You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , November 21 2018
Breaking News
Home / All / Suspicious Partner [S01 : E1~E2] Sinhala Subtitles | අපේ ආදර අවනඩුව [සිංහල උපසිරැසි සමග]

Suspicious Partner [S01 : E1~E2] Sinhala Subtitles | අපේ ආදර අවනඩුව [සිංහල උපසිරැසි සමග]

Rating: 9.0/10. From 20 votes.
Please wait...

උසාවියම මීයට පිම්බා වගේ නිහඬයි. හැමෝම කන්න වගේ බලන් හිටියේ තඩිම තඩි කණ්නාඩියකුත් දාගෙන විත්ති අසුනට වෙලා තුෂ්නිම්භූත වෙලා ඔහේ බලන් හිටිය ඉයුන් බොන්ග් හී ගේ කටින් මීලඟට මොන වගේ වචනයක් එලියට පනී ද කියලයි. වෙන වෙලාවක නම් බොන්ග් හී ව දැක්කොත් බඩ අල්ලගෙන හිනා වෙන්න පුලුවන්කමක් තිබුනා වුනත් මේ වෙලාව නම් තනිකරම උසාවියම හොල්මන් වෙලා  හිටිය වෙලාවක්.

” අවංකව ම කිව්වොත්, මට විශ්වාසයි, හැමකෙනෙක්ටම තමන්ගේ සැමියව එහෙමත් නැත්නම් පෙම්වතා ව මරන්න ඕන කියලා එක වතාවක් හරි හිතිලා ඇති! ”

මදැයි… ඉඳලා ඉඳලා ඉයුන් බොන්ග් හී කට ඇරියා. ඔන්න එතකොටම බොන්ග් හී වෙනුවෙන් කතා කරපු විත්තියේ නීතිඥයාගේ ඇස් ගෙඩි දෙක උඩ ගියා. මේකටද යෝධියේ මම උගුර ලේ රහ වෙනකන් කෑ ගැහුවේ කියන්න වගේ බැල්මක් ඒ මූණේ ලියවුනා. එතකොට බොන්ග් හී ට ම වැරැද්ද පටවලා තමන්ගේ ජයග්‍රහණ මල්ලට තවත් ජයක් එකතු කරගන්න මාන බල බල හිටපු අභිචෝදක නෝහ් ජි වුක්, මොකක්ද බොලේ මේ වුනේ වගේ බැල්මක් යොන්ග් හී දිහාට දැම්මා. සාවදානව විත්තියට ඇහුම්කන් දෙමින් හිටී විනිසුරු මඩුල්ලත් මූණෙන් මූණ බලා ගත්තා. ඇත්ත තමයි. ඉයුන් බොන්ග් හී ට විරුද්ධව තිබුන චෝදනාව ලේසිපාසු එකක් නෙවෙයිනේ. තමන්ගේ පෙම්වතා ව ක්‍රෑර අන්දමින් ඝාතනය කිරීම! එහෙම කෙනෙක් ගේ කටින් පිටවෙන කතාවක්ද ඒ කිව්වේ. ඊටත් වඩා බොන්ග් හී කියන්නේ විනිසුරුවරියක් වෙන්න පුහුණු වෙන ශිෂ්‍යාවක්! සේරටමත් හපන් මෙයා මේ මිනීමැරුමට සැකකාරයෙක් විදියට නම් කරලා ඉන්න නඩුවේ අභිචෝදකයා විදියට ඉන්නේ එයාට විශ්වාසයක් තියන්න පුලුවන් එකම පිරිමියා, නෝහ් ජි වුක්. අභිචෝදක කියන්නෙ විත්තියේ සතුරා නම් මෙතනදි කොහොමද විත්තිකාරි අභිචෝදක ගැන විශ්වාසෙ තියන්නේ!

උසාවියේ නඩු නම් ඕන තරම් විභාග වෙනවා. ඒ අතරේ ආදරය නිසා ඇති වුන නඩුත් නැතුවාම නෙවෙයි. සමහර ආදර නඩු, නඩු වලට වඩා අවනඩු කිව්වොත් හරි. සමහර ආදර කතාත් එක්තරා ආකාරෙක අවනඩු තමයි. ආදරේ කරන්න පටන් ගත්ත දවසේ ඉඳන්ම ජීවිතේම අවනඩුවක් වෙච්ච අයත් ඇති. එහෙම නොවෙච්ච අයත් ඇති. ආදරේ කරන අයටයි, ආදරේ කරන්න ඉන්න අයටයි මේ ආදර අවනඩුව කියන්න සූදානම් අපේ දඟකාර, කටකාර, හැඩකාර කෙල්ල ඉයුන් බොන්ග් හී. හැබැයි, මේ කතාව බෝතල් ගානින් කඳුලු වගුරවන්න වෙන තාලේ ආදර කතාවක් නෙවෙයි. අවනඩුවක් වුනත් බොහොම නිවිහැනහිල්ලේ හිනා වෙවී බලන්න පුලුවන් ජාතියේ අමුතුම ආදර කතාවක්.

ඉයුන් බොන්ග් හී ගේ චරිතයෙන් Ji-hyun Nam ද, අභිචෝදක නෝහ් ජි වුක් ගේ චරිතයෙන් Healer, The K2, Empress Ki වගේ කතා වලින් අතිශය ජනප්‍රිය වුන Ji Chang Wook ද, නීතිඥ ජි ඉයුන් හ්යුක් ගේ චරිතයෙන් Tae Joon Choi ද, චා යෝ ජන්ග් ගේ චරිතයෙන් Na-ra Kwon ද අපේ ආදර අවනඩුව කියන්න එකතු වෙනවා.

දැනට IMDb දර්ශකයේ 8.1 ක් ම හිමි කර ගෙන තියන මේ comedy, crime, romance වර්ගයට අයත් Suspecious Partner 2017 තමයි අපේ ආදර අවනඩුව නමින් කොටස් 40කින් ඔයාලට මේ
විදියට ගෙන එන්නේ. එකවර කොටස් දෙකක් ගානේ ගේන්න මම බලාපොරොත්තු වෙනවා.

අවසාන වශයෙන් පොඩි දෙයක් කියන්න තියනවා. King 2 hearts එකෙන් පස්සේ කොරියන් ඩ්‍රාමා එකක් නැද්ද කියලා ගොඩක් අය මගෙන් ඇහුවා. ජනවාරි අග වගෙ තමයි මේක දෙන්න හිටියේ, ඒත් අධ්‍යාපනික වැඩ නිසා ගොඩාක් පරක්කු වුනා. ඒ නිසා මගේ ආදරණීය රසික, රසිකාවියන්ගෙන් සමාව ඉල්ලන ගමන් අදට සමුගන්නවා.

ආයුබෝවන්! 😄😄

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Leave a Reply

38 comments

  1. ranawaka arachchi

    thanks akke sub ekata.

  2. pradeep hashan

    thanks for sub

  3. DULANJAN DINUKA

    ME DRAMA EKA GANNA SITE EKA KIYANWAD PLZ HOYAGANNA BA HARIYTAMA

  4. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  5. SUB ekata THXX mc…. MEKA DOWNLOAD KARANNA WEB SITE EKAK KIYAPANKOO>> HEWWATA SET UNEE NEENE

  6. Udara Damith Dissanayaka

    උපසිරැසියට බොහෝම ස්තූතියි

  7. Piyumichathurika

    Thnks akkii..lssna drama ekk..

  8. අක්කෙ නියමයි…..my sassy girl 2017 එකටත් සබ් දෙන්නකො…..

  9. සබ් එකට බොහොම ස්තූතියි

  10. meka download link ekak dennako affa???

  11. Thnxxxxxxxxxxxx

  12. thanx අකේ

  13. Thanks for the sub..
    Download karaganna place ekakuth link eka nethiwa hari kiynna puluwannam mokada korean drama wala dL link hoyganna amarui

  14. සබ් එකට බොහොම ස්තූතියි…..!

  15. Danushka adikari

    සුපිරි drama එකක් දුන්නට තැන්කියු. Good luck!

  16. Patta patta.korean drama ekak dunna kiyanne supiri thamai….

  17. thanujamilandi

    godak balaporoththuwen hitiyta drama ekak godakk thanx oyalage study wada asse api wenuwen kalaya yodanawata… thank you!! Jaya wewa!!!

  18. Godak tnx . Korean drama walata godaaaak kamathi. Jaya wewa sis….

  19. SahanC.Sankalpa

    danakam balan hitiye thank u so much keep going

  20. බොහොම ස්තූතී
    අලුතින් එකක් දානකන් මඟ බලන් හිටියෙ❤️

  21. ela.ela..nanfi..
    lassana alut story 1kak wage…
    subta thanks…
    digatama denna..
    jaya wewa…!!!

  22. WOW..Kaalekin Korian Ekak..
    Thanks for sub..
    Good Luck..

  23. niayamai…lassana storyak wge… thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  24. අක්කගෙ සබ් නම් ගොඩක් බලලා තියෙනවා. මේකත් අනිවා බැලිල්ලක් තමා. බොහොම ස්තූතියි මේ කතාව ගෙනාවට. මං හරි ආසයි උස්බෙකීස්තානු කතා වලට

  25. Thnxxxxxxxxxxxxxxx

  26. baiscope_chandima

    බොහෝම ස්තුතියි සිස්..
    බාගෙන බලාගෙන හිටියේ සබ දෙනක්න්.
    සුභපැතුම් දිගටම කරගෙන යමු.

  27. සිංහල උපසිරැසියට ස්තූතියි අක්කේ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

  28. ඔන්න ගත්තා. කොරියානු කතාවක් දෙනකම් බලාන හිටියේ.
    බොහෝම ස්තුතියි හෙළිලි නංගි…!
    ජය…!!!

  29. Thanks sis sub ekata

  30. බොහොම ස්තුතියි නංගි සුපිරි වැඩක්

  31. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි………………. ජයෙන් ජයම වෙවා…!!

error: Alert: Content is protected !!