අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

විශේෂ නිවේදනයක්….

Rating: 6.0/10. From 1 vote.
Please wait...

ලෝක සිනමාව කියන්න මහා විශාල දෙයක්, මිට වසර කිහිපයකට කලින් අපේ පුංචි රටට දේ සිනමාව හැකි අයුරෙන් සමීප කරන්න අපේ රටේ කොලුවෙකුගේ අදහසක් මත ඔහුගේ බ්ලොග් අඩවියන් බයිස්කෝප් නමින් අන්තර්ජාලයේ උප්පතිය ලැබුවා මතක ඇති කියලා හිතනවා හැමෝටම. ඔය ගමන දිනෙන් දින තවත් පිරිසකගේ ඇස ඇදගනිමින්, නෙත් කන් පිනවමින් ගමනක් යන අතරේ තමයි, බයිස්කෝප් අපි වෙබ් අඩවියක් වශයෙන් අපේම කියල ඩොමේන් නාමයක් එහෙම කරගෙන වැඩ පටන් ගත්තේ.

වෙබ් අඩවිය දිනෙන් දින උපසිරැසකරුවන් ඇදගත්තා වගේම ඇති විශාල ප්‍රේක්ෂක පිරිසක් එක්කාසු කරගන්න සමත් වුනා, මේ සියල්ල සඳහා වැයවෙන මුදල බොහෝ විට තනිවමත් විටෙක තවත් ඇඩ්මින්වරයෙකුගේ හෝ දෙන්නෙකුගේ සහයෙන් දරාගන්න මේ සිහිනයේ හිමිකරුවා වන පොතේ ගුරා සහෝ කාරුණික වුනා.

නමුත් මේ වන විට අපි ලබාදෙන උපසිරැස ප්‍රමාණය වැඩි නිසා ඔබ වැනි ප්‍රේක්ශකයන්ගේ පැමිණීම වැඩි වෙලා තියනවා. ඒ එක්ක දැන් අපි භාවිතා කරන මේ වෙබ් අවකාශයට දරාගත නොහැකි තදබදයක් නිසාවෙන් තමයි මේ දිනයන්වල වෙබ් අඩවිය බොහෝ විට ක්‍රියා විරහිත වෙලා තියෙන්නේ. මේ සඳහා විසදුම තමයි අපගේ ප්‍රේක්ෂ පිරිස දරාගත හැකි වන වෙබ් අවකාශයක් වෙත යාම. නමුත් තවත් තනිව එවැනි මුදලක් මසකට වියදම් කිරීමට අප හට හැකියාවක් නොමැති හින්දා තමයි අපි ඔබගේ සහය බලාපොරොත්තු වන්නේ. ඒ නිසා අපි ඔබ වෙත එන්න තීරණය කළා. පහතින් තියනවා මෙම වෙබ් අඩවියට සහය වියහැකි ක්‍රමයක්.



 

Commercial Bank
Tharindu Darshana Wickramasighe
8135011207
Karapitiya Branch

eZ Cash – 0773721724

අපි සහතික වෙනවා මේ අපේ ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තුවෙන් සිදු කරනා ක්‍රියාවක් නොවන බව. ශ්‍රී ලංකාවේ තවමත් Paypal මුදල් හුවමාරුවට සහය නොදක්වන බැවින් විදේශ රටක සිටින ඇඩ්මින් වරයෙක්ගේ ගිණුමකට ඔබගේ ආධාර බැරවෙනු ඇත. නමුත් මේ ක්‍රියා පටිපාටියේ 100 % විනිවිද භාවයක් ඔබටම දැකගත හැකි වේවි. එසේනම් අපි නවතිනවා. ඔබ අපහා බයිස්කෝප් අඩවිය ඉදිරියට කරගෙන යාමට එක්කාසු වේවි කියලා සිතනවා.

යාවත්කාලීන කිරීම්.

දැනට දරණ වියදම් වන්නේ ඩොමේන් නාමය වෙනුවෙන් වසරකට රු. 2,000 ක මුදලකුත් වෙබ් ඉඩකඩ වෙනුවෙන් අවුරුද්දකට 120,000 ක මුදලකුත් වශයෙනුයි. එනම් දළ වශයෙන් මාසිකව රු. 10,200 පමණ වෙනවා. (දල වශයෙන් කිව්වෙ ඩොලරයේ උච්චාවචනය අනුවයි)

දැනට අඩවිය බිඳවැටීම් නවත්වලා ඊලඟ සර්වර් එකට යනවනම් මාසිකව රු. 16,200 ක් පමණ අගයක් වෙනවා. නමුත් වැටී වැටී හරි දැනට තියෙන තත්වයෙන් පවත්වාගෙන යන්නයි අපි ඔබෙන් ආධාර බලාපොරොත්තු වෙන්නේ.

නැවතත් ඔබගේ ප්‍රතිචාර වලට ස්තූතියි.

පසුගිය මාසයේ ලැබීම් හා ගෙවීම් තිරපිටපත්.

මේ වනවිට ඔබේ දායකත්වය:

[olimometer id=1]

පුංචි පුංචි වතුර බින්දු එකතු වෙලා මහා ජාල දහරක් හැදුවා වගේ, ඔබගේ පුංචි අරමුදල සෑහේවි තවත් කලක් අප සහෝදර සහෝදරියන්ට ඔබගේ මන දොළ පිනවන්නට.

179 thoughts on “විශේෂ නිවේදනයක්….

  • මමත් මගේ අදහස් ටික කියන්නම්. මේ දේවල් වෙන්න කලින්ම(ගොඩාක් කලින්) මම ඇඩ්මින් කෙනෙක්ව කන්ටැක් කරගෙන අරමුදල් ලබාගැනීමේ ක්‍රමවේදයකට යමු කියලා කිව්වා. අවාසනාවකට මට ඒකට කිසිම පිලිතුරක් ලැබුනේ නෑ. මම මේ ෆීල්ඩ් එකේ ඉන්න නිසාත් වියදම් ගැන දන්න නිිසාත් එහෙම කිව්වේ. මම දැක්කා සමහර තැන්වල හොඳම දේ විදිහට සල්ලි දීලා සබ් ගන්න විදිහක් ගැන කියලා තියනවා. ඒක හරියන වැඩක් නෙවේ මොකද එහෙම කරන්නපටන් ගත්තොත් බයිස්තෝප් එක්ක ඉන්න අය මේක දාලා යනවා ෂුවර්. අනිවා ෆ්‍රී දෙන සයිට් පටන් ගන්නවා ඒ ආර්ථික ප්‍රතිලාභ බලාගෙන. මම හිතන විදිහට මගේ අදහස් කීපයක්
    1.සබ් ඩවුන් කරන ලින්ක් වලට adfly දාමු.(ඇඩ් එකක් තියෙන්නේ තත්5 වගේ කාලයක්. කාටවත් හානියක් නෑ ඒකෙන්)
    2.Advertisments උදාහරණයක් විදිහට මේ සයිට් එක ගන්න පුලුවන් http://www.music.lk/
    බයිස්කෝප් වල traffic ගැන දැනුවත් කරානම් ඇඩ් දාන්න ඇඹරෙන්නේ නෑ කවුරුවත්
    3. ඩවුන් කරන zip file එක ඇතුලට අනුග්‍රාහකයෙක්ගේ ඇඩ් එකක image එකක් දාන්න පුලුවන්
    4. ෆිල්ම් එකක් පටන් ගැනීමේදි සහ අවසන් වීමේදි ඒ අනුග්‍රාහකයාගේ ඇඩ් එකක් දාන්න පුළුවන්
    5. සබ් ඩවුන් කරන තැනට යටින් සාමාන්‍ය ඇඩ් එකක් දාන්න පුළුවන්

    ඇඩ් දානකොට සමහර අය දඟලන්න පුලුවන් මේකෙන් සල්ලි හොයන්න දඟලනවා කියලා. කිසිම අවුලක් නෑ. සයිට් එකේ ඇඩ්මින්ලට අයිතියක් තියනවා ඒ ගැන තීරණය කරන්න. අකමැති අය නෑවිත් ඉඳීවි අවාසනාවකට අපේ අය පුරුදු වෙලා ඉන්නේම නිකන් දෙන දේ ගන්න. ඔන්න මගේ අදහස. හොඳයි කියලා හිතනවනම් වැඩේ පටන් ගන්න. බයිස්කෝප් සිංහලෙන් අඩවියට ජය!!!!

    Reply
  • මේ තියන ක්‍රමය වෙනස් කරලා ෆෝරම් එකකට මාරු උනානම් හරි. ඒකෙදී premium accounts වගේ එක එක දේවල් විකුණන්න පුලුවන් නේ. එතකොට ඔය ආදායම ගන්න පුලුවන්. ඒවගේම මම හිතන්නේ මේක premium විතරක් කලොත් හරි. ඒ කියම්මේ මාසෙකට ගානක් ගෙවලා ac එකක් ගන්න ඕන වගේ.

    Reply
  • The Moon That Embraces The Sun TV serial ekata sub eka danna puluwanda

    Reply
  • pls give us subtitle for “HUNGAMA 2003”

    Reply
  • සබ් ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකට adfly ලින්ක් එකක් දාන්න. හෙන ගානක් එයි නෙ

    Reply
  • yllix , exoclick වගේ ad නෙට්වර්ක් එහකින් එක බැනර් ad දෙකක් විතර දාපං බන් .. එතකොට බුරන්න දෙයකුත් නා අපිට කරදරෙකුත් නා බන්

    Reply
  • this_is_40_2012/ me film eke sinhala sub eka denna puluwanda?

    Reply
  • mata karuna karala kiyanwada mekata mama hadapu subfiile eka danne komada kiyala
    mama me wenakota kamthi
    spellbinder ekata sub danda eath dan hugak uthsaha karalath bari wuna
    ai kwruwath me commenty balnne nadda ? wena katawath sub danda meka ida denne nadda

    Reply
  • මෙ මොන කුණු හරපයක්ද දාලා තියෙන්නෙ,මම නම් (රුවන් කාරියවසම්)දාලා තියෙන අදහසට ඒකග නැහැ. “Subtitle download කරගන්න http://www.opensubtitles.org තියෙනවා.” කිව්වට මොකාද Sinhala subtitle හදලා ඔය සයිට් ඒකට දාන්නෙ.ඒකත් අපෙ සහොදර සහොදරියො තමයි කරන්නෙ.මම දන්නවා website ඒකක් host කරන්න ොච්චර ගානක්යනවද කියලා බයිලා කියවන්නෙ නැතුව පුලුවන් උදව්වක් කරන්න.මම admin කෙනෙක් නෙමෙ නිතර සයිට් ඒකට යන කෙනෙක්………..

    Reply
  • මං නං කියන්නේ කවුරුවත් මේකට තමන්ගෙ සල්ලි නාස්ති කරන්න එපා. මොකද අපිට film download කරගන්න http://www.ganool.ca තියෙනවා. Subtitle download කරගන්න http://www.opensubtitles.org තියෙනවා. ඉතිං පටන්ගත්ත එකේ මේකෙ කරන අයට මේක කරගෙන යන්න ඇරලා අපි මං කිව්ව sites වලින් අපේ වැඩේ කරගමු. අනික English film එකක් බලද්දි English subtitles download කරගෙන බලන්න. කවුරුවත් හදපු සිංහල subtitle එකක් දාගෙන බලලා කවදාවත් ඉංග්‍රීසි ඉගෙන ගන්න වෙන්නෙ නෑ. ඒක translate කරන අයට හොඳයි. බලන අයගෙ දැනුම මොට වෙනවා. ඔබ සැමට ජය හා සතුට!

    Reply
    • me wage ayata anukampa karanna one.

      Reply
    • අපි අඩුම ගනෙ english තියා මෙලො රහක් දන්නෙ නැ බන්.ඔය නෙට් එකන් සල්ලි දාන්ට ප්ලුවන් කියලා දන ගැත්තෙත් මෙ අද එයේ .බොරුවක් නෙව්.ගමෙ ගොඩෙ ඉන්න අපි ෆිල්ම් එකක් බලා ගත්තෙ මේ බයිස්කොප් අඩ්විය හින්දා..එ හැර වෙන සිට එකක තිබ්බෙ නැ බන් උබ ඔය කියන තරම්.විකී සහො වලට සල්ලි අය කරන්ට එපා.වෙන කරනට පුලුවන් ඕනිම දෙයක් දාන්ට..ඇඩ් කියනදෙ හොදයි කියල හිතෙනවා .අනිව නම්බර් දාන්ට.අනිව සහො ,.

      Reply
    • me wage unuth lankawe innwane….

      Reply
    • english film බලලා කඩ්ඩ ඉගෙන ගන්න හදන එකෙක් දැක්කමයි. ලොකුකමකට කියනවා නෙවෙයි ඉන්ග්ලිෂ් ෆිල්ම් එකක කියන ඒවා තේරුම් ගන්න පුළුවන් කඩ්ඩක් මටත් තියනවා. හැබැයි මචෝ film එකක් හරියට විඳිනවා කියන්නේ ඒකේ හැම දෙබසක්ම හරියට තේරුම් ගන්න ඕනේ. මම නම් සිංහල නැතුව ෆිල්ම් බලන්නේ නැත්තේ ඒ හින්දා. ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් ඇති

      Reply
  • Ezcash වලින් donate කරන්න chance එකක් දෙන්න අනිවා අපිත් sup එකක් දෙනවා

    Reply
  • ඔන්න පොඩි donation එකක් දැම්මා. අයෙ තියන වෙලාවක අනිවා දාන්නම්. මොනවා කරලා හරි දිගටම sub දෙන්න.

    Reply
  • math baiscope eken sub aragena thamai godak film ehema balanne godak welawata.. mama thama engineer student kenek.. thawama nam income ekak na athata… eth mama kemathi mage laga tiyena mudalak oyalata donate karanna… but mage laga credit card nam na.. so mama kohomada donate karanne??? kemathi oyalata udawwak wenna, mokada mamath hemadama yana ena site ekak thamai BAISCOPE kiyanna.. reply me..

    Reply
  • සහෝ මන් දකින විදියට දැන්වීම් පලකිරීම ගැටළුවක් නැහැ . . . .

    නමුත් අපිට මසකට රු. 100 වැනි මුදලක් දෙන්න පුළුවන් නම් ඒ කිසි දෙයක් කරන්න ඕනේ නැහැ . 250 ක් දෙනා මාසෙකට රු.100 ගානේ දැම්මොත් ඔබලාට ප්‍රමාණවත් වනු ඇත . අප සිතිය යුත්තේ බැංකු ගිණුමක් . ez cash , mcash , ආදී මුදල් ලබාදීමේ ක්‍රම පිළිබඳව දැනුවත් කිරීම හා එයට අවශ්‍ය අවකාශය සකසා දීමයි . මෙහි ඇති ප්‍රයෝගික ගැටලුව වන්නේ කෙනෙක් බැංකුවකට ගිහින් සල්ලි දාන එක කරනවට වඩා සරලව ගෙදර ඉඳන්ම කරන්න පුළුවන් ez cash හා mcash ගැන දැනුවත් කිරීම . එය පහසු අපිටද පහසු වනු ඇත . ඊට අමතරව ezcash හා mCash ප්‍රචාරණයට එම ආයතන එකතු කරගැනීමෙන් ද යම් මුදලක් ලබාගැනීමට ඔබට හැකිවනු. ඇත එම ආයතන හා සම්බන්ද සහෝ කෙනෙක් ඉන්නවනම් ඒ පිළිබඳව සොයා බලන ලෙස ඉල්ලා සිටිනවා ! අපේ පුංචි රටේ දෙකට අපි එකතු වෙමු . ජයවේවා . . . !

    Reply
  • ez cash කරන්න නම්බර් 1ක් දෙන්න.අනිවා සපෝට්

    Reply
  • මම නම් කියන්නේ register වීමක් වගේ 1ක දාන්න හැබැයි සබ් ගන්නකොට යම් මුදලක් ය කරනවට ගොඩක් අය කැමති වෙන 1ක් නැ register විඉමක් කරන්නේ නැතිව සබ් ගන්න කට්ටියට විතරක් add දැම්මට කමක්නැ කියල මන්නම් කියන්නේ (මක මට හිතුනු දෙයක්)

    Reply
  • දැන් බලන්න ලංකාවෙ තියන මේ වගේ වෙබ් අඩවි.
    Music.lk
    ikman.lk
    elakiri.com
    tickets.lk
    wow.lk
    ananmanan.lk
    ඒ වෙබ් අඩවි සමග කරට කර තරගයක් දෙන නැත්නම් ඊටත් වඩා අභිබවා යන වෙබ් අඩවියක් තමයි මේ. ඉතින් ඒ වෙබ් අඩවි වල පළවන සීමිත දැන්වීම් වලින් තමයි ඒ අඩවි දුවන්නෙ. ඉතින් දැන්වීමක් දෙකක් පළකලා කියල ඒ අඩවි වලට එන අයගෙ අඩුවක් වෙලා නෑ. මමනම් හිතන්නෙ අපේ මේ අඩවියට අනුග්‍රාහක සමාගමක් සම්බන්ධ කර ගත්තොත් හොඳයි කියන එකයි.

    අනිත් කාරණය නම්, මමනම් හිතන්නෙ නෑ මේකට එක කවුරුත් බෑන්ක් එකකට මුදල් තැන්පත් කරන්න වෙලාවක් වෙන් කරගනියි කියල. වැඩි කාලයක් ශ්‍රමයක් වැය නොවෙන ක්‍රෙඩිට් කාඩ් වලින් නම් යම් කිසි බලාපොරොත්තුවක් තබාගන්න පුළුවන්. ජංගම දුරකතන වලින් මුදල් හුවමාරු කරන්න විදියක් තිබුනනම් ගොඩාක් සාර්ථක වෙයි කියලත් මම හිතනව.

    මොනව වුනත් වේ අඩවිය රැක ගැනීමනම් අනිවාර්යයෙන් කළ යුතුයි.

    Reply
  • 4n num ekak danaawanan hondai ……….meta wada westarayak danaganna puluwan kohamada wade wenne kiyala

    Reply
  • Machanla, Mama Banker kenek. Umblata awashya nam, site eke namata BR ekakkuth thiyenawanam, Site eke namatama Bank Ejaunt ekak hadanna puluwan. Ethakota eke neethimaya peththa ha vinividabhawaya gena kawadawath awlak athiwanne nehe.

    Ad danawata nam mamath asa nethi unath mama hithanawa me site ekata thiyana rank eka nisama oya awashya gana (12000/- per month aprox.) eka sponsor kenek gen ganna puluwan wi kiyala. Umbala kemathinam mamath ehema try karannam. Ehema awashya nam mata contacts tikak evanna email ekata e ayathana contact karawanna (authorized people.)

    Senanjaya

    Reply
  • මම නම් කියන්නේ ඔයගොල්ලන්ට පුලුවන් membership packages ටිකක් සයිට් එකට add කරන්න.ඒ packages එක එක ගණන් යටතේ දාන්න තියෙන්නේ. කැමති කෙනෙක්ට කැමති එකක් හරහා register වෙන්න පුලුවන්. Free Package එකකුත් දාන්න තියෙන්නෙ. එහෙම එක එක package වලට උපරිම download limit එකක් දෙන්න.
    උදා: Free Membership එකට subtitle 50 – Rs.50
    SilverMembership එකට subtitle 100 – Rs.100
    Gold Membership එකට subtitle 500 – Rs.200
    (මේක මගේ පෞද්ගලික අදහසක් හොඳේ.)

    Reply
  • American Sniper (2014) sinhala sub eka danawada.? mahaththayo…

    Reply
  • ad dana eka thamai honda

    Reply
  • I dont know why you guys say this wasting that much money is dumb i can give you Unlimited Space Bandwith and Everything unlimited Server. Which is 1500 RPs per Year Its more cheaper than Other Hosting Sites Just Let me Know If you Want. Email Me [email protected]

    Reply
  • bro me torrent eka balnda Happy New Year 2014 Hindi 720p HDRip AAC…Hon3y sub danna hode

    Reply
  • ඔන්න මම වතුර බිඳුවක් එකතු කලා මට හැකි අයුරින්. අවස්තාව ලැබෙන හැටියට එය දිගටම කරන්න හැම උත්සාහයක්ම ගන්න්නම්

    Reply
  • මම කියන්නෙත් ඇඩ් දැම්මනම් වැඩේ ගොඩ කියලා… Music.lk සයිට් එක වගේ…

    Reply
  • ඒකත් අවුලක් නෑ සොහො

    Reply
  • සබ් එකක් බාද්දී ඇඩ් එකක් ක්ලික් කරලා(Adbla,Cashfly,bitly වගේ) බාන්න දුන්නොත් කීයක් හරි තව හොයාගන්න පුළුවන් වෙයි සහෝ අනික ඒකෙන් කාටවත් හානියක් වෙන්නේ නැහැනේ උපරිම තත්පර 5ක් යයි……..

    Reply
  • ez cash..hari banku ginumak hari…danna api aniva udaw karanava saho…

    Reply
  • Melo rahk nethi sub ne denne…

    Reply
  • ඇඩ් නම් දාන්න එපා සබ් එක්ක සයිට් එකේ කොනකින් දැමම්ට අවුලක් නැ අනිවා මමත් පුලුවන් විදිහට උදව් කරන්නම් කොමත් ඊසි කෑෂ් වගේ එකක් දාන්න එතකොට හැමොටම ලේසී
    ඔක්කොම හරියට එකතු උනොත් ඇති වෙන්න සල්ලි හොයාගන්න පුලුවන් මාසෙකට සැරයක් වැඩිම සබ් දෙන කෙනා තොරලා එයාට පොඩි තැග්ගක් (රීලෝඩ් එකක් වගේ දෙමු) ඇඩ් අරන් දෙන්න පුලුවන් අය ඒම ඇති ඒ අයත් සප් එකක් දෙයි

    Reply
  • මම නම් අඩ් දාන එකේ කිසිම අවුලක් දකින්නේ නැ. හෝල් එකක ෆිල්ම් එකක් බලන්න ගියත් අපි මුලින් ඇඩ් ටිකක් බලන්න වෙන තැන තියනවනේ එහෙම කියල අපි ෆිල්ම් නොබලා ඉන්නවද? අනිත් එක සබ් එකත් එක්ක උනත් පොඩි ඇඩ් එකක් ගියා කියලා වෙන ඉෂු එකක් මම නම් දකින්නේ නෑ, මගේ අදහසක් පමණයි…. BOC එකවුන්ට් නම් එකක් දුන්නනම් සල්ලි ටිකක් ට්‍රාන්සර් කරන්න තිබුනා

    ජය වේවා

    Reply
  • කමෙන්ට්ස් සේරම කියෙව්වම තේරෙනවා Avertisment දාන එකට විරුද්දත්වයක් නැති බව.සාමාන්යෙන් මෙතන කමෙන්ට් එකක් දාන්නේ දිනපතා මේ WEB සයිට් එක භාවිතා කරන අය .ඉතින් ඒ අයගේ විරුද්ධත්වයක් නැත්තම් ඒ දේ කලා කියල වරදක් නෑ .ඉතින් සයිට් එකේ පැවැත්ම හා පාරිභෝගිකයන්ගේ පහසුව වෙනුවෙන් Domain එක මාරු කරන්න.AD වලින් Domain එකේ ගාස්තුවේ ගෙවන්න පුළුවන්.අපිට පුළුවන් හැම විදියෙන්ම අපි උදව් කරන්නම් ඔයාල අපි වෙනුවෙන් කරලා තියෙන ,කරන කැපවීම වෙනුවෙන්.සදා ජය

    Reply
  • sahoo mehemai man me kiyanna ayana de harida waradida mama danne na but machan mama tv sireal balanna patan gatthe baiscop nisa mokada sinhala sub thiyena nisa ithin.. mama kiyanne mehema accout numbers danawata wada hodai.. free user denna nathuwa masekata rs 20/ 50/ wani mudalata user id eakak dena eaka baiscop ekata fb fansla innawa 77086. but api dannawa me hamoma log wenne nathuwa athi kohoma inath aduma 1000 wath log wei 1000*20 = 20000/= oyala ihala sadahan karala thiyenne 16200/= ona kiyala ithin mehema kaloth oyalata mita wada labei …

    Reply
  • මටත් හිතෙන්නෙ ඇඩ් දාන එක තමයි හොඳම විසඳුම. අපි පේජ් එකක් විවෘත කළහම පැත්තකින් වැටෙනවනෙ සයිට් එකේ තියෙන ටෙලි කතා රූප තියෙන ලැයිස්තුවක්. අන්න ඒ ටික අයින් කරලා එතන ඒ ප්‍රමාණයට ඇඩ් ටිකක් දැම්මොත් ඒකෙන් ආකර්ෂණීයත්වයට හානියක් වෙන්නෙත් නෑ.

    Reply
  • aniwa help 1k denm bro..jaya…………

    Reply
  • hoda adahasak habai oya waden trafic eka adu wei mokada salli deela sub ganna apay aiyala kamathi weida naththan thakahaniyak acc ekata salli davida,saarthaka wenna kiyala suba pathanawa jayawewa,.,.,.,.

    Reply
  • CHUTIMALLI KIWWA WAGE KROTH NARAKADA ..MAMAHITHANNE EKA HONDAI

    Reply
  • Add dana eke waradak naha. Galapena add witharak dana eka hodai. Acc ekakata cash dana ekath kamak naha. Me dekama karanna baluwoth hodai neda……..

    Reply
  • pop-up add nathuwa side1 add hoday.cream soda,cokacola,wage hoda brand wala add1k dahan.anith site wala thiyenne meyage mewwa eka balanne.menna meyage wada kiyala kunu harpa addne.ewwa nam danna hithannawath epa.donets kiyanne rasne thiyenakan witharay.anika salli ekathu karanakota “anna baiscope eken salli ekathu kara ekek 10 gane dunnath mechchara ekathu wenawa.mun ewwa horakan karada kiyala kawwada danne” mokata ban nikan mahansiwela kathandara ahanne.hoda brand eheka add1k dala kathandarayak naha wade karahan.add1k damma kiyala ena un nawith inne na.donet karana una palaweni awrudde dewi.ilaga awurudde ekathu karanna aye kiyanna wewi.ubala ela wadak karanne.eka goda ganna add1k damma kiyala mukuth wenne na. chuti malli kiwwa 1,2y awulak na.api dan youtube1 video1 baluwath add1 yanawa,eth api e video1 nobala inne nane ban.1000%k sarthka wade add1k dana eka.lankawe thiyena tharan add nemey.1k ho 2k.lankawe un nikan dunnoth polu parak unath kawi.habay kiyanatharan donet karanneth na.donet nokarata karapu unge donet walata una de hara awussa awussa bolata garahanna ganiwi.edata bolata hithewi karanna barinam site1 wahala dala nikan hitiyanam hoday kiyala.add dapan.adda dammama bana bana issaraha doren eliyata yana un sub1k ona una gaman passe doren aye horen ringanneth mekatama thama.uba wena post1k dahan sponsor kenekwa hoyala denna kiyala.eka mita wada kalochithay,sarthakay.

    Reply
    • kathawanam sahathika eththa bro….

      Reply
  • අයියේ ඔයාලා ඇඩ්ස් දාන්න.. එහෙනම නැත්නම් සල්ලි Eaළ්ය Cash කරන්න Num එකක් දෙන්න.. ඔයාලා කරන වැඩේ අගයන්න අපිටත් අවස්ථාවක් දෙන්න..

    Reply
  • මගේ අදහස නම් add දාන්න එපා.මුලින් bank account 1ක් දාල හරි ගියේ නැත්නම් add දාමු.gud luck

    Reply
    • මේ අදහසට මාත් එකගයි… ලංකාවේ බැංකු ගිණුමක් විවෘත කරොත් අපිටත් සුළුවෙන් හරි උදව්වෙන්න පුළුවන්…

      Reply
  • blogspot use කරානම් මොකද? unlimited traffic, low cost

    Reply
  • hithe hetiyata film beluwe baiscopelk hinda, kohoma hari meka fix karagena yamu. aniwaryenma maseta 1000 denawa.(dvd walata wenkerunu gana) jayawewa

    Reply
  • aye mukut kata on na yaluwane. hoda add tikak dant. a wagema a salli walin etiri ganak tiyanawanam sub dana ayata sadarana vidihata bedala denna. atakota tawa aya wadeta bahive. okkoma aul ewarai. baiscop team akata estuti. suba patanawa esaraharat karanna.

    Reply
  • සහෝ නරකද වෙනම page එකක් හදල ඒකට adfly වගේ link ටිකක් දාල තිබ්බ නම් කැමති කැමති අය click කරයි. දවසට අඩුම clicks 100-200 වගේ හම්බ වෙයි නේද. අනික ඒක බලෙන් ad පෙන්නනව නෙවෙයිනේ

    Reply
  • මම නම් කියන්නේ මේ දෙපැත්තේ තියන හිස් ඉඩ කඩ ඇඩ්වටයිසින් වලට යොදා ගත්තට කමක් නැහ් කියලා..මොකද ෆේස් බුක් වල ඇඩ් දැම්ම කියලා ඒක කවදාවත් අපිට එපා වෙලා නැහැනේ.ඒ නිසා වැඩිය වැල් වටාරම් නැති ඇඩ් එකට අදාල ලින්ක් එකත් එක්ක ඇඩ් දාන්න.

    මේකේ තියන කමෙන්ට් දැක්කම ගොඩාක් අය ඇඩ් දාන වැඩෙට කැමති වගේ.කොහොම උනත් සයිට් එකේ ඇඩ් දැම්මොත් බයිස්කෝප් ප්‍රතිරූපෙට හානි වෙනවා නම් විකල්ප ක්‍රියාමාර්ග ගන්න වේවි වගේ.

    ඇඩ්මින් සහෝලා ටික මේ දීලා තියන ක්මෙන්ට් වලිනුත් උදව් අරගෙන හොඳ දෙයක් කරන්න..
    ජය !!!!

    Reply
  • api kamathi udaw karanna.bank account eke branch eka danna e-banking thiyena ayata money transfer karanna.add puluwan taram noda inna balanna.barima nam witarak danna.thank you baiscope.

    Reply
  • lankawe bank ekaka account no eka danna udaw karanawa.

    Reply
  • සහෝ මාත් හිතන්නේ ඇඩ් දාන එක හොඳයි කියලා..ඇත්තටම මට නම් කිසිම අවුලක් නෑ මට නම්..මොකද ලංකාවේ සිංහල සබ් ගන්න තියන හොඳම සයිට් එක මේක…ඒ නිසා මොනදේ කලත් ඉස්සරහටත් මම බයිස්කෝප් එක්ක ඉන්නවා..Membership fee එකත් නරක නෑ..ඒක Easy Cash වගේ ක්‍රෙම්කින් ගෙවන්න සෙට් කලොත් මරු..ජය වේවා…..

    Reply
  • පුලුවන් විදිහකට උදව්වක් කරන්නම්

    Reply
  • Api sup 1 denava 1n ma.

    Reply
  • මමත් ඇඩ් දාන ක්‍රමයට එකග වෙනවා.චුටි මල්ලි කියනවා විදියට අපි හැමෝම මාසයක් දෙකක් මේකට උදව් කරයි පස්සේ අපිටත් නොදනිම සල්ලි දන එක මගෑරිලා යාවි.අපි නිකන් මේකෙන් ෆිල්ම් බලනවානම් මේ වෙබ් සිට් එකේ උන්නතියට පොඩි අපහසු තත්වයකට මුහුණ දුන්නට කමක් නෑ අපි ෆිල්ම් හෝල් එකකට ගියත් ට්වී එකේ බැලුවත් ඇඩ් යනවා ඒවා අපි ඉවසන් බලනවානම් පොඩි මල්ලි පෙන්න දුන්න ක්‍රමය ඉතාමත් සාර්තක වේවි මෙය ඇඩ්මින් වරුන්ගේ අවදානය යොමුවිය යුතුයි වෙබ් අඩවියේ ඉදිරිගමන සාර්ථක වීමටනම් සියලුම දෙනාගේ කැමැත්තට වඩා කල්පවතින්නව් වඩාත් සාර්ථක ක්‍රමයකට මුල් තැන දිය යුතු බව මගේ අදහසි

    Reply
  • මටත් ලියන්න නම් අදහස් සියගානක් තියනවා !
    ඒත් අදහස් ලිවුවකියල මේකට සල්ලිහම්බවෙන්නේ නෑනේ !

    ඔක නිසා වැඩි කතා නැතිව මම රු.1000.00ක් දැම්මා (ලොකු ගානක් නෙමෙයි) මේ දවස්වල තියන විදියට !
    තවත් ටිකක් ආයෙත් ටිකදවසකින් දානවා !

    මට මේ සයිටි එකෙන් ලැබුනදේවල් මීට වඩා ගෙඩාක් වටිනවා !
    සයිටි එකට ජයවේවා !

    Bank Reference Number : WT01252043
    Sender Details
    Sender Account : 1111010777
    Transfer Amount : 1,000.00 LKR
    Bank Charges : 0.00 LKR
    Details of Payment : Personal Transfer
    Sender’s Account Narration :
    Transfer Type : Transfer within Commercial Bank
    Beneficiary Details
    Beneficiary Name : Tharindu Darshana Wickramasighe
    Account Number : 8135011207
    Beneficiary’s Account Narration :
    Bank Name : COMMERCIAL BANK
    Branch Name : KARAPITIYA

    Reply
  • මාසේ අන්තිමට එකවුන්ට් එකට කියක් හරි දාන්නම් … ලොකු ගණන් නම් බෑ 😀 පුළුවන් විදියට මුදලින් දායක වෙන්නම් … වැඩේ දිගටම කරගෙන යන්න … සුභපැතුම් ….. (y)

    Reply
  • ලංකාවේ ගිණුමක් ඇඩ් කරපු එක ලොකු දෙයක් හැකි ඉක්මනින් පුලුවන් විදියට දායක වෙනවා බයිස්කොප් අඩවියට ජය වේවා!!!!

    Reply
  • අපට තියන දුක මේකෙන් subtitle free අරන් video shop කාරයො විකුණල සල්ලි හම්බකර ගන්නවා.

    Reply
  • මමත් කියන්නෙ දැන්වීම් පලකිරීමේ අදහස හොඳයි කියලා මොකද බැංකු ගිණුමක් දිලා තිබ්බත් මුලදි මුදල් දාවි…… ඒත් පස්සේ මේ කියන විදියට සල්ලි කී දෙනෙක් දායිද කියල අපිට ස්තීරවම කියන්න බෑනේ…. කාලයක් යනකොට අයෙ මේ ප්‍රශ්නෙ මතු වෙයි. ඒ හින්ද site 1ට ගැලපෙන add දැම්මට ඒක කාටවත් භාදාවක් වෙයි කියල හිතන්න අමාරුයි…….
    මොනව උනත් අපි ඉන්නව බයිස්කෝප් එකත් එක්ක ජය වේවා Baiscopelk!!!!!!

    Reply
  • sahoooo,,
    salery gaththa gaman keeyak hari account ekata daanavaa…
    anivaaa…

    Reply
  • ez cash කරන්න පුලුවන් වෙන්න නම්බ්‍ර් එකක් දෙන්න
    එතකොට අපිට පුලුවන් කියක් හරි මාසෙකට දාන්න…

    Reply
    • සහෝ ලංකාවේ ගිණුමක් උඩින් ඇඩ් කරලා තියෙනවා

      ජය!

      Reply
    • ammmmmmmtaaaaa ellllllllllllllllllllllllllllllllllllllllllllllllaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa……………………… koolllllllllllllllllooooooooooooooooooooooooooooooooooooo

      Reply
  • ලංකාවේ බැංකු ගිණුමක් දානවා නම් අපේ ජොබ් කරන කොල්ලන්ට මාසෙකට අතේ ඇති ගානට කියක් හරි දන්නා පුළුවන් සබ් එකේ Ad දන්නා නම් එපා ලනකවේ film වල thriller වගේ ad දැන්මට නම් ආපදාවක් නැති වෙයි මොකද අපේ සිනමාව වෙනුවෙනුත් බයිස්කෝප් අඩවියට දෙයක් කරන්න පුලවන් නේ එකෙන්

    Reply
  • ඈඩ් පල කරන්න එපා.!! @ඈඩ්මින් දෑන් හිතන්නකෝ එක උපසිරසයක් කොච්චර අය ඩවුන්ලොඅඩ් කරනවද අඩුම 1000ක් වත් ඩවුන්ලොඅඩ් කරනවනේ. ඔය ඔක්කොම රුපියල් 10 ගානේ දුන්නත් රුපියල් 10000ක් එනවනේ..හෑමොටම දුරකථන තියනවනේ රුපියල් 10 ගානේ Ez-Cash කරා නම් වීකි අයියාගේ නම්බරයට ගොඩනේ.. 😀 ඈඩ් නොදා නොදා ඉදලා ඈඩ් දෑම්මොත් ටිකක් අවුල්!! කොහෙත්ම ඈඩ් දාන්න එපා.! පුලුවන් සප් එකක් මෙහ් කමෙන්ට් කරලා තියෙන හෑමෝම දෙනවා කියලා දන්නවා..මෙතනම කමෙන්ට් 100ක් ටියනවනේ මෙහ් ඔක්කොම රුපියල් 100ය ගානේ Ez-Cash කරත් වෑඩේ ගොඩ..

    Reply
    • anna harire boss..a wedehata karanam wede goda.

      Reply
  • ලංකාවේ බැංකු ගිනුමක් දැම්මොත් අපිටත් සහයොගය දක්වන්න පුලුවන්…. කිසි ප්‍රශ්නයක් නෑ..

    Reply
  • mamath udau wenna uthsaha karannam aniwa…

    Reply
  • addd daamu …………
    eka thamai hodaa vidiya

    Reply
  • චුටි මලයා කිව කතාවට මමත් එකග වෙමි….

    මෙච්ච්ර කල් නිකන් දුන්නා, ඒ මදිද….

    ඇඩ් දාන එකේ වරදක් මම නම් දකින්නේ නැත…

    ලංකාවේ බැංකු ගිනුමක් දැම්මොත් අපිටත් සහයොගය දක්වන්න පුලුවන්….

    Reply
  • බොරුවක් තියනවා නෙමේ.
    මම මෙතෙක් පටන් දාපු හැම අදහසක්ම කියෙව්වා.
    අපේ චූටි මලයා හොඳ අදහස් සමූහයක් දක්වලා තියෙනවා.
    ඇවටයිසින් ගැන නම් මගේ අකමැත්තක් නෑ.
    ගොඩක්ම අය ඒකට අකමැති වෙලා තියෙන්නේ එයාලගේ හැඟීම් එක්ක බැළුවාම.

    (ඇත්තම කියනවානම් හොඳම දේ තමයි ලංකාවේ ගිණුම් අංකයක් දැමීම.)
    (එතකොට කිසිම අවුලක් නැතිව අන්තර්ජාලයට හෝ බැංකුවට ගිහිල්ලාම හෝ මුදල් බැර කිරීමක් කරන්න පුළුවන් ඔනෑම කෙනෙකුට.)

    බැංකු ගිණුම් අංකේ වැඩේ ඉස්සෙල්ලාම සිදු කරමු.

    ඒකත් හරි නොගියොත් ?
    ============

    ඒක හරි නොගියොතින් පුළුවනි උපසිරැසි ලිපිගොණුවත් එක්ක වැඩිය බරසාර නොවන විදියට
    කවුරුන් හෝ අලෙවි නියෝජිතයෙකුගේ ලාංඡනයක් හෝ ඔවුන්ගේ විස්තර සහිත පත්‍රිකාවක් ඇතුලත් කරන්න.
    (නමුත් උපසිරැසිය තුලට ඔවුන්ගේ නම් ඇතුලත් කිරීම මගින්, උපසිරැසිකරු ප්‍රේක්ශකයාට ලබා දීමට බලාපොරොත්තු වෙන රසවින්දනයට හා
    කර්තෘත්වයට හානියක් වෙන්න පුළුවනි.)

    පේ පැල් ගිණුම නම් කෝකටත් තෛලේ… (ඒක ගැන අහන්න දෙයක් නෑ, තාක්ශණික හා ගිණුම් මුදල් බැරකිරීම ගැන
    අවබෝධය බොහෝ අයට අඩු බව හැරෙන්නට.)

    අන්තිමටම තමයි ඇඩ් එක ගැන බලන්න ඕනේ. (මගේ නම් අකමැත්තක් නෑ)*
    ========================================

    බැක්ග්‍රවුන්ඩ් එකේ දුන්නොත් සයිට් එකේ ආකර්ශණයට බාධාවක් ඇති වෙනවා.
    සයිට් එකේ බ්ලෑන්ක් ස්පේස් ඇඩ් පොප් අප් (Blank Space Add Pop-Up) (ඒක නම් සිරාවටම එපා වෙනවා)

    ඒ වුනාට මට පේන විදියට දෙපැත්තේම පදික වේිදිකාව වගේ ඉඩක් තියෙන එක
    එක පැත්තකට දාලා ගත්තොත් හොඳ ඉඩක් ගන්න පුළුවනි ඇඩ් දාන්න එහෙම. (අමතර උදව්වක් විදියට අපි ආසාවට වගේ
    ඇඩ් ක්ලික් කරන්නම්. හැබැයි Clicking Rate එකට ඔයාලට සල්ලි හමුවෙනවා නම් විතරක්)

    ඒ වගේම තමයි, ඇඩ් වලට වෙනම පේජ් එකක් වෙන් කරන්න. (ඒක හරියන එකක් නෑ කියලත් හිතෙනවා)

    මේ ටෙම්ප්ලේට් එකෙන් ඇඩ් දාන්න ගත්තොත් කාටත් හිතට පොඩ් අවුලක් එනවා. (මනුශ්‍ය හිතේ ස්වභාවේ)

    ඒක නිසා අළුත් ටෙම්ප්ලේට් එකක් Try කරලා බලමු සයිට් එකට ඇඩ් දැම්මාම ලස්සනකුත් වැඩි වෙන විදියේ. (එතකොට ඇඩ් එක ගැන
    දැනෙන්නේ අළුත් ටෙම්ප්ලේට් එකේම කොටසක් කියලා)

    උපසිරැසි වලට ගාණක් අය කරන එක ගැනත් කියලා තිබුණා*
    ==============================

    මම නම් කියන්නේ :- අපෝ ඒක හීනෙකින්වත් හිතන්න එපා.

    ඒක හරියට පරිවර්ථකයින් හා කර්තෘවරුන් සිතේ සතුටින් අන්‍යන් වෙනුවෙන් වැය කරපු, අමිල වූ කාලය හා ශ්‍රමයට
    මිලක් නියම කලා වගේ වෙනවා.

    මම දන්නවා මේක තීරණයක් ගන්න අමාරු වුනු තත්වයක් කියලා.
    ඒත් සමාජයමය උදව් මත පවතින වෙබ් අඩවියක් විදියට, මම නම් මම නම් කාගෙනුත් ඉල්ලන්නේ අපි අන්‍යන්ගේ මත ඉවසමු.

    ඇඩ්මින් මහත්වරුන්ට රැවුලත් ඕනේ කැඳත් ඕනේ තත්වයක් තමයි මේ උදාවෙලා තියෙන්නේ.

    අපේ ජීවිතයටත් මේ විදියේ ප්‍රශ්ණ එනවා නේද? කියලා හිතමු.

    Reply
    • pop-up add nathuwa side1 add hoday.cream soda,cokacola,wage hoda brand wala add1k dahan.anith site wala thiyenne meyage mewwa eka balanne.menna meyage wada kiyala kunu harpa addne.ewwa nam danna hithannawath epa.

      Reply
  • Ane add nam danna eka saho ehema unoth site ekata ennath epa wei .
    Lankawe bank account ekaka number ekak denna api ekata keeyak hari dannam
    naththan mokak hari membership kramayak hadanna
    baiscope ekata jaya wewa

    Reply
  • චූටි මල්ලි සහෝගෙ අදහසට මමත් කැමතියි.. ඇඩ් දාන වැඩේ හොදයි මොකද නැත්නම් අපි වගේ පාසල් යන අයට මේ අඩවියට උදව් කරන්න බැරි වෙනවා..හැබැයි සබ් එක ඇතුලෙ ඇඩ් නොදා සයිට් එකට හානියක් නොවෙන විදිහට පේජ් එකේ එක පැත්තකින් විතරක් ඇඩ් දැම්මා නම් හරි…එතකොට අවුලක් නෑනේ…සබ් එක ඇතුලෙ ඇඩ් දැම්මොත් පසු කාලෙකදි උපසිරැසිකරුවන්ගෙ ස්වාධීනත්වයට බාධා මතු වෙන්න පුලුවන්…මට හිතෙන විදිහට සබ් වලින් සල්ලි අය කරන එක නම් සුදුසු නෑ …..අලුතින් එන සින්හල චිත්‍රපටි වල ඇඩ් වුනත් මේ අඩවියෙ පළ කරන්න පුලුවන්නේ…මම නම් චුටි මල්ලිගෙ අදහසට එකඟයි …jaya weva baiscopelk..

    Reply
  • ADD danna….. api salli dena wade hodai eth tika kalaya kin ape kattiyata wadath ekka oka amathaka wei..
    onnam masayak dekak karai.. oya anik site wala onatharan danne.. apita karadara unath kamak na..
    sub karana hamotama mudalak yana widiyata wade plan karanna…apita sub eka karadarayak nathiwa ganna witharak hadanna..wena site wala add walin puduma karadarayak thiyenne.. etha oya ranking walin uda inne… jaya wewa ADD DANNA…Ekenma..

    Reply
  • මේකේ තියෙන අදහස් ඔක්කොම සම්පුර්ණයෙන්ම බලන්න බැරි උනත්, වැඩි දෙනෙක් add දාන්න යෝජනා කරලා තිබුනා. මගේ අත්දැකීම් එක්ක බලපුවම, මේ හා සමාන අනෙකුත් සයිට් වලට දැන් යන්න හිතෙන්නේ නැති එකම හේතුවත්, සිමා රහිත add එකතුකරලා තිබීමයි. ඒවායේ තියෙන add පහුකරගෙන ච්ත්‍රපටය බලනකොට, වැඩේ හොඳටම එපා වෙලා. ඒ අතින් මේ සයිට් එකට තාම 10/10 ලකුණු දෙන්න පුළුවන්. මගේ පුද්ගලික අදහසත්, add එපා. අනෙක ලංකාවේ අයට තාම paypal හුරු නැහැ. මම ලංකාවෙන් පිට ඉන්න හින්දා පහසුවෙන් ආධාරයක් කරන්න ලැබුනා.
    මගේ අදහස නම්, යම්කිසි membaship fee එකක් වාගේ දෙයක් පටන්ගන්න. මේක බලන්න අවශ්‍ය කෙනා අනිවාර්‍යයෙන්ම එකතු වේවි.

    Reply
  • Mulinma kiyanna oni chuti mallige adahasa 100% k sarthakai…
    kriyathmaka karannath kisima apahasuvak na….
    site eke prathipaththiyak vidihata add danne na kiyala thibbata
    me vage velavaka prekshakaya gana hithala eyala venuvenma
    site eka block novi thiyaganna mudal hoyaganna add damma kiyala
    man nam eke varaddak dakinne naa…
    anith eka mada gahana eka kohomath gahanava..
    eva navaththanna banee apitaa..
    kohoma unath mama kiyanneth add damu kiyala..
    eka thamai 100% k sarthakama visaduma..
    anthima thiranaya addminla athe…

    Reply
  • මං නම් කියන්නෙ දැන්වීම් පලකිරීමේ අදහස හොඳයි කියලා.සයිට් එකේ කොනක දැන්වීමක් ගියා කියලා කාගෙවත් රසවින්දනේට ඒක බාදාවක් වෙයි කියලා මං හිතන්නෙ නෑ. අනික අපි වගේ නෝජොබ් කම්පැනියෙ වැඩ කරන අයට කැමති උනත් දායකත්වය දෙන්න අමාරුනෙ.

    Reply
  • මෙන්න මගෙනුත් අදහසක්,
    විස්තර ප්‍රමාණවත් මදි.
    ලංකාවේ බැන්ක් එකක ගිණුම් අංකයක් මගින් මේ වැඩෙ කරනවනම් මමත් උදව් කරනවා.
    ඇඩ් දාන ඒකට මම ඒකඟ නැහැ.
    ඒත් එක කරනවන්ම් පිලිවෙළක් ඇතිව සිදුවිය යුතුයි.
    paypal accnt ඒකක් මට නැති නිසා උදව් කරන්න බැහැ.
    ලංකාෙව් ගිනුමක් ලැබුනාත් අනිවාර්යයෙන් හැකි පමනින් උදව් වෙනවා.
    ජය වේවා බයිස්කොප්. !!!

    Reply
  • මම නම් හිතන්නේ ඇඩ් දානවට වැඩිය මේ ක්‍රමය ගොඩක් හොදයි
    අනික මේ වෙනකන් ඇඩ් දැම්මේ නැති හින්ද තමයි ගොඩක් අය බයිස්කොප් අඩවියට කැමති උනේ….

    Reply
    • ඇඩ් නැති නිසා නෙමෙය් ආවේ.සබ් තියෙන නිසා.ඇඩ් දාන එක තමා හොදම වැඩේ.

      Reply
  • අනේ සහෝදරයනි ලංකාවේ account numbar එකක් එවන්නකො… කියක් හරි දාන්න පුළුවන්නේ එටකොට…..

    Reply
  • මම නම් හිතන්නේ වෙබ් අඩවියට හානිදායක නොවන විදියට හා වෙබ් අඩවියට පැමිණෙන අයට කරදරයක් නැති විදියට වෙළද දැන්වීම් භාවිත කල නම් හරි. facebook වල ක්‍රමය ගැන හිතල බලන්න. දැන් facebook එකේ දැන්වීම් වැටුනට අපේ අය facebook භාවිතා නොකර ඉන්නවද?

    මුදල් අය කරලා කරගෙන ගියොත් එක යම් දවසකදී නතර වෙන්න පුළුවන්.

    කැමති අයට ආධාර කරන්න කියල වෙළද දැන්වීම් ක්‍රමය පාවිච්චි කරන එක හොදයි කියල තමා මගේ අදහස.

    Reply
  • වෙළඳ දැන්වීම් ගේමක් නැතුව ඔය ගොල්ලන්ට ගන්න පුළුවන් alexa ranking වලත් මේ site එක උඩින්ම ඉන්නවා… 🙂

    Reply
  • මට මේ server එක දෙන්න පුළුවන් අවුරුද්දකට රුපියල් 40000 ට
    600 GB HDD
    CPU 10 vCores
    Ram 10 GB
    Bandwidth 100 Mbit/s

    Reply
  • බොහෝම ස්තුතියි නිදහස් අදහස් ඉදිරිපත් කරන්න අවස්ථාවක් දුන්නට, උඩින් දාලා තියෙන “චූටි මල්ලී”ගේ විසඳුම ගොඩක් සාර්ථකයි,ඒක final Option එක වේවි බොහෝ දුරට.අපි ඒ විසඳුමට යන්න කලින් Bank Acc එකකට Deposit කිරීම වෙනුවෙන් සහ ඉහළින් දක්වා ඇති බහුතරයක් අදහස් වලට ඉඩක් දෙන්න වේවි.නමුත් මේ Bank Acc එකකට Deposit කිරීම තුලින් කොපමණ කලක් එම මුදල් ප්‍රමාණයෙන් යැපෙන්න හැකි වේවිදැයි එම ක්‍රමය ආරම්භ කර මාස කිහිපයකින්ම තහවුරු කර ගන්න හැකි වේවි,වැඩේ සුභදායි උනොත් එළ.Negative උනොත් “චූටි මල්ලී”ගේ විසඳුම තමයි,ඒ අවස්ථාවේදී මෙම වෙබ් අඩවියට චෝදනාවක් කිරීම අසාධාරණයි මෙම Ad මඟින් රසවින්දනයට බාධාවක් වුවා යන කාරණාව මත.
    අනිත් කාරණාව මේ දේවල් වලට ඉදිරිපත් වේවි යැයි අපට සිතිය හැකි වන්නේ බහුතරයක් වූ Sub Download කල ප්‍රමාණය නොව ඉන් 10% ටත් අඩු කොමෙන්ටුවකින්වත් සංග්‍රහ කිරීමට පෙළඹෙන සැබෑ බයිස්කෝප් මිත්‍රශීලින් පමණක් වීමයි.
    අපේ කෂ්ටිය සතියකට මාසෙකට කොපමණ මුදලක් කුඩු වෙන්න වියදම් කලත් මේ වගේ දෙයකට ලබා දෙන සහයෝගය ඉදිරියේදී බලා ගන්න හැකි වේවි
    මේක මගේ පුද්ගලික අදහසක් විතරයි,මේ විස්තරෙන් කාගේ හරි හිත රිදුනා නම් සමාවෙන්න යාලුවනේ,
    තව දෙයක් ,මම මේ අඩවියට යන එන බයිස්කෝප් රසිකයෙක්ම පමණයි.අඩුම තරමින් Sub එකක්වත් කරලා නැහැ.මොකද මම මේක කිව්වේ කාට හරි හිතෙන්න පුළුවන් මම කාගේ හරි උවමනාවකට කඩේ ගියා කියලා,එහෙම දෙයක් නැහැ,අනිවා……,

    Reply
  • මට කව්රු හරි කියනවද කොහොමද සල්ලි දාන්නේ කියලා.. ඔය තියන ලින්ක් එකෙන් ගියාම paypal ලොග් වෙන්න එනවා. එතනින් නිකම්ම dashboard එකට යන්නේ..

    Reply
    • දැන් කෙලින්ම donet එක ක්ලික් කරාම ඔයාට පුළුවන් සල්ලි දාන්න. ඒකට ඔයාට paypal ගිණුමක් තියෙන්න ඕනේ. ඔයාට තියෙන $ ගැන සදහන් කරලා ok කරන්න

      Reply
        • එල එල සහෝ.. තව ඉස්සරහට උදව් කරමු. හැබැයි හොදම දේ මේ විදියට දැන්වීම් පල කරන්න කැමති නැති නම් මාසික මුදලකට සාමාජිකත්වය දෙන එක. එතකොට මුදල් බැර කරන්න අපහසු අය වෙනුවෙන් sms වගේ ක්‍රමේකින් මුදල් ලබා දෙන්න පුළුවන් වෙන්න හදන්න

          Reply
  • Bank account ekak danna . Api udaw karanawa . Jaya wewa biscope 😀

    Reply
  • දැන්වීම් පල කරන එකේ අව්ලක් නෑ.
    සල්ලි දාන එකේ අව්ලකුත් නෑ…
    සල්ලි දාන විදිය නම් අව්ල්….
    ලංකාවේ බැංකු ගිනුමක් තිබුනා නම් තමා හොද…..

    Reply
    • මටත් තියෙන්නේ මේ අදහසම තමයි.
      අන්තර්ජාල භාවිත කළාට මමත් මුදල් ගනුදෙනු නම් දන්නේ නැහැ.
      ලංකාවේ ගිණුම් අංකයක් නම් හොඳයි

      Reply
  • මෙලොව අැති කිසි දෙයක් නොමිලේ නොලැබ්. ඒසේ ලැබේ නම් කවුරුන් හෝ ඒ වෙනුවෙන් මිලක් දරා අැත.

    ඒක උපසිරසක් භාගත කිරීම සදහා රුපියලක මුදලක් අය කරන්න.
    වෙබ් අඩවිය මගින් පරිශීලක ගිණුම් අැති කර ගිණුමක ශේෂය easy cash වැනි ක්‍රමයක් මගින් topup කිරීමට හැකි වන පරිදි…

    උදා. පරිශීලකයෙකුගේ ගිණුම Rs 100/- කින් ටොප්අප් කර ඔහුට උපසිරස 100 ක් භාගත කළ හැකිය.

    මෙමගින් ලැබෙන අාදායමින් උපසිරසි සකස් කරන පුද්ගලයන්ට ද කොටසක් ගෙවිය හැකි අතර ඒමගින් ඔවුන් දිරිමත් කර වැඩි වැඩියෙන් චිත්‍රපට සදහා උපසිරස වෙබ් අඩවිය තුළින් ලබාදිය හැක.

    උපසිරස නිපැයුම් කරුවන්ගේ අභිමතය පරිදි අැතැම් චිත්‍රපට සදහා නොමිලේ උපසිරස භාගත කිරීම්ද ලබාදිය හැක. ඒමගින් වැඩි වැඩියෙන් අලුත් පරිශීලකයින් වෙබ් අඩවියට අාකර්ශනය කරගත හැක.

    බයිස්කෝප් අඩවියේ උන්නතිය වෙනුවෙන් ලැබෙන මුදල් භාවිතා කළ හැක.

    Reply
    • වෙබ් අඩවියට දැන්වීම් අැතුලත් කරනවානම් ඒහිදී උපසරසි තුලටද දැන්වීම් අැතුලත් කළ හැක. චිත්‍රපටය නරඹන්නාට බාදාවක් නොවන පරිදි කෙටි දැන්වීම් අන්තර්ගත කළ හැක.

      Reply
    • lol lol lol lol lol lol lol lol lol lol lol lol lol lol lol lol lol lol

      Reply
    • ඒක තමයි මාත් කල්පනා කලේ. රුපියලක් හෝ සත 50 ක් වගේ අය කළා නම් කාටවත් දැනෙන්නෙත් නැහැ. අවශ්‍ය මුදල බාගන්නා අයට අනුව බෙදුවොත් ඊටත් අඩුවෙයි. ඒකත් හොඳ අදහසක්. බයිස්කෝප් නෙට් එකේ සබ් කොච්චර තිබුනත් බයිස්කෝප් එකට එන ට්‍රෑෆික් අඩුවෙන්නෙ නෑනේ. ඒක නිසා බය නැතුව බොඩි ගානක් අය කරාට කමක් නැහැ

      Reply
    • ඒකත් අවුලක් නෑ සොහො

      Reply
    • hoda adahasak….
      namuth me sayt ekata upasirasa baanna paasal lamun gdak enava mage yaluvao vage (udaaharanayak)
      ithin e ayata gevanna mudal nene
      eekai parasne
      ehema kaloth…
      kastiya ena aya aduvei..
      adahask vitararai…
      thanks,
      api puluvan vidihata daayaka vennam

      Reply
  • අනිවා අපි ඕනම උදව්වක් කරනවා සහෝ. ජිටරට කේස් නම් තේරෙන්නෙ නෑ. ලංකාවේ ගිණුමක් දුන්නොත් අනිවා සලිලි දාන්නම. පොඩියට ඇඩ් එකක් දෙකක් දැම්මට අවුලක් නෑ.. අපි දන්නවා ඒක කරන්නේ සල්ලි හම්බ කරන්න නෙවෙයි සයිට් එක ගෙනියන්න කියලා….

    Reply
  • මමත් එකඟයි. මොකද මට උපසිරැසි දාන්න වෙලාවක් නැති උනත් මම ෆිල්ම් බලන්න හුරු උණේ බයිස්කෝප් සයිට් එක නිසයි. මේ කරගෙන යන කර්තව්‍යය ලොකු දෙයක් විදිහටයි මම දකින්නේ. මටත් පුළුවන් විදිහට උපකාරයක් කරන්නම්. පුළුවන් නම් බැංකු ගිණුමක අංකයකුත් දාන්න.

    Reply
  • ඇති මෙහෙම දෙයක් හරි හිතුනා. ලොකු දෙයක්. පුලුවන් හැටියට මමත් කැමතියි උදව් කරන්න. ඇත්තට ම මේකේ ඉන්නේ ගොඩක් ම පොඩි කොල්ලෝ. සමහර අය තාම පාසල් යන අය. ( උපසිරැසිකරුවන්) ඉතින් එයාලට සල්ලි නැති වේවි මෙකට යොදවන්න. එයාලටත් දායක වෙන්න පුලුවන් විදියක් ගැන හිතුවොත් හොදයි නේද?

    Reply
    • ඔව්..මං තාම 10.අපිටත් ක්‍රමයක් තියේ නම් හොඳයි..

      Reply
  • බයිස්කෝප් වෙනුවෙන් අපි බොක්කෙන්ම..!

    Reply
    • ස්තුතියි සහෝ.

      Reply
  • paypal ලින්ක් වැඩ නැතෝ ………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………….

    Reply
  • අනේ සහො මට paypal තෙරෙන්නේ නෑ පුලුවන්නම් ශ්‍රි ලංකා එකක් දාන්න මම අනිවා 1000 මසෙකට දානවා මට පුලුවන් කාලයක් මොකද ඉස්සර dvd film වලට මම ඊට වඩා වියදම් කලා

    Reply
    • ස්තුතියි සහෝ ඔයාට.

      Reply
  • Puluwan hatiyata udawwak karannam aiye

    Reply
  • මෙන්න මගේ අදහස,
    විස්තර ප්‍රමාණවත් මදි කියන එකට මාත් එකඟ වෙනවා.
    මේ සදහා කොපමණ මුදලක් මාසයකට වැය වෙනවාද යන්න සඳහන් කිරිම අත්‍යවශ්‍යයි කියලයි මට හිතෙන්නෙ.
    කොහොම උනත් ලංකාවේ බැන්ක් එකක ගිණුම් අංකයක් මගින් මේ වැඩෙ කරනවනම් වඩා සාර්ථකයි.
    ඇඩ් දැමිම ගැන මම ඉන්නෙ Positive.
    ඒත් එක කරනවන්ම් පිලිවෙළක් ඇතිව සිදුවිය යුතුයි.
    අනිවාර්යයෙන් Baiscope අඩවියෙ දියුණුවට හැකි පමනින් උදව් වෙනවා.
    ජය වේවා බයිස්කොප්. !!!

    Reply
  • Bank account number ekak denna…

    Reply
  • මම හිතනව අන්තර් ජාලය හරහා මුදල් ගනුදෙන කරන්න දන්න අය බොහොමය අඩුයි. නමුත් Paypal ගැන දන්න අය වැඩිය නැහැ, අපි බයිස්කෝප් එකෙන් අවුරුදු ගානක ඉදන චිත්‍රපට උපසිරැසි අරගන්නේ, මෙච්චර කාලෙකට අපි නිකන් ගත්තනම් බයිස්කෝප් අඩවිය ඉදිරියට පවත්වා ගැනීමට අපි අනිවාර්යෙන්ම උදව් කරන්න ඔන, ගොඩ දෙනෙක් ජොබ් කරනවනේ ඉතින් මාසෙකට සැලරියක් ගන්නවා නේද, සිගරැට් එකට මාසෙකට කීයක් වියදම් වෙනවද ? අනික බොන්න කීයක් වියදම් කරනවද ? මොකටද අපි මෙච්චර කාලෙකට ඇඩ් දාලා සල්ලි හෙව්වේ නැත්නම් ඉදිරියටත් කරන්න ඕන නැහැ. මගේ අදහස බයිස්කෝප් වෙනුවෙන් ගිණුමක් ආරම්බ කරන්න, අපිවාර්යෙන්නම සල්ලි දාන්නම්, මම හිතනව අනිත් අය දමයි,

    සමාවෙන්න (“චූටී මල්ලි”) ඔයා කියපු දේ විවේචනය කරනව නෙමේ මගෙ අදහස

    2 ඩවුන්කරන සබ් ෆයිල් එක සමග ආදාල ආයතයෙ දැන්වීමක් සහිත ඉමේජයක් ඇතුලත් කිරිම
    3 සබ්ටයිටල් පටන් ගැන්මේදි හා අවසානයෙදි ආදාල දැන්වීම පලවීමට සැලැස්වීම
    තව තියෙ..

    මේ දේවල් වලට නම් මම කැමති නැහැ, එක එක්කෙනාගෙ අදහස් වෙනස් වෙන්න පුලුවන්, නැවත වරයක් සමාවෙන්න

    ඔය මාසෙකට වියදම් කරන අරක්කු, සිගරැට් වලින් පොඩි ගානක් බයිස්කෝප් ගිණුම වෙත බැර කරන්න. ඇඩ්මින් අයියලා මාසෙකට මම මේ කියපු දේ පොඩ්ඩක් අත්හදහා බලන්නකෝ. අනිවා සල්ලි හම්බෙනවා. අපිට බයිස්කෝප් අඩවිය තරමි් වෙන අඩවියක් නැහැ ගුණාත්මක සිංහල උපසිරැසියක් අරගන්න.

    බයිස්කෝප් ඔබට සදා ජය..

    Reply
  • ශ්‍රි ලංකා බැංකුවක ගිනූම් අංකයකුත් දාන්න. එතකොට ගොඩක් ලේසියි.

    Reply
  • යහලුවේ….සර්වර් ගාස්තු කවර් කරන්න සයිට් එකේ ඇඩ් දාන්නේ නැතුව

    ෆිල්ම් එක පටන් ගන්න කොට – ඇඩ් දාන්න පුලුවන් නේද ?

    හරියට ස්වර්ණවාහිනියේ යටින් යන ඇඩ් වගේ

    ලිමිට් එකක් තීරණය කරන්න.

    රසවින්දනයට බාධාවක් වෙන්නෙත් නෑ…ෆිල්ම් එක පටන් ගන්න කොටයි …ඉවර වෙන කොටයි දැම්මනම්

    සයිට් එකේ ඇඩ් යන්නෙත් නැහැ

    Reply
    • ලංකාවේ බැංකු ගිණුමක් විවෘත කරොත් අපිටත් සුළුවෙන් හරි උදව්වෙන්න පුළුවන්
      සයිට් එකේ අැඩ් දැමිමනම් කිසි අවුලක් නෑ
      සබ් එකට දාන එක පොඩි අවලුක් තියෙනවා
      රසවින්දනයට බාධා විමම නොවෙයි ප්‍රශ්නේ පසුකාලිනව ඕක විවිධ උපසිරසකරුවන් තම අයිතය පිලිබද ප්‍රශ්න කරාවි (ලංකාවේ අයගේ හැටි දන්නවනේ)
      දැන්විම්කරුවන් ඉදිරයේදි අඩවිය මෙහෙයවන්න උපදෙස් දෙන්න ඒවි.
      එක නිසා සබ් එකට අැඩ් දානවනම් ලොකු සැලස්මකින් යුතුව කරන්න වෙනවා
      නමුත් එකෙන් අනිවා අඩවිය පවත්වාගෙන යන්න අනුග්‍රාහකයන් නම් හොයාගන්න පුළුවන් වේවි

      Reply
  • මමත් කියන්නේ පුළුවන් නම් බැංකු ගිණුම් අංකයක් දෙන්න කියලා .. මමත් ඔය නෙට් එකේ සල්ලි හුවමාරු ඒවා නම් දන්නේ නෑ .. ඒ වගේම කියන්න ඕනේ මේකේ දැන්වීම් දැම්මට කිසිම අවුලක් නෑ …ඇත්තටම අපි හැමදාම ෆිල්ම් එකක් සුපිරියට බලන සයිට් එක.. මමත් කියන්නේ දැන්වීම් පල කරන්න ඒක තමයි මෙතන තියන හොදම විසදුම.

    Reply
  • machan donate karanne kohomada
    kaage email ekatada…
    please give more information on how to donate….

    Reply
  • මමත් හැකි අයුරින් සහය වෙන්නම්

    ගොඩක් අය කියන හැටියට දැන්වීම් පලකරන එක සාර්ථක විසඳුමක් කියලා හිතෙනවා. සයිට් එකේ අනන්‍යතාව තියාගෙන දන්ව්වීම් පලකරනවානම් කිසිඳු ගැටළුවක් නැහැ.

    මමත් හිතන්නෙ මෙම අඩවියට එන බහුතරයක් පේපැල් වගෙ අන්තර්ජාල මුදල් හුවමාරු ක්‍රම භාවිතා කරනව අඩුයි හෝ අඩු දැනුමකින් යුක්තයි කියල. මේ නිසා බොහෝ දුරට මෙරට බැංකු ගිණුම් අංකයක් ලබාදෙනවානම් බහුතරයකට ඒක පහසුවක් වේවි.

    Reply
  • ලංකාවේ බැංකුවක ගිණුම් අංකයක් දාන්න.හැමොටම ක්‍රෙඩිට් කාඩ් නැහනේ.:D

    Reply
  • aniwa add walata yama hoda awagema deerga kalina piyawarak…oyalata loku haiyak wada hodin me site aka karanna ..

    Reply
  • මගෙත් අදහස දැන්වීම් දැම්මට අව්ලක් නෑ. අනික මං හිතන්නෙ මමත් ඇතුළුව මෙම අඩවියට එන බහුතරයක් පේපැල් වගෙ අන්තර්ජාල මුදල් හුවමාරු ක්‍රම භාවිතා කරනව අඩුයි කියල. එතකොට අපිට උදව් කරන්න පුලුවන් ක්‍රමයක් නෑනේ. ඒ නිසා මමත් දැන්වීම් පල කිරිමේ යෝජනාව අනුමත කරනව.

    Reply
  • මචන් සබ් 1 දැන්වීම් පලකරන 1 නම් මම එකග වෙන්නෙ නෑ
    BackGround එකේ දැන්මටනම් අවුලක් නෑ ඒත් සබ් දාන 1 නම් හරි නෑ (මගේ අදහස )

    Reply
    • ඔව් මචන් මම පෙන්නුවෙ දැන්වීම් පලකරන්න හැකි ක්‍රම කිපයක්
      අදහසට ගරු කරනවා
      හැබැයි මට මෙහෙම දෙයක් හිතෙනවා ඉස්සර අපි ටීවී එකෙ පැය 2ක ෆිල්ම් එක පැය 3ක් විතර ඇඩ් එක්ක ඉවසගෙන බල්පු හැටිත් එක්ක මන් කියන ක්‍රමේ මොකද්ද ඉතින් නෙ අනිව තප්පර කිපයක් ඉවසන් ඉන්න බැරි කමක් නෑනෙ
      අනික මුලු සබ් එක පුරාවටත් නෙමෙයි ආරම්භයෙදි හා අවසානයෙදි පමනයි

      Reply
      • දැන්වීම් ඇතුලත් කරන්න පුළුවන් නම් ඒකෙ අවුලක් මමත් දකින්නෙ නෑ. අනික, ඒක වඩා ස්ථාවර පිළියමක්.

        Reply
        • අන්න ඒකයි මාත් කියන්නෙ

          Reply
          • බැක්ග්‍රවුන්ඩ් එකේ ඇඩ් දාන එකනම් අවුලක් නෑ. ලංකාවේ බෑන්ක් එකවුන්ට් එකකුත් දැම්මනම් හොදයි

            Reply
      • mama kamathi mekata … mulatai agatai dammata loku awlk wen na…

        Reply
  • මෙන්න මගෙ අදහස!!!!!

    බයිස්කෝප්සයිට් එක කියන්නෙ ලන්කාවෙ නමගිය සයිට් එකක් නෙ
    අනිවා නෙට් යන අය හැමදාම යන්න අමතක නොකරන සයිට් එකක්,
    ඒ අනුව බලන කොට තෙරෙනවා දිනකට දස දාහස් ගානක් මේකට එනවා ඇති..
    ඒ කියන්නෙ ලොකු ජනප්‍රියත්වයක් තියෙනවා.
    මුලින්ම්ම මම කියන්නම් මේ ක්‍රියාත්මක කරන්න යන ක්‍රමයෙ මම දකින දුර්වලතා ටිකක්

    1 ඉහත දාලා තියෙන විස්තරය ටිකක් ප්‍රමානවත් මදි…
    2 මේ ක්‍රමෙයෙදි ලැබෙන ආධාර මාසිකව දැඩි උච්චාවචනයන්ට ලක්වේවි සමහර මාස වල ඉහල ප්‍රමානයකුත් සමහර මාස වල ගොඩක් පහල ප්‍රමානයකුත් ලැබේව් එතනදි ආයිත් ඇඩ්මින්වරු අමාරුවක වැටෙන්න පුලුවන්
    3 අනික ගොඩක් අය මුදල් දෙන්න කැමති උනත් ආර්තික තත්වෙත් එක්ක වැඩේ මඟහරිවි
    4 මන් හිතන්නෙ මේ සයිට් එක යුස්ස් කරන ගොඩක් අය නවයොවුන් වියෙ අය ඔවුන් සතුව මුදල් නොමැතිවෙන්න පුලුවන්
    5 අනික අන්තර්ජාලය හරහා මුදල් ගනුදෙනු කිරිමට ගොඩක අය දන්නෙ නැතිකම
    තව තියෙ….

    මේකට මොකද්ද හොදම විසදුම?
    මම දකින විසදුම තමා දැන්වීම් ප්‍රචාරනය
    නිකන් 2.50 දැන්වීම් නෙමෙයි මේකෙ තියෙන ජනප්‍රියත්ව්යත් එක්ක ඇඩ්මින්වරුන්ට හොද සන්නාම නාමයන්ගෙ යුත් වෙලද ආයතන සමග අත්වැල් බැදගන්න පුලුවන් වේවි අපි දන්නා දෙයක් තමා බොහො ආයතන දිනකට ලක්ශ ගනන් මුදල් තප්පර ගනනක් වෙනුවෙන් වැයකරනවා
    අපි මේක ලාබ ලබන්න නොකරන වැඩක් නිසා මාසයක් වෙනුවෙන් වැයවන වියදම පමනක් මාසිකව සයිට් එකෙ ඇඩ්මින්වරුන් වෙත ලාබාදිමෙ පොරොන්දුවකට ඔවුන් කැමතිවෙවි ඒ වෙනුවෙන් ඔවුන්ge දැන්වීම් මේකට එන අයට කරදරයක් නොවන විදිහට පලකරන්න පුලුවන්…
    පලකල හැකි ආකාර කිහිපයක්…

    1 සයිට් එකෙ බැක්ග්‍රවුන්ඩ් එකෙ පමනක් දිස්වීමට සැලසෙන පරිදි පලකිරිම
    2 ඩවුන්කරන සබ් ෆයිල් එක සමග ආදාල ආයතයෙ දැන්වීමක් සහිත ඉමේජයක් ඇතුලත් කිරිම
    3 සබ්ටයිටල් පටන් ගැන්මේදි හා අවසානයෙදි ආදාල දැන්වීම පලවීමට සැලැස්වීම
    තව තියෙ..

    මම මෙච්චර දෙයක් කිව්වෙ මම දැනන් හිටියා මෙහෙම දෙයක් අනාගතෙ වෙයි කියලා
    අනික තමා මන් හිතන්නෙ කවුරුත් අකමැති වෙන එකක් නෑ දැන්වීම් පලකිරිමට
    මමනම් කැමතියි…..
    මොකො කියන්නෙ කට්ටිය ???????????

    Reply
    • දෙයියනේ කියල අපිත් පුළුපුළුවන් වෙලාවට කීය කීය හරි දාන්නම්. ලංකාවේ බැංකු ගිණුම් අංකයක් දෙන්න.

      අනේ මේ මහත්තය කියන දෙවෙනි, තුන්වෙනි අදහස් නම් ක්‍රියාත්මක කරන්න එපා.

      Reply
      • ඔව් ලන්කාවෙ ගිනුම් අන්කයක් දෙන එකත් හොද ක්‍රමයක්
        අදහසට ගරු කරනවා
        අනේ මම මහත්තෙයෙක් නෙමෙයි බන් සාමන්‍ය කොල්ලෙක් 😀

        Reply
    • මට කියන්න තියෙන සේරම ටික මේකා කියලා ඉවරයි. මාත් පුලුවන් විදිහට උදව් කරන්නම්. සයිට් එකේ සයිඩ් එකකින් ඇඩ් දැම්මට, බැක්ග්රවුන්ඩ් එකේ ඇඩ් දැම්මට ලිපියෙ පෝස්ට් එක මැද්දෙන් ඇඩ් එකක් දැම්මට, සබ් ෆයිල් එකට ඇඩ් එකක් දැම්මට, සබ් ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙන්න වෙන පේජ් එකකට ඕපන් වෙලා ඒකේ අඩ් එක තියෙන විදිහට(ඩවුන්ලෝඩ් ෆයිල් එකත් එක්කම) ඔය අනං මනං මොනවා උණත් අවුලක් නෑ. හැබැයි සබේ ඇඩ් දානවට මමනං පෞද්ගලිකවම අකමැතියි. මෙච්චර කල් සයිට් එකේ තිබුන ප්‍රතිරූපයට හානියක් නොවෙන අයුරින් කරන ඕනම දේකට මම බයිස්කෝප් එකත් එක්ක ඉන්නවා. ජය!

      Reply
    • සබ් වලට දැන්විම් දැමිමනම් හොදනෑනේද
      අනෙක් අදහස්ටික නම් සුපිරියි

      Reply
    • මේ තියෙන්නෙ නියම අදහසක් මේ විදියට කරන එකේ ගැටළුවක් මම දකින්නෙ නෑ.

      Reply
    • oya kiyana aka hari.mama aaa deyata akagai.
      නිකන් 2.50 දැන්වීම් නෙමෙයි මේකෙ තියෙන ජනප්‍රියත්ව්යත් එක්ක ඇඩ්මින්වරුන්ට හොද සන්නාම නාමයන්ගෙ යුත් වෙලද ආයතන සමග අත්වැල් බැදගන්න පුලුවන් වේවි අපි දන්නා දෙයක් තමා බොහො ආයතන දිනකට ලක්ශ ගනන් මුදල් තප්පර ගනනක් වෙනුවෙන් වැයකරනවා
      අපි මේක ලාබ ලබන්න නොකරන වැඩක් නිසා මාසයක් වෙනුවෙන් වැයවන වියදම පමනක් මාසිකව සයිට් එකෙ ඇඩ්මින්වරුන් වෙත ලාබාදිමෙ පොරොන්දුවකට ඔවුන් කැමතිවෙවි ඒ වෙනුවෙන් ඔවුන්ge දැන්වීම් මේකට එන අයට කරදරයක් නොවන විදිහට පලකරන්න පුලුවන්…

      Reply
  • Please give a bank account number.. Don’t know about paypal

    Reply
  • තව දෙයක් පේපැල් ගැන මගේ දැනුම දුර්වලයි… ඒ වගේ තව අය ඇති.. ඒ නිසා බෑන්ක් එකවුන්ට් එකක නම්බර් එකකුත් දාන්න… රුපියල් 1000කින්වත් අපිට දායක වෙන්න පුළුවන්… එහෙම කරන්න..

    Reply
  • මගේ අදහසනම් ඇඩ් පලකරන 1 සයිට් 1 එන අපේ සහෝදරයන්ට පසු කාලයක කරදයක් වේවි කියල 😀
    ඒක නිසා අපි මේ ගිනුමට අපට හැකි පමනට මුදල් බැර කර මෙයට සහයෝගයක් දක්වන 1 හොදයි කියල තමයි මමනම් කියන්නේ .
    තවද ශ්‍රීලංකාවේ බැන්කු ගිනුමක අන්කයක් පලකරන්න කියල ඉල්ලා සිටින්න කැමතියි .

    Reply
  • මගේ අදහස ඇඩ් එහෙමත් දාන්න… තව දෙයක් පේපැල් ගැන මගේ දැනුම දුර්වලයි… ඒ වගේ තව අය ඇති.. ඒ නිසා බෑන්ක් එකවුන්ට් එකක නම්බර් එකකුත් දාන්න… රුපියල් 1000කින්වත් අපිට දායක වෙන්න පුළුවන්… එහෙම කරන්න..

    Reply
    • math sahota ekagai….account number 1k denawa nm pahasui…..puluwan vidiyakin mmth dayaka wennam…

      e wgema advertisement ehema pala klata kamak na.(habai site 1ta prasnayak nowenna)

      Reply
  • පොඩ්ඩක් විස්තර ඇතුව දාන්න.. මටත් පුළුවන් පොඩි මුදලකින් සහය වෙන්න…

    Reply
  • මගෙත් අදහස වන්නේ වෙබ් අඩවියේ අනන්‍යතාවට හා වැදගත්කමට හානියක් නොවන පරිදි දැන්වීම් පළ කලාට කමක් නැත යන්නයි. ලැබෙන ඕනෑම දැන්වීමක් පළ කිරීම නොවේ මින් අදහස් වන්නේ. ගැලපෙන ඒවා ගැලපෙන ආකාරයට ‍පළ කරන්න. මා හිතන්නේ මෙයින් ප්‍රයෝජන ලබා ගන්නා දහස් ගණනක් පිරිස එයට අකමැති වෙන එකක් නෑ කියලා. මෙය මාගේ පෞද්ගලික අදහසක්.

    Reply
    • ඔබේ අදහසට මමත් එකඟයි ඉනෝකා සහෝදරි.වෙබ් පිටුවේ අන්තර්ගතයට හානි නොවන විදිහේ ප්‍රයෝජනවත් දැන්වීම් පල කරාට වරදක් නැහැ

      Reply
  • හැකිනම් අවශ්‍ය මුදල් ප්‍රමාණය විස්තර ඇතිව දාන්න… හැකි අයුරින් සහය දක්වන්නම්…

    Reply
  • පැහැදිලි මදි.. කීයක් යනවාද කියලා කියන්න.? කීයක් ඕනද කියලත් කියන්න ? පුළුවන් සහයෝගයක් දෙන්න කැමතියි.

    Reply
    • කීයක් යනවා ද කියලා ඉහලින් දාලා තියනවා. කීයක් ඕන ද කියලා කියන්න බෑ. පුලුවන් ගානක් තමයි ඉතින්. 🙂

      Reply
  • අනිවාරෙන්.. මම උදව් කරනවා.. ඔයාලට අපි හොදට Film එකක් බලන්නේ.. මේ වෙබ් අඩවිය නිසා

    Reply
  • අනිවා සප් එක දෙන්නම්? 18ට වැඩි වෙන්න ඔනිද මේකට සල්ලි දාන්න?
    ඇඩ් දැම්මොත් නරකද?

    Reply
  • puluwan widhiyata aniwa karanawa.Oya krama hara wena kramayak nadhdha salli laba dhenna.

    Reply
  • හැකි අයුරින් සහය වෙන්නම්කො ඔන්න 🙂

    Reply
  • NOWARADAWAMA MAMA UDAU KARANA

    Reply
  • nowaradawama mama udau karanawa

    Reply
  • දැන්වීම් පලකරන්න පටන්ගන්න…ඒ ගැන අපිට නම් කිසිම ප්‍රශ්නයක් නෑ…

    Reply
  • සහෝ පොඩි අදහසක්, දැන්වීම් පල කරොත් අව්ල්ද?

    Reply
    • දැන්වීම් පලකලොත් බුරන්න සෑහෙන්න පිරිසක් ඉන්නවා සහෝ. බලමු ඇඩ්මින් ලා මොනවගේ තීරණයක් ගනීවි ද කියලා.

      Reply
      • එහෙම හිත හිත ඉදල බැනේ බන්. සයිට් එකට එද්දී බයිස්කෝප් ඊට පස්සේ හොස්ට් ඊට පස්සේ සිංගප්පුරුව දාල මැද්දෙන් කතිරයක්. බුරන උන් කැමති ඇති එහෙම තියෙනවට. අපි කැමති නැහැ.

        එක එක මගුලවල් දාන්න ඕනේ නැහැ. අලුත් එන සිංහල ෆිල්ම් වල ප්‍රචාරක කටයුතු කරමු. සයිට් එකටත් හානියක් නැහනේ’. tv වල දානවට වඩා මේකේ දැම්මොත් ලොකු ප්‍රසිද්දියක් කියල කව්රුත් දන්නවා.

        Reply
        • හොද අදහසක්. 🙂

          Reply
      • ad ekak dapan ban side ekakin

        Reply
      • mawa contact karapanko poddak

        Reply
    • එහෙම නැතිනම් නොමිලේ දෙන්නේ නැතුව මාසෙට රුපියල් 10, 50, ක් වගේ අය කරමු. සබ් එකෙන් එකට මුදල් ගන්න පුළුවන් විදියට හදන්න නම් අමාරු වේවි. මොකද හුග දෙනෙක්ට පෙයිපැල් වගේ ක්‍රම නැනේ. sms වලින් වගේ ගිණුම රිචාර්ජ් කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවනම් ඒ ක්‍රමෙත් සාර්ථකයි. හැමදාම අපිට නොමිලේ උපසිරසි දෙන්න නම් අනිවාර්යෙන් දැන්වීම් පල කරන්න වෙනවා. හැබැයි නොමිලේ දෙන තරමට අපි සමග කට්ටිය රැදිලා ඉදිවී.

      Reply
    • ez cash කරන්න නම්බ්‍ර් එකක් දෙන්න එතකොට කියක් හරි මාසෙකට දාන්න පුලුවන්

      Reply
      • mehema karoth mokada Files okkoma Storage eka Google Drive wage ekakata dala meken link eakata dammoth oyalata awulak yanne nathi wei neda..storage wakatane godak memory use wenne

        Reply

Leave a Reply to danu Cancel reply

Your email address will not be published. Required fields are marked *