අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Supernatural [S10 : E23] with Sinhala Subtitles | සොහොයුරු පෙම. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.5/10. From 13 votes.
Please wait...

Supernatural-S10-1

ගෝනා සහ ලේනාගේ වීර වෘතාන්තය 🙂 දහවෙනි අදියරත් ඉවරයි ඔන්න. කතාව බලලම දැනගමු මොකද්ද වෙන්නේ කියලා.

මං කලින් CW එක නිවේදනය කරපු සතියෙමත් කිව්වනේ. 11 සීසන් එකක් එනවා. ඒ වගේම ඒගොල්ලෝ කතා කරන විදිහට රසිකයෝ ඉල්ලන තාක් කල් සහ නළුවෝ දෙන්නා එකග වෙනතාක් කල් නවත්තන්න අදහසකුත් නෑ වගෙයි පේන්නේ. තවම නිශ්චිතව දිනයක් කියලා නැති වුණත්, ලබන ඔක්තෝම්බර් මාසේ විතර වෙනකොට ඊළග සීසන් එක එයි.

————————–

අධ්‍යක්ෂණය : ෆිලිප් ස්ග්‍රීසියා (Philip Sgriccia)
ලිව්වේ : ජෙරමි කාවර් (Jeremy Carver)
විකාශනය වුණේ : 2015 මැයි 20

————————–

ඉතින් සමුගනිමු සුපර්නැචුරල් :

ඉතින්,සීසන් 10ක් එපිසෝඩ් 218ක්! ජයග්‍රාහි දවසක්! හැබැයි මටනං ටිකක් දුකත් හිතෙන දවසක්. මොකද මං මෙතනින් සුපර්නැචුරල් උපසිරැසි හැදිල්ලට සමුදෙන්නයි හදන්නේ. හැබැයි ඉතින් බය වෙන්න එපා. ඊළග සීසන් එකට වෙන සොහොයුරෙක්ගෙන් උපසිරැසිය ලැබෙයි.

කොහොම වුණත්, මේ ආරංචිය ඇහුණාම සමහර අයටනං තරහත් යයි. සීසන් 11ත් මංම කරන්න කියලා සමහර අය ඉල්ලලා තියෙනවා මම නොදැක්කා නෙමේ. ඒ ඉල්ලීම්වලට පිටුපාන එක මටත් කොහොමටවත් සතුටක් නෙමේ. ඒත් ඕගොල්ලන්ටත් දැනෙන්න ඇති අන්තිම හරියේදී ප්‍රාමාද වීම් වැඩි වුණ බව. ඒ මගේ පෞද්ගලික වැඩ වැඩි වෙන නිසයි. ඉතින් දැන් හොදම වෙලාව වෙන කෙනෙක්ට මේක පවරන්න. මේ හදිස්සියේ ගත්ත තීරණයකුත් නෙමේ. මීට කලිනුත් මං අවස්ථා කීපෙකදිම කිව්වා මේ සීසන් එක මම කරන අවසන් එක වෙන්න පුළුවන් කියලා. ඉතින් ටිකක් කල්නං ගත්තා තමයි. ඒත් මං කොහොම හරි අමාරු හරිය ඉවර කළා. ඒ නිසා මාත් එක්ක තරහා වෙන එකක් නෑ කියලා හිතනවා 😉

සාමාන්‍යයෙන් මෙහෙම දීර්ඝ වැඩක් කරනවා කියන්නේ ඒ වැඩේ ගැන බැදීමක් ඇති වෙන එක නවත්තන්න බැහැ. ඉතින් නතර කරන එක ගැන කණගාටුවක් මටත් නැත්තේ නැහැ. ඒ නිසාම සටහනක් නොතියා යන්න හිතෙන්නේ නෑ.

අවුරුදු දහයක් තිස්සේ විකාශනය වුණ මේ වැඩසටහනට මං උපසිරැසි දුන්නා පහුගිය අවුරුද්දයි මාස හයක් පුරාම විතර. ඕගොල්ලොත් එක්ක ආපු මේ සීසන් 10ක ගමන මගේ ජීවිතෙත් අමතක නොවෙන අපූරු අත්දැකීමක් වුණා. එපිසෝඩ් දෙසීය ගාණක්! අහන්න එපා කොහොමද කළේ කියලා. අහන්න එපා පිස්සු නොහැදුණේ කොහොමද කියලා. මොකද මටත් හිතාගන්න බැහැ මං ඒක කළේ කොහොමද කියලා.

මං කයිවාරු ගහන්න කියනවා නෙමේ. ඒත්, මං හිතන්නේ ගොඩක් අය පිළිගනියි සීසන් 10ක ෂෝ එකක් එක දිගට කරලා, තනියම මෙච්චර දුරකට ගේන එක අමාරු වැඩක් බව. මේ වගේ වැඩක් කරත්දී, දරන්න අමාරු දේ ඉවර වෙන්නේ නැති එකයි. පතුලක් නොපෙනන ළිදක් වගෙයි ටික දුරක් යනකොට දැනෙන්නේ. කරලා තියෙන කෙනෙක් විතරයි දන්නේ සමහරවෙලාවට වැඩක කෙළවරක් නොපෙනෙනකොට ඒක මොන තරං පීඩනයක් වෙනවද කියලා. මගේ විවේක කාලෙන් වැඩි වෙලාවක් මේ වැඩේට යට වෙත්දී, මටත් ඇති වෙලා, තිත්ත වෙලා, දමලා ගහලා නිකම් ඉන්න හිතුණ අවස්ථාවල් බොහොමයි. ගෙදරින් බැණුම් අහපු අවස්ථාත් එමටයි. හැබැයි ඔයාලගේ දිරිමත් කිරීම්, ෂෝ එක බලන්න ඕගොල්ලන්ට තිබ්බ නොයිවසිල්ල, උනන්දුව, ඕගොල්ලෝ මං ගැන තිබ්බ විශ්වාසෙ, කොහොම හරි මාව මෙතෙන්ට වෙනකම් තල්ලු කළා.

මං මීට ඉස්සරත් කියලා තියෙනවා මං මේ ෂෝ එක දුන්නේ කොහොමත් මහ ගොඩක් අය බලයි කියලා හිතාගෙන නෙමේ. ඇත්තටම මෙච්චරවත් බලයි කියලා මං හිතුවේ නෑ. ඇමරිකාවෙත් මේක බලන්නේ උපරිම මිලියන දෙකක් දෙකහමාරක් තමයි. හැබැයි රැල්ලට බලන ලොකු කථාවලට වඩා මේ වැඩසටහන බලන රසිකයෝ වැඩසටහනට පක්ෂපාතියි, වැඩසටහන ගැන උනන්දුයි. ඕගොල්ලෝ දාන සමහර කමෙන්ට්වලත් ඒ පක්ෂපාතිත්වය, උනන්දුව මං දැක්කා. ඒ වචන මට සහතික කළා මං කරන වැඩේ අසාර්ථක නැති බවත්, අපතේ නොයන බවත්. ගොඩක් කට්ටියක් නොබැලුවාට, කමෙන්ට් මහ ගොඩක් නොවැටුණාට, පුංචි අවංක වචන කීපෙක තියෙන බලය කිව්වට විශ්වාස කරන එකක් නෑ ඕගොල්ලෝ. ඉතින් මගේ උපසිරැසි එක්ක ෂෝ එක බලන්න එකතු වුණ කාටත් ස්තුතියි. වචනෙකින් හරි අදහසක් දක්වලා දිරිමත් කරපු අයට විශේෂයෙන් ස්තුතියි. ඔයාලගේ වචන සැහෙන හයියක් වුණා මේ ගමන එන්න.

2013 අවුරුද්දේ ඔක්තෝම්බර් මාසෙදි විතර මේ වැඩේ මං කරන්නද කියලා බයිස්කෝප් අඩවියෙන් අහත්දී, ඊට කලින් මගේ කියලා එකම එක උපසිරසියක්වත් පල කරලා තිබුණේ නෑ, හැගීමක්වත් තිබුණේ නෑ මේ වැඩේ කොච්චර අමාරුද කියලා. ඒ මදිවට බයිස්කෝප් කණ්ඩායම මෙච්චර ලොකු වැඩක් භාර දෙන්න තරං මං ගැන විශ්වාසෙ තිබ්බේ මං කවුද කියලා නමක් ගමක්වත් නොදැනයි. එදා ඒ තියපු විශ්වාසය ගැනත් බොහොම ස්තුතියි. එයින් පස්සේ අද වෙනතුරු මට දක්වපු සහයෝගයටත් බොහොම ස්තුතියි. තරමක් ප්‍රමාද වීම් ඇති වුණත් මං හිතනවා මේ වෙනකම් මට පුළුවන් වුණා කියලා බයිස්කෝප් අඩවියත් රසිකයෝනුත් මං ගැන තියාපු ඒ විශ්වාසෙ රකින්න.

හැමදාම කියනවා වගේ මං උපරිමයෙන් උත්සහ කළා වැඩසටහනටත් උපසිරැසිය එක්ක වැඩසටහන බලන අයටත් පරිවර්තනය තුළ සාධාරණයක් ඉෂ්ට කරන්න. උපශිරැසි ගැන චෝදනාවක් මට අහන්න නොලැබුණත් මං දන්නවා අනේක වැරදීම් තිබුණ බව. ගොඩක් අයට ඒ වැරදීම්වලට වඩා ඉවසන්න අමාරු වුණේ ප්‍රමාදවීම්නුයි. ඒක මට තේරුම් ගන්න පුළුවන්. මමත් කොහොමටවත් බලාපොරොත්තු වුණේ නෑ මේ වැඩේ අවුරුද්දකටත් වඩා තිස්සේ කරන්න. ඒත් මං උත්සහ කළා ඉක්මනටත් නිවැරදිවත් උපසිරැසි ලබාදෙන්න. කොහොම වුණත් තිබුණ හැම වැරදීමකටම ප්‍රමාද වීමකටම වගේම මොනවා හරි අපහසුතාවක් හිත් රිදීමක් වුණානං, අඩවියෙනුත් රසිකයන්ගේනුත් ඒ ගැන සමාව ඉල්ලනවා.

අවසාන වශයෙන් හැමෝටම නැවත නැවතත් කියන්න තියෙන්නේ දක්වපු හැම ආකාරයේම සහයෝගයන්ට ස්තුතියි කියලයි.

ලබන ඔක්තෝම්බර් මාසේ ඉදලා උපසිරැසි ලබාදෙන සොහොයුරාටත් උපරිම සහයෝගය දක්වලා දිගටම ෂෝ එකත් එක්කත් බයිස්කෝප් අඩවියත් එක්කත් රැදෙන්න කියලා ඉල්ලනවා. වෙන මොකක් හරි උපසිරැසියකින් අපි ආයේ දවසක මුණ ගැහෙමු, එතකම් ආයුබෝවන්!

———————-

ප. ලි

මේක පිස්සුවක් වගේ තමයි, ඒත් සුපර්නැචුරල් එකෙන් සමුගන්න හිතෙන්නේ නෑ මේ වචන ටිකත් නොලියා 😉 😛 😛 😛

Carry on my wayward son
There’ll be peace when you are done
Lay your weary head to rest
Don’t you cry no more

Once I rose above the noise and confusion
Just to get a glimpse beyond this illusion
I was soaring ever higher, but I flew too high

Though my eyes could see I still was a blind man
Though my mind could think I still was a mad man
I hear the voices when I’m dreaming,
I can hear them say

Carry on my wayward son,
There’ll be peace when you are done
Lay your weary head to rest
Don’t you cry no more

Masquerading as a man with a reason
My charade is the event of the season
And if I claim to be a wise man,
Well, it surely means that I don’t know

On a stormy sea of moving emotion
Tossed about, I’m like a ship on the ocean
I set a course for winds of fortune,
But I hear the voices say

Carry on my wayward son
There’ll be peace when you are done
Lay your weary head to rest
Don’t you cry no more no!

Carry on, You will always remember
Carry on, Nothing equals the splendor
Now your life’s no longer empty
Surely heaven waits for you

Carry on my wayward son
There’ll be peace when you are done
Lay your weary head to rest
Don’t you cry,
Don’t you cry no more,

No more!

ඔබ සැමටත් බයිස්කෝප් අඩවියටත් ජය!

Supernatural (2005) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Supernatural.S10E23.HDTV.x264-ChameE

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                     All Episodes                        Next Season >>

153 thoughts on “Supernatural [S10 : E23] with Sinhala Subtitles | සොහොයුරු පෙම. [සිංහල උපසිරැසි සමඟ]

  • Brother godak thank you me show ekata subtitles dunnta. Oyge subs බයිස්කෝප් ekak tibbe nattn meka balnne na thamath..attama godk thanku..me season 10ma supernatural team eke oyath hitiya danne nathi wachana gana eka eka dewal gana oyage sub walin thami igena gatte..thank you brother❤️ good luck for your future❤️

    Reply
  • අනේ season 11 downlod krnna link ekk nadda

    Reply
  • ado ube sub maru bn. wade lassanatama kara season 10kma. season 11n passe baladdi patta aduwak terenawa. e ube sub wala aduwa. wade nawattanna epa film tv series walatath sub deepan {a wish we agree}

    Reply
  • අඩෝ සුපිරි සහෝ, thank you මේ වෙනකන් සබ් එක ලස්සනට කරලා දුන්නට, පිස්සුවෙන් වගේ බලන කතාවක් තමා Supernatural කියන්නේ, ඒතරම් ඉවසිල්ලක් නෑ ඊලඟ epi එකට යනකන් , මේ අවුරුද්දේ තමා බලන්න පටන් ගත්තේ , දැන්නම් ඔක්කොම සීසන් ඇවිත් ඉවරයි, දැන් තියෙන්නේ 11 season එක බලන්න, මන් හිතනවා ඒකටත් ඔයා සබ් එක දීලා ඇති කියලා

    Reply
  • Ado ube sub nam ela bn.season 11 wenaekekta dila u wena nam pavichci karnneth

    Reply
  • MDG sahodaraya

    Mula indanma SN beluwe hungaak aasawen..Ekata lokuma hethuwa ekata thibba aasawa wagema oba dun e subd handa….Godaak watina widiyata therum ethuwa oba eya labaadeema ithaama agaya karanwaa…Ada weddi oba sub nokarana bawath dannawa..e wagema eya koi tharam paaduwakda kiyalath dannawa…..Podi lamayekta deyak therum karanawa haa samaanawa welaawata sub walin nodanna godaak dewal oba labaa dunna….
    Ithaama dukai oba meya thawa duratath nokarana ekata..
    Lokuwata type karanna danne nee oba sema karanawa haa samaanawa…eth oba kala sewayata pin wagema obata jayen jaya…
    Newatha obe subtitle ekak balaporoththu wenawa…
    Theruwan saranai

    Reply
  • Sub eke quality ya gena kiyanna wachana ne. Pattama supiri,

    Reply
  • Supernatural tharam hithata wedunu eka tv seris ekak wath ne matanam. Godaaaaak thanks broo,
    Me 2weni sereta mula idhanma season tika balan ena gaman. Coment ekak kotan yanna hithuna, sub ekath bewa me epiye. Kalin sub eka delete wela . Godak thanks

    Reply
  • නියමයි.ගොඩක් පිං.ගොඩක් ස්තූතියි
    සහෝගෙ වටිනා කාලයෙන් අපගේ සතුට උදෙසා කල මේ කල කැපවීම අවංකවම
    අගය කරනවා.ජයම වේවා!

    Reply
  • thanks mcn sub walata

    Reply
  • Mulu Season 10 Ma Sub Welata Thanks…

    Reply
  • Subwelata Ekata Thanks …

    Reply
  • Sub Ekata Thanks …

    Reply
  • MDG සිරාවටම අනේක වරයක් ස්තූති කරනව . මට මේකට comment එකක් නොදා ඉන්නම බැරි උනා . ස්තූතියි මෙච්චර කාලයක් sub දුන්නට

    Reply
  • සිරාවටම මේ කරලා තියන කැප කිරීමට කොමෙන්ට් එකක් දාන්න බැරිනම් මම මහ බල්ලෙක් වෙන්න ඕන. අනෙක වාරයක් ස්තුතියි.

    Reply
  • උපසිරිසියට බොහටාම ස්ත්‍රති සහෝ

    Reply
  • thank u very much saho 🙂

    Reply
  • බොහොම ස්තූතියි සහෝ උපසිරසට…
    සීසන් 10 දෙනවා කියන්නෙ ලේසි වැඩක් නෙමේ.. ඒක එපා වෙන වැඩක්. කොහොම හරි කට්ට කාගෙන මේ වෙනකම් උපසිරස ගෙනාවට ස්තූති නොකරම බෑ.
    හදවතින්ම සුබ පතනවා ඉදිරි වැඩ කටයුතු අති සාර්ථකව කරගෙන යන්න ලැබෙන්න කියලා…
    නැවත වාරයක් ස්තූතියි උපසිරස දෙන්න වුනු මහන්සියට….
    ජයෙන් ජය….

    Reply
  • MDG සහො season 10 ක් තරම් ලොකු කතාවකට sub දුන්නට මුලිමන්ම පින් දෙනවා මෙච්චර කාලයක් සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි පුලුවන්නන් 11ත් දෙන්න Carry on my wayward son
    There’ll be peace when you are done
    Lay your weary head to rest
    Don’t you cry no more ……………………………………

    Reply
  • මචං , සීසන් 11 ත් ඇවිත්… අනේ දෙයියෝ සබ් එක දාපන්කෝ ^_^

    Reply
  • season 11 awa kawada sub denne

    Reply
  • ko season 11 ikmanta dennooooooooooooooooooooooooooooo

    Reply
  • machoo 11 sub dennaq plz

    Reply
  • ane s11 enewa kawru hari ikmanata sub dunnoth hodai

    Reply
  • ane supernatural season 11 apu gamanma eeka dennakoooooo plssss

    Reply
  • Supiri wadak…….. manasi nobala kalaya wayakarala karapu me de agaya karanawa……. niyamai saho……..

    Reply
  • X-Files walin passe balapu hodama tv series 1 Supernatural, Thanx for sub!!!!

    Reply
  • ape MDG lokka wage sinhalata niyametama galapena sub dena kenek mama dakala na.supiri.11 denna amaru wen na ne

    Reply
  • මම මේ TV Show එක බලන්න පටන් ගන්නකොට Internet එකේ කොහෙවත් මේකට හරියන සිංහල සබ් එකක් තිබ්බෙ නෑ. පලමුවන සීසන් එකේ එපිසෝඩ් 15ක් විතර බලාගෙන යද්දී තමයි “MDG” කියල කෙනෙක් මේ Series එකට සබ් දෙන්න පටන් ගත්තේ.මට එදා පුදුමත් හිතුනා සීසන් 10කට සබ් දෙන්න එදා ගත්ත ඒ පියවර ගැන. කොහොමහරි MDG සහෝ සීසන් 10ටම සබ් දීලා ඉවර වෙද්දිත් තවමත් සබ් දීලා සම්පූර්ණ නොවුන The Following, The Originals වගේ series පවා බයිස්කෝප් එකේ තියෙනවා. ඒ පිලිබඳව නම් ඇත්තටම තියෙන්නේ කලකිරීමක්.

    MDG සහෝ මේ ලිපියේ කියල තියෙනව මේක ඇත්තටම “පතුලක් නොපෙනන ළිදක් වගෙයි” කියලා. සබ් නිර්මාණය කරන කෙනාට වගේම මේක බලන අයටත් ඔය සෙතේම තමයි. පිස්සු හැදිලා නැවතුනොත් ඇති. 😀 කෙසේ වෙතත් MDG සහෝගෙ සබ් වල තිබුන quality එක නිසාම මම දැන් සීසන් 9 එපි 12 ක්ම බලලා ඉවරයි. ඒ වෙලාව හදාගත්ත විදිහ අනුව තමයි. මේක බලන්න පටන් ගද්දි මටත් එදා වගේම හිතුනෙ පතුලක් නොපෙනන ළිදක් කියල තමයි. මටත් පුදුම මම දැනට එපි 185ක් විතර කොහොම බැලුවද කියන එක තමයි.

    මම සීසන් 10 බලන්න කලින්ම මේ විදිහට comment එකක් දාන්න හිතුවෙ MDG සහෝ සිසන් 10න් පස්සේ සබ් දාන එක නවත්වනවා කියලා තිබිනු නිසයි. ඒ ආරංචිය නිසානම් ඇතිවුනේ ලොකුම ලොකු දුකක්. මම MDG මේ සහෝගෙ සබ් එකකට comment එකක් දාන පලවෙනි වතාව. ඉතින් මටත් වෙන අය වගේම ඉල්ලන්න තියෙන්නේ එකම දෙයයි. ඒ සීසන් 11ටත් සබ් දෙන්න කියල තමයි. මොකද එක සීසන් එකක් ඉවර වෙලා තව එකක් පටන් ගන්න මාස 6ක් වගේ ලොකු කාලයක් තියෙන නිසා. අනෙක් අතට ඊලග සීසන් එකේ ඉඳන් වැඩි මහන්සියක් දරන්නට වෙන්නේ නැති නිසාත්.

    comment එක අවසන් කරන්න කලින් තව එක දෙයක් කියන්න ඕන කියල හිතුනා. බොහොම ස්තූතියි එපිසෝඩ් 219කට සබ් දීපු එකට.(S10E00 ඇතුලුව) සීසන් 11 සබ් දුන්නත් නැතත් මේ තරමක් කරපු කර්තව්‍යයට අනේකවාරයක් ස්තූතියි. අවසන් වශයෙන් තව එක ඉල්ලීමක් කරන්න තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා MDG සහෝ මේ පිලිබඳ සලකා බලයි කියලා. මම දන්නේ නැහැ මීට කලින් කව්රු හරි මේ පිලිබඳ අහලා තියෙනවද කියලා. මට හැමදාමත් ප්‍රශ්නයක් වුනේ මොකක්ද මේ “MDG” කියන එකේ තේරුම කියන එකයි. සමහර වෙලාවට මේ අකුරු ටික දැකල පුරුදුයි වගේ. ඒ Supernatural පටන්ගන්නකොට දාන Producer කෙනෙක්ගෙ නමක් ඒකෙ තියෙන්නේ “McG” කියලා. ඒත් මොකක්ද මේ MDG කියන එකේ තේරුම බොහෝවිට එම සහෝගෙ නම කෙටිකර හදාගත් වචනයක්. ඔය මම කරපු අනුමානයක් විතරයි. කියමුද බලන්න හැමෝටම දැනගන්නත් එක්ක මොකක්ද මේ “MDG” කියන එකේ තේරුම කියලා. 🙂

    Reply
  • supiri mchn,sub tikanam ela>pulvanam 11 tath try ekak denna

    Reply
  • මං මෙච්චර කාලෙකට බයිස්කෝප් එකේ එක ෆිල්ම් එකකටවත් cmnt කරල නෑ.. හැමදාමdownload කරන් යනව විතරය්. හැබය් ලොකු කමකට නෙවි.. මං type කරන්න පට්ට කම්මැලි බං. Sn season 10 ම මට ලැබුනෙ යාලුවෙක්ගෙන්. sub එකත් එක්කම.. එක හුස්මටම බලපු tv series එකක්.. මට දැනෙන හටියට ඒක එහෙම බලන්න හේතු උනේ උබේ සබ් එක මචන්. මන් මෙච්ච්‍ර කල් සබ් එක්ක ෆිල්ම් බලලා තිබ්බට උබේ උපසිරස තරම් එ එකක් වත් හිතට වදුන් නෑ බං.. එකම නිසා තමය් උබේ අන්තිම සබ් එක google කරල හොයාගෙන මෙහෙම comment කරලා thank කරන්න හිතුවෙ.. ජය වෙවා කොල්ලො. මෙකට සබ් දෙන එක නැවත්තුවට උබ ෆිල්ම් වලටවත් සබ් දෙන්න පටන් ගනින්.. ෆිල්ම් එක චාටර් උනත් කමක් නෑ. උපසිරස දීලා තියෙන්නෙ උබ නම් අනිව බාගෙන බලනවා.. So carry on SON !! 😉

    Reply
  • thankas sahoo mechchara godakata sub dunnata thanaka 11 weni maase se 11 patanganne anee akatath sub dennako

    Reply
    • Ubanm Sira waddek machan…Supernatural me tharam hithata wadinna ube Sub ekath help una..Thanks bn

      Reply
  • නියමයි සහෝ සුපිරිම වැඩක්….. ජය වේවා!!!!!

    Reply
  • අඩේ උඹම සබ් දීපන්.නැත්නම් මම සීසන් 11 ඉඳන් සුපර් නැචුරල් බලන එක නවත්තනවා… -_-

    Reply
  • මෙච්චර කාලයක් සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි.. මේකේ තියෙන බර වචන හින්ද සබ් නැතුව බැලුවත් මෙලෝ තේරුමක් නෑ. ඔයා මේකට සබ දාන්න අවුරුදු ගානක් ගියාට මේක බලන්න මට ගියේ මාස දෙකක් විටර 😀 ඒ ඉතින් සබට පින් සිද්ද වෙන්න..

    Reply
  • Supiri . . . . Meka baluwema supiri sub nisa. Tanx a lot bro. . Puluwn nm 11th krnna

    Reply
  • මුල්ම කොටසෙ ඉඳලම කතාව බලපු මම සහෝ සබ් හදන විදියට කොයිතරම් කැමති උනාද කිව්වොත් අන්තිමට මමත් මගේම සබ් එකක් හදල මේ වෙනකොටත් සයිට් එකට දාල ඉවරයි.. ඒකේ ගෞරවයත් අනිවා සහෝට ලැබෙනවා. සුබ පැතුම් එකතු කරන ගමන් ස්තූතියි කියනවා මේ තරම් අමාරු වැඩක් අතාරින්නෙ නැතුව දිගටම කටගෙන ආවට.ආයෙත් ස්තුතී ….

    Reply
  • අවන්කෙන්ම මේ ශෝ එකෙ සෑම් ඩීන් දැන්නම් නැතුවම බෑ උන් දෙන්නගෙ ජොගියක් දැක්කෙ නැත්තන් නින්ද ගියෙ නෑ වගේ..විශෙශයෙන් ඩීන් කොලුවා (අර බල්ලා එක්ක කතාකරන සීන් එක අයියො බඩ පලෙන්න හිනා උනා)… අත්තටු මල්ලි (මීශා ) ගොනා (ජෙරාඩ්) ලේනා (ජේන්සන්) මුන ටිකව අදුන්නලා දුන්නට ගොඩක් ස්තූතී සහෝ මොනා නැතත් සුපිරි සබ් හැදිල්ලක් මේක…මන් කිව්වේ අර යටින් දාන විස්තර අන්න ඒවගෙන් තමා ඔයාගෙ සබ් වල සුපිරිම ගතිය එලියට ආවෙ.. සබ් එකෙන් දෙන්න පුලුවන් උපරිම ප්‍රයෝජනේ තියෙන්නෙ එතකොට බලන්නම් වාරේ සබ බලන එකයි…තෙරුම් අරන් ඊලගට වෙන දේ ගැන කුතුහලයෙන් ඉන්න එකේ වෙනසක් තියානවා මචන්

    Reply
  • සීසන් 10 ටම සබ් දුන්නට ගොඩාාාාාාාක් ස්තූතියි.
    සිංහල සබ් නැතුව මේක බලලා වැඩක් නැහැ. ගොඩාක් දේ තේරෙන්නෙ නැ
    ඔයාට ගොඩාක් ස්තූතියි

    Reply
  • No words thank you very much. Cary on may waywd son :, (

    Reply
  • අප්පට සිරි ගජ කතාව නෑගල යනවනෙ aiyage aub ekata pin siida wenna api supernatural balauawa . ithuru season tikath apita aiyagennama oni ……. MOKADA KIYANNE HAMOMA ILLAMAMU MGDSAHO GEN ITHURU TIKATH DENNA KIYlAබෑනුම් අහල කට්ට කදුන්න සබ් වලට ගොඩක් ස්තුතියිල අපි වෙනුවෙන් සබ් ඩුන්නට ගොඩක් තෑන්ක්ස්.සුපිරි වෑ.ඊලග සුබ් එකත් ඔයගෙන්ම ඔනී. සහො

    Reply
  • machan mama season 1 idalama ube sinhala sub ekka meka baluwe.mechchara kalayak ube sub eka enakanma datha kagena amaruwen iwasagena idala ube sub ekath ekkama baluwe kisima adu paduwak nathuwa niyama therumath ekka uba sub dena nisai,anika season 10kata sub dila iwara karapu lankawe ekama kenath uba wenna ona.atthatama sathutui…season 11 ekatath aniwa sub ubenma ona machan.tikak late unata kamak na ubatath wada thiyanawne.good luck machan!!!mechchara kal maga nawatthannathuwa supiriyatama sub dipu ubata godak thanks

    Reply
  • සබ් එකට ගොඩක් ස්තුතියි.
    හැබැයි 11 කොහොමහරි සබ් ඔයාගෙන්ම ඔනා
    සීසන් 10ක්ම එපාවෙන්නෙ නැතුව එක දිගට බලන්න පුලුවන් උනේ සබ් සුපිරියටම තිබ්බ නිසා තමයි.
    කොහොමහරි මේ තාක් දුන්න සබ් වලට ගොඩක් ස්තුතියි

    Reply
  • මචන් MDG සහෝ, මං මේ දාන දෙවෙනි හරි තුන් වෙනි හරි comment එක. මොනාද බන් කියන්නේ. ඇඩෙනවා. කොහොම ස්තුති කරන්නද මන්ද බන් මේ කරපු දේට. සත පහකවත් ලාභයක් නැතිව එකක් ඉවර වෙද්දී එකක්. එක පාර season දෙක තුනක්. අම්මෝ..! සිරාවටම උඹට මේ දේ නිසා එක තප්පරයක් හරි ජීවිතේ පස්සට ගියානම්, නාස්ති උනානම් ඒ වගේ හා දොළොස් පාරක් ඉස්සරහට යන්න ලැබෙන්න කියල විශ්වාස කරනවා. පොඩ්ඩකටවත් හිතන්න එපා උඹ කැප කරපු කාලය නාස්ති වුණා කියලා. අපි හැමෝටම supernatural අසාවෙන් බලන පුළුවන් වුනේ උඹ නිසයි. උඹ translator කෙනෙක් නෙමේ බන්. script writer කෙනෙක්. English වලින් show එකක් සිංහලේට හරවල අපිට ගැලපෙන සිංහලෙන්ම උඹ sub එක දාල දුන්න. ඒ විතරක්ද අමෙරිකාවෙ වුන් වත් දන්නැති characters උඹ අපිට එහෙන් මෙහෙන් හොයල කියල දුන්න. ඒක තමා බන් වටින්නෙම. Thank You සහෝ..!
    අන්තිමටම තියෙන්නේ please 11 වෙනි සීසන් එකත් උඹම කරලා දීපන්. අපිට පරක්කු නෑ. අපි බලන් ඉන්නවා..! ජය වේවා..!

    Reply
  • Niyamama niyamama niyama wadak. Godaaaaaak sthuthiee. Kisima laaba prayojanayak natuwa me karapu seweta godaaaaaaaaak pin.

    Reply
  • මාත් උබ දුන් සබ් ඔක්කොම ගත්තා උබ කලේ ගොඩාක් අමාරු දෙයක් ගොඩාක් ස්තූතියි මේක දුන්නට ඉතින් පුලුවන්නන් 11ත් දෙන්න මොකද මේකෙ තියන අපි නොදන්න දේවල් උබ හොද පැහැදිලිව තේරුම් කරල තිබ්බ උබ සබ් දාන කොට අපිට විශේෂ ඒ කාරනාව නිසයි

    Reply
  • thanks saho.bokkenma thanks

    Reply
  • bohoma thanks, meka mula indanama beluwa, samarahara dawas walata thanikara season ekakma beluwa. etharamata meka hondai. mechchara kalayak sub deepu obata jathi jathi pin. jaya wewa mdg. mdg eke therumath kiyannako

    Reply
  • thanks bro great work….

    Reply
  • superb work MDG superb…………

    Reply
  • macho meke 21 episode eke sub ekane 23 tiyenneth.mokakda aula ….????

    Reply
  • tanks mdg sao mt kiyanna wachana ne godaak thanks m mek mula idala baluwa.obata jaya

    Reply
  • Thanks mchn mechara kalayak thisse supernatural tv series ekata sub dunna eka… Jaya wewa!!!

    Reply
  • Thanks for giving subtitles!! Wish u all the best!!

    Reply
  • man hitanne oya record ekak tiyala tyenawa ekama TV series eke wedima episode ganakata sinhala sub dela:D monawa kiyannada kiyala hita ganna be,11th oyage sub ekkama balanna unanan hody,thanx mcn sub walata,sub nettan man meka kawadawat balanne,lagadima wena mokakata hari wath sub balaporottu wenawa:D

    Reply
  • sub එකට බොහොම පින්.
    season 11ටත් ඔයාම sub දුන්නනම් තමයි හොඳ….

    Reply
  • මගෙ කැමතිම TV Series එක. මාස 4කට කලින් මේ ගැන අහලවත් තිබුනෙ නෑ. season 2 යාලුවෙක්ගෙන් ලැබුනම තමයි පලවෙනි එක ඩවුන්ලෝඩ් කරගෙන බැලුවෙ. පලවෙනි එපිය බලපු ගමන් පිස්සුව තද උනා. ඉතුරු සීසන් 9ම නිදි වරාගෙන බැලුව.
    තාම 10 එකක්වත් බලන්න පටන් ගත්තෙ නෑ ඔක්කොම දීල ඉවරයක් වෙනකන්. අද ඉඳන් ඒකත් බලන්න පටන් ගන්න ඕනෙ.
    ඔයාගෙ සබ් එක නිසා තමයි මේ තරම් දුරට හරි බලන්න හිතුනෙ, කොච්චර ස්තූතියි කිව්වත් මදි ඒකට නම්. බොහොම පින්. ඔයා මේකෙන් සබ් දෙන එක නවත්තනව කිව්වට, 11 ත් ඔයාම දෙනකන් අපි හැමෝම බලාගෙන ඉන්නව.

    Reply
  • මචන් මන් වැඩියෙන් මොකුත් කියන්නෙ නෑ උබ එල කොල්ලෙක් කියලා තමා කියන්න තියෙන්නේ … ජයෙන් ජයම වෙවා මචන් … 🙂 🙂 🙂 season 11 උබම කරානම් කියලා හිතෙනවා එත් මොනා කරන්නද කොල්ලෝ උබට වැඩ වැඩිනම් .. 🙁 🙁
    කොහොම වෙතත් මෙච්චර කල් කරපු සෙවයට බොක්කෙන්ම ස්කොතුයි 😀 😀 😀

    Reply
  • bohoma sthuthi saho…obata jaya!

    Reply
  • සීසන් 10 ටම සබ් දුන්නට ගොඩාාාාාාාක් ස්තූතියි.

    Reply
  • පට්ට ආසාවෙන් බලපු ටීවී සීරීස් එකක්. (කම්මැලි එපිසෝඩ් අතරින් පතර තිබිලත් පට්ට නොඉවසිල්ලක් තිබුනෙ මේක බලන්න) එකක් නෑර මුල ඉඳලා අගට බැලුවෙ MDG ගෙ සබ් නිසා. ඒ සබ් වල සබ් එකටත් වඩා දෙයක් තිබුනා. කතාව විතරක් නෙමේ කතාවෙ තියෙන උපමා, උපහාස ආදිය තේරුම් ගන්න උදව්වෙන බොහෝ දේ හොයලා සබ් එකට එකතු කරලා තිබුනා. ඒක නම් පට්ට වටිනවා.
    ඔයාගෙ මේ ‘මෙහෙවර’ (ඒක තමයි උචිතම වචනෙ) ගැන කියන්න වචන නෑ සහෝ. බොහොම පිං. ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු හැම දෙයක්ම සාර්ථක වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. බයිස්කෝප් අඩවියේ උපසිරැසි බලකායේ සියලු සහෝදර සහෝදරියන්ට ජය වේවා.

    ක්‍රව්ලි නොමැරුණ (හපොයි දෙයියනේ එච්චරයි ඉන්නෙ ආතල් චරිතෙකට ඩීන් ඇරුනම) බොබී, ට්‍රික්ස්ටර් ආයි මුණ ගැහෙන, MDGම සබ් දෙන සීසන් 11ක් තමයි මගේ නම් බලාපොරොත්තුව. 10ට වඩා 11 කතාව හොඳ වෙයි කියලා හිතෙනවා. අර ලෝක විනාසෙ කාලෙ වගේ.

    Reply
  • බොහොම ස්තූතියි සහෝ මෙච්චර කාලයක් මේ කතා මාලාවට සිංහල උපසිරැසි අරගෙන ආවට. සමහර අය බාරගත්තුවා මඟක් දීලා පැදුරටත් නොකියා යන කාලෙක ඔයා එක දිගට දිගටම අරගෙන ආවා. ඒක අපිට නම් ලොකුම සහනයක්. එහෙනම් මේක නැතත් තවත් උපසිරැසියක් අරගෙන එනකම් මම බලන් ඉන්නවා. සදා ජය෴෴ 😛 😛

    Reply
  • thank you.. ki withawak madi.. mechchara kal sub dunnata.. aiyat thw gdk wda issaraht kra shaktiya labenna oni..all athe best aiya..

    Reply
  • හම්මේ සුපිරි ආහ්..
    සීසන් 11 එකටත් උපසිරැසි සහෝටම දෙන්න පුළුවන්නම් හොඳයි.
    ඒත් වැඩ වැඩි වෙද්දි අමාරුයි තමයි.
    කොහොම හරි මෙච්චර කාලයක් සුපර්නැචුරල් එකට උපසිරැසි දීලා කථාව තේරුමක් ඇතිව බලන්න උදවු කලාට පින්..
    ජය වේවා MDG සහෝ..
    🙂 🙂

    Reply
  • ගොඩක් ම ස්තුතියි MDG සහෝ , මෙච්චර කාලයක් කරපු කැපවීමට , ඊලග සීසන් ටිකත් කොහොම හරි දෙන්න බලන්න බ්‍රො , Finally RESPECT U BRO !

    Reply
  • ස්තූතියි 🙂 Ancient Aliens season 2 උපසිරසි දෙන්න පුලුවන්ද ?

    Reply
  • thx brov. and all the best

    Reply
  • respect machan..ubata jaya

    Reply
  • season 10k….kochchara loku kapa kirimakda…mta nm hithagannath ba…MDG saho Thank you for great job. methuwak kalayak api wenuwen kala kapa kirimata godak pin…. ewgema thanks again…Wish you a great future and Good Luck….

    Reply
  • Saho…. Supergirl kiyala aluth tv serious ekak thiyenawa.. mama down kara eke 1st epiya… ekath kawuru hari sub eka dennako.. pls

    Reply
  • saho pissu kelinna epa..apita oyagenma supernatural ena hema katawakatama sub one…oya sub walata dena pehedili kirim patta..1 edala 10 wenakam hitiyane anika tawa 11 enna kal tiyanawane…kohoma hari hita hadagena super natural super karala denna…

    Reply
  • Api wenuwen kala siyalu kapaweem walata pin…

    Reply
  • Plz mchn 11 season ekata winasa wenna denna epa bn. plz bn plz 🙁 ai ube wedding ekada?

    Reply
  • thankz a lot saho.. fattama fata fata…

    Reply
  • සීසන් 10 ක් පුරාවට මේ කරපු වැඩේට ස්තූති කරන්න වචනත් නැති තරම්. කොහොමවුණත් ඉස්සරහටත් මේ වැඩේ එක්ක දිගට ම ඉඳියි කියල බලාපොරොත්තු වෙනවා. ජයෙන් ජය සහෝ………..

    Reply
  • මම බලපු සුපිරිම tv සීරීස් එක supernatural තමයි. ඔයාගේ sub නැත්නම් ඒක එහෙම නොවෙන්න තිබ්බා. මට ඒක හොඳටම sure වුනේ කතාවෙ ඊළගට වෙන්නෙ මොකක්ද කියලා දැනගන්න ඉවසිල්ලක් නැතුව MDG සහෝගෙ sub එනකන් ඉන්නෙ නැතුව මම season 9 බලන්න ගත්ත වෙලාවෙ. මට english sub වල ගොඩක් වචන තේරුම් ගන්න බැරි වුනා. MDG සහෝ දෙන sub වල අපිට එහෙම වෙන්නෙ නෑ. sub එකත් කතාවක් වගේ ගලාගෙන යනවා හරිම රසවත්. භාෂාවත් හරිම ලස්සනයි. මට තේරුනා season 9 MDG සහෝගෙ sub නැතුව බලන්න බැරි බව. මම ඉතින් sub එනකන් බලන් හිටියා කතාව බලන්න. season 11ත් ඔයාම sub දෙන්න. අපි ඕන තරම් කල් බලන් ඉන්නම්. සුබ පතනවා ඔයාගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා. good luck MDG සහෝ!!!!!

    Reply
  • Bohooma sthuthi sahodaraya…..hama wadakma saarthaka wewa kiyala prarthana karanawa… obata jaya….!!!!

    Reply
  • machan puluwan nam grimm kiyala series ekak thiyanawa eka denna.ekath me wagema ekak.loku udawwak puluwan nam plzzzzzzzzzzzzz

    Reply
  • deiyane monawa kiyala kiyannada?????pissu hadei sanda bebalei kiwwalu………….anantha warayak tnkz macho…oya nohitinna mechchara kathawak balanna wenne na.thnkz so much.good luck and my congrdz……………..

    Reply
  • ela ela
    thnx brooooooooooo

    Reply
  • eLAZ
    mAXXA mACHAN
    S10 SUB BALUWA

    S11 SAB MDG GEN NATI NISA
    MONAWA KARANADA KIYLA HITAGANA BAA
    gOOD lUCK BRO !!!!

    Reply
  • ඔබට තුති.
    සුභපැතුම්.
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • kiyanna wachana na sahodaraya…. bohooma sthuthi.. jiwithee hama wadakma sarthaka wewa kiyala prarthana karanawa…. anika supernatural=MDG wage nisa 11 weni ekath karanna kiyana illanawa…. mechchara kal karapu deta godak sththi…. obata jaya…. 🙂

    Reply
  • patta sahooo s10 kata sub dena eka sellamak nemei…
    podi podi pramada dosha thibunata uba sub dipu nisamai supernatural balanna gaththe….
    s11 tath sub danna puluwannam loku deyak sahooo…..
    idiri wadakatayuthu sarthaka wewa yai pathamii…
    sub ekata tnx sahooo…..

    Reply
  • jaya wewa goood luck godaaaaak pin bro
    thank you v much

    Reply
  • කොහෙන් පටන් ගන්නද කොහෙන් ඉවර කරගන්නද කියලා හිතාගන්න බෑ 😀
    මෙච්චර කාලයක් අපි වෙනුවෙන් සුපර්නැචුරල් කතාව ගෙනාවට බොහොම පිං දහසක් වැඩ මැද්දේ අපි වෙනුවෙන් මේ දේ කරාට අපි හැමෝම ණයගැතියි..අනේ කොල්ලෝ අනිත් හැමෝම කියනවා වගේ සීසන් 11 ට ඔයාගෙන්ම සබ් එක දකින්න ගොඩක් ආසයි අපි.
    එහෙම නැතත් හිතේ කහටක් නෑ ..උපසිරැසි 218 ක් කිව්වමත් කනෙන් දුන් දානව 😀
    ඔයාගේ උපසිරැසි ගැනත් කියන්නම ඕනේ ..
    කතාවේ සමහර තැන් වල මට හිනා නොගියට ඔයා ඒ වෙලාවේ පාවිච්චි කරපු වචන වලට හිනා ගිය තැන් අනන්තවත් තිබ්බා සහෝ 😀 ඒ වගේම නොදන්නා තැන් ගැනත් ඔයා යටින් අපිව දැනුවත් කරා ඒවගෙනුත් හිනා ගිය එකක් තිබ්බා මට අද වගේ මතකයි
    සෑම් ක්‍රිකට් පොල්ලක් කියලා කිව්වා තැනක් 😉
    ඔයා යටින් දාලා තිබ්බා ඇමරිකන් කාරයෝ ක්‍රිකට් ගැන දන්න තරම තමා කියලා 😀 😀 😀
    ඇත්තටම අපි කතා කරන බාෂාවෙන්ම සබ් එක කරාම බලන කෙනාට පුදුම හැගීමත් ඇති වෙනවා එක වචනයෙන් කියන්න ආමාරුයි ඔයාගේ සබ් වල ඒක නොඅඩුව තිබ්බ බව කියන්නම ඕනා 🙂
    ඒ වගේම ඔයාගේ ජිවිතේ සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වෙන්න මන් ප්‍රර්ථනා කරනවා..එහෙනම් සහෝ මේක ඔයාගෙන් සමුගැනීමක් නම් නෙමේ 😀 මට මේ වචන ගලපගන්න බැරිව ඉන්නේ මේ වෙලාවේ ඔන්න සීසන් 11 ආවම මන් ඇවිල්ලා බලන්නේ යටින් MDG කියලා නමක් තියේද කියලා එහෙනම් බොහොම ස්තුතියි නැවත වරක් මේ කරපු විශිෂ්ට කාර්යට..

    සහෝට ජය වේවා !!

    ෴෴බුදු සරණයි !!෴෴

    Reply
  • මචං උබ නියම වැඩක් කරේ. බොක්කෙන්ම ආතල් එකේ බලමු එකම ටීවී සීරිස් එක මේක තමයි. සබ නං සුපිරි. නියමෙටම වැඩේ කරලා තියෙනවා. බොහොම ස්තුතියි මෙච්චරකල් අපිට සබ දුන්න එකට. මාර අසාවෙන් බැලුවේ. එළකිරි. හැම වැඩක්ම සාර්ථක වේවා කියල පතනවා. ජය වේවා. 🙂 🙂

    Reply
  • mechchara kal api gana hithala kaagena sub dunnata bohoma pin..
    supiriyatama supernatural season 10tama sub dunna..
    idiri katayuthu sarthaka wenna kiyala prarthana karanawa..
    me karana pin athe wada nawaththanna epa pulu puluwan welawata ekak dekak denna kiyala illeemakuth karanawa..
    jaya shrii..

    Reply
  • thanks mchan.oya nam bro pattama wadak kre.niyamai super,,,,,,,,,kyanna wachana naha.oya natnam apita SN balanna bri wenawa.mn balapu hdama tv series eka tamai meka.once again thanks bro.oyai SN hriyata gahai pottai wage.issarahatath api oyawa balaporottu wenawa.

    Reply
  • thanx lot macho wish you all the best

    Reply
  • ඔබ නම් පුරුෂයෙක් නෙමෙයි!

    Reply
  • මචෝ කියන්න වචන නෑ… මම පිස්සුවෙන් වගේ බලපු මගේ ආසම tv seris එක තමයි සුපර් නැචුරල් .. ඒ උබේ සබ් වලට පින්සිද්ද වෙන්න … seris එක ඉවර උනාට දුකයි..ඊටත් වඩා දුකයි උබ සුපර් නැචුරල් එකෙන් සමු ගන්න එකට.. කොහොම නමුත් ගොඩාක් පින් සබ දුන්නට.. කවදා හරි mobile network (free sim, free call, free data) සම්බන්දයෙන් උවමනාවක් අවොත් මට කියපං..
    මගේ face book name එක nuwan kanchana.

    episode දෙසිය ගානකට සබ දෙන එක කොච්චර අමාරු වැඩක්ද කියලා මට හොදටම තේරුම් ගන්න පුළුවන්.. මොකද මමත් ෆිල්ම් හත අටකට සබ් කරලා තියන නිසා,,

    කොහොම උනත් ඉල්ලා සිටිනවා season 11 එකෙත් පුළුවන් කමක් තියනවා නම් අපිට සබ දෙන්න කියල.

    ගොඩාක් ස්තුත්යි….

    ඔබට ජය……….

    Reply
  • එල එල සහො නියමයි සීසන් 10 ක් දුන්නා.ඒක ඉතින් නිකන් කියනවා වගේ ලේසි වැඩක් නෙවේ කියලා දන්නවා.සුභ පතනවා ඔයාගේ කරන කියන හැම වැඩක් ම සාර්ථක වෙන්න කියලා.ජය වේවා.

    Reply
    • මම නම් කියන්නේ සීසන් 11 me කට්ටිය කියනවා වගේ ඔයාම කරන්න,සතියට එකයි.ඔයා උපසිරැසිය දෙන්න පරක්කු උනා කියලා කවුරුත් ඔයාට බන්නේ නැහැ.අනික ප්‍රමාද උනා කියන්නේ සති ගණන් නෙවේ.දවස් දෙක තුනක්. ඒ හන්දා ඔයාම දෙන්න කියලා මම කියනවා.

      Reply
    • ඇත්තටම කියන්න ඕනි දෙයක් තමයි
      සුපර්නැචුරල් සීසන් 10ක් කරනවා කියන්නේ
      හිතන තරම් ලේසි පහසු දෙයක් නෙමෙයි කියන එක.
      ඒක් අපි හැමෝම දන්න කාරණයක්.
      මොකද එක උපසිරසියක් කරන්න තමන්ගේ
      කාලය, ධනය, ශ්‍රමය, ඉවසීම වගේම හැකියාව
      මේ හැම දේම තියෙන්න ඕනේ.
      ඉතින් සීසන් 10ක කතාංගයන් “218”
      කරන්න ඒ ඉවසීම, හැකියාව මේ
      හැම දේම “MDG” සහෝ ළඟ නොඅඩුව
      තියෙන්න ඕනේ.
      ඔයාලට මතක ඇති සමහර අයගේ කමෙන්ට් එහෙමත්
      හරිම කැත විදියට ලැබුණා,
      ඒත් ඒ කිසිම දේකින් සහෝ සැලුනේ නෑ.
      ඒවගේම තමයි සහෝගේ උපසිරසි නිකන්ම උපසිරසියක්
      නොවෙන වග, මොකද අපිට ඒකෙන් කතාව ගැන විතරක්ම ගන්න
      අවබෝධයකට වඩා වැඩි අන්තර්ගතයක්, වැඩි වටිනාකමක් තිබුණා.
      නොදන්න දේවල් වඩා විස්තරාත්මකව පෙන්නලා දීලා තිබුණා.
      අනිත් කාරණාව තමයි සහෝගේ ලිපි ලිවීමේ හැකියාව.
      ලිපි වලිනුත් සහෝ නොදන්න කරුණු කාරණා ගොඩාක්
      අපි හැමෝටම කියලා දුන්නා.
      කතාව ගැන නොදන්න කෙනෙක්ට වුනත් සහෝගේ ලිපියක් බැලුවම
      දිගටම කතාවත් එක්ක එකතු වෙන්න හිතෙන තරමටම ලිපි ගැළපිලා තිබුණා.
      මමත් පෞද්ගලිකවම සහෝගේ උපසිරසි වලින් යමක් ඉගෙනගෙන තියනවා.
      ඉතින්…
      මෙච්චර කාලයක් පුරාවටම මේ කරපු සේවාවට මගේ අවංක නිහතමානී
      ස්තූතිය “MDG” සහෝ වෙනුවෙන් පුදකරන්න කැමති. ඒවගේම ගොඩාක් පිං.
      ඒවගේම “supernatural” සීසන් 11ටත් සහෝගේ උපසිරසියම අපි හැමෝම
      බලාපොරොත්තු වෙනවා.
      සහෝගේ වැඩකටයුතුත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථකව කරගෙන යන්න ලැබෙන්න කියලා
      මේ වෙලාවේ ප්‍රාර්ථනා කරන ගමන්ම සහෝගේ
      තවත් මේ වගේම උපසිරසියකින් මුණගැහෙනකන්
      ජයම වේවා…

      “Carry on my wayward son
      There’ll be peace when you are done
      Lay your weary head to rest
      Don’t you cry no more….”

      😀

      Reply
  • mechchra kalayak uba kohoma hari sub eka dunna eka gana api ubata hugak sthuthi krnawa,, ubata jaya,

    Reply
  • thanks bro man thama 10 /11 balanne mekathawa thiyana kan math balanawa aniwa godak godak thanks sub walata bro 11 ta thawa kal thiyana nisa akath oyatama denna barida plzzzz week akata akaine plzz

    Reply
  • Thanks bro sub walata. Supernatural tiyana thak kal mama nam aka balana aka nawattanne na.

    Reply
  • පලවෙනි ට්වී සීරියස් එක මම බලපු. මේක බලන්න කලින් මන් ට්වී සීරියස් බලන්න කැමැත්තක් තිබුණ නෑ. එත් මේක බයිස්කෝප් එකේ දැම්ම පලවෙනි දවසේ ඉදන්ම බලන්න ඇබ්බැහි උන එකක්. එකට ස්තුති MDG සහෝ ඔයාට. මොකද ඔයා දැම්ම නිසයි මේක බලන්න පටන් ගත්තේ, ඊට පස්සේ මේක එපිසොයිඩ් එනකන් ඉවසිල්ලක් නෑ බයිස්කෝප් එකෙන්. මොන උනත් සීසන් 11 ට තව කල් තියෙන නිසා එකටත් සබ දෙන්න කියල ඉල්ලනවා. Thanx a lot bro..

    Reply
  • ane hamogenma illanawa.plz kello kollo hamoma nikan sub eka dwn krgena ynne nathuwa ape sahodaraya wenuwen cmnt ekak danna.eyage life ekta wish krnna.eka eyage life ekta loku ashirwadayak wei.umbala api nokrpu loku kapakirimak MDG bro kala English bari api wenuwen.api apita puluwan podi de wath eya wenuwen karamu.aluthen sub dana bro oyatah wish krnwa.mn stop kalath hamoma SN balanna kyla illanawa.byeeeee….

    Reply
  • hithe tyena duka nisa cmnt ekak damme na bro.eth danne nathuwa innath ba.math SN blana antima dawasa ada.mage jeewithe blapu hondama hithata waduna show eka SN.ekata two reason tyenawa.ekak sam & dean.anika MDG.me deken kauru SN walin wen unath mn ayeth SN blanne na.gdk dukai sahodaraya.eth podi sathutakuth hv.Epi 218k balala gdk sathutu una.SN sub eka MDG gen nathi una kynne gdara kenek nathi una wage.bt hmadetma thankz.kynna words na.so hmadama mage cmnt walin mama kiuwa wage MDG naththan SN epa epa epa.oya me karagaththa pina athi jeewitha kaletama.hamadetama hadawathinma wish krnwa.ehenam oyatath Super Natural Series Ekatath bye bye bye…………………..(antima tika type krddi anduna wage bro.jeewitheta loku aduwak danenawa.again thankz of lot….)

    Reply
  • පළමුවෙන්ම කියන්න ඕනා ‘බොහෝම පින් ‘ මේ කරපු වැඩේට..
    මං ලග සීසන් නමයම තිබ්බා ඔයා සබ් දෙන්න කලින…ඊට පස්සේ ඔයා සබ් දෙන්න ගත්තු
    පළවෙනි දවසේ ඉදලා අද වෙනකම් බැලුවා..කියන්නම ඕනා ඔයා මේකට සබ් නොදුන්නනම් සීසන් ටික තිබ්බ නිසා බලයි..එත් ‘ඇටි කෙහෙල් කපු උගුඩුවා වගේ බලගෙන ඉදියි’ 😀
    කොහොම හරි මචන් පිස්සුවෙන් වගේ බලපු මේ කතාව දිගටම කරගෙන ගියා..
    අද ඔයා මේ කතවට සමු දෙනවා මචන්..ඒත් කවදාහරි අයෙත් වේලවක් හොයගත්ත දවසට සබ් එකක් අරන් එමු..
    ජිවිතේ සියලුම වැඩ කටයුතු සර්ථක වෙන්න කියල ප්‍රර්ථනා කරනවා…

    ඒ වගේම අපේ මේ කතාව බලපු යළුවන්ගෙන් පොඩි ඉල්ලිමක් කරනවා
    ඔයාලගේ හිතට අපු දේ මෙතන පොඩි කමේට් එකකින් හරි කියලා යන්න..
    මොකද එකයි අපිට කරන්න පුලුවන්..

    ජයෙන් ජයම වේවා !!!

    Reply
  • Patta machan. Godak thanks subtitles dunnata season 10 wala. 😉 Ube subtitles wala waradi adui. Hoyagannama baritaram 🙂 Season 11th ubama karanna try karapan machan. MDG MDG kiwwata ube atta name eka mokadda machan? Eka danaganne natuwa mokadda wage 🙂

    Reply
  • වචන නෑ සහෝ ස්තුති කරන්න සීසන් 10 ක් කියන්නේ සුළු පටු ගානක්ද :O :O :O
    බොහෝම ස්තූතියි සහෝ අපි වෙනුවෙන් මේතරම් දිර්ග කතාවක් කථා මලාවකට සබ් දුන්නාට
    ජිවිතේ සියලුම වැඩ කටයුතු සර්වප්ප්‍රකාරයෙන් සාර්ථක වේවා 🙂 🙂

    Reply
  • ගෝනා සහ ලේනාගේ වීර වෘතාන්තය 11වෙනි අදියරත් පුලුවන් නම් දෙන්න සහෝ. ඔයාගේ sub හරිම පැහැදිලියි, ,,
    නොනවත්වාම උපසිරසි දුන්නට ඇත්කටම හදවතින්ම ස්තුති,,,!!!!!!!!!
    ඉදිරි කටයුතු සාර්ථක වෙන්න ඔබට ජයෙන් ජයම වේවා!!!

    Reply
  • Godaak Thanks oyage sub walata,SUPERNATURAL ekata galapenne oyage sub thamai,plzzzzzz………..season 11 ekath oyama denna try karanna,late unath kamak naha,

    Plzzz… don’t giveup…………….//carry…on//…………………!!!

    Reply
  • බොහෝම ස්තූතියි MDG සහෝදරයා. සීසන් එකක එපි විසිගානක කතාවක සීසන් 10 ක් කියන්නෙ සුළුපටු වැඩක් නෙවි. ඒ වගේ ලොකු වැඩක් තනියම ඇදගෙන ගියපු ඔයාට අපි කොහොම ස්තූති කරත් මදි කියලයි මට හිතෙන්නෙ.

    සීසන් 11 ට ඔයා සබ් දෙන්නෙ නෑ කිව්වම පොඩි දුකකුත් ආවා. ඒත් ඉතින් මෙච්චර කාලයක් මේ කතාවත් එක්ක හිටපු ඔයාටත් ඒ ටික කාලෙ ගතවෙනකොට නිකන් ඇඟට හරි නෑ වගේ හිතිල සීසන් 11 ටත් සබ් දෙන්න පටන් ගනියි කියලත් මට නිකමට හිතෙනවා. 🙂

    Reply
  • mulinma thnxx ayya oya season okkatama sub dnna ekata… elaga season ekakath oya sub dei kiyla hithanawa… goodluck brooo….. 🙂

    Reply
  • සීසන් 10ක් එකදිගටම දුන්න කියන්නේ ලේසි වැඩක්ද ඇත්තටම. ඒ වගේම මෙච්චර කෙටි කාලයක් ඇතුලත. ඇත්තම කියනවනම් ඔයා සබ දුන්නු මුල් දවස්වල මේක නොබලා හිටියේ මේ තරම් දිග ෂෝ එකක් එක දිගට සබ් නොදේවි කියල හිතලමයි. ඒත් කාලයක් යද්දී සබ දුන්නු වේගේ දැකල තමා මේ කතාව බලන්න පටන් ගත්තේ. ඒ වගේම පලවෙනි එපියෙන්ම ඔයාගේ සබ් වලට වහ වැටුනා කිව්වොත් නිවැරදියි.
    ඔයාගේ උපසිරසිත් එක්ක suparnatural බලපු හැමෝම වගේ මමත් අවංකවම කැමතියි S11 ටත් ඔයාම සබ දෙනවනම්. මොකද වෙන දක්ෂ අය ඕනි තරම් අඩවියේ හිටියත් සීසන් 10ක් දුර අපි වැළඳගත්තු ඔයාටම අවේණික උපසිරසි රටාව වෙන කෙනෙක්ගෙන් ලබාගන්න බැරි නිසා. ඒ වගේන කව්රුවත් ඔයා වගේ අර අමතර කරුණු විස්තර කරයි කියල හිතන බැහැ. suparnatural එකටම අවේණික ග්‍රාමීය සරල බාශාව ඔයාගේ සබ් එක්ක තවත් රසවත් උනා….
    එත් ඉතින් පුද්ගලික ජීවිතේ ගැනත් හිතන්න එපැයි. එත් ඉතින් අපි ගැනත් හිතල S11 ගැනත් හිතන්න. සතියකට එකයිනේ. පරක්කු උනාටනම් මොකෝ.
    බොහෝම ස්තූතියි සහෝ අපි වෙනුවෙන් මේතරම් දිග කතාවක් සම්පූර්ණයෙන්ම සිංහලෙන් බලන්න සැලස්වුවාට…
    ඔයාගේ ඉදිරි ජීවිතේ සාර්ථක වෙන්න කියලා පතනවා….

    Carry on my wayward son
    There’ll be peace when you are done
    Lay your weary head to rest
    Don’t you cry no more

    ප.ලි
    එන්ෂන් ඒලියන් ගැනත් බලන්න

    Reply
  • You are the best MDG (SubHero)…and you are the my favorite sub provider at bisecope.. you have done amazing job.. Thanks a lot for the everything.

    Reply
  • සීසන් 10ටම සබ් දුන්නට ගොඩාාාාාාාක් ස්තූතියි.

    Reply
  • ගොඩාක් ස්තුති සහෝ ඔයාට… සීසන් ඔක්කොම පට්ට විදිහට උපසිරසි ටික කරලා තියෙනවා …. නමුත් හරිම දුකය් මොනවා කරන්නද ඉතින් ……. … ඔබට ජය …..

    Reply
  • Carry on my wayward son,
    There’ll be peace when you are done
    Lay your weary head to rest
    Don’t you cry no more……….

    Carry On MDG…Carry On…………..

    Reply
  • oya nam supirima mgd saho kohoma thanks karannada manda……. sub dena aka natharakaranna apaaa digatama karagena yanna ///////// oyage idiri katauthu sarthaka vevaa…. goood luck….

    Reply
  • මෙකනම් නවත්තන්න එප කියල තමයි කියන්න තියෙන්නෙ පරක්කු වෙල හරි ස්බ් දෙනව කියන්නෙ එකත් අපිට ලොකු හයියක් මෙ තරම් බබලපු එකම සිසන් එක ඉතින් 11 එනකන් නවත්තන්නත් දුකයි අපහු මුල ඉදන් බලන එක තමයි කරන්න තියෙන්නෙ මෙ තරම් කාලයක් සබ් දිපු එකට ගොඩාක් පින් සහෝ කොමන්ට් දාන්නෙ නැති උනට මෙක ගොඩාක් කට්ටිය බලනවා එක තමඉ ඇත්ත ඉතින් 11ටත් ඔයගෙන්ම පුලුවන්නම් සබ් බලපොරොත්තු වෙනවා ඉතින් ඉදිරි ජිවිතේට සදා ජය!

    Reply
  • Thnkx machn !

    Parkku unata ube sub elakiri

    ඉදිරි කටයුතු සාර්ථක වේවා!!

    Reply
  • Thank you saho….
    All da best………..

    Reply
  • ඇත්කටම ගොඩක් ස්තුතියි. ඔයාගේ sub හරිම පැහැදිලියි, හොදටම කථාව තේරැම් ගන්න පුලුවන් විදියට විස්තර කරන නිසා. පුලුවන් නම් season 11ත් දෙන්න. ඔයාගෙ sub වලට අනුව කථාව අපි හුගක් රස වින්දා. ගොඩක් ස්තුතියි.

    Reply
  • oll the best bro. සීසන් 11ටත් ඔයා ගේ sub ඕනේ………………..

    Reply
  • මුලින්ම කියන්න තියෙන්නෙ මචන්, “බොහොම ස්තුතියි, බෝහොම පින්” කියලයි.
    ඇත්තටම එකක එපි 20 ගානක් තියෙන සීසන් 10ක කතාවක සබ් කරන එක, සබ් වැඩේ අමාරුව දන්න කෙනෙක් තනියම කරනවා තියා හිතන්නෙවත් නැති දෙයක්. ඒත් අද එක කරන්න බැරි වැඩක් නෙමෙයි කියලා MDG පෙන්නුවා.
    මම දන්න හැටියට මේ වගේ දීර්ඝ කතාවක් තනියම කරලා සාර්ථකව අවසන් කරපු එකම කෙනා MDG වෙන්න ඔනේ.
    මට මතක හැටියට s01e01 ඉදන්ම මේ දාපු හැම ලිපියක්ම කියවලා ඇති. බොහොමයකට පොඩි හරි කමෙන්ට් එකක් දාලත් ඇති. එත් නොදාපු එවා තියෙනවනම් සමා වෙන්න.
    කියන්නම ඔනේ මේ වැඩෙන් සබ් කරන්න පටන් ගත්තත් කාලයක් සබ් කරපු කෙනෙකුගේ වගේ සබ් තිබුනා. විශේෂයෙන් දැනුමට කියලා දාපු කොටසත්, සබ් එකේ විශේෂ වචන වල කරපු පැහැදිලි කිරිමත් අගය කරන්න ඔනේ දෙයක්.
    අද පොඩි දුකක් නැතුවමත් නෙමෙයි මොකද ආයිත් Supernatural වලට MDGගේ සබ් නොලැබෙන හින්දා.
    ගොඩක් කට්ටිය කැමති වේවී MDGගේ ඇත්ත නම දැන ගන්න, එක නොකිව්වත් MDG කියන අකුරු 3 Supernatural බයිස්කොප් එකෙන් බලපු, බලන්න පුරුදු උන හැමෝටම හැමදාටම මතක තියේවී.
    අන්තිමට කියන්න තියෙන්නෙ ‘ආයිත් මේ වගේ කතාවකින් මුන ගැහෙමු.”
    (කමෙන්ට් එක නිකම් පිස්සුවක් වගේද කියලා මම දන්නෑ, මොකද මෙච්චර ලොකු කමෙන්ට් එකක් දාපු මුල්ම පාර.)
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
    ජය වේවා. ! 😀

    Reply
    • තව එක දෙයක් කියන්න අමතක උනා. 😛
      ජිවිතේ සියලුම වැඩ කටයුතු සර්වප්ප්‍රකාරයෙන් සාර්ථක වේවා. !
      මේක කිව්වත් නොකිව්වත් උඹගේ සබ් බලපු හැම කෙනාගෙම හිතේ තියෙනවා මචන්.

      Reply
  • අනේ හම්මේ, අතිශයින්ම සුපිරි වැඩක් MDG සහෝ.
    කියලා වැඩක් නෑ, සුපිරි වැඩක්.
    මට ඔයා සබ් දෙන්න කලින් යාලුවෙක් විසින් සීසන් 3ක් දුන්නා මේ කතාවේ.
    ඊට පස්සේ බලන්න කියලා ගත්තා, බට් මට තේරුනා කතාව නොතේරෙන හැඩයි කියලා සිංහල සබ් නොමැතිව.
    පස්සේ අත හැරලා දැම්මා.
    ඊට පස්සේ තමා ඔයා සබ් දෙන්න ගත්තේ.
    බට් ඒත් මං කතාව බලන්න ගත්තේ නෑ, ඔයා සීසන් 4ක් හෝ 5 වෙනි එක දෙද්දී තමා ඔයාගේ සබ් එක්ක බලන්න ගත්තේ.
    කතාව සුපිරියට වැදුනා.
    ඔයාගේ සබ් ක්‍රමයට ආස හිතුනා. අර වරහන් තුළ නොතේරෙන ඒවා මෙන්ම පැරනි කතා වලට තියෙන සම්බන්ධය ගැන දාන එක සුපිරිම වැඩක්.
    පස්සෙ එක දිගටම සීසන් 6ක් බලලා නවත්වන්න උනා අධ්‍යාපන කටයුතු නිසා.
    තාම එතැන් සිට නොබැලුවේමි.
    විශේෂ දෙයක් නම් ඔයාගේ ලිපි සුපිරිම සුපිරි.
    අද ලිපිය කියෙව්වා, ඔයා මේ කාර්ය නොනවත්වා කරගෙන යන එක හොදයි කියන එකයි මගේ අදහස. නමුත් ඔයාටත් පෞද්ගලික කටයුතු තියෙනවා නේ.
    මෙතෙක් කාලයක් සීසන් 10කට සුපිරි සිංහල උපසිරැසි ගෙනාවට හදවතින්ම ගෞරවනීය ස්තූතිය පුද කරනවා.
    ඉදිරි කටයුතු සාර්ථක වේවා!!
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!
    ජයෙන් ජයම වේවා!!!
    ලිපියේ අවසානයට සුපර්නැචුරල් ගීතය දාලා තියෙන එක සුපිරි අදහසක්.

    Reply
  • මොනව කියන්නද ඉතින් පිස්සුවෙන් වගේ බැලුව.සබ් 1 දානකන් මග බලාගෙන හිටිය.දවසට කීපරක් ලොග් වෙලා බැලුවද මේක දාලද කියල
    Carry on my wayward son
    There’ll be peace when you are done
    Lay your weary head to rest
    Don’t you cry no more
    දැන් අමරු ටික ඉවර නිසා ඉතුරු ටිකත් උබට gගේමක් නැතුවම කරල දාන්න පුලුවන්නෙ මචන්
    සතියට එකයිනෙ තියෙන්නෙ

    Reply
  • ගොඩක් අගය කරනවා මේ මුළු කතාවටම උපසිරසි දුන්නට..ඒ වගේම දෙවෙනි සීසන් 11 ආපු ගමන්ම එකටත් සබ් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා……බොහොමත්ම ස්තුතියි!!!

    Reply
    • ගොඩක් අගය කරනවා මේ මුළු කතාවටම උපසිරසි දුන්නට..ඒ වගේම සීසන් 11 ආපු ගමන්ම එකටත් සබ් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා……බොහොමත්ම ස්තුතියි!!!

      Reply
  • බොහොම ස්තුති මචන් SUPERNATURAL වලට SUB දුන්නට ….

    Reply
  • digatama sub denna saho.sub ekta thank u.

    Reply
  • සුපිරි වැඩක් මචෝ.once upon a time ටීවී සීරියස් එකටත් සබ් දාන්නකෝ.ඒක පට්ට සීරියස් එකක්.

    Reply
  • මන් හැමදාම කියනව වගේ උබ නම් මාර පොරක් මචන්…වෙන කව්රුවත් නොකරන තරම් අමාරු වැඩක් උබ මේ කලේ…අපිත් විශ්වාස කලේ නෑ මේක ඉවර කරාවි කියල…..අපිත් නිකන් හොල්මන් වෙලා හිටියේ එත් කරන්න බැරි දෙයක් නෑ කියල උබ ඔප්පු කරලා ඉවරයි……මේ තාරක කැපවීමෙන් සබ් දෙන සහෝදරවරු දෙන්නෙක් මන් දන්නවා එක්කෙනෙක් ප්‍රවීන් අනික උබ ….අනිත් හැමෝගෙම සතුට වෙනුවෙන් මේ වගේ දෙයක් කරන්න හැමෝටම බෑ….කරපු සේවයට ස්තුතියි….නමුත් සීසන් 11 ආවම සතියට 1 එපියක් වගේ තමා වැටෙන්නේ මෙච්චර යකඩ මල්ලට ගුල්ලෝ ගැහුවනම් පුළුන් මල්ල ගැන කවර කතාද…ඒ හින්ද පුලුවන්නම් 11ථ් දෙන්න කියල ඉල්ලා හිටිනවා හැමදෙනා වෙනුවෙන්ම…එහෙම නොකලත් කරපු සේවය කවදාවත් අමතක කරන නෑ….හැම බලාපොරොත්තුවක්ම සපල වෙන්න ඕනේ…ඔබට බුදු සරණයි…..

    Reply
  • අනේ මන්ද මට නම් ඇඩේන්න වගේ.මොනවා කරන්ඩ ද ඉතින්.මෙච්චර ලොකු ගමනක් අපිව අරන් අවට MDG සහෝ,ඔබට බොහෝම ස්තුතියි.සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.සුබ අනාගතයක්……………….

    We will miss you !!!!!!!!!!

    Reply
  • අනේ සහො ඔයාගෙන්මයි supernatural එකට sub ඔනෙ…………plz……………supernatural එකට sub දෙන එක නවත්තන්න එපා………plz……plz……………plz……………….

    Reply
  • ආදරනිය MDG සහො…….season 10 ක් තරම් ලොකු කතාවකට sub දුන්නට මුලිමන්ම පින් දෙනවා……………මොනා කියන්ඩඩ්ග කියල හිතාගන්න බැ…………..ඔයා කරන කියන වැඩ කටයුතු සාර්තක වෙන්න කියල සුබ පතනවා………….sub කරන එක නවත්තන්න එපා කියල පුන්චි ඉල්ලීමක් කරනවා………………..ජය වෙවා සහො……………My sub Hero………………

    Reply
  • අම්මෝ…… මොනවා කියන්නද මන්දා.
    සීසන් 10 ටම සබ් දුන්නට ගොඩාාාාාාාක් ස්තූතියි.
    සිංහල සබ් නැතුව මේක බලන්නේ නම් නෑ කියලා හිටියේ.
    ඉතින් ඔයා සිංහල සබ් දෙන්න පටන් ගත්තට පසසේ පුදුම සතුටක් තිබුනේ.
    සබ් ලැබෙයි කියලා සීසන් ඔක්කොම ඩවුන්ලෝඩ් කරා.
    ඒ වගේම දිගටම සබ් ලැබුනා. ආපහු සැරයක් ස්තූතියි.
    ඔයාගේ ඉදිරි ජීවිතයේ කටයුතු සාර්ථක වෙන්න සුභ පැතුම්!!!!

    Reply
    • සහෝ කිසිම ලාබයක් නැතුව ඔයා නිකන් මේ වැඩේ කරේ. ඔයා කරපු හරිය හොදටම ඇති. උබට තව කරන්න කියන්න අපිට අයිතියක් නැහැ.

      Reply
    • thanks saho,onna bewa.sahoge supernatural pilot episode eka dapau dawaseth comment ekak kara mata ada wage matakai.tawa 100-200 tath comment kara.itin onna sahoge antima ekatath comment karanawa

      Reply
    • super nature කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ. දිගටම sub දෙන්න

      Reply

Leave a Reply to dewmina Cancel reply

Your email address will not be published. Required fields are marked *