අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Sorority Row (2009) | විහිලුවකට කල මිනී මැරීමක්..

Rating: 6.4/10. From 14 votes.
Please wait...

ඔන්න කාලෙකට පස්සෙ ටිකක් අමුතු විදියෙ, මොලේ විකාර වෙන බයිස්කෝප් එකක් අරගෙන ආව. මෙය 2009 වසරේ සැප්තැම්බර් මස තිරගත වීමට ආරම්භවුනු බයිස්කෝප් එකක්. මුලින්ම කතාව පොඩ්ඩක් කියල ඉන්නම, ගැහැනු ලමයින් 6 දෙනෙකුගෙන් යුතු කන්ඩායමක් තමයි මේකෙ මූලික කතා නායකයින් වෙලා තියෙන්නෙ. චිත්‍රපටිය පටන් ගන්නෙ, මෙම ගැහැනු ලමුන් විසින් පවත්වන සාදයකිනුයි. අපරාදෙ කියන්න බැ, කන්න බොන්න එක්ක අනිත් හැම දේම මෙම සාදයේ තියෙනවා. මෙහිදී මේ ගැහැනු ලමුන් කන්ඩායමේ සිටින ගැහැනු ලමයකු සමග තවත් එම කන්ඩායමේම ඉන්න ගැහැනු ලමයෙකු සම්බන්දයක් පවත්වනවා. කොහොම හරි සාදය අතරතුර මොවුන් දෙදෙනා හමුවී තනියෙම සිටින මොහොතක, මෙම ගැහැනු ලමයා සිහ සුන්ව වැටෙනවා. මම පිරිමි ලමයා කිසියම් හේතුවක් නිසා සිතන්නේ ඇය මියගොස් ඇති බවයි. කෙසේ හෝ ඔහුගේ සොයුරියටත් එම කන්ඩායමේ අයටත් මෙම සිද්දිය සැල වෙනවා. එහිදී ඔවුන් දැනගන්නව මෙම ගැහැනු ලමයා විහිලුවක් කිරීමේ අදහසින් මෙසේ මියගිය අයුරින් සිටිනව කියල. මෙම ගැහැනු ලමුන් කන්ඩායමත් මියගිය අයුරින් සිටින ගැහැනු ලමයත්, පිරිමි ලමයත් ඇතුලු කන්ඩායම මිය ගිය අයුරින් සිටින ගැහැනු ලමයව පාලු ස්තානයක දමා එන මෙන්, මෙම පිරිමි ලමයාව තව දුරටත් බය කිරීමේ අරමුනින් වාහනයක නැගී ගමන් කරනවා. නමුත් වාහනය නැවැත්වූ පසු හදිසියේම මෙම පිරිමි ලමයා මෙම මිය ගිය අයුරින් සිටින ගැහැනු ලමයට පපුව පසාරු කර යනතෙක් ආයුධයකින් පහර දෙනවා. විහිලුවකින් වුන තරමක්. ඔය අයුරින් මෙම මල මිනිය පාලු ලිඳකට දමා මොවුන් පලා යනවා. නමුත් මාස 9 කට පසු මෙම කන්ඩායමේ එක් එක ගැහැනු ලමයා අතුරු දහන් වෙනව. මේ අභිරහස් අතුරුදහන් වීම ඒ වගේම සහ මිය යැමට හේතුව කුමක්ද ? ඒකනම් හිතාගන්න බැරි විදිහෙ දෙයක්.

කතාව යන්නෙ ඔන්න ඔය විදියටයි. කතාව හරිම රසවත්, ඇත්තටම මොවුන් මිය යන අයුරු නම් …. ඒක ඔයාලම බලලා තීරනය කරන්න.

අපිට Step up 2 චිත්‍රපටියෙන් හමුවුනු , Briana Evigan මෙයට ප්‍රධාන රන්ගනයෙන් දායක වෙනව. ච්ත්‍රපටියේ පෙර දසුන් බලලම තීරනය කරන්න බානවද නැද්ද කියලා.

ලිපිය – දිනුෂ්ක උදාර ( රොකියා )

පොතේ ගුරා

හ්ම්ම්ම්..මා ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ විශේෂයෙන්..ටිකක් වැඩියෙන් ෆිල්ම් බලන කෙනෙක්..ඉතින් ඔයාලටත් ඒකෙන් ප්‍රයෝජනයක් ලැබෙන වැඩක් ක‍රන්න හිතුව..ඒ සිතුවිල්ලේ ප්‍රතිඵල තමයි මේ!

33 thoughts on “Sorority Row (2009) | විහිලුවකට කල මිනී මැරීමක්..

  • කෝ බං subtitle එක

    Reply
    • සිංහල සබ්ටයිටල් කියල කොහෙවත් නෑ නේ මචෝ?

      මේ අපි මූවි රිවීව් කල කාලේ පෝස්ට් එකක්.

      Reply
  • Ko huththo sub eka

    Reply
  • sinhala sub kooooo…………….

    Reply
  • Thanks……

    Reply
    • කෝ සබ් එක නෑ නේ සහෝ

      Reply
  • අවසානය වෙන කම් හිතා ගන්න අමාරුයි.

    Reply
  • math banawoooooooooooooooo
    thanks

    Reply
  • me film eke sinhala upasirasa nane…

    Reply
  • Constantine මරැ චිත්‍රපටිය. බා ගත්ත ගමන් බැලුව. නියමයි.ඊළගට hurt locker
    බොහොම ස්තුතියි බලන්න අවස්ථාව දුන්නට
    පස්සෙ හමු වෙමු

    Reply
  • tikk hodi film eka. awulaka neee
    thanks

    Reply
  • @ dushan ; මම ලිපියෙ මෙකෙ ට්‍රේලෙර් එක අඩන්ගු ලින්ක් එක දැම්මා. සමහර විට ගෝලයට අමතක වෙන්න ඇති ඒක දාන්න.

    Reply
  • මට නම් දිරවන්නෙ නෑ.

    Megaupload ලින්ක් එකක් තියනවා

    Reply
  • මුලින්ම කිවුව ඔන්න සුභ අනාගතයක් කියල……
    බාන්න දැම්මා.. New moon එකෙත් හොද කොපියක් ආපු ගමන් දාන්න හොදේ…….

    Reply
  • math kemathi trailers ballanna site ekak tiyanawanam ……….

    Reply
  • mmmm balama balamu………….

    Reply
  • movie trailers ballanna puluwan wenna site eke hadamuda saho? 🙂

    Reply
  • ela ela patta film ekak wage

    Reply
  • පරන පෙනුම නියමය් .මෙක ඉක්මනට ලොඩ් වෙනවා

    Reply
  • මේ ෆිල්ම් එක මම බලල තියෙනව. ෆිල්ම් එකනම් එල. නමුත් කතාවනම් චාටර්.

    Reply
  • මොකද මේ බයිස්කෝප් එක ආයෙත් පරන ඇඳුමම ඇන්දගෙන ?

    Reply
  • සුබ අනාගතයක්… කට්ටියටම..!!!

    Reply
  • බයිස්කොප් නම් ඉතිං අයෙ බාන්න කියන්න ඕනි නෑ…අනිවා බානවා……

    Reply
  • ela thanx machan 🙂

    Reply
  • කතාව ටිකක් අවුල් වගේ උනාට බය නැතුව බාන්න. අමුතුව ජාතියේ බයිස්කෝප් එකක්!

    Reply
  • Chanden passe mulinma awe ada…. Jaya wewa….
    Hamotama SUBA ANAGATHAYAK……!

    Mekat balama balamu……

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *