අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Supernatural [S14 : E07] Sinhala Subtitles | අද මා ජීවත් වන අවසන් දිනය නම්.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 29 votes.
Please wait...

පසුගිය සතියෙන්

ඩීන් හා ජැක්ගෙ දඩයම

කලින් කොටසටත් කලින් කොටසෙ මතකනේ මේරි බොබීවත් එක්කන් ඩෝනාගෙ තැනකට ගියා. මේ දෙන්නව එක්කන් ගිහින් තිබුනේ ඩීන්. එයා ගිය අතරේ සෑම්ට චාලීගෙන් ලැබුණු ආරංචියක් මත සෑම් එයත් එක්ක දඩයමේ ගිහින් තිබුණා. ජැක්ට ඕන වෙලා තිබුනේ දඩයමේ යන්නයි. මේ නිසා එයා ඩීන්ට බල කරලා කියලා මේ දෙන්නා දඩයමේ යන්න ගන්නවා. කේස් එක හොයාගෙන තිබුනේ ජැක්මයි. මනුස්සයෙක්ගෙ හපපු පාරවල් එක්කම හොයාගන ලැබුණු මිනියක කේස් එකක් හොයාගෙන ගියාම මේ දෙන්නට දැනගන්න ලැබුනා හාපර් කියන රූමත් තරුණිය එක්ක යාලු වෙන හැම කොල්ලම මැරිලා යනවා කියලා. පස්සෙ හොයාගෙන යද්දී දැනගන්න ලැබුනා මේ හාපර් කියන කෙල්ල පැවතගෙන එන්නේ භූත වෛද්‍යවරුන්ගෙන් කියලා. පරම්පරා ගණනාවක්ම එකම ටවුමේ හිටිය හාපර්ට එයාගෙ උසස් පාසලේ එයා එක්ක යාලු වෙලා හිටිය කොල්ලා උසස් පාසලෙන් අයින් වුනාට පස්සෙ ටවුම අතහැරලා යමු කියලා යෝජනා කලත් හාපර් මේකට කැමති වෙලා නැහැ. ඒත් එයාගෙ ඒ වෑන්ස් කියන කොල්ලා එයාවත් අතහැරලා යන්න ගිහින් තියෙනවා. හැබැයි හාපර් එයාව මරලා ආයෙම වතාවක් පණ දීලා එයා කැමති දේවල් කරවගෙන තියෙනවා. විශේෂයෙන්ම ටවුමෙන් පිට යන එක වලක්වගෙන තියෙනවා. ඒත් වෑන්ස්ට ජීවත් වෙන්න නම් සොම්බියෙක් කරන දේකට සමාන දෙයක් කරන්න ඕන. ඒ නිසාම තමයි හාපර්ට කිට්ටු වෙන හැම කොල්ලම වෑන්ස් මැරුවේ. කොහොම කොහොමින් හරි එයා ජැක්වත් මරන්න යද්දී එයාව කොටු කරගන්න ඩීන්ටයි ජැක්ටයි අවස්ථාව ලැබුනා. හැබයි හාපර් පැනලා ගියා. ඒත් හාපර් ගැන දැනගන්න ජැක් එයාට සමීප වුන නිසාම හාපර් ඇත්තටම ජැක්ට කැමැත්තෙන් හිටියෙ. සමහරවිට ඉදිරියේදී අපිට ආයෙමත් වතාවක් හාපර්ව දකින්න ලැබෙයි. සාර්ථකවම අවසන් කරපු දඩයම ඉවර වෙලා ගෙදර ආවම ජැක්ට තිබුණු කැස්ස ඩීන් ඉස්සරහම වැඩි වෙලා එයාව ඇදගෙන වැටෙනවා.

සෑම් හා චාලීගෙ දඩයම

මේ දෙන්නා හොයමින් හිටියෙ මිනිස්සු අතුරුදහන් වෙන සිද්දියක් ගැන. මේ දෙන්නට දැනගන්න ලැබෙනවා මස්කා කියලා මිනිසායි, මැස්සායි අතර ඉන්න හයිබ්‍රිඩ් ජීවීයා ගැන. මේ ඔය කියන මස්කා ජීවීන්ගෙන් කෙනෙක් තමන්ගේ සමුහය අතහැරලා මිනිස්සු හොයාගෙන වර්ගයා බෝ කරන්න මිනිහෙක්ගෙ ඇගක් ඇතුලේ කැදැල්ලක් හදන්නයි ඕන වෙලා තිබුනේ. කොහොමහරි සෑම් වගේම චාලී දෙන්නා එකතු වෙලා ඔය කියන මස්කාව මරලා එයාලගේ දඩයමත් සාර්ථකව නිමා කලා. ඒවගේම තමයි චාලී මේ දඩයමෙන් පස්සෙ මේ අයව අතහැරලා යන්න තිබුණු අදහසත් සෑම් වෙනස් කලා.

මිලග උපසිරැසියෙන් මුණගැහෙමු එහෙනම්. සුභ සතිඅන්තයක් වේවා හැමෝටම.

——
අද කතාවේ නම “Unhuman Nature”
අධ්‍යක්ෂණය: John Showalter
ලිව්වේ: Eugenie Ross-Leming & Brad Buckner
විකාශනය වුනේ: 2018 නොවැම්බර් 29
මීලග කොටසින්: Byzantium | 2018 දෙසැම්බර් 06

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

41 thoughts on “Supernatural [S14 : E07] Sinhala Subtitles | අද මා ජීවත් වන අවසන් දිනය නම්.. [සිංහල උපසිරැසි සමඟ]

  • ලිපියටත් උපසිරැසියටත් බොහොම ස්තූතියි සහෝ…. ජය වේවා….❤️❤️❤️

    Reply
  • Sub ekata tnx bro

    Reply
  • thanks …………….

    Reply
  • Awankawama sthuthi may wedeta…. Hungaak aasawen balapu balana tv series ekak….umbata jaya malli….

    Reply
  • Thanks machn

    Reply
  • 5×8 සබ් eka ko mcho

    Reply
  • Sub එක එනකම් බලන් ඉන්නවා…

    Reply
  • එකසිය එක්වෙනි පාරටද සබ් ඇවිත්ද බැලුවෙමි…

    Reply
  • කෝ මේ කැස්ටියල් කොල්ලා, ඩීමන් කෙනෙක්වත් අරන්ගිහිල්ලද Sub එක නැත්තේ. lol හදිස්සියක් නෑ හිමීට දෙමු

    Reply
  • anith eka dennedda bro

    Reply
  • ado episode 8t one ikmnt

    Reply
  • adee aluth ekatath diyanko mcn ikmanata

    Reply
  • අලුත් එකටත් දියං මචං

    Reply
  • bohoma sthuthi sahooo jaya

    Reply
  • thanxx bro……….

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා………!

    Reply
  • ela ne

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • Tnx mchn sub ekata ..!!

    Reply
  • සබ් එකට ස්තූති සහෝ…..

    Reply
  • බොහොම ස්තූතියි මචන්

    Reply
  • බොහොම ස්තූතියි සබ් එකට. ජය වේවා…!!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • සබ් එකට ස්තුතියි..

    Reply
  • සබ් එකට තැන්ක්ස් මචන්……..

    Reply

Leave a Reply to Niroshani maduka Cancel reply

Your email address will not be published. Required fields are marked *