අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Skytten (2013) | වෙඩික්කාරයා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.5/10. From 2 votes.
Please wait...

skytten 2013ඔන්න යාළුවනේ තවත් අළුත් චිත්‍රපටියක් සිංහල උපසිරැසිත් එක්ක ඔයාලට ගෙනාවා. ඩෙන්මාර්ක් රටේ සිදු උන අපූරු සිදුවීමක් රැගත් මේ චිත්‍රපටිය The Marksman (1977) චිත්‍රපටියේ ප්‍රතිනිර්මාණයක් කිව්වොත් නිවැරදියි. මේ අවුරුද්දේ පෙබරවාරි 28වෙනිදා ඩෙන්මාර්කයේ තිරගත වීම ඇරඹුන මේ චිත්‍රපටිය IMDb දර්ශකයේ 5.0/10ක ඇගයීමක් ලබා තියෙනවා වගේම මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි 5000 අතර 166 වෙනි ස්ථානයේ තිබෙනවා. මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නේ Delhi Belly (2013) චිත්‍රපටියේ Vladimir Dragunsky ගේ චරිතයට පණ පොවන Kim Bodnia නැමති රංගන ශිල්පියා විසිනුයි.

ඩෙන්මාර්කය හා ඇමරිකාව අතර ඇතිවෙන්න යන තෙල් ගිවිසුමක් සම්බන්ධයෙන් තනිවම ක්‍රියා කරන අපූරු මිනිසෙක් වටා තමයි මේ කතාව ගෙතිලා තියෙන්නේ. ඔහු නමින් රැස්මස් හෝම් ජෙන්සන්. අති දක්ෂ ස්නයිපර් වෙඩික්කාරයෙක්. මෙම තෙල් ගිවිසුම නිසා පරිසරයට ඇතිවන බලපෑම හේතුවෙන් අදාල තෙල් ගිවිසුම ඇති වීම වැලැක්වීමට උත්සාහ කරන රැස්මස්, වෙනත් විදිහකින් ඇමරිකාව විසින් ඩෙන්මාර්ක රජය රැවටීමට ගන්නා උත්සාහය ව්‍යර්ථ කිරීමටද බලවත් උත්සාහයක් දරනවා. මෙම ගණුදෙනුවට සම්බන්ධ ඇමතිවරුන්, තෙල් සමාගම් අයිතිකරුවන් හා තෙල් සම්බන්ධ විශේෂඥයන්ව බිය ගැන්වීමට ලඟ පාත ඉලක්ක වලට වෙඩි තබනවා. ඒ හේතුවෙන් පොලිසිය මොහු පස්සෙන් පන්නනවා. මිණී මැරීමට මොහුගෙ කිසිම අරමුණක් නෑ. නමුත් මොහු අතින් එක දවසක් අත් වැරදීමකින් තෙල් සමාගම් හිමිකරුවෙක්ගේ ආරක්ෂකයෙක් මිය යනවා. ඒ සිදුවීමෙන් පස්සේ රැස්මස්ට තම අනන්‍යතාවය රැකගෙන ඉන්න ඉඩ ලැබෙන්නෙ නැහැ.

මොහු තමන්ගෙ අරමුණ ගැන ජනතාව දැනුවත් කිරීමට යොදා ගන්නේ මියා මෝස්ගාඩ් නැමති වාර්තාකාරිණියක්. ඔහු තමන් සතු තොරතුරු සියල්ලම මියා මෝස්ගාඩ් හට ලබා දීලා එම තොරතුරු මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් කරන්නැයි ඉල්ලීමක් කරනවා. මේ හේතුවෙන් පොලිසියි මියා ගැනත් සෝදිසියෙනුයි ඉන්නේ. ඇය රැස්මස් කරන මේ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් වලක්වන්න උත්සාහ කරනවා. ඒ අතර මියා ඉන්දියානු දැරියක්ව අරන් හදාගන්න බලාගෙන ඉන්නවා. රැස්මස්ගෙ සිද්ධියට සම්බන්ධ උන නිසා මියාට ඩෙන්මාර්කයෙන් පිට වෙන්න තහනම් කෙරෙනවා.

ඉතින් යාළුවනේ.. මියා මෝස්ගාඩ් මෙම තොරතුරු ප්‍රකාශයට පත් කරාවිද? එහෙම කරොත් එහි ප්‍රථිඵලය මොන වගේ වේවිද? රැස්මස් හෝම් ජෙන්සන්ව අල්ලගන්න පොලිසිය මොන වගේ මෙහෙයුමක් දියත් කරාවිද? පොලිසියට ඔහුව අල්ලගන්න පුළුවන් වේවිද? රැස්මස්ගෙ අභිප්‍රායන් සඵල වේවිද? ඊට කලින් ඔහුව පොලිසියට කොටු වේවිද? මියාට අර දැරියට අම්මා කෙනෙක් වෙන්න පුළුවන් වේවිද? කියලා චිත්‍රපටිය බලලම දැනගන්න යාළුවනේ. ජයවේවා!!!

Skytten (2013) on IMDb

 

 

61dbab3124e2e6e9a00ae38fe3dd06c631adb881
6b502f377d1b760cfe7629ee73266f288e9ea091
43081837261f85a4e1114439184bf256375e60ea
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

54 thoughts on “Skytten (2013) | වෙඩික්කාරයා [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

    Reply
  • එල එල.ස්නයිපර් කතාවක්.අපේ දිනිඳුවනෙ දීල තියෙන්නෙ.අනිව සුපිරි ඇති.ජයවේවා.බොහෝ………………………………ම ස්තූතියි…!

    Reply
  • ammo dinidu oya denne patta pathru badu kiyala api dannawooo,gindara ..fillm ekak wenna athi..onna banna damma..sub ekata romba thanks

    Reply
  • බොහොම ස්තූති සබ් වලට….

    Reply
  • චිත්‍රපටියක් ලස්සන වෙන්න ඇක්ෂන් තියෙන්නම ඕන්නෑ. කොහොම වුනත් දිනිඳු සහෝ මේක උපසිරැසි ගන්වා දීපු එකට බොහොම ස්තූතියි.. මොකද බයිස්කෝප් අපි අලුතෙන් නිකුත් වන හොඳ මට්ටමේ හැම කතාවකටම සබ් දෙනවනෙ. මෙතෙක් කාලයක් බයිස්කෝප් සයිට් එකත් එක්ක දිනිඳු ඉන්න එක ගැන සතුටුයි,, තව දීර්ෂ කාලයක් මේ ප්‍රජා සත්කාරය කරන්න හැකියාව ධෛර්යය ලැබේවා.. එහෙනම් ජයම වේවා෴ (සමාවෙන්න ඕනෙ වැඩිය කමෙන්ට් නොදාන එකට, ඉඩක් ලැබුනහම තමා පොඩ්ඩක් මේ පැත්තට ඇවිත් කමෙන්ට් දාන්න හොයන්නෙ)

    Reply
  • නියමයි මචෝ!! ස්තුතියි සබ් එකට

    Reply
  • ela ela thanks aiya

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බෝහෝම ස්තුති සහෝ.ගොඩාක් මහන්සි වෙලා සබ් දාලා තියෙනවා වගේ පේන්නේ.පින් දීලා බා ගන්නම්.ඇත්තටම 1 විතරයිනේ අපිට කරන්න පුලුවන්.

    Reply
  • හොදා වගේ
    බලමුකො
    තව දෙන්න
    ඔබට ජය……..

    Reply
  • දිද්නිදු මචා ටික දවසකින් මේ ඇවිත් තියන්නේ ආයේ….
    මේකත් පට්ට බාන්ඩයක් වගේ නේ…
    ඒකනේවි මම මේකේ ට්‍රේලර් කෑල්ල බැලුවා…
    අන්ගිරිසි නෙවි වගේ නේද….
    කාරියක් නැහැ…
    බලලම බලමුකෝ…
    ජය වේවා!!!!

    Reply
    • ෆිල්ම් එක ඩෙන්මාර්ක්. ඉංග්‍රීසි නෙවෙයි. හැබැයි මචං එච්චර ඇක්ෂන් නෑ.. නෝමල් ස්ටෝරිටක්. ඒක නිසයි “පට්ට චිත්‍රපටියක්“ කියලා දැම්මෙ නැත්තේ..

      Reply
  • බොහොම බොහොම ස්තුතියි කිව්වට පිළිගන්න එකක් නෑ මම මේක බාල තියෙන්නෙ. නමුත් බලන්න තවම හිතුනේ නැහැ. මෙහෙම පට්ට කතාවක් දන්නේ අද නොව. ඔන්න එහෙනම් උපසිරැස ගත්තා. බොහොම තුතියි.

    Reply
      • අපෝ ඒකට කාරි නැහැ. මම ඇක්ෂන් බැලුවට මම Drama ලෝලියෙක්. ගහමරාගන්න ඒවට වඩා හොද කතා තියන ඒවට තමා කැමති.

        Reply
  • එල මචෝ සබ්වලට බොහොම ස්තුතියි !!!

    ජය වේවා !

    Reply
  • දිනිඳු සම්පත thanks macho sub ekata

    Reply
  • දිනිඳු සහෝ බොහොම ස්තූතියි, ඔන්න බාන්න දැම්ම.

    Reply
  • ජයෙන් ජය මචෝ

    Reply
  • ඔන්න මමත් කැමති මේ වගේ කතාවලට මරු

    Reply
  • තැන්ක්ස් වේවා!

    Reply
  • නියමයි දිනිදු බලන්න ඕනේ

    Reply
  • patta hode download wenna damma

    Reply
  • බොහොම පින් සහෝ

    Reply
  • digatama subs demu mey wage elakiri film walata

    Reply
  • නියමයි සහෝ බලන්නම එපයි මේ වගේ කතා

    තුති!

    Reply
  • niyamai action akak wage hoda thx dinidu

    Reply
  • මැක්සා කතාවක් වගේ දිනිදු දෙන ඒවා පට්ටයි කොහොමත්

    Reply
  • ස්තුතියි වේවා දිනිඳු සහෝ..

    ජය වේවා

    Reply

Leave a Reply to සමීර කරුණාරත්න Cancel reply

Your email address will not be published. Required fields are marked *