Wednesday , September 23 2020
Breaking News

Snakes on a Plane (2006) with Sinhala Subtitles | ගුවනේ සර්පයෝ. [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.9/10. From 8 votes.
Please wait...

ආයුබෝවන් යාලුවෝ හැමෝටම. ඔන්න ඉතින් මගේ විසි හතරවෙනි නිර්මාණය විදියට තවත් අතිශය ජනප්‍රිය වෙච්ච චිත්‍රපටයක් අරන් ආවා. මේක උපසිරසි දාන්න වෙන්කරගන්න මට උදවු උන සමීර කරුණාරත්න සහෝදරයාට ඉස්සෙල්ලම ස්තුති කරන්න ඕන. මොකද මේක ගොඩක් ලස්සන මම කැමතිම චිත්‍රපටයක් උනත් වෙන කෙනෙක් බාර අරන් තිබිල තියෙන්නේ. කොහොමහරි එයාට වදයක් වෙලා මේක ඉල්ලා ගත්ත. මොකද මට මේකට සබ් කරන්න ඕනම උනා.

මේ චිත්‍රපයට නම දැක්ක ගමන් ගොඩක් අයට මතක්වෙනවා ඇති. මොකද කාලයක ඉතාමත් ජනප්‍රිය වෙලා තිබ්බා. IMDb අගය 5.6 අරන් තියන ඔයාල හොඳටම දන්න අර ඇවෙන්ජර් එකේ ලොක්කා සැමුවෙල් එල් ජැක්සන් රඟපාන චිත්‍රපටියක් මේක. අවුරුද්ද පරණ උනාට මේක ඉතා වියදමක් කරලා කරපු නිර්මාණයක් හින්දා, තාමත් අලුත් වගේ. ඉහලම තාක්ෂනය යොදාගෙන නිර්මාණය කරලා තියෙන්නේ. තවත් කියන්න තියෙන්නේ මේකේ පුංචිම පුංචි වැඩිහිටි දර්ශනයක් තිබ්බත් ඔක්කොටම බලන්න පුළුවන් චිත්‍රපටියක්.

කතාව ගැන කියනවනම්, ලොස් ඇන්ජලිස් වල නම ගිය පාතාල සාමාජිකයෙක් හවායි දුපතේ මිහිහෙක් මරනවා. ඒ මරන්නේ එයාගේ නඩුවක සාක්ෂි දුන්න හින්ද. ඒ මිනිමරුම දකිනවා තරුණයෙක්. ඉතින් FBI එකෙන් එයාව සාක්ෂිකාරයා විදියට ගුවනින් අරන් එනවා ලොස් ඇන්ජලිස් වලට. මේ සාක්ෂියත් නැති කරන්න මේ පාතාල සාමාජිකයා එයාල යන ගුවන් යානයේ බහලුම් කොටසට හොරෙන් පටවනවා සර්පයන් විශාල තොගයක්. උන්ට ඉහල අහසේදී එලියට එන්න පුළුවන් විදියට ක්‍රමයකුත් හදල. ඉතින් ඉහල අහසේ සර්ප විමානයක්. මොකෝ දොරවල් ඇරන් පනින්න කියල යැයි. කොහොම හරි නියමුවොත් මැරිලා, ගුවන් යානයත් අබලන් වෙලා, සර්පයෝන්ගෙන් බේරිලා, ලොස් ඇන්ජලිස් වලට ගොඩ බහින එක තමා කතාව. පොඩ්ඩක් වත් කම්මැලි නැති  නියම චිත්‍රපටයක්. මම කියනවා මේ චිත්‍ර පටිය අනිවාර්යයෙන්ම බලන්න කියල. පරණ ඒවා බලන්නේ නැති අය අඩු ගානේ ට්‍රේලර් එක හරි බලන්න. මම දන්නවා ඔයාල අනිවාර්යයෙන් මේක බලාවි ඊට පස්සේ.

මම ඊළඟට දෙන්නේ පට්ට ආච්චි කෙනෙක් ඉන්න චිත්‍ර පටයක්. ඉතින් එකෙන් හමුවෙමු . ගිහින් එන්නම්.

බුදු සරණයි …..!

 

 

Lavalantula (2015) on IMDb

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

39 comments

  1. Thanks for sub!

  2. Ayesh Wickramasinghe

    Ane kauru Hari Direct Download Link Ekak Dennko

  3. ස්තූතියි උපසිරැසියට

    Snakes on a Train – 2006 ෆිල්ම් එකටත් සබ් දෙන්න පුලුවන්ද?

  4. සිංහල උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා.

    Hail Hydra

  5. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  6. චිත්‍රපට උපසිරසි ලබා දෙන ඔබට
    ස්තූතියි !

  7. Asanka, oya sub kala films 3k beluwa. mata wadathma hithata alluwe meka. Thanks api wenuwen wehesila mehema subs denawata!

  8. රූපවාහිනියෙන් විතරක් සිංහල උපසිරැසිත් එක්ක චිත්‍රපට බල බල හිටපු අපට බයිස්කෝප් දෙවියෙක් වුනා. තැන්ක්යූ බයිස්කෝප් තැන්ක්යූ සහෝ.

  9. Thanks Saho sub ekata

  10. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  11. සබ් එකට තුති සහෝ

  12. Oru Vadakkan Selfie 2015
    Mali 2015
    Machan Me dekata sub deepanko puluwannam

  13. ස්තූතියි සහෝ සබට.

  14. menna direct download link eka – 700MB , brrip
    http://www.pariganakapituwa.com/p/t2dlink.html

  15. නියමයි මේ දීලා තියෙන්නේ සුපිරිම ෆිලුමක්
    සබ් එකට තුති බ්‍රෝ…..

  16. සබ් එකට තුති සහෝ ඊලග උපසිරසෙන් හමු වෙමු
    ජය වේවා

  17. Indiana Jones and the Last Crusade (1989),Kill Bill: Volume 2(2004),The Golden Compass (2007),
    Battle Royale II (2003),Akira (1988), V/H/S (2012) saho me movies walata sub denna.jaya wewa!!!

  18. kalidu vishvaka

    තෑන්ක්ස් මචන් සබ් එකට.. puluwan nm zombies fillm tikakata sub dennako

  19. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

  20. Thanks bro.

  21. ane bn dawnload karaganna monama hari system1k dihallakooo

  22. හේමන්ත

    Thanks Malli…

  23. සිංහල උපසිරැසට ගොඩක් ස්තූතියි සහෝ! ජය!

  24. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  25. තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!! 😀

  26. නියමයි මචෝ.
    මේක නම් කීප සැරයක්ම බලලා තියනවා.
    පට්ට ෆිල්ම් එක.
    ආයෙත් බලන්න හිතුනා.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය..

  27. Snakes on a Plane (2006) චිත්‍රපටය බාගත කරගැනීමට පහත ක්‍රම අනුගමනය කරන්න.
    700MB 720P BR එක ගන්න පහල තියන හෑෂ් (hash) එක ගුගල් කරන්න.
    807EC17F5731F6C13562B32EC80C6B0C56BE3F1C
    1.5GB 1080P BR එක ගන්න පහල තියන හෑෂ් (hash) එක ගුගල් කරන්න.
    0C43CF4384E841E7B393B3F763330807E3916094

error: Alert: Content is protected !!