අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Supernatural [S12 : E08] with Sinhala Subtitles | කරදර පිට කරදර… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 13 votes.
Please wait...

Supernatural S12-1

රොවීනා කලින් කොටසක ලූසිෆර්ගේ අලුත් ධාරකයාව, ඒ කිව්වේ වින්ස් වින්සෙන්ටේව ස්ථිර කරනවා වෙනුවට ලූසිව මුහුදු පතුලට යැව්වා. නමුත් කොල්ලෝ දෙන්නෙක් ආතල් එකට මිත්‍යාවන් ගැන සදහන් වෙන ගලකින් ලූසිට අඩ ගහපු නිසා එක පාරටම ලූසී මතුවෙලා හිටපු කොල්ලෝ දෙන්නවත් මරලා දාලා එයාගේ සංගීත කණ්ඩායමට ගිහින් ආයේ වැඩ පටන්ගත්තා. පටන් ගත්තා කිව්වට මිනිහා සංගීතේ ගැන මෙලෝ දෙයක් නම් දන්නේ නෑ. මිනිස්සු නම් සතුටින් ඉපිල ගියා. නමුත් මේක දැනගත්තට  පස්සේ ඩීන්, සෑම්, කැස්ටියල් වගේම ක්‍රව්ලි කණ්ඩායමක් ගැහිලා මේක ගැන හොයන්න ගත්තා. දන්නවනේ සෑම් හෙන ආසයි වින්ස් වින්සෙන්ටේ කියන රොක් සංගීතකාරයට. ඒත්  ඩීන්ට නම් එයාව වගේම එයාගේ ඉලව් සංගීතේට කැමති වුනෙත් නෑ. වින්ස්ට(ලූසි) ඕනේ වුණේ මිනිස්සු එයා වෙතට ගෙන්න ගෙන ඒ අය වින්ස්ට තියෙන ලොකු කැමැත්ත නිසා තමන්වම කොහේහරි කප්පලා ලේ යන්න දීලා සතුටු වුන එකයි. සෑම් හා ඩීන් අලුත් රොක් සංගීතකරුවන් දෙන්නෙක් වගේ වෙස් වලාගෙන ගිහින් වින්ස් වටේ ඉන්න අයට පැහැදිලි කලාට කිසිකෙනෙක් විශ්වාස නොකරපු නිසා අන්තිමට ඒ අයගේ ජීවිත කෙළවර වුණේ මරණයෙන්. ලූසිගේ අලුත් සැලැස්ම වුණේ එයාගේ සංදර්ශනයට අලුත් තරුණ පරම්පරාවක් ගෙන්නලා ඒ අයවත් මරලා සතුටු වෙන්න. අපේ ටීම් එක ඒකට නම් ඉඩදුන්නේ නෑ. එයාලා හැදුවේ වින්ස්ගේ ඇගෙන් ලූසිව අහකට අරගෙන ආයෙමත් වතාවක් එයාව අපායේ කූඩුවට යවන්න නමුත් ඒක කරගන්න ලැබුනෙත් නෑ. ලූසි වින්ස් කියන ධරකයාගෙන් යන්න ගියා. ඒ ගියේ වින්ස්ව මරාගෙනමයි.

ලූසිට නිකන් පිස්සු වගේ ධාරකයෝ හොයා හොයා ඒ අය ලගින් ආශ්‍රය කරන අයව මරලා දාන ගමන් යන අතරේ අපේ ටීම් එකත් මෙයාව හොයාගෙන යනවා. මුලින්ම බිෂොප් කෙනෙක්ව තමයි ධාරකයා කරගන්නේ. ඊටපස්සේ ඇමරිකානු එක්සත් ජනපදයේ ජනාධිපතිතුමාව. මොකද වෙන්නේ කියලා බලලම ඉන්නකෝ මොකද අද කොටස නම් සුපිරිම සුපිරියි ඈ.

ඔන්න එහෙනම් පහුගිය කොටස් ටිකම දෙන්න ප්‍රමාද වුන නිසා අද නම් එපිය වගේම උපසිරැසිය නිකුත් වුන දවසෙම කරලා එව්වා. එහෙනම් අදින් දොලස්වැනි සීසන් එකේ මිඩ් සීසන් ෆිනාලේ (පළමු විරාමය). ආයේ ඔයාලට සුපර්නැචුරල් බලාගන්න වෙන්නේ අලුත් වසරක. ඒ කියන්නේ හරියටම 2017 ජනවාරි 26(අපිට 27). ආ මෙහ්, The Exorcist කතාමාලාවේ අවසන් කොටසට පෙර කොටස හෙට විකාශය වෙනවා ඒත් උපසිරැසිය නම් දෙන්න වෙන්නේ නෑ අධ්‍යාපනික කටයුතු නිසා. ටික දවසක් ප්‍රමාද වෙයි. ඒ ගැන සමාවෙන්න ඕනි. 🙁 

ගිහින් එන්නම්. ජය.! සුභ සතිඅන්තයක් වේවා!

 Supernatural (2005– ) on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

Supernatural.S12E08.720p.HDTV.X264-DIMENSION

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Season                   All Episodes                        Next Eepisode >>

14 thoughts on “Supernatural [S12 : E08] with Sinhala Subtitles | කරදර පිට කරදර… [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සහෝ

    Reply
  • බොහොම ස්තූතියි සහෝ මේ කොටසට එකට සබ් අරන් ආවට…
    වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න හැකිවෙවා ප්‍රාර්ථනා කරනවා…
    ඔබට ජයෙන් ජය…

    Reply
  • බොහෝම ස්තුතියි

    Reply
  • බොහෝම ස්තුතියි

    Reply
  • මචන් නමවෙනි එපියත් ආවා, සබ ඉක්මනට දීපන්
    ජය!!

    Reply
  • Thanks machan sub ekata…

    Machanla sub eka download karanna ba ” 503 Error ” msg ekak watenawa. Poddak balanna…

    Reply
  • Thanks machan sub ekata..

    Reply
  • තැන්කු වේවා චාමරයෝ..

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

    Reply
  • thankZZZZZZZZ bro!!!!!!!!!!!!!

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

    Reply

Leave a Reply to lakshan Cancel reply

Your email address will not be published. Required fields are marked *