………ම ස්තූතියි…!

    Reply
  • ela machan… patta kawiya…

    Reply
  • bluray rip eka me sub ekata gelapenavada

    Reply
  • නියම ෆිල්ම් එකක් වගේ. සබ එක්කම දුන්නට දිනිදු සහෝට ස්තුති. ජය.. !! 🙂

    Reply
  • machan torrent1 thiyena link 1 no wada 😉

    Reply
  • machn sub eka banna bane.. poddak balala wena link ekak diyankooo …

    Reply
  • නියමයි…. පෂ්ට කතාවක් වගෙයි… තැන්කූ වේවා~

    Reply
  • එල එල පට්ට ෆිල්ම් එකක් වගේ,අනිවා බලනවා
    බොහොම ස්තුත්යි සහෝ..
    එහෙනම් ජයවේවා…!!

    Reply
  • මමත් ගන්නවා මේක
    වෙනස්ම කතාවක්නේ..

    ~~~~ජය වේවා~~~~

    Reply
  • ස්තුති වේවා දිනිදු සහෝ මේ අලුත්ම මුවි එක අපිට ගෙනවාට
    එව‍ගේම සිංහල සබත්

    ජය වේවා..!

    Reply
  • නියමයි ඔහොම යන කොල්ලෝ

    Reply
  • බොහොම ස්තූතී දිනිදු ඔයාගේ සබ් පට්ට දිගටම කරමු වැඩේ…

    Reply
  • සුපිරි සුපිරි සුපිරි මාත් ගත්තා

    Reply
  • නියමයි මචං.. ජය වේවා

    Reply
  • මේක නියම ෆිල්ම් එකක්නේ.බලන්න ඕනේ .ජය

    Reply
  • එල එල එලම තමා මචං ආයේ එකෙන්ම මේක දැන්ම ගන්නවා..

    Reply
  • ජය වේවා!!! සුපිරි !!!

    Reply
  • මමත් ගන්නවා මේක ගැන අහලා තිබ්බ.සිරා හොදේ උණු උණුවෙන් දෙන එක

    Reply
  • මැක්සා නේ මේක එල වගේ 🙂 බොහොම පින් මචං

    Reply
  • මමත් කැමති මේ වගේ ඒවාට දිනිදු දුන්නොත් ආයේ එලම තමා…

    Reply
  • ජය වේවා මේ තියෙන්නේ මම හොයා හොයා හිටපු එක තැන්ක්ස්

    Reply
  • සුපිරි මචං මේක දෙනකම් උන්නේ 🙂

    Reply

Leave a Reply to amiaangelo Cancel reply

Your email address will not be published. Required fields are marked *