Saturday , December 4 2021
Breaking News

Supergirl [S03 : E23] Sinhala Subtitles | ජය පැරදුම කාටත් උරුමයි![සිංහල උපසිරසි සමඟ]

Rating: 9.5/10. From 30 votes.
Please wait...

ඔන්න එහෙමනම් මේ සූදානම් වෙන්නෙ සුපර්ගර්ල් තුන්වැනි කතාමාලාවේ 23වන කොටස එනම් අවසාන කොටසේ උපසිරැසිය ඔබ හමුවේ තබන්නයි. හරි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා..

කලින් කොටස්වල දකින්න ලැබුනා රෙයින්, පෙස්ටිලන්ස්, පියුරිටි ඇතුළු ලෝකමරුවන් ලෝකය විනාශ කරන්න දරපු මහන්සිය සුපර්ගර්ල් සහ DEO එක මැදිහත් වෙලා ඉතාමත් පරිශ්‍රමයක් දරලා නතර කළා. පෙස්ටිලාන්ස් සහ පියුරිටි දෙන්නා මියගියත් ඒ දෙන්නගෙම බලයන් රෙයින්ට ලැබුනා මතක ඇතිනේ. ඉතින් කොහොමහරි සෑම්ට උදව් කරන්න හිතාගෙන ලීනා කරපු පරීක්‍ෂණ නිසාවෙන් හොයාගන්න ලැබුනා රෙයින්ව පරාද කරන්න පුළුවන් එක පාෂාණයකින් විතරයි කියලා. ඉතින් ඒක හොයාගෙන ගිය කාරාට හොයාගන්න ලැබුනේ හීනෙකින්වත් නොහිතුව දෙයක්.. ඒ තමයි තමන්ගේ විනාශ වෙලා කියලා හිතාගෙන හිටිය ක්‍රිප්ටෝන්… ඇත්තම කිව්වොත් ක්‍රිප්ටෝන්වල ආර්ගෝ නගරය.. ඒ වගේම කාරගේ අම්මා අලුරා සෝර් එල් එහෙමත් ජිවතුන් අතර ඉන්නවනේ.ඉතින් මේ පාශානයේ උදව්වෙන් රෙයින්ව විනාශ කරලා සෑම්ව බේරගත්තු කාරා මොන් එල් එක්කලා ආපහු තමන්ගේ අම්මා ලගට ආර්ගෝ නගරයට ගියා. එහෙදි කාරව මරන්න කීප වරක්ම කෙනෙක් උත්සහ කළා. කොහොමහරි කාරා එහෙට ගිය එකෙන් රෙයින්ගේ නිර්මාපකයා උන සෙලිනා ඇතුළු ක්‍රිප්ටෝනියන් අදුරු පූජකවරියන් සැම පෘථිවියට ආවා. ඒ ඇවිත් කරන්න හැදුවේ රෙයින්ට නැවත ජිවය දෙන එක. නමුත් මේ කර්තව්‍යය උදෙසා ඔවුන්ට පෙස්ටිලන්ස් සහ පියුරිටිගේ රුධිරයත් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ දේවල් අරගන්න අදුරු පූජකවරියෝ DEO එකට පහරදෙනවා. කොහොමහරි අවසානයේ ඔවුන්ගේ අපේක්‍ෂාව ජයගන්නවා. ඒ වගේම රෙයින් ලෝක විනාශය ආරම්භ කළා මතකයිනේ..

හරි එහෙමනම් ඔන්න අද කොටසින් අපට දැක බලාගන්න සුපර්ගර්ල් මෙවර පෘථිවිය බේරගන්න කුමන දෙයක් කරාවිද කියලා.. මතකයිනේ රෙයින් පෘථිවි හරය හරහා ගියා ලෝකේ විනාශ කරන්න.. ඉතින් මිරියන් ඉදිරිපත් වෙලා ඒක මද වෙලාවකට නතර කරනවා. ඒ වගේම උදව්වට ඔන්න ලිජන්ලාත් ආපහු එනවා. කොහොමින් කොහොමහරි අපි බලාපොරොත්තු වුන තරමේ සටනක්නම් මෙදාපාර අවසානයෙන් දකින්න ලැබෙන්නෙ නෑ වගේ තමා මටනම් හිතෙන්නේ…

හරි එහෙමනම් සුපර්ගර්ල් මෙදාපාර ලෝකේ බේරාගන්නේ කොහොමද කියලා ඔයාලම බලලා දැනගන්න. කතාවේ අන්තිම තප්පරේ දක්වාම බලන්න. මොකද අන්තිමට පෙන්නන්නේ පුදුම හිතෙන දෙයක්. හරි එහෙමනම් මෙතෙක් කල් තුන්වැනි කතාසමය සමගින් රැදී සිටිය ඔබ සැමට ස්තුතියි කිව්වා ඕන්. හතරවැනි කතාමාලාවත් ඔක්තෝබර් එනවා නොවෑ.ඒකට උපසිරසි අරන් එන්නනම් මගේ අදහසක් නෑ.. මම නැතත් බයිස්කෝප් අඩවියෙන් කවුරුහරි උපසිරැසිය රැගෙන එයි.. the 100 තුලින් හමුවෙන තෙක් ඔබ සැමට ජයෙන් ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Check Also

Enemy (2021) Sinhala Subtitles | මේ ලෝකේ මැරෙනවටත් වඩා තියෙන දරුණුම වේදනාව මොකක්ද? [සිංහල උපසිරසි] 150*

සුභම සුභ දවසක් වේවා!!!! බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය හා අත්වැල් බැදගෙන සිටිනා ප්‍රිය මිතුරු මිතුරියනි, …

Leave a Reply

Your email address will not be published.

51 comments

  1. 22 sub eka නෑනේ

  2. Imesha Ransara

    S03 E22 sub eka forbidden kiyala watenawane…?

  3. Supergirl [S03 : E22] sub aka nane?

  4. Sub akata thanks bro…….. jayen jaya wewa bro……!

  5. හැම උපසිරැසියකටම ගොඩක් ස්තුතියි..
    ජයෙන් ජයම වේවා..

  6. thanks …………………..

  7. දෙනුවන්

    Supergirl s4 e1 සබ් එක දෙනවදෝ

  8. Thanq mchan jaya wewa!

  9. thanks for sub

  10. සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!

  11. chamika arachchi

    THANKS SAHODARAYA..API WENUWEN SEASON 4 EKETH SUB EKA KARANNA..

  12. Thanks bro…
    Ba nokiya season 4 sub ekath karamu,

  13. help machan

  14. Milinda Sadaruwan

    thank you broo

  15. E22 sub ek naththe aii??

  16. Thank You

  17. Nimesh sasanka

    sub ekta thanx saho

  18. Thanks !!!!!!!!!!!!!!

  19. Subata Thanks Bro…
    Jaya Wewa….!!!

  20. Sampurna season eakakma sub karanava kiyana eaka lesi pahasu vadak nemei bn thx for sub bro digatama sub denna labeva kiya hadavatinma partana karanava bro obata jaya…

  21. Udara Damith Dissanayaka

    එලස්

  22. thanks a lott

  23. නියමයි…සබ් එකට තැන්ක්ස්….
    ඊලග season එකත් දෙන්න බලමු…

  24. ThusharaIndunilRathnayaka

    sub ekata thanks….!

  25. බොහොම ස්තූතියි සහෝ……

  26. දෙනුවන්

    බොහෝම ස්තූතියි සහෝදරයා.ජයෙන් ජයමවේවා….!

  27. bohoma sthuthi sahooo jaya

  28. උපසිරසියට බොහෝම ස්තූතියි
    අනේ බෑ කියන්න එපා සහෝ….!
    හතරවැනි කතාමාලාවත් ඔහොම්මම කරන්න සූදානම් වෙලා ඉමු
    හුගක් ආසාවෙන් බලපු සීරීස් එකක් මේක
    නැවත වරක් ස්තූතියි
    ජයවේවා

  29. Sub eakata thanx

  30. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  31. Vihanga sathsara

    thankss machi sub ekata

  32. බොහොම ස්තූතියි සහොදරයා.ඉදිරියටත් මේ වගේ සේවයක් ලංකාවේ ටීවී සීරීස් රසිකයෝ වෙනුවෙන් කරන්න ලැබෙන්න කියලා සුභ පතනවා..!

  33. thanks saho

  34. Thank You

  35. Jaya wewa bro…

  36. තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා…………..

  37. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට වගේම කතා මාලාව පුරාවටම උපසිරස ලබා දුන්නට..ඊලග කතා සමයටත් සහෝ උපසිරස කරන්න පුලුවන්නම්. බුදුසරණයි..ජය වේවා!

  38. tharidu sagara

    බොහෝමත්ම ස්තූතියි සහෝ සුපර්ගර්ල් සබ්එක කතා සමය අවසන් වෙනකම් දුන්නට.
    කතා මාලාව අරගෙන එනකොට නොයෙකුත් බාදක.
    දොස් පරොස් අහන්නත් ඇති.
    ඒව ගනන්ගන්න එපා. ඔයාලා කරන වැඩේ ගොඩාක් දෙනෙක් අගයනවා.
    ජය වේවා!

  39. bohoma sthhuthi saho…

  40. Ela .tnks. balan giyama bmz ei me hemoma sub karana eka atha arinne… Pahuwela hari dena eka apita kochchara deyakda.goid luck

  41. Harindra kumara

    Thanks saho mechchara kal sub dunnata….

  42. yahaluwane ai E22 sub eka download karanna dennatte
    help machan

  43. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  44. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  45. මධුකප්‍රිය thank you bro.. anthima wenakan thamange wadath thiyagena api wenuwen sub dunnata thank you machan.. Jaya … Cheers!!

  46. ගොඩාක් ආසාවෙන් බලපු ට්වි සිරියස් එකක් බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

  47. බොහෝමත්ම ස්තූතියි සහෝ සුපර්ගර්ල් සබ්එක කතා සමය අවසන් වෙනකම් දුන්නට. අපි ආසාවෙන් බලපු කතාවක්. කතා මාලාව අරගෙන එනකොට නොයෙකුත් බාදක. දොස් පරොස් අහන්නත් ඇති. ඒව ගනන්ගන්න එපා. ඔයාලා කරන වැඩේ ගොඩාක් දෙනෙක් අගයනවා. ජය වේවා!

error: Alert: Content is protected !!