අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Supernatural [S11 : E23] with Sinhala Subtitles | අයියා නගෝ ගැටුමක අවසානය. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 13 votes.
Please wait...

Supernatural S11P2

අමාරාට පහර දෙන්න හිතාගෙනයි හැමෝම ගියේ. ඒත් අන්තිමට වුණේ අමාරාට පහර දෙන්න ආපු හැමෝටම එයා පහර දුන්නා. ඒ විතරක්ද එයා දෙවියන්ට මැරෙන්න සිද්දවෙන්නම තදින්ම පහර දුන්නා. ඒකෙන් දැන් දෙවියන් මිය යමින් ඉන්නේ. මේ ආරංචිය හැම තැනකම පැතිරිලා හැමෝම කලබල වෙලා ඉන්නේ. ඒ මදිවට මේ නිසා ඉර ත් මිය යමින් ඉන්නේ. ඒ මොකද කිව්වොත් අදුර හා ආලෝකය නිසා තමයි මේ විශ්වය සමබර වෙලා තියෙන්නේ. දෙවියන් කියන්නේ ආලෝකය.ඉතින් මේ දෙකෙන් එකක් හරි විනාශ වෙනවා කියන්නේ අනිවාර්යෙන්ම සුර්යයා විනාශ වෙලා යනවා. අනික තමයි මේ ඇත්තටම මේ අමාරාට ඕනේ වුණේ දෙවියන්ගේ පළිගන්න. එයා හිතුවේ එහෙම කලාට එයාට සතුටක් ලැබෙයි කියලා. ඒත් එහෙම වුණේ නෑ. එයා හිතුවේ මේ දෙවියෝ මවපු දේවල් වලට එයා කැමති නෑ කියලා. ඒත් ඇත්තටම එයා කැමතියි. පුරා කොටස් විසි තුනක් පුරාවටම ඇත්තටම වෙලා තියෙන්නේ මේ දෙන්නා අතර තිබුණු කෝන්තරයක් ගැන. ඒ නිසාමයි මං අද අන්තිම කොටසේ මාතෘකාව ඔහොම දැම්මේ. අන්තිමට මේ දෙන්නා එකතු වෙලා අහසට මුසු වෙලා ටික කාලයකට යන්න යනවා. මේ දෙන්නව එකතු කරපු ස්තුතිය ලැබෙන්න ඕනා ඩීන්ට. නමුත් සෑම්, කැස්,ක්‍රව්ලි, රොවීනා මේ හැමෝම හිතන්නේ ඩීන් මැරිලා කියලා. මොකද අද කොටසේ වෙන්න ගියේ මරාගෙන මැරෙන මෙහෙයුමක්. ඒත් ඒක එහෙම වුණේ නෑ. එතකොට මොනාද වුණේ? තව ඩීන් හා සෑම් දෙන්නා කැමති දෙයක් අන්තිමට ලැබෙනවා. ඒ කවුද? ඒවගේම දොළොස්වන කතාමාලාවේ නපුරු දුෂ්ටයාගෙන් තමයි මේ කොටස අවසන් වෙන්නේ. ඒ කවුද? මේ ඔක්කොම දැනගන්න බලලම ඉන්නකෝ.

මේ වගේ සුපිරි කතාවක් දහවෙනි කතාමාලාව වෙනකන් කරගෙන ආපු MDG සහෝට, සමීර චතුරංග සහෝට ගොඩක් ස්තුතියි මට මේ කතාමාලාව කරන්න ලබා දුන්නට. ගොඩක් වෙලාවට මට නිතර නිතර හිතුන දෙයක් තමයි “මට MDG සහෝගේ කොලිටියම අරගන්න බැරි වුණා නේදෝ කියලා” ඒ අතරේ මට කතාව කරගෙන යද්දී තවත් උදව් ලැබුනා. එක යාළුවෙක් තමයි තිසර නියෝ. අනිත් කෙනා තමා ශාන් භාතිය. ඔය දෙන්නටත් ගොඩක් ස්තුතියි මට මේක කරන් යද්දී උදව් කලාට. අනිවාර්යෙන්ම මේකේ දොළොස්වන කතාමාලාව මේ වන විට CW වලින් නිල වශයෙන් තහවුරු කරලා ඉවරයි ලබන ඔක්තෝබර් මාසයේ විකාශය කරනවා කියලා. බොහෝවිට මං ඊලග කතාමලාවට උපසිරැසි කරන එකක් නෑ. ඒ නැති වුණොත් වෙන හොද උපසිරැසිකරුවෙක් උපසිරැසි ලබාදෙයි. ඒ කෙනාට උපරිම සහයෝගය ලබාදෙන්නයි කියලා මං ඔයාලගෙන් ඉල්ලනවා.

ගිහින් එන්නම් හැමෝටම ජයෙන් ජය.! සුභ සතිඅන්තයක් වේවා.!


 Supernatural (2005– ) on IMDb

 

 

“මෙම ලබා දී ඇති උපසිරැසිය HEVC සහ HDTV පිටපත් සදහා ගැළපේ”

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                   All Episodes                        Next Season >>

45 thoughts on “Supernatural [S11 : E23] with Sinhala Subtitles | අයියා නගෝ ගැටුමක අවසානය. [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සහෝදරයා

    Reply
  • Thank you soo much for the sub

    Reply
  • Thans sub ekata,. Jayawewa

    Reply
  • බොහොම ස්තූතියි සහෝ

    Reply
  • තෑන්ක්ස් මචෝ… 🙂

    Reply
  • Thanks bro,season 12 episode 1 awa eketh sub eka ikmanata diyanko bro

    Reply
  • season 12 ඇවිත් නේ bro………………

    Reply
  • සීසන් 12ත් කරන්න උත්සහයක් දෙමු බ්‍රෝ.

    Reply
  • machoo 1st s eke idala 11th seson ekataa yanakan thiyana okkoma sub ekpara dowlod karana widiak addaa plz

    Reply
  • සබ් වලට ස්තුති බන්,සීසන් 12ත් කරන්න උත්සහයක් දෙමු බ්‍රෝ.

    Reply
  • මචන්ලා කවුරු හරි කියනවද ගේබ්‍රියල් කියන්නේ කව්ද කියලා,මතක් වෙන් naa බන් සීන් එක?

    Reply
    • ගේබ්‍රියල් කියන්නේ ට්‍රික්ස්ටර්, ආකේන්ජල් කෙනෙක් මයිකල්ගේ ලුසිෆර්ගේ සහෝදරයෙක්. නියම ඇස්බැන්දුම් තියෙන්නේ උගේ ලග.

      Reply
  • thankZZZZZZZZ bro!!!!!!!!!!

    Reply
  • ay appei 11 n wath meka iwarawune naththe

    Reply
  • මාත් මේ ලඟකදී ඉඳලා තමයි බලන්න ගත්තේ මේ සීරියස් එක…
    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ,
    ඔබට ජය!!!

    Reply
  • බොහොම ස්තුතියි සහෝ ..පුළුවන් නම් ඊලග එකත් දෙන්න සහෝ .. ජය වේවා !

    Reply
  • බොහොම ස්තූතියි සහෝ උපසිරසට …
    ජයෙන් ජය…

    අපේ අනෙක් සහෝලට ඩිරෙක්ට් ලින්ක් එකක් දෙන්නම් තාම මේ කොටස (එපිය) අර ගත්තෙ නැත්තම්…

    Supernatural S11E23 480p HDTV —> 150MB

    ඕනෙ ප්ලෙයර් එකක සබ් එකත් එක්කම බලන්න පුලුවන් කිසි අවුලක් නැතුව… (KMplayer එකෙ වුනත් පුලුවන්)
    විනාඩියක්වත් යන්නෙ නෑ Download වෙන්න… (අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය අනුව වෙනස් වෙන්න පුලුවන්)
    මේ ලින්ක් එක අරන් IDM එකෙන් හරි ඔයාලගෙ වෙනත් Download Manager එකකින් හරි අර ගන්න…
    එහෙම නැත්නම් Search bar එකට paste කරලා Enter ඔබන්න…

    http://www63.zippyshare.com/d/iXpw6I5f/2924683/SrNl1123.rar

    Reply
  • ආයෙත් අහලා.
    කමෙන්ට් එකක් නම් දාන්න එන්න වෙන්නේම නැති තරම්.
    මේ කතාව බලන්න පටන් ගත්තු දවසේ ඉඳන් සමගාමේ විකාශයට ආපු ගමන්,
    කතාව රිලීස් වුනු ගමන්ම බලලා දානවා.

    මෙච්චර දවසක් කරගෙන ආවට බොහෝම ස්තුතියි.
    දිගටම කරගෙන යමු සහෝ.
    සීසන් තුනත් කරලම දාමු. ඒකෙන් කතාව ඉවරයක් කරන කතාවකුත් තියෙනවා.

    ආයු -බෝ -වේවා !!!

    Reply
  • thanx macho dipu sub walata 12 sub ekath karanna puluwan nam watinawa jaya wewa

    Reply
  • බොහොම ස්තුතියි සහෝ .. එහෙනම් මේ සීසන් එකත් ඉවරයි ..පුළුවන් නම් ඊලග එකත් දෙන්න සහෝ .. ජය වේවා !! 🙂

    Reply
  • ane bro puluwanam wolf blood t.v s eke sub dennako

    Reply
  • බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ඊලඟ එකෙන් හමුවෙමු එහෙනම්. ජය෴෴ 😛 😛

    Reply

  • ඔන්න ඉතින් අහගන්න තමා හදන්නේ…
    සීසන් 10ක් පුරා mdg රඳවාගෙන ආපු රසය උඹ අඩුවෙන්න දෙන්නේ නැතුව මේ සීසන් එකෙත් කරන් ආව. සුපිරියටම කරා…
    උපසිරැසියට තුති (කුඩ්ඩෝ)…
    විකාරනම් කියන්න ලෑස්ති වෙන්ඩ එපා…12 ත් උඹෙන්ම තමා ඕනේ..
    ඔබට ජය


    #Hail_Hydra

    Reply
  • machan niyamata sub dunna oya,, kisima adu paduwak ne.. jayen jaya,,,,,

    Reply
  • thanx brooooo good job…..

    Reply
  • season 11 dena aeka lesi wedak neme.mechchara kal digatama aewede karapu okkotama godak pin.karunika widihata next season aekath karanna kiyala illanawa.thanks again

    Reply
  • සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
    මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…

    Reply
  • elma thz machoo sub ekta

    Reply
  • මෙච්චර කල් සබ් දුන්නට හෙන පින් ඈ.. කව්රුහරි කරේ නැතොත් ඊලග සිසන් එක හිත හදාගෙන හරි කරන්න ට්‍රයි එකක් දෙන්න.. :3 නැත්නම් මෙච්චර දුර බලන් ආපු කතාව අන්තිමට එපා වෙයි. කොහොමහරි මෙච්චර කල් සබ් කරපු එකට තැන්ක්ස් වෙන්න ඕනා…

    Reply
  • puluwan ikmnta saba dunnata thx my bro.gdk pin.sub dena eka stop kalath podi wath trhk na.me taran durak apith ekka awata ty gdk.

    Reply
  • තැන්ක්ස් මචො අපි වෙනුවෙන් සබ් එක කාරට ආ…
    ඉලග එකටත් සබ් එක කරන්න කියලා ඉල්ලනවා. සුප්ප බුලට් එකක් ආ
    MDG ගහන්න පොරක්ක් මෙකේ නැ ඉතිං පට්ටම ඩයල් එකක්. අනිත් අයත් එකෙන්ම ඉතිං…

    Reply
  • thank you bro jaya wewaa oyata

    Reply
  • බොහොම ස්තුතියි සහෝදරයා…. එහෙනම් 12 න් හමුවෙමු…

    Reply
  • මුල්ම comment එක මගේ බ්‍රෝ!!!!!thankx මචන් sub එකට…

    Reply

Leave a Reply to Sajeevi Cancel reply

Your email address will not be published. Required fields are marked *