අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Soul Surfer (2011) with sinhala subtitles | ආත්මීය රැලි පදින්නිය [සිංහල උපසිරසි සමඟ]

Rating: 6.6/10. From 7 votes.
Please wait...

Soul Surfer (2011)

ආයු‍බෝවන්! යාළුවනේ, මගේ නම නිරෝෂන් (නීරෝ) , අවුරුදු ගණනාවක්ම බයිස්කෝප් සයිට් එකට ඇවිත් සබ් බාගෙන ගිහිල්ලා බයිස්කෝප් යාළුවන්ට පින් සිද්ධ වෙන්න, ගොඩක් Films, T.V Series සිංහල තේරුමත් එක්ක රස වින්දා. එහෙව් එකේ මටත් හිතුනා අනිවා මමත් සබ් එකක් කරනවා කියලා. අද ඊයේ නෙවෙයි අවුරුදු තුනකට කලින් ඒත් ‍ඒක කරන්න උනේ බාගයයි. වැඩ වැඩි නිසා අතඇරුනා. කාලෙක ඉඳ‍ලා සබ් එකක් කරන්න හිතේ තිබුණු ආශාව නිසා ෆිල්ම් එකක් හොය හොය ඉන්න කොට තමයි අපේ Office ඒකේ මෙලනි අක්කා කෝල් කරලා කිව්වේ මල්ලි සුපිරිම ෆිල්ම් එකක් බැලුවා කියලා. හොයලා බලද්දි ඒ ෆිල්ම් එක බයිස්කෝප් තිබ්බෙ නෑ (මගේ වාසනාවට) ඒ වෙලේම හිතුනා මේකට සබ් කරනවා කියලා. මේ ෆිල්ම් එක ඉල්ලලා බයිස්කෝප් එකට මේල් කරාට පස්සේ ඉතා ඉක්මනින් ම‍ට රිප්ලයි එකක් ආවා විමා සහෝගෙන් නියම ෆිල්ම් එකක් කරලා එවන්න සහෝ කියලා. ඔන්න ඉතින් පටන් ගත්තා. කරද්දි තමයි මේකෙ අමාරුව තේරෙන්නේ (සමහර වෙලාවල් වලට ‍කමෙන්ට්ස් නොදාත් ගිහිල්ලා තියෙනවා, ඇත්තටම ඒක ගැන මට මං ගැනම කණගාටුවක් ඇති වුනා). අවසාන වශයෙන් මේකට සම්බන්ධ සියළු දෙනාටම මම ගොඩක් ස්තුති වන්ත වෙනවා මේ වගේ සමාජ සේවයක් කිසිඳු වාසියක් නොබලා කර ගෙන යාම ගැන. ඔන්න මගේ හෑල්ල ඉවරයි. දැන් ෆිල්ම් එක ගැන බලමුකෝ.

2011 වසරේ සම්මාන 12ක් සඳහා නිර්දේශිත වූ, IMDb Rating 7.1 ලබා ගත්, Box Office වාර්ථා බිඳිමින් දර්ශනය වූ මුල් සතිය තුල ඇමරිකානු ඩොලර් මිලියන 10ටත් වඩා උපාගත්, අප දන්නා කියන අති දක්ෂ නළු නිලියන් කිහිපයක්ම රංගනයේ යෙදෙන, සුපිරිම විචිත්‍රවත් දර්ශන තල වල රූපගත් කරන ලද අසහාය ධෛර්ය්‍යමත් දිය කිඳරියක් බඳු කෙල්ලෙක් ගැන කියවෙන මෙම චිත්‍රපටිය සත්‍ය කථාවක් මත පදනම් වී නිර්මාණය වී ඇත.

බෙත්නි හැමිල්ටන් එයා ඉපදුනේ හවායි දූපතේ, මුහුද අයිනෙම ‍එයාගේ ගෙදර, පොඩි කාලේ ඉඳලම ගොඩබිම ඉන්නවාට වඩා එයා හිටියෙ මුහුදු වතුරේ තෙමිලා, වර්තමානයේ එයා ලොකු කෙල්ලෙක් ආරණීය පවුලක ආදරය ලබමින් (හැමදේම සුභවාදීව බලන එයාගෙ තාත්තා, නිතරම ලගින් ඉඳන් දුක සැප අහන අම්මා, අක්කට පන වගේ ආදරේ පිස්සු සහෝදරයෝ දෙන්නා) මුහුද දෙබෑ කරමින් එන දරුණු රැලි පාරවල් මතින් එයාගෙ සර්ෆින් බෝඩ් එක යන්නේ හරියට නෙළුම් කොළයක් මතින් වතුර බින්දුවක් යනවා වගේ. කිසිම සර්ෆින් තරගයකදී එයාට ලං වෙන්නවත් කවුරුත් නෑ. මුළු හවායි දූපතේම බෙත්නි කිව්වාම නොදන්න කෙනෙක් නෑ. හැමදේම හොඳින් සිද්ධ වෙනවා. බෙත්නිගේ හොඳම යාළුවා ඇලනාටයි බෙත්නිටයි මහුදේ වෙනදා නොගිය තැනකට ගිහිල්ලා සර්ෆින් කරන්න හිතෙනවා, උදෙන්ම නැගිටලා මේ දෙන්නා යන්නේ ඇලනාගෙ තාත්තයි තව යාළුවෙකුයි එක්ක. ලස්සන තැනක් එයාලා ගොඩාක් විනෝද වෙනවා, ඒත් එක පාරටම??? එක පාරටම මොකද වෙන්නේ කියලා ෆිල්ම් එක බලන්න කියලා මම හැමෝටම ආරාධනා කරනවා යාළුවනේ. මේක මගේ මුල් සබ් එක නිසා ගොඩක් වැරදි ඇති ඒ හැමදේටම සමාවෙන්න යාළුවනේ. ඒ වගේම මාරම කට්ටක් කෑවා සබ කරන්න ගිහින්, යන ගමන් කොමෙන්ටුවකුත් කොටාගෙනම ගියා නම් සතුටුයි යාළුවනේ, මම ගියා එහෙනම්… ජය වේවා බයිස්කෝප්.

“විශ්වාසය තියෙනවා නම් ඔයා කරන්න යන දේ ගැන ඔයාට ඕනෑම දෙයක් කරන්න පුළුවන්.”

Soul Surfer (2011) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Soul.Surfer.2011.1080p.BluRay.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුපුන් නිරෝෂන් (නීරෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

26 thoughts on “Soul Surfer (2011) with sinhala subtitles | ආත්මීය රැලි පදින්නිය [සිංහල උපසිරසි සමඟ]

  • Thanks machooo..ela kollek

    Reply
  • Thankssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • meka kalin baluwa
    dan sub ekka ai balanawa,
    thx saho.. 🙂
    meyata math kamathi 😉
    japan anime akakatath sub dennako..
    jaya……..!!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ජය වේවා..!!! සහෝ..
    ස්තුතියි සහෝ සබ කලාට…සුමිරිම ෆිල්ම 1ක්.

    Reply
  • thanks for the sub. Keep it up !!!

    Reply
  • thnx for all comments friends

    Reply
  • මං මේ කෙලී ඉන්න film වලට පට්ට කැමතියි බං 😛 Race To Witch Mountain, Bridge To Terabithia එහෙම කෙළින්න සුපිරියි. 😉 සබට ස්තූති වේවා bro 🙂

    ජය! 🙂

    Reply
    • me too.eki mara kalla neh

      Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply
  • බොහොම ස්තුතියි congratulations මම මෙක තව ටිකකින් මිස් කරනව Imdb 7.1ලු සුපිරි යලුව බ්ලුරෙ කොපි තියෙන නිස ඔන්න ෆිල්ම් එක ගන්න හදන්නෙ හොයල ගෙනාවට ස්තුතියි දැනම් උන්න්නෙ නෑ මෙක ගැන දිගටම සිංහල උපසිරැසි දෙන්න සහෝ

    Reply
  • Thanksssss!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමට සාධරයෙන් පිළිගන්නවා සහෝ…
    නැවත උපසිරසකින් හමුවෙමු…

    Reply
  • supiri filumak balanna

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි…….

    Reply
  • 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂
    🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂
    ela
    🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂
    🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂

    Reply
  • G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa……….

    Reply
  • tnx mcn sub ekata issarahatath karagena yanna awasya shakthiya dirya labewa kiyala prarthana karanawa

    Reply
  • a good movie , have to watch with sub , tks for the sub & god bless u all …….

    Reply
  • පට්ට bro. මේක සෑහෙන හොඳ inspirational movie එකක්.

    utorrent වල ads සහ offers ඕෆ් කරගන්න විදිය බලන්න

    youtube ඩොට් කොම් /watch?v=L_6KQNYXMPk

    Reply
  • ජය ඉදිරියට යන්

    Reply
  • ela ela bro digatama sub karamu

    Reply
  • tnx saho sub walata. ela ela

    Reply

Leave a Reply to Dhanushkadill Cancel reply

Your email address will not be published. Required fields are marked *