Tuesday , June 6 2023

Spirited Away (2001) | අමනුෂ්‍යයෝ ගොඩයි, මං විතරයි !!! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.1/10. From 20 votes.
Please wait...

Spirited Away
IMDb දර්ශකය අනුව ලොව විශිෂ්ටතම චිත්‍රපට 250 අතුරින් 41වෙනි ස්ථානයේ වැජඹෙන අරුමැසි මායා යථාර්ථවාදී චිත්‍රපටයක් වන Spirited Away තුළින් යටිපෙළින් කතාබහට ලක් කරලා තියෙන්නේ මනුෂ්‍ය බලපෑම් මත ඇති වී තිබෙන පාරසරික දූෂණයයයි.

ජපානය තුළ හා විදේශීය රටවලදීද මෙතෙක් වැඩිම ආදායමක් ලැබූ ජපන් චිත්‍රපටිය වන්නේද මෙයයි. Academy Award for Best Animated Feature ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලද සිනමාපටය අවුරුදු 14 වන විටදී නරඹා තිබිය යුතු චිත්‍රපට 50 අතරටද ඇතුළත් වෙන අතර ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ටතම සජීවීකරන චිත්‍රපටයක් සේ සැලකෙනවා. මේ සිනමා සිත්තම අධ්‍යක්ෂණය කර ඇත්තේ Hayao Miyazaki නම් ජපන් ජාතික කාටුන් ශිල්පියා විසින්.

සාමාන්‍යයෙන් අපි අහලා තියෙන්නේ අමනුෂ්‍ය බලපෑම් නිසා මිනිසුන් ආතුර වෙනවා කියලනේ. ඒත් මේ කතාවේ සිද්ධ වෙන්නේ ඒකේ අනිත් පැත්ත. මිනිස් ක්‍රියාකාරකම් නිසා ආතුර වෙලා තියෙන්නේ ගංගාවට අධිපති දේවතාවා, භූමියට අධිගෘහිත යක්ෂයා වගේ අමනුෂ්‍ය බලවේග. එහි යටි අරුතනම් මිනිසා විසින් පරිසරයට කර ඇති විනාශයයි.

අළුත් නිවසක් බලා යන චිහිරෝ හා ඇයගේ දෙමව්පියන් අතරමගදී හමුවෙන අතහැර දෑමු උද්‍යානයකට යනවා. ඒ යන්නේ හිදී ගිය ගංගාවකින් එතර වෙලා. කාත් කවුරුත් නැති ඒ උද්‍යානයේ රසමසවුළු, ප්‍රනීත ආහාර පිරිලා. චිහිරෝගේ අම්මයි තාත්තයි ඉවක් බවක් නැතිව ඒවා ගිල දමන්නට පටන් ගන්නවා. හැබැයි පුංචි චිහිරෝ නම් එවා කන්නේ නැහැ. කෙමෙන් කෙමෙන් අඳුර වැටෙනවා. හැම තැනින්ම අමනුෂ්‍ය ආත්ම වලින් පිරී යනවා. එතන අමනුෂ්‍ය ආත්ම වලට ස්නාන පහසු කම් සපයන තැනක් ඒ කියන්නෙ Bathhouse එකක්. නොයෙක් ඖෂධීය ස්නාන ලබා ගන්න විවිධ යක්කු, පිසාචයෝ, දේවතාවන් මෙහෙට එනවා. මේක අයිති යුබාබා කියන මන්ත්‍රකාරියටයි. දවල් කාලේ පාර වැරදිලා මෙතනට එන මිනිසුන් එහි තියෙන ප්‍රනීත ආහාර කාලා රෑ වෙනකොට ඌරන් බවට පත් වෙනවා. චිහිරෝගෙ දෙමව්පියන්ට වෙන්නෙත් ඒ දෙයිමයි. දැන් ඔවුන් එගොඩ වෙලා ආපු හිදී ගිය ගඟ වතුරින් පිරිලා නැවත් මිනිස් ලෝකයට කවදාවත් යන්න බැරි වෙනවා.

චිහිරෝ මේ අමුතු ලෝකේ තනි වෙනවා. දහස් ගනන් අමනුෂ්‍යන් වාසය කරන ඒ ලෝකේ ඉන්න එකම මනුෂ්‍ය ජීවියා චිහිරෝ විතරයි. ඉතිං එයාට හිතෙනවා ඇති අමනුෂ්‍යයෝ ගොඩයි, මං විතරයි කියලා. කොහොමෙන් හරි තමන්ගේ දෙමව්පියන්වත් බේරගෙන චිහිරෝ මනුෂ්‍ය ලෝකයට ආපහු එන හැටි තමයි මේ කතාවේ තියෙන්නේ. මේකට චිහිරෝට අත් හයක් තියෙන කමාජි, ලින්, හකූ නම් මකර වේශයෙන් ඉන්න දේව කුමාරයා වගේ කිහිප දෙනෙක්ම චිහිරෝට උදව් කරනවා.

බොහොම ලස්සන චිත්‍රපටයක්. ඒ වගේම ජාත්‍යන්තරව ඇගයීමට ලක් වුන චිත්‍රපටයක්. ඔබටත් නරඹන්නට ආරාධනා කරමින් නවතින්නම්.

Spirited Away (2001) on IMDb

 

 

b89b083a702b27ef3396301abecfe9f60fe7e693
1938756e36107b0a72659c9b4492d9d9b4dbacd8
d1c176d34823e8d3abcf116b0acd98d163151f01
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද හිරුෂාන් ෆර්නෑන්ඩු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Land (2021) Sinhala Subtitles | කඳුකරයේ හුදකලා වී.. [සිංහල උපසිරසි] (18+)

මේ හැම මගුලක්ම අතෑරලා දාල කන්දක් උඩට ගිහින් ගෙයක් අටවන් වගාවක් කරගෙන, මාළුවෙක් දෙන්නෙක් අල්ලගෙන, …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

49 comments

  1. Thanks for the subtitles

  2. chandima samaranayake

    thank you very much for your contribution.good luck

  3. thank you very mush

  4. බොහෝම ස්තූතියි උපසිරසියට.ඉදිරියේදිත් මෙවැනි ලස්සන චිත්‍රපටි සදහා උපසිරසි ලබා දෙන්න.ජය වේවා!!!

  5. Castle in the sky eketh sub dennko

  6. thanks.for the sub

  7. සුපිරියි…. බොහෝම ස්තූතියි උපසිරැසියට

  8. thank you machnnn.keep up the good work

  9. Thank u Hirushan brother & baiscope team for the sub, all the best to baiscope team………..

  10. asintha rukshan

    thanks

  11. බොහොම ස්තූතියි සහෝ.

  12. ඉෂාන් මදුෂ

    එළ.බොහෝම ස්තුතියි සහෝ.සුපිරිම anime එකක්
    පුලුවන් වෙලාවක මේවැනි anime වලට සබ් දෙන්න බලන්න
    ජය වේවා!

  13. paata film eka
    thanks

  14. hello oyata puluwanda, spirited away 2 film eke sub danna plz…………………..

  15. තැන්ක් යු ගොඩක් බයිස්කොප්

  16. බොහොම ස්තූතියි සහෝ.

  17. පට්ටයි පොඩි කොපිය නං එල.සීඩ් ගොඩාාායි….දිගටම උපසිරැසි දෙන්න.ඔබට ජය…!

    • මේක ඊයෙ බැලුවා.මාර ලස්සන කතාවක්.මං මේක ගත්තෙනම් ටොප් 250 අතර තිබ්බ හින්දා විතරයි.මෙච්චර ලස්සන කතාවක් කියලා නං හිතුවේ නෑ.නියමයි.පැය දෙක යනවා දැනුනෙවත් නෑ.මං වගේ 2ඩී ෆිල්ම් වලට එච්චර කැමති නැති අය ඉන්නවනං මේක විතරක් අරගෙන බලන්න.දිගටම 2ඩී ඒවා බලයි 😛 මේ පට්ට කතාවට උපසිරැසි දුන්නට බොහොම ස්තූතියි සහෝ.දිගටම සබ් දෙන්න.ඔබට ජයෙන් ජය….!!!

  18. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  19. සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  20. lassana film 1k vage…… thanks……

  21. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  22. බොහොම ස්තූතියි හිරුෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  23. ඔන්න මමත් බාගත්තා.. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.. මේකෙ 300 mb කොපියේ ඉංග්‍රිසි උපසිරැසිත් තියෙනවා..

  24. mudiya / මුදියා

    මෙච්චර ලස්සන, වටින ෆිල්ම් එකක් ගෙනාවට හිරුෂාන්ට පිං.මෙහෙම මේකෙන් දුන්නෙ නැත්තං කවදාවත් මේ වගේ ෆිල්ම් ගැන දැන ගන්න වෙන්නෙ නෑ.ඉක්මනටම බලනව.ජයවේවා.බොහෝ…………………………………………………………………ම ස්තූතියි…!

  25. uparima macho…… patta

  26. “චූටී මල්ලි”

    වටින එකක් ගෙනාවට තුති
    සබට තුති
    ඔබට ජය………..

  27. දිමුතු තරංග ඉලුක්කුඹුර

    මේ වගේ වටින සුපිරි කතාවක් අපි වෙනුවෙන් සිංහල උපසිරසි සමඟම ගෙනාවට ඔබට බොහොම ස්තුතියි ,ජයවේවා.

  28. සංජිව

    Thanks saho mamath dl karanna damma..

  29. බොහොම ස්තුතියි සහෝ.

  30. නලින්

    ස්තුතියි හිරුෂාන් ස‍හෝ.. මේවගේ දුර්ළභ සලරු අපි වෙත ගෙනඑනවට!

    ජය වේවා!

  31. thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa..pinsiduweewa…

  32. Hayao Miyazaki කියන්නේ සුපිරි අධ්‍යක්ෂකවරයෙක්. ඔහුගේ කලාව ඇනිමේෂන්. ජපානයේ හොදම නිර්මාණශිල්පියෙක් තමා මෙතුමා. නමුත් මේ ඊයේ පෙරෙයිදා දවසක ඔහු සිය නිර්මාණ ජීවිතයට සමුදුන් බවයි හෙළි වුණේ.

    Castle in the Sky (1986)/ Porco Rosso (1992)/ Princess Mononoke (1997)/ Howl’s Moving Catle (2004)/ Ponyo (2008) වගේ විශිෂට නිර්මාණ රාශියක් කරපු කෙනෙක්.

    එතුමාගේ අවසන් නිර්මාණය Wind Rises (2013) නමින් මේවෙනකොටත් බටහිර රටවල තිරගත වෙනවාලු. ඉතින් සහෝ හැකිනම් මේ ඔහුගේ අනිකුත් නිර්මාණත් සබ් දෙන්න. බැරිනම් අන්තිම එකවත් දෙන්න බලන්න. මාත් හරිම ආශා කරන සිනමා කලාවක් තමයි ඇනිමේෂන්. ඒකයි මේ ඉල්ලීම කරන්න හිතුවේ…

    ජය!

  33. wow,, maru 🙂

  34. ela ela ela

  35. supirma akak ne maru

  36. supiri kathwak wage 😉

  37. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො අපිත් ඉතින් කාටුන් බලන කට්ටියනෙ ජය

  38. මිහාන්

    බොහෝම ස්තුතියි සහෝ

  39. නියමයි සහෝ

  40. rusuru | රුසිරු

    බොහොම පින් මචං සුපිරි වැඩක්

  41. bohoma pin imdb hodama akak dunna akata

  42. patta akakne macho

error: Alert: Content is protected !!