Sunday , September 26 2021
Breaking News

Skater Girl (2021) Sinhala Subtitles | ජීවිතේ සිහිනය සැබෑ කරගත් දියනිය [සිංහල උපසිරසි]

Rating: 8.9/10. From 17 votes.
Please wait...

ඇය නමින් ජෙසිකා,ලන්ඩන් වල ඉදල ඉන්දියාවට එන්නේ සංචාරකයෙක් විදිහට,ඇය ඉන්දියාවේ රාජස්ථාන්හි උදයිපූර් වලට සහ කේම්පූර් වලට පැමිනෙනවා, නමුත් ඇය එන්නේ එම ගම්මාන මොන තරම් දරිද්‍රතාවයකින් වෙලෙනවද කියල සොයා බලන්න, ඒ ගම්මානය මොන තරම් දරිද්‍ර ද කියනවා නම් එහි ජීවත් වෙන දරුවන්ට දුරකතනයක්,වාහනයක්,මෝටර්බයික් එකක් හරියට ආෂ්චර්වයක් වගේ,හරියට අපේ සිංහල සිනමාවේ තිරගත උන හෝගානා පොකුන චිත්‍රපටිය හා සමානයි,කවදාවත් මුහුද දැක්කෙ නැහැ වගේ ඒ ලමයින්ටත් මේ දේවල් සිහින වගේ,ඇය කේම්පූර් වලට පැමිනියාට පසුව ඇයට මැදිවියේ දැරියක් හම්බ වෙනවා, ඇය නමින් ප්‍රේර්නා,ඇය සමග ඇගේ විස්තර කතා බහ කරන අතර තුර ඇය දකිනවා එම ගම්මානයේ දරුවන් ස්කේටින් ක්‍රීඩා කරන්න යොදා ගන්නා වගේ උපකරනයක් සමග ළමයි සෙල්ලම් කරනවා, ඒ ළමයි ස්කේටින් වලට මොනතරම් කැමතිද කියනවා නම් පාසල් යන්නෙත් නැතුව ස්කේටින් ක්‍රීඩා කරනවා, ප්‍රේර්නාත් ස්කේටින් වලට ගොඩක් කැමතියි, පාසල් ගියත් මොනව කලත් ඇගේ ජීවිතයම ස්කේටින් විතරමයි, ජෙසිකාට ජීවිතේ කරන්න පුළුවන් උපරිම තෘප්තිය ඇය එහිදී විදගන්නව වගේ එම දරුවන්ටත් ඔවුන්ගේ ජීවිත සාර්ථක කරගන්නත් ඇය විශාල කැප කිරීමක් කරනවා, එහිදී ප්‍රේර්නාගේ ජීවිතේ සාර්ථක වෙන හැටි චිත්‍රපටිය බලළම තේරුම් ගන්න, ඉන්දියාවේ විශාලතම ඩෙසර්ට් ඩොල්ප්හින් ස්කේටින් උද්‍යානය ඉදි වෙන්න මූලික අඩිතාලම ගැන චිත්‍රපටියේ කිය වෙනව වගේම ස්කේටින් ක්‍රීඩාව උතුරු ඉන්දියාවේ මොන තරම් ජනප්‍රිය ක්‍රීඩාවක් වෙනවද කියල ඔයාලම බලන්න.

සුබ දවසක් යාළුවො හැමෝටම, ඔන්න මම මේ පාර අරන් ආවෙ 2021 ජුනි 11 වෙනි දින නෙට්ෆ්ලික්ස් මගින් නිකුත් කරපු ලස්සන චිත්‍රපටියක් අරන්, Skater Girl 2021. මෙම චිත්‍රපටිය හින්දි එකක් උනාට උපසිරසි කලේ ටැමිල් එකකට,ඒත් කාටවත් ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ,මොකද කිවුවොත් හින්දි,ටැමිල්,තෙලිගු භාශා තුනටම ගැලපෙන විදිහට උපසිරසිය නිර්මානය කරල තියෙන්නෙ,ඔයාලට ඕන විදිහකට බලන්න පුළුවන්. මෙම චිත්‍රපටිය 2021 වසරේ හොදම චිත්‍රපටියට හිමි සම්මානය ලැබෙනව අනිවාර්යයි. චිත්‍රපටියට හිමි රේටින් නම් උපරිමයෙන් ලැබිල තියෙනව, imdb අගය 6.7සහ තක්කාලි අගය 94%ක් සහ ගූගල් පරිශීලන කැමැත්ත 82%ක් ලැබිල තියෙනවා,Drama Family Sport කියන ඛාන්ඩයට තමයි මේක අයිති වෙන්නෙ, පැය 01යි විනාඩි 47ක් පුරාවට ලස්සන කතාවක් ගලා ගෙන යනවා.

ඉතින් කියන්න කැමතියි මෙම චිත්‍රපටියට විශේෂ හැකියාවන් කිහිපයක් කරන්න ලැබිල තියෙනවා, හැම චිත්‍රපටියකම තියෙන ගොඩක් දේවල් මෙම චිත්‍රපටියේ අඩංගු වෙන්නෙ නැහැ,මම පොඩි හැදින්වීමක් කරන්නම්,ලිංගිකත්වය සහ නිරුවත මෙහි අඩංගු නොවේ,ඒ වගේම වදහිංසා සහ ගෝර නාඩු මෙහි නැත,අසභ්‍ය වචන,මද්‍යසාර,මත්කුඩු,දුම්වැටි මෙහි අඩංගු නොවේ,ඒ වගේම අපි ආසාවෙන් බලන ගහගැනිලි,වෙඩි තැබීම් මෙහි බලන්න වෙන්නේ නැහැ, ඒ නිසා ගොඩක් අය මේකට කැමති වෙයිද දන්නෙ නම් නැහැ, ඒත් මේ වගේ ෆිල්ම් වලට කැමති අයට නම් ලස්සන ෆිල්ම් එකක් වෙනව නොවුනුමානයි.

එහෙනම් ඇනුම් බැනුම්,හොද නරක හැම දෙයක්ම පහලින් සදහන් කරන්න අමතක කරන්න එපා,මොකද ඒ දේවල් තමයි අපිට ශක්තියක් වෙන්නෙ ගුනාත්මක උපසිරසි කරන්න, ගුනාත්මක ෆිල්ම් අගයන අයට නම් මෙම චිත්‍රපටිය හොද ෆිල්ම් එකක් වෙනව අනිවාර්යයි. එහෙනම් හැමෝටම ජය වේවා,පරිස්සමින් ඉන්න, ආදරය මහ මෙරක් වගේ විශ්වාස කරන,ආදරයට ආදරය කරන අය වෙනුවෙන් ලස්සන ෆිල්ම් එකක උපසිරසියකින් ඉක්මනටම හම්බ වෙමු, හැමෝටම බුදුසරනයි දෙවිපිහිටයි.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරස HDRip පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සම්පත් විජේසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-06-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

The Outpost (2018-) [S04 : E11] Sinhala Subtitles | ඇස්ටර්කින්ජ්ගේ ආරක්‍ෂකයා [සිංහල උපසිරසි]

– ගෝලු සහ ඇස්ටර්ගේ සිරුරු තියෙන්නෙ මෙතනයි මෙතනයි. – අපි එයාලගෙ ශරීර විනාශ කළොත්, අපේ …

Leave a Reply

Your email address will not be published.

11 comments

  1. Thanx Brother

  2. බොහොම ස්තූතියි …!

  3. Thanks !!!

  4. Buddhika Lakmal

    ♠♣…බොහෝම ස්තූතියි උපසිරැසියට… ♠♦

  5. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  7. thanks..

  8. ඉංග්‍රීසි ඩුවල් ඕඩියෝ නැති වෙයිද දන්නෑ නේ.??මට ඔය හින්දි,ටැමිල් භාශා සෙට් වෙන්නෙම නෑ..කනට හරිම අමාරුයි..

  9. thnx bro

  10. thanks bro…….!

  11. f9 sub eka dennako

error: Alert: Content is protected !!