You dont have javascript enabled! Please enable it!
Saturday , July 4 2020
Breaking News

Suspicious Partner [S01 : E5~E6] Sinhala Subtitles | අපේ ආදර අවනඩුව [සිංහල උපසිරැසි සමග]

Rating: 9.6/10. From 16 votes.
Please wait...

‘ සමහර ආදර කතා පටන් ගන්නේ, තවත් කෙනෙක් ගැන ආදරයක් ඇති වුන බව ඒ හදවතේ අයිතිකාරයටවත් නොදැනීමයි. හරියටම වසන්තයේ සුළං හමලා, පුංචි පුංචි වැහි බිංඳු කඩා වැටිලා, අපිට තේරුනත්, නොතේරුනත් හෙමි හෙමිහිට අපේ හදවත් ආදරයෙන් තෙතබරිත කරනවා වගේ. ඒ ආදරය අපේ හදවත් ඇතුළට කිදා බහිනවා. මට ඒක තේරෙනකොටත්, ඔහු මගේ හදවතේ ඉඩක් වෙන් කරගෙන ඉවරයි.”

ජීවිතේ හරිම පුදුමාකාර දෙයක්. පළමු දැක්මෙන් ම ආදරයෙන් බැඳෙන අය පවා හිතා ගන්නවත් බැරි විදියට ආදරයට පිටු පාලා යන්න යනවා. එක ආදරයකින් බැට කාලා හිටපු බොන්ග් හී ගේ ජීවිතයට ආයෙත් ආදරය අරන් ආවේ නෝහ් ජි වුක්. නරකම අභිචෝදකයට ආදරය කරනෙක ඒ තරම් ලෙහෙසි වැඩක් නෙවෙයි. ඒත්.. ඉරණම්කාරයා හමු වුනාට පස්සේ ඒ ආදරය දිනා ගන්න කොයි තරම් අපහසු වුනත්, දුරින් ඉඳන් හරි ආදරය කරන්න බොන්ග් හී පෙළඹුනේ ඒ නිසා වෙන්නැති. බොන්ග් හී ට, නෝහ් ජි වුක් හමුවීම වෙස් වලා ගත් ආශිර්වාදයක් වගේ පෙනෙද්දී, නෝහ් ජි වුක්ට නම් බොන්ග් හී ව පේන්නේ දෛවයේ මහා සරදමක් වගේ. අභිචෝදකයෙක් විදියට තමන්ගෙ තාත්තගේ හීනේ සැබෑ කරන්න, අභිචෝදකයෙක් විදියටම මැරෙන්න..! නෝහ් ජි වුක්ගේ තිබුන ඒ හීන සේරම බිඳ වැටුනේ එක කෙල්ලෙක් නිසා. ඔව්, ඒ තමයි බොන්ග් හී.

අද කොටස් දෙකේ බලාගන්න පුලුවන්, අභිචෝදක තනතුර අහිමි වුන නෝහ් ජි වුක් නීතිඥයෙක් විදියට වැඩ කරන විදිය. අභිචෝදකයෙක්, නීතිඥයෙක් වුනාම හරිම වැඩ තමයි වෙන්නේ. අභිචෝදක නෝහ් ජි වුක් චරිතෙට කා වැදිලා, කිදා බැහැලා හිටපු කෙනාට එකපාරටම නීතිඥ නෝහ් ජි වුක් වෙන්න වුනාම නම් බාගෙට පිස්සු හැදෙනෙක අහන්නත් දෙයක් නැහැ.

ඔය අතරේ අපේ පිස්සු කෙලී, බොන්ග් හී නීතිඥ නෝනෙක් වෙලා. නෝහ් ජි වුක් සහ බොන්ග් හී දෙන්නම එකම තනතුරේ කියන්නේ දෙන්නා මුණ ගැහෙන්න තියන ඉඩත් වැඩි වෙනවා කියනෙකනේ. ඒ කිව්වේ එකම නඩුවක දෙපැත්තට කතා කරන්න අවස්ථාවක් එන්න වුනත් මේ දෙන්නට බැරි නෑ.

කලින් කොටස් දෙකෙත් දකින්න ඇතිනේ, සැබෑ අපරාධකාරයා තවමත් නිදැල්ලේ බව. ඒත් ඒ කවුද කියලා ඉඟියක්වත් ලැබුනේ නෑ. බලමු මේ කොටස් දෙකින්වත් ඒ ගැන පෙන්නනවද කියලා.

එහෙමනම්, ආයිත් එන්නම්.

ආයුබෝවන්! 😄

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Check Also

Dark [S03 : E05] Sinhala Subtitles | ජීවිතය සහ මරණය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් හැමෝම බලන් ඉන්න කතාමාලාවක තවත් කොටසක් ඉක්මනටම අරන් ආවා. අවසාන කතා සමය නිසා …

Leave a Reply

Your email address will not be published.

16 comments

  1. Thank you akka

  2. thanks nangi

  3. pradeep hashan

    thanks for sub

  4. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  5. Udara Damith Dissanayaka

    උපසිරැසියට බොහෝම ස්තූතියි………………..

  6. subata thanks nangi…
    digatama karan yamu..
    mata meke video file 1ka gnna puluwan link 1kak kiynwada kawuru hari..?

  7. Thanks අක්කී බබෝ

  8. thanujamilandi

    Thank you sub ekataa.. digatama sub demu… BS!!!!!!!!!!

  9. සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

  10. bohoma isththi akke !!! jaya wewa oyata..

  11. ✋ තෑන්ස් අක්කෙ .ආදරෙයි

  12. බොහොම ස්තුතියි හරිම ලස්සන කථාවක්.

  13. niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  14. හරිම කුතුහලෙන් තමා ඊළග කොටස එනකම් බලන් ඉන්නේ. පුලුවන් කමක් තියේ නම් මට අනිත් සබ් ටික මේල් කරනවද

  15. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි……………………………………………………………

error: Alert: Content is protected !!