You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , July 20 2019
Breaking News
Home / 18+ / Strike Back [S07 : E07] Sinhala Subtitles | මහා ත්‍රස්ත කැරැල්ලකට සුදානම! [සිංහල උපසිරැසි සමඟ]

Strike Back [S07 : E07] Sinhala Subtitles | මහා ත්‍රස්ත කැරැල්ලකට සුදානම! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 25 votes.
Please wait...

පසුගිය සතියෙන්

කලින් කොටස ගැන කියනවනම් නෝවින් වගේම ස(ර්)කෝවා දෙන්නව අහු වෙලා හිරෙත් ගියා. ඒක හිතාමතා කරපු දෙයක් නම් නෙවෙයි ඒත් සාසාගේ සල්ලි වලට වැඩ කරන නිලධාරියො හැමතැනකම වගෙ හිටියා. ඉතින් එයින් හිර ගෙදරක් පාලනය කරපු ගෑනියෙක් වැඩ කරලා තිබුනෙත් සාසාගේ සල්ලි වලට. ඒ ගෑනි හැදුවේ මේ දෙන්නවම හිරේ ඉද්දීම අනතුරක් වෙච්ච ගානට සිර රැදවියන් කිහිප දෙනෙක් ලවා මේ දෙන්නව මරලා දාන්න. ඒත් ඒක කරන්න පුලුවන් කමක් ලැබුනේ නැහැ. හැබැයි ඉතින් මේ දෙන්නව අල්ලගද්දි එයාලා ලග තිබුණු හැම උපකරණයක්ම වගේ හිරගෙයි පාලනය කරපු අය ගත්ත නිසා උන් ඒ වෙද්දී හැම තාක්ෂණික උපකරණයක් කඩලා දාලා තිබුනේ. මේ නිසාම න්‍යෂ්ටික උපකරණ තියෙන තැන හොයාගන්න තිබුණු අවස්තාව ඒ අයට නැතුව යනවා.

මේ අතරේ චෙට්‍රිගේ උදව් ඇතුව ඇලෙක්සැන්ඩර්ට දැනගන්න ලැබෙනවා ගිලෙප්සී සාසා එක්ක වැඩ කරන කෙනෙක් වගේම මේ අයගේ මෙහෙයුම් වලදී පවා දීපු හැමදේම කලේ එයා කියලා. කොහොම හරි එයාගෙන්ම දැනගන්න ලැබෙනවා සාසා සූට්කේස් න්‍යෂ්ටික බෝම්බ හංගන් ඉන්න තැන ගැන. ඒ දේවල් කියලත් ගිලෙප්සී ආයෙමත් වතාවක් ඇලෙක්සැන්ඩර්ට පිටු පාලා හොරාට යන්න හදද්දී පාවෙල් ඇවිත් එයාව අල්ලන් ගියා සාසාගේ අංගනය දිහාවට. එතනදී ඇත්තටද එහෙම නැත්තම් බොරුවටද මන්දා පාවෙල් හැදුවේ සූට්කේස් න්‍යෂ්ටික බෝම්බ සල්ලි වලට අරගන්න. වැඩේ නම් කරන්න හම්බුනේ නැහැ මොකද ඒ වෙලාවේ එතනට 20 එකෙ අය ආව නිසා. සාසාගේ අංගනයට කඩාගෙන පාත්වෙන 20 එකේ අය සාසාවත් මරනවා. ඔය අතරේ එතන හිටිය ගිලෙප්සීටත් වෙඩි වැදිලා මැරිලා යනවා. එතන තිබුණු න්‍යෂ්ඨික බෝම්බ හොයාගන්න වායට්ට ඇලෙක්සැන්ඩර්ගෙන් නියෝග ලැබෙනවා ඒ බෝම්බ ටික අරන් කියලා. ඒත් එයා යන්න කලින් එයා ගොඩ වැදුණු ට්‍රක් එකට ස(ර්)කෝවා වගේම පාවෙල්වත් ගොඩවද්ද ගන්නවා. ඒ නිසාම වැඩි දුරක් යන්න කලින් පාවෙල් වායට්ගෙ බඩට වෙඩි තියලා ට්‍රක් එකෙන් එලියට විසිවෙලා යන්න පහරක් දෙනවා. ලේ යන ගමන්, මැරෙන්න පණ ඇද ඇදා ඉන්නකොට එයාගේ ටීම් එකේ අය ඇවිත් එයාව බේරගත්තා.

මතක තියාගන්න ලබන සතියෙ නම් මේ වෙද්දී සුපර්නැචුරල් එකේ සබ් එක අරන් ආවත් ස්ට්‍රයික් බැක් එකේ සබ් එක නම් අරන් එන්න වෙන්නෙ නැහැ. මොකද බාරගත්ත සබ් කිහිපයක් ගොඩනැගිලා තියෙන නිසා.

ගිහින් එන්නම්. සුභ සතිඅන්තයක් වේවා හැමෝටම. ජය!!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Leave a Reply

28 comments

  1. KUSAL LIYANAGE

    sub ekt gdk sthuthui

  2. thanks ………………

  3. thanks bro sub ekata

  4. උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි..!
    ජයවේවා…!

  5. thank you booo 🙂

  6. THANKS SUB AKATA

  7. මේක දීපන් කොල්ලෝ අනික්වා පස්සට දාපන්

  8. Thanks subtitles ekata

  9. නියමයි සහෝ. අපට අනිවා ඊලග සබ ඉක්මනට දෙන්න.ජය

  10. Lasan Jayasanka

    Thank you.Okkoma Sub tika supiri

  11. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  12. Thank you very much

  13. Thanks machan…..jayawewa…….!

  14. ThusharaIndunilRathnayaka

    sub ekata thanks…!

  15. බොහොම ස්තූතියි සහෝ

  16. Thank you very much…

  17. Thank You

  18. ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා……..!

  19. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

  20. සබ් එකට බොහෝම ස්තූතියි…

error: Alert: Content is protected !!