You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , January 23 2020
Breaking News
Home / All / Sir AKA Cenerentola in Mumbai (2018) Sinhala Subtitles | දුරම දුරයි ඔබ ළඟම ළඟයි [සිංහල උපසිරැසි සමග]

Sir AKA Cenerentola in Mumbai (2018) Sinhala Subtitles | දුරම දුරයි ඔබ ළඟම ළඟයි [සිංහල උපසිරැසි සමග]

Rating: 8.5/10. From 22 votes.
Please wait...

දහවල් 12 පහුවෙලයි තිබ්බේ
එළියේ හීන් පොද වැස්සක් වැටෙනවා
පුරුදු පාළුව සහ නිස්සද්ද බව නිවස වෙලාගෙන.
ඔහුගේ කාමරේ දොර බාගෙට ඇරලයි තිබුණේ
ඇය ට්‍රේ එකේ තියාගෙන කෑම ගෙනාවා
දොරට තට්ටු කරගෙනම ඇය ඇතුල් වුණා,
‘මහත්තයා, කෑම..’
ඔහු පරිගණකය හකුළුවා පැත්තකින් තබා හිරි ඇරියා
දෑස් විපරමින් නතර උනේ ඈ ගාව
ඈ නිහඬවම කෑම මේසය සකසන්න ගත්තා
ඔහුගේ දෑස් ඈ පිරික්සන්න ගත්තා.
පිලිවෙලින් ඇගේ පපුවත් නිරුවත් ඉඟටිය වෙතත් දිවගියා.
‘කෑම ලෑස්තියි මහත්තයා’, ඈ කීවා
එවෙලේ ඔහුට දැනී තිබුණේ නම්
බඩගින්නට එහා ගිය දෙයක්..
ඔඩු දුවපු අකීකරු හිතුවිලි වලට අවනත වෙලා
ඔහු ඇගේ ගමන් මග හරස් කළා
ඊළඟ මොහොතේ කාමරයේ දොර වැසී ගියා.

උඩ කතන්දරේ බලාපොරොත්තුවෙන් Sir බලන්න යනවා නම් කියන්න තියෙන්නේ, සමාවෙන්න මේ එහෙම කතාවක් නෙමේ. එහෙනම් කොහොම කතාවක්ද කියන ප්‍රශ්නේ ඉතුරු උනා නම් කියන්න තියෙන්නේ, හිත නිවාගෙන යන කවුරුත් බැලිය යුතු අපූරු කතාවක් කියලා. යූටියුබය දිග් විජය කරපු, සිනමා ශාලා පුරවලා උතුරවපු නිර්මාණයක් නම් නෙමේ මේක. හැබැයි ඉන්දියාවේ නිෂ්පාදනයක් උනත් ඉන්දියාවටත් වඩා ජාත්‍යන්තරයේ අවධානය දිනාගත්තු හොඳම චිත්‍රපටියක්. සැකයක් නැහැ ඉන්දියාවෙත් බහුතරයක් මේ චිත්‍රපටිය ගැන මේ වෙනකොටත් නොදන්නවා වෙන්න පුළුවන්. ඔවුන් හොයන සුපිරි නළු නිළියන්, වර්ණවත් පසුතලයන්, “ආතල්’ දර්ශනයන් තිබුණා නම් මේ චිත්‍රපටියත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් නරඹන්නට තිබුණා. තවත් උදාහරණ මොකටද, මේ ලිපියේ උඩම ජේදය රස කර කර කියවපු අපේ බහුතරයක් දෙනා මේ පරිච්ඡේදය කියවද්දී බලාපොරොත්තු කඩ කරගෙන ” අපෝ, මේවා බලන්නේ මොකටද?’ කියාගෙන වෙන පිටුවකට ගිහිල්ලත් ඇති. තවමත් කියවන ඔබට ස්තුතියි. ඉතින් ආදරයෙන් පිලිගන්නනවා මේ සිංහල උපසිරැසිය. නැතත් ඉංග්‍රීසි උපසිරැසිය සමඟ හෝ නරඹන ලෙසට ආරාධනා කරනවා. රස විඳින්න මේ අපුරු ආමන්ත්‍රණය. මේ වන විටත් ජාත්‍යන්තර සම්මාන උළෙලවල රැසක ප්‍රදර්ශනය වෙලා හොදම චිත්‍රපටය, හොඳම නිළිය ඇතුළු බරින් වැඩි සම්මාන වලට නිර්දේශ වෙලා, හිමිකම් කියපු Sir ඉදිරියේදී බොහෝ දෙනාගේ අවධානයට ලක් වේවි/ලක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් මං නිහඩ වෙන්නේ, හදවතින්ම නරඹන අයට ප්‍රතිචාර කවුළුව විවෘත බව මතක් කරගෙනමයි..

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Leave a Reply

35 comments

  1. it` an amazing film…. thanks 4 ur sub…

  2. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  3. The best film i have ever seen . I can’t believe .. what a acting is Tillotama Shole’s ? Thanks you very much for your subtitles !
    Great job Baiscope !!

  4. මම ඊයේ බැලුවේ. හිතුනා comment එකක් දන්න, ඉතාම සුන්දර කතාවක්. මෙවැනි කතා වලට උපසිරිසි දමන අය අඩුයි. එවැනි පසුබිමක මේ කළ මෙහෙයට ඔබට බොහොමත්ම ස්තුතියි.

    • man thama film eka baluwe na, download kala witharai. hithena vidihata niskalanka nirmanayak. me wage niskalanka films thawa loke godak thinawa. ewa hoya gena sub karanna.eka loku sewayak. englisg. hindi tamil Malayalam oya hama sinamawema niskalanka nirmana bihiwenawa. thnks

  5. Thanks !!!!!!!!!!!

  6. Superb Movie, after a long time….. i know it’s really difficult to do subs for this kind of movies…..any way thanks a lot…… wish you a more strength to do ……great job….!!!

  7. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  8. bohoma sthuthi sahooo jaya …

  9. හිතුවේ නැති අවසානයක් කරා ගිය හිතට වැදුණු නැවත නැවත බලන්න හිතෙන සුපිරිම ෆිලුමක්.
    තැන්ක්ස් බ්‍රෝ. මෙවැනිම කලාත්මක ඇසින් දකින්න පුළුවන් ෆිලුමක් නැවත sub කිරීමට ලැබේවා කියා පාර්ථනා කරමි.

  10. ස්තූතියි සහෝ

  11. බොහොම ස්තූති මයුර සහොදරයා සහා බයිස්කෝප් කන්ඩායමට සිංහල උපසිරස වේනුවේන්. හැමදාමත් වගේ ඉතාම වේනස් සහා සිත්ගන්නා සුලු සිනමාපටයක් තිලින කලාට බොහොම ස්තූති නැවතත් ❤️❤️

  12. මේවට තම ‍ෆිල්ම් කියන්නේ, හරිම සංයමයක් තියෙන, හිතට දැනෙන අමතක කරන්න බැරි කතාවක්, මැරෙනකම්ම මතකේ ‍රැ‍ඳෙනවා. මට නම් කියන්න තියෙන්නේ බැලුවෙ නැත්තම් දැන්මම බලන්න. සම් එක දැම්මට බොහොම ස්තූතියි. බයිස්කෝප් නැත්තම් ඇත්තටම මේක මග ඇරෙනවා. කැම්පස් ඉන්න කලේ නම් එන හැම ‍ෆිලිම් එක ගැනම අවදානෙන් හිටියේ. දැන් එහෙම බෑ. ඒක නිසා මේවාගේ ඒවා මග ඇ‍රැනවා.

  13. ‍ෆිල්ම් කියන්නේ මේවට …දැකපු නියමම ‍ෆිල්ම් එකක් කියලා වැඩක් නෑ..මාරම මාරයි..පටන් ගැනීමේ ඉදලා නියමෙට ගලා ගියා අපි වෙයි කියලා බලාපොරොත්තු වෙන දේ ආසන්නෙටම ආවහම අපරාදේ උනේ කියලා අපිටම හිතෙනවා..කෙල්ල ෆැශන් ඩිසයින වෙලා කොල්ලා බැන්දොත් ‍ෆිල්ම් එකේ තිබ්බ භාවාත්මක බව නැතිවෙනවා ..අන්තිමට මොකද මේහෙම අවස්ථාවකට කල යුත්තේ කියලා අපිට එක එක දේවල් හිතාගන්ඩ නෑ එක නෙවෙයි මෙහෙම උනොත් මොකද කියලා සිහින මවන්ඩ අවස්ථාවක් දෙනවා..සම්මාන ලැබිය යුතු නිර්මානයක් අතිවිශිටයි..ඔයාටත් පිං මේක කරාට..ස්තූති..ආදරය කියන්නේ හිමිකර ගැනීමම නොවේ..ආදරේ නම් ඇයට ඒ වෙලාවේ කරන්ඩ පුලුවන් හොදම දේ ඔහු කරා අත්හැරීම.. “ආල වඩන යන තේරුම බෝසත් කම වැනි”

  14. ‍ෆිල්ම් කියන්නේ මේවට …දැකපු නියමම ‍ෆිල්ම් එකක් කියලා වැඩක් නෑ..මාරම මාරයි..පටන් ගැනීමේ ඉදලා නියමෙට ගලා ගියා අපි වෙයි කියලා බලාපොරොත්තු වෙන දේ ආසන්නෙටම ආවහම අපරාදේ උනේ කියලා අපිටම හිතෙනවා..කෙල්ල ෆැශන් ඩිසයින වෙලා කොල්ලා බැන්දොත් ‍ෆිල්ම් එකේ තිබ්බ භාවාත්මක බව නැතිවෙනවා ..අන්තිමට මොකද මේහෙම අවස්ථාවකට කල යුත්තේ කියලා අපිට එක එක දේවල් හිතාගන්ඩ, නෑ එක නෙවෙයි මෙහෙම උනොත් මොකද කියලා සිහින මවන්ඩ අවස්ථාවක් දෙනවා..සම්මාන ලැබිය යුතු නිර්මානයක් අතිවිශිටයි..ඔයාටත් පිං මේක කරාට..ස්තූති..
    ආදරය කියන්නේ හිමිකර ගැනීමම නොවේ..ආදරේ නම් ඇයට ඒ වෙලාවේ කරන්ඩ පුලුවන් හොදම දේ ඔහු කරා අත්හැරීම.. “ආල වඩන යන තේරුම බෝසත් කම වැනි”

  15. Supiri film ekak.
    Sub ekata thanks.

  16. මේ සිනමා පටය ගැන කෙටියෙන් කියනවනම්… ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එලිය සේ අචින්ත්‍යයි පාරිශුද්ධයි සුරම්‍යයි….

  17. send a link to download this movie

  18. Great Choice Bro..Hope u again such a great movie

  19. Torrent download කරන්නෙ කොහොමද..??

  20. උපසිරැසියට බොහෝම ස්තුතියි

  21. Film eka හිතට වැදුනා.Thanka………..

  22. ස්තුතියි ස්තුතියි ස්තුතියි සහෝ…අමුතු කතාවක්…..දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි….ජය වෙිවා….

  23. සිංහල උපසිරැසියට ස්තූතියි

  24. Lalani Maduwanthi

    Thank you,,,godaak pin oyata

  25. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!

  26. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂
    ජය වේවා.!

  27. Eye film eka down kara witjrai.ස්තුතියි මයුර උපසිරසියට …..ඔන්න ගත්ත එහෙනමි

  28. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

error: Alert: Content is protected !!