Thursday , December 2 2021
Breaking News

Supergirl [S03 : E22] Sinhala Subtitles | ලෝක අවසානය ඇරඹෙයි.. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.9/10. From 21 votes.
Please wait...

කොහොමද හිතවතුනි.. ඔන්න එහෙමනම් රැගෙන ආවා සුපර්ගර්ල් තුන්වන කතාසමයේ 22වන කොටස හැකි ඉක්මනටම වගේ. මේ කොටසත් සමගින් තවත් එක කොටසක් පමණයි එන්න නියමිත. එසේනම් අපි බලමු අද කතාවේ මොකෝ වෙන්නෙ කියලා.

ගිය සතියෙ අපි දැක්කනේ කාලයක් බොහොම තර්ජනයක් වෙලා හිටිය රෙයින්ව විනාශ කරලා දාලා සෑම්ව බේරගන්න සුපර්ගර්ල් ඇතුළු පිරිසට හැකියාව ලැබුනා කියලා. ඉතින් ඊට පස්සේ අපේ කාරා තීරණය කරනවා තමන්ගේ නිවහනට ඒ කියන්නෙ තමන්ගේ හැබෑ ලෝකය උන ක්‍රිප්ටෝන්වලින් ඉතුරු වෙලා තියෙන ආර්ගෝ නගරය වෙත යන්න. ඒ ගමනට මොන් එල් එහෙමත් කාරා එක්ක එකතු වෙනවා. කාරා උනත් හිතුවේ ආර්ගෝවලට ගිහින් තමන්ගේ අම්මත් එක්ක, තමන්ගේ පැරණි යාළු මිත්‍රයෝ එක්කලා සතුටෙන් ජීවත්වෙන්න කියලා. ඒත් කවුද මන්දා කට්ටියක් කාරව මරන්න හදනවනේ.

කොහොමහරි කාරව මරන්න හදන කෙනාව අල්ලාගෙන බලද්දී තමයි කාරට දැනගන්න ලැබෙන්නෙ සෙලිනා හොද කෙනෙක් වාගේ මූණ පෙන්නගෙන හිටියට ලෝකමරුවන්ව නිර්මාණය කරන අදුරු පූජකවරියන්ගේ ප්‍රධාන පූජකවරිය බව.. හැබැයි ඒ ඇත්ත දැනගන්න කාරා පමා වෙනවා වැඩියි. මොකද ඒ වෙනකොටත් සෙලිනා කාරා ආර්ගෝවලට ගිය යානයත් හොරකම් කරගෙන පෘථිවියට එන්න ඇවිත්. සෙලිනා රෙයින්ගේ විනාශයට පස්සෙත් පෘථිවියට එන්න ඇත්තේ හොදකටනම් වෙන්න බෑනේ ඉතින්. ඔන්න අද කොටසින් බලාගන්න පුළුවන් සෙලිනා හදිස්සියේම පෘථිවියට ආවේ මොකටද කියන කාරනාව. රෙයින් මැරුණා කියලා හැමෝම හිතාගෙන හිටියට සෙලිනා කියන හැටියටනම් වෙලා තියෙන්නෙ සෑම් සහ රෙයින් දෙන්නගේ වෙන්වීමක් විතරයි. ඒ වගේම අද රෙයින්ව යළි ගෙන්නගන්න තමයි සෙලිනා උත්සහ දරන්නේ. පියුරිටි සහ පෙස්ටිලන්ස් දෙන්නගේ රුධිරය වෙනුවෙන් DEO එකට පවා පහරදීමක් සිද්ද කරනවා.

හරි එහෙමනම් මේ ටික ඇති. කතාවේ හොදම හරිය යන වෙලාවේ මම ඔක්කොම ටික කියලා හරියන්නේ නෑ නොවෑ. එහෙමනම් ලබන සතියෙ හමුවෙමු!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Check Also

Narcos: Mexico [S03 : E10] Sinhala Subtitles | යුධ සමයේ ජීවිත [සිංහල උපසිරැසි සමඟ] [18+]

කොහොමද බයිස්කෝප්වාසීයනි, ඔන්න එහෙනම් තවත් කතාමාලාවක අවසන් කොටස පුළුවන් ඉක්මනට අරන් ආවා. Narcos Mexico කතා …

Leave a Reply

Your email address will not be published.

36 comments

  1. Umeshgunasekara

    Thanx mchn

  2. thanks ……………..

  3. thanks for sub

  4. සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!

  5. බොහොම ස්තූතියි උපසිරැසියට

  6. sub eka wada naha

  7. ai machan sub eka page not found kiyala watenne download karannna dennahane

  8. sub eka download karanna dennette ai machan

  9. කොච්චර තිබුනත් ආසාවෙන් බලන්නෙ මේ කථා මාලාව විතරයි
    බොහොම ස්තූතියි උපසිරැසියට
    ජයවේවා

  10. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  11. Thanks bro

  12. Gayan_madushanka_

    Thanks bro

  13. thanks sub ekata

  14. උප සිරැසියට බොහෝම ස්තූතියි
    ජය වේවා

  15. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය වේවා..!

  16. Thx bro thx for sub bro digatama sub denna labeva kiya hadavatinma partana karanava bro obata jaya

  17. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

  18. Thanks bro….!!!

  19. Thank You

  20. bohoma sthuthi sahoo

  21. Thanks! Season eka end eka mokakda wenna kiyala balaganna iwasillak ne next episode wenakan.
    ilaga sesoan ekath sub ona. Me Supergril ekan witharai The CW TV Series wala wenasak dakaganna puluwan. Arrow ekath eka wage dewal aye aye wenna. Ath SUPERGRIL eka hemadama aluth deyak. Argo city ekama hodama eg.. ekak. Ilaga season eka me yana wedihata thawath ptatta wei………

  22. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  23. Udara Damith Dissanayaka

    බොහොම ස්තූති ……………………………………..

  24. thx broo

  25. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..!

  26. Sub eakatat thanx

  27. උදයංග සම්පත් හතරසිංහ

    ස්තූතියි මචං.. Keep it up… ජය වේවා..!

  28. sub ekata thanx saho

  29. සබ් එකට ගොඩක් ස්තුතියි.ජයවේවා…….

  30. බොහොම ස්තූතියි සහෝ……

  31. බොහොම ස්තුතියි

  32. ThusharaIndunilRathnayaka

    sub ekata thanks bro…!

  33. නියමයි….සබ් එකට තැන්ක්ස්….

  34. Thanx sahooo

error: Alert: Content is protected !!