You dont have javascript enabled! Please enable it!
Saturday , July 4 2020
Breaking News

Storm Boy (2019) Sinhala Subtitles | ඔබෙන් සමුගනිමි [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.3/10. From 15 votes.
Please wait...

“Sometimes I think it’s best, not to have anyone to care about. That way you won’t get hurt.”

“සමහරවෙලාවට මට හිතෙනවා, තමන්ට පරිස්සම් කරන්න කෙනෙක් නැති එක තමයි හොඳම දේ. මොකද එතකොට ඔබට විඳින්නවෙන දුක අඩුයි…”

– Storm Boy [ 2019 ] –

ආයුබෝවන් යාලුවො හැමදෙනාටම. ඔන්න එහෙනම් මගේ 6 වෙනි උපසිරසත් ඉක්මනින්ම අරගෙන එන්න පුලුවන් උනා. මතකනේ මම ගිය සතියෙ BREAKTHROUGH [2019]  චිත්‍රපටියට සබ් එක අරගෙන ආවා. ඔයාලට ඒක මඟ හැරුනනම් දැන් බලන්න පුලුවන්.

හරි අපි හැරෙමු මේ චිත්‍රපටිය දිහාවට. මේකෙ නම තමයි STORM BOY. 2019 ජනවාරි 17 වෙනිදා ඕස්ට්‍රේලියාවෙදී තිරගත වීම ආරම්භ කරපු  Adventure | Drama | Family කියන කාණ්ඩ වලට අයත් මේ  චිත්‍රපටිය අද වෙන කොට IMDb දර්ශකයෙ 6.9 ක අගයක් අරගන්න සමත්වෙලා තියෙනවා. කීර්තිමත් ඕස්ට්‍රේලියානු  කතුවරයෙක් වන Colin Thiele විසින් රචිත STORM BOY කියන නවකතාව ඇසුරෙන් නිර්මාණය කරන ලද මේ චිත්‍රපටිය Shawn Seet ගෙ අධ්‍යක්ෂණයක්. මෙහි ප්‍රධාන චරිත Finn Little , Jai Courtney හා  Geoffrey Rush විසින් නිරූපණය කරනවා. Angel of Mine [2019] චිත්‍රපටිය හරහා Finn Little ත්, Divergent [2014], Terminator Genisys [2015], Suicide Squad [2016] වැනි  චිත්‍රපට හරහා Jai Courtney ත් මීට පෙර ඔබට දකින්න ලැබෙන්න ඇති.

සාර්ථක විශ්‍රාමික ව්‍යාපාරිකයෙක් වන Michael Kingley එයාගෙ කුඩා කාළය ගැන සිදුකරන මතක ආවර්ජනය මෙහි අන්තර්ගත වනවා. ඔහු ළමා කාළයෙ ගෙවූ ජීවිතය සම්පූණයෙන්ම වෙනත් මඟකට රැගෙන යන සිදුවීමක් එක්තරා දවසකදී ඔහුට අත් විඳින්න ලැබෙනවා. ඒ දුක, කඳුළු  වගේම වාසනාවත් ඔහුගේ ජීවිතයට රැගෙන එමින්. මෙතනින් එහාට සිද්ධවෙනදේ මම නොකියා ඉන්නම්. ඒක චිත්‍රපටිය නරඹන ඔයාලටම බාර කරනවා.ඒ වෙන කිසිවක් නිසා නෙවෙයි, මෙය නරඹන විට හදවතට දැනෙන හැඟීම් වචනවලින් විස්තර කිරීම කිසිසේත්ම පහසු දෙයක් නොවන නිසයි.

මිනිත්තු 99ක කාළයක් පුරා දිවෙන මේ චිත්‍රපටිය ඇත්තටම ඔබ නැරඹිය යුතුම චිත්‍රපටියක් ලෙස මට කිසිම පැකිලීමකින් තොරව නම් කරන්න පුලුවන්. ඒවගේම එහි මතකයත් බොහෝ කාළයක් යනකන් ඔබේ හිතේ රැඳී තියේවි.

ඉතින් වෙනදා වගේම මතක් කරන්න තියෙන්නෙ සබ් එක ගන්න ගමන් ඔයාලට හිතෙන දේ  කමෙන්ට් එකක් දාගෙනම යන්න කියලයි. ඇත්තටම මේ කරන දේවල් වලින් ඔයාලට වටිනකමක් තියෙනවා කියල දැනෙන්නෙ එතකොටයි. එහෙනම් නැවත ඔයාලව මුණ ගැහෙන බලාපොරොත්තුවෙන් මම සමු ගන්නවා.

හැමදෙනාටම තෙරුවන් සරණයි !

සුබ අලුත් අවුරුද්දක් වේවා!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිපුන උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Dark [S03 : E05] Sinhala Subtitles | ජීවිතය සහ මරණය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් හැමෝම බලන් ඉන්න කතාමාලාවක තවත් කොටසක් ඉක්මනටම අරන් ආවා. අවසාන කතා සමය නිසා …

Leave a Reply

Your email address will not be published.

21 comments

  1. Bohoma ස්තුති …. sinhalen .. sub eka laba dima gana .. ස්තුති nawathath obata…jaya.

  2. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. බොහොම ස්තූතියි උපසිරැසි වලට සහෝ…

  4. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  5. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට..

  6. Ado patta machn thanks

  7. රිශාන්ත

    sub ekata thanx

  8. Thank u very much all for the feedback !

  9. බොහොම ස්තූතියි සහෝ

  10. Mchn niymi…meka true story ekkdabn?

  11. ඊයෙ සයිට් එකට සබ් එක දැම්මෙ.අද මේක බාන්න කියල හිතන් ඉද්දි අද උදේම මේක ITN එකේ ගියා.ඉතින් කොහොමද හිත හදන් ඩේට කපාගෙන බාන්නෙ.aniwaya තෑන්ක්ස් සහෝ සබ් එකට…

  12. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් සබ් එකට

  13. Thanks..

  14. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  15. thanks bro

  16. thankz broo

  17. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!

  18. malithmadhushan45

    උපසිරසට ස්තුතියි සහෝ

error: Alert: Content is protected !!