අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Snatched (2017) with Sinhala Subtitles | අම්මගෙයි දුවගෙයි වික්‍රමය… [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.6/10. From 25 votes.
Please wait...

සුබ දවසක් ඔබ සැමට. මේ පාර තනියමනම් නෙමේ කරේ තව අපේ කණ්ඩායමේ සහෝදරයෙක්ගේ උදව්වෙන්. ඉතින් මේ ෆිලුම රිලීස් වෙන්නේ මේ අවුරුද්දේ මැයි මාසේ 17. හරියටම මම මේක කරන්න බාරගත්තේ ජුලි මාසේ 26. ඇත්තටම සමාවෙන්න ඕනේ අද තමා මේක දෙන්නේ ඔන්න. මොකද ලොකු වැඩක් ගෙදර ඒකයි. ඇත්තම කියන්න එපැයි ඉතින්. ඒත් මේක තව කරන්න හිටියනම් අදවත් දෙන්න වෙන්නේ නැහැ. ඉතින් මම ඉස්සල්ලාම මතක් කරන්න ඕනේ මට මේකේ ඉතුරු ටිකට සබ් කරන්න උදව් වුන චමෝද් රශ්මික මල්ලිට. එයාගෙන් මම අහපු ගමන් බැහැ කියන්නේ නැතුවම මට මේක කරලා දෙන්න උදව් වුනා. ගොඩක් පින් අයිති වෙන්න ඕනේ මේ කොල්ලට. එයා සබ කරන නිසා ඉතින් මම ලිපිය ලියන්න බාරගත්තා.

හරි ෆිලුම ගැන කියනවනම් මේක Action,Comedy වර්ගයට තමා අයිති වෙන්නේ . ඒවගේම IMDb දර්ශකයේ 4.2 වගේ සාමාන්‍ය අගයක් අරගෙන තියෙනවා. හැබැයි අඩු අගයක් ගත්තට මේක සුපිරීම ෆිලුමක්. ඉතින් මේක සිද්දවෙන්නේ අම්ම කෙනෙකුයි දුවෙකුටුයි වෙන අකරතැබ්බයක් ගැන. මේ දුවට ලොකු පිස්සුවක් තියෙනවා රටක සවාරියක් යන්න. ඉතින් හැමදේම කරලා කරලා කරලා අවසානේ අම්මගේ කැමැත්තත් එක්ක එයාල යනවා රටකට සවාරියක්. ඉතින් යන්නේ ගොඩක් ලස්සන පරිසරයක් තියෙන හැබැයි අපරාධකාරයෝ ටිකක් වැඩි රටකට. කතාවේ කියවෙන විදියට ඈ. ඉතින් මේ රටේ දවසක් දෙකක් ඉද්දි කෙල්ලට සෙට් වෙනවා ඒ රටේ කොල්ලෙක්. පොරට ගොඩක් ලංවෙනවා මේ කෙල්ල. රෑට හැමදාම වගේ එක එක තැන් වේලට යනවා පාටි වලට යනවා. මේ කෙල්ලගේ මෝඩකම නිසා මේ කොල්ලට රැවටෙනවා. ඉතින් කොහරි එක දවසක මෙයයි මෙයාගේ අම්මවයි තව ලස්සන් තැන් බලන්න එක්කන් යන්න කියලා අර කොල්ල අරගෙන යනවා. යද්දී තමා වැඩේ වෙන්නේ. මෙයාලව මංකොල්ල කරුවෝ ටිකක් පැහැරගන්නව. මෙයාල ගොඩක් බයවෙනවා. ඊටපස්සේ මෙයාල යම් තැනක ඉදන් ආපහු ප්‍රවාහනය කරද්දි පැනගන්නවා. දෙන්නගේ වාසනාවට පැනගන්න පුළුවන් වුනා කියලා තමා හිතේ. ඒත් දැන් දෙන්නට ඕනේ මේ රටෙන් පැනගෙන තමන්ගේ රටට එන්න. ඉතින් මේ ජෝඩුවට ඇත්තටම තමන්ගේ රටට එන්න පුළුවන් වෙයිද? තමන්ගේ රටෙන් උදව් ඉල්ලගන්න පුළුවන් වෙයිද? ආපහු අර අපරාධකාරයින්ට අහුවෙයිද?? ඔයාලම බලන්නකෝ මේ දෙන්නට මොකද වෙන්නේ කියලා..පොඩි ලිපියක් තමා දෙන්නේ. එහෙනම් අදට අපි ගොහින් එන්නම්.

!!!!! ජය වේවා !!!!!
෴ ෴ ෴ බුදු සරණයි! ෴ ෴ ෴

Snatched (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සහ  “C. R. ජයලත්” යන සොහොයුරන් හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

20 thoughts on “Snatched (2017) with Sinhala Subtitles | අම්මගෙයි දුවගෙයි වික්‍රමය… [සිංහල උපසිරසි සමඟ]

  • මොන මගුලක්ද බන් මේ?? ඉවසන්නම බැරිම තැන comment එකක් දාන්න ආවේ. Googke translate කරාම මීට වඩා හොදට.උබේ sub වල තියෙන්නේ බොරුනේ. පොඩි වාකය හරියට දාලා දිග ඒවට බොරු දාලා. අපි බූරුවෝ නෙමෙ බන්.බැරිනම් වෙන එකෙක්ට දියන්.

    Reply
  • tq bro sub ekta puluwnnm ash vs evil dead s03 ekta sub damuu broo

    Reply
  • Thank you bro sub ekata..
    Jaya wewa!

    Reply
  • …………බොහොම ස්තූතියි.DENNATAMA

    Reply
  • Mchn THE HOUSE 2017 film eke sub dannko

    Reply
  • Thanks machan lassana filumak digatama sub kotanta

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ******************බුදුසරණයි******************

    Reply
  • උපසිරසියට තුති…
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු…
    ජයවේවා….

    #Hail_Hydra

    Reply
  • Tq bro.killing hasselhoff(2017) sub dendoo plzz

    Reply
  • උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා…!!!!

    Reply
  • elama saho thanks

    Reply
  • කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි………!

    Reply

Leave a Reply to රොයිලි Cancel reply

Your email address will not be published. Required fields are marked *