Saturday , December 4 2021
Breaking News

Supergirl [S03 : E21] Sinhala Subtitles | ජයග්‍රහණයක්ද? පරාජයක්ද? [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.9/10. From 17 votes.
Please wait...

කොහොමද හිතවතුනි.. ඔන්න එහෙමනම් අරගෙන ආවා සුපර්ගර්ල් තුන්වන කතාසමයේ 21වැනි කොටස. අදනම් කොහොමහරි ආව දවසෙම රාත්‍රී 8.30 කණිසම වෙද්දී උපසිරැසිය ඉවරයක් කරගන්නට හැකියාවක් ලැබුනා. එහෙනම් මේ කොටස ඇරුනහම තව කොටස් දෙකක් පමණයි එන්න නියමිත වෙලා තියෙන්නෙත්. හරි එහෙමනම් අපි බලමුකෝ කතාවේ අද මොකද වෙන්නෙ කියලා.

ගිය සතියෙ අපි දැක්කනේ යුඩා කැල් පාශානය හොයාගෙන ගිය මොන් එල් සහ සුපර්ගර්ල්ට හම්බවුනා එහෙම්පිටින්ම පාවෙන නගරයක්. ඉතින් මේ නන්නාදුනන නගරයට ඇතුල්වෙලා පාශානය හොයාගන්න සුපර්ගර්ල්ට දැකගන්න ලැබුනේ ඇස් මවිත කරවන දර්ශනයක් නොවෑ. සුපර්ගර්ල් විතරක් නෙවෙයි කවුරුවත්ම නොසිතුව දෙයක් තමයි උනේ.. ක්‍රිප්ටෝන් විනාශයෙන් මියගියා කියලා හිතාගෙන හිටිය සුපර්ගර්ල්ගේ අම්මා අලුරා සෝර් එල් ජීවත්වෙනවා. අලුරා විතරක්ම නෙවෙයි ක්‍රිප්ටෝන් නගරයක් උන ආර්ගෝ නගරය මුළුමනින්ම වගේ බේරිලා තියෙනවා. ඉතින් කියන විදිහට මේකට හේතුව වෙලා තියෙන්නෙ සුපර්ගර්ල්ගේ පියාණන් සෝර් එල් තමයි.

මතකයිනේ සුපර්ගර්ල් හොයාගෙන ගියපු පාශානය. ඉතින් මේ පාෂාණයේ පිහිටෙන් තමයි ආර්ගෝ නගරය ජීවත්වෙන්නේ. ඒ නිසා එයාලා කැමති වෙන්නෙ නෑ ඒක ලබාදෙන්න. හැබැයි අන්තිමේ ඉතින් සුපර්ගර්ල් කොහොමහරි ඒකට එයාලව කැමති කරවගන්නවා. ඒ වගේම අපිට දකින්න ලැබුනා රෙයින්ව නිර්මාණය කළ අය තවමත් ජිවතුන් අතර බව. ඔවුනුත් ආර්ගෝවල සුවසේ ජීවත්වෙනවා. ඉතින් කොහොමහරි සුපර්ගර්ල් පාෂාණයත් අරගෙන ආපහු එනකොටම වගේ රෙයින් ලීනාගේ කුඩුවෙන් නිදහස් වෙනවා.

ලිනාගේ කුඩුවෙන් එළියට පැන්න රෙයින්ව පාශානයේ උදව්වෙන් ආපහු සෑම් බවට පත් කරගන්න අද සුපර්ගර්ල් ඇතුළු පිරිස සමත් වෙනවා. ඒ වගේම සුපර්ගර්ල්ගේ අදහස වෙලා තියෙන්නෙ මේකෙන් පස්සේ ආපහු ආර්ගෝවලට ඒ කියන්නෙ තමන්ගේ හැබෑ නිවහනට පදිංචියට යන්න. ඉතින් ඒ ගමනට සුපර්ගර්ල් එක්කලා මොන් එලුත් එකතු වෙනවා. එහෙමනම් අද බලාගන්න පුළුවන් සුපර්ගර්ල් යළි තම නිවෙසට ගියහම මොනවගේ ජිවිතයක් ගෙවයිද කියලා? ඒ වගේම සුපර්ගර්ල් නැතුව DEO එක හොරු අල්ලන විදිහ එහෙම.

හරි එහෙමනම් මේ ටික හොදටම ඇතිවෙයි. තව කිව්වොත් කතාවේ කුතුහලය නැති කළා කට්ටිය මට බනින්නත් බැරි නෑ. එහෙමනම් හෙට දිනයේ THE 100 උපසිරැසිය සමගින් හමුවෙන අපේක්‍ෂා පෙරදැරිව මා සමුගන්නවා. එතෙක් ඔබ සැමට ජයෙන් ජය!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Check Also

Arcane (2021-) [S01 : E01] Sinhala Subtitles | යුධපිටියට සාදරයෙන් පිළිගන්නවා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ පාර උපසිරැසි අරන් ආවෙ අලුතෙන්ම ආපු ඇනිමේශන් සීරිස් එකකට. ඇත්තටම ඇනිමේශන් සීරිස් …

Leave a Reply

Your email address will not be published.

31 comments

  1. thanks …………….

  2. THANKS FOR SUB

  3. සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!

  4. බොහොම ස්තූතියි සහෝ……

  5. දෙනුවන්

    23 සබ් එකත් ඉක්මන්ට දෙන්න සහෝ

  6. Thanks !!!!!!

  7. බොහෝම ස්තුතියි ………

  8. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  9. Gayan_madushanka_

    Thanks bro

  10. kiyala vadak naha pattama patta
    thank you so much

  11. Thank You!

  12. ThusharaIndunilRathnayaka

    සහෝ සබ් එකට තෑන්ක්ස් …..!

  13. තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා……

  14. Lushan Tharinda

    Subata thanks…
    Web rip ekata sub denna puluwanda?.

  15. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. Udara Damith Dissanayaka

    ස්තුතියි ජය වේවා
    world killer

  17. Subata Thanks bro…!!!

  18. Thx maduwa bro digatama sub denna labeva kiya hadavarinma partana karanava bro obata jaya….

  19. උප සිරැසියට බොහෝම ස්තූතියි
    ජය වේවා..

  20. thanx

  21. සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය වේවා..!

  22. නියමයි…සබ් එකට තැන්ක්ස්…..
    ඉක්මනටම දීලා….

  23. bohoma sthuthi sahooo

  24. සිංහල උපසිරැසියට ස්තූතියි
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

  25. Harindra kumara

    Thnx bro…

  26. Sub eakata thanx

  27. thanks bro…

  28. Hirunaprabodha

    ගොඩක් ස්තූතියි සහෝ…
    ඔබට ජය

  29. ela ela thank you ikmanatama dunnata

  30. උදයංග සම්පත් හතරසිංහ

    ස්තූතියි මධුකප්‍රිය.. ජය වේවා..!

error: Alert: Content is protected !!