Tuesday , June 15 2021
Breaking News

Tag Archives: Adam Rothenberg

Ripper Street [2×8 – Our Betrayal – Part two] | දිනුමක්ද පැරදුමක්ද? [සිංහල උපසිරසි සමඟ]

කාලෙනම් ගත්තා ටිකක් වැඩි වුණත් මෙන්න අදින් මේ කතා මාලාව අවසාන කරනවා. මේ කතා මාලාව මෙතනින් අවසාන කරන්න නිෂ්පාදකයෝ මුලින් තීරණය කළා වුණත් පසුව කියවෙන කාරණා අනුවනම් ආයතන දෙකක් මේ කතාමාලාවේ ඉදිරි කොටස් වෙනුවන් අරමුදල් සැපයීමට සාකච්ඡා කරන බව පැවසෙනවා. කොහොම වුණත් එතෙක් මේ කොටසෙන් දෙවෙන අදියර නිමාවෙනවා. කලින් කොටසෙදි …

Read More »

Ripper Street [2×7 – Our Betrayal – Part one] | ද්‍රෝහී වීම. [සිංහල උපසිරසි සමඟ]

හොඳයි මෙන්න ගෙනාවා හත්වෙනි කොටස. මේ කොටස හා අවසාන කොටස එකට බැඳුණු කොටස් දෙකක්. අපි බලමු මුලින්ම කතාව ගැන. මේ වෙද්දි සාජන් ඩ්‍රේක් තම බිරිඳගේ අභාවයෙන් පස්සේ කලකිරීම මත පොලිසිය හැරදා ගිහින්. රීඩ් ට ඔහුව හොයාගන්නවත් බැහැ. රෝස් ඔහුව හොයනවා. ඒ වගේම ජැක්සන් ගේ අයියා දකුණු අප්‍රිකාවේ දියමන්ති පතලකින් හොරකම් …

Read More »

Ripper Street [2×6 – A Stronger Loving World] | ආදරය හා රහස්. [සිංහල උපසිරසි සමඟ]

හොඳයි එහෙනම් මෙන්න මේ කතා මාලාවේ දෙවන අදියරේ හයවෙනි කොටස. තව කොටස් දෙකක් විතරයි මේකෙන් පස්සෙ දෙන්න තියෙන්නේ. අපි හැරෙමු කතාව දිහාට. මෙදාපාර කතාව පටන් ගන්නේ ආගමික ගැටුම් වලින්. ක්‍රිස්තියානි හා යුදෙව් ආගමික ස්ථාන පුළුස්සනු ලැබීම් හා ඒ සමඟම වෛරය පතුරවන පත්‍රිකා බෙදීම් වාර්තා වීම නිසා රීඩ් හිතනවා මේ සියල්ලෙන් …

Read More »

Ripper Street [2×5- Threads of Silk and Gold] | අනිසි ඇසුර [සිංහල උපසිරසි සමඟ]

මෙන්න ගෙනාවා මේ කතා මාලාවේ පස් වෙනි කොටස. මෙදාපාර කොටසෙ කියවෙන්නේ ලන්ඩනය ඒ කාලේ වෙව්ලුම් කාපු සිද්ධි දෙකක් ගැනයි. එකක් තමා 1889 විදුලි පණිවුඩ කොල්ලෙක්ගෙන්එළිවූ පිරිමි සමලිංගික මඩමක් අල්ලා ගැනීම, අනික තමා බෙයාරින් බැංකු අර්බුදය. මුලින් කතාව දිහාට හැරෙමු. කතාව පටන් ගන්නේ දුරකථන නොතිබුණු ඒ කාලේ විදුලි පණිවුඩ ගෙන ගොස් …

Read More »

Ripper Street [2×4 – Dynamite and a Woman] | විදුලි සටන්. [සිංහල උපසිරසි සමඟ]

මෙන්න ගෙනාවා මේ කතාමාලාවේ හතරවෙනි කොටස. මේ කොටස බොහොම සිත්ගන්නා සුළු එකක්. මොකද සෑහෙන්න ප්‍රසිද්ධ දෙන්නෙක්ගේ නම් මේකට ඈඳීම නිසා හා ඇමරිකාවේ තිබ්බ ඒ විවාද එංගලන්තයටත් පැතිර යාම නිසා. අපි කතාව දිහාට හැරෙමු. කතාව පටන් ගන්නේ එංගලන්තයට විරුද්ධව ස්වාධීන අයර්ලන්තයක් පිහිටුවන්න කැරලි ගහපු, IRA සංවිධානය එන්න කලින් තිබ්බ Irish Republican …

Read More »

Ripper Street [2×3 – Become Man] | කක්කා කරත්තයේ අභිරහස. [සිංහල උපසිරසි සමඟ]

හොඳයි එහෙනම් මෙන්න මේ කතා මාලාවේ තුන්වෙනි කොටස අරගෙන ආවා. මාතෘකාව ගැන වැඩියේ හිතන්න එපා. කලින් කතා දෙක එකිනෙකට සම්බන්ධ වුණාට මේක වෙනස්ම කොටසක්. හොඳයි අපි කතාව දිහාට හැරෙමු. මෙදාපාර කතාව පටන් ගන්නේ ලන්ඩන් කවුන්සිල් සභිකයෙක්ව රෝස් වැඩකරන සංගීත ශාලාවෙන් පැහැර ගැනීමකින්. ඒ වගේම ඔවුන් ඉතා දක්ෂ විදියට ඔහුව එතනින් …

Read More »

Ripper Street [2×2 – Am I Not Monstrous?] | නැට්ට. [සිංහල උපසිරසි සමඟ]

හොඳයි මෙන්න මේ කතාමාලාවේ දෙවෙනි කොටස අරගෙන ආවා. මේකත් පළවෙනි කොටසට සම්බන්ධයක් තියෙනවා. නමුත් කතාව පටන් ගන්නේ වෙනමම පරීක්ෂණයකින්. හොඳයි අපි කතාව දිහාට හැරෙමු. අද කතාව පටන් ගන්නේ වයිට්චැපල් රෝහලට එන තරුණ කාන්තාවක් විසින් ප්‍රසූත කරන ළමයා රාත්‍රී කාලයේ පැහැරගැනීමකට ලක්වීම මඟින්. ඒ වගේම ඒ අවස්ථාවේදී ඒ තරුණ කාන්තාව පඩිපෙළෙන් …

Read More »

Ripper Street [2×1 – Pure as the Driven] | අමිශ්‍ර කුඩ්ඩ. [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම කියන්න ඕනා මේ කතා මාලාවේ කොටස් අටෙන් හතකටම පහුගිය දෙසැම්බර් වෙද්දි උපසිරසි දාලා අවසාන කළත් නොවැළැක්විය හැකි හේතුවක් මත මේ වෙනකම් නොදී තියාගන්න වුණා කියලා. විශේෂයෙන්ම මේ ගැන අහලා කමෙන්ට් දාපු, විද්‍යුත් ලිපි එවපු අයගෙන් සමාව ඉල්ලන්නත් ඕනා. ඒ අතරට අපේ සහෝදර උපසිරසි නිර්මාණකරුවෙක් වෙන චූටි මල්ලි විශේෂයි. කමක් …

Read More »

Ripper Street [1×8 – What Use Our Work?] | සහායකයෙක්ද අපරාධකාරයෙක්? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද අවසාන කොටස. මම ඊයෙත් කිව්වා වගේ අද කොටස ඊයේ කොටස හා ඈඳිලා තියෙනවා. මේ වෙද්දි කැප්ටන් ජැක්සන්ගේ හා සූසන් ගේ රහස වගේම සාජන් ඩ්‍රේක් ගේ පසුගිය ජිවිතය ගැනත් අපි දන්නවා. දැන් තව ඉතුරු වෙලා තියෙන්නේ රීඩ් ගේ අතුරුදහන් වෙච්ච කුඩා දියණිය ගැන අභිරහසයි. බලමුකෝ ඒක අද එළිවෙයිද කියලා. …

Read More »

Ripper Street [1×7 – A Man of My Company] | දඩයම් බල්ලන්ගේ ඉව ඇල්ලීම. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද හත්වෙනි කොටස. අද කොටස හා මේ කතාමාලාවේ අන්තිම කොටස වෙන අට වෙනි කොටස අතර අනික් කොටස් වලට වඩා යම් තරමක බැදීමක් තියනවා. මම එහෙම කියන්න හේතුව තමා මේ කොටස ඉවර වෙන තැනින්ම අනික් කොටස පටන් ගැනීම. ඒ වගේම අද කැප්ටන් ජැක්සන් හා ඔහුගේ ගණිකා මඩමක් හිමි සහායිකාව?/බිරිඳ? ගැන …

Read More »

Ripper Street [1×6 – Tournament of Shadows ] | වර්ජන හා බළල් අත්. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද හයවෙනි කොටස. තව තියෙන්නේ කොටස් දෙකක් විතරයි. මේකත් ඊයේ එක වගේම වෙනම රචකයෝ හා අධ්‍යක්ෂකවරු කරපු එකක්. ඒ නිසා ටිකක් විතර වෙනසක් දැනේවි. දැන් අද කතාව ගැන අපි බලමු. අද කතාව පටන් ගන්නේ ලන්ඩනයේ සිදුවෙච්ච ඓතිහාසික වැඩ වර්ජනයක් වටා. ඒත් මේ කතාවේ දැක්වෙන අන්දමට වර්ජකයන්ට සහය දෙන බව …

Read More »

Ripper Street [1×5 – The Weight of One Man’s Heart ] | අසාධාරණය වෙනුවෙන් කොල්ලකෑම. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද පස්වෙනි කොටස. තව තියෙන්නේ කතා තුනක් විතරයි. අද කොටස හා මීලඟ කොටසත් කලින් කතා අධ්‍යක්ෂණය හා රචනය කරපු අයට වඩා වෙනස් දෙන්නෙක් අතින් තමා හැඩ වෙන්නේ. ටිකක් විතර ක්‍රියාදාම පැත්තට වැඩි නැඹුරු වීමක් කිව්වොත් වඩා නිවැරදියි. අද කතාව පටන් ගන්නේ මංකොල්ලයක් එක්කයි. කඩන්න බැහැ කියලා කියන සේප්පුවක් ඒ …

Read More »

Ripper Street [1×4 – The Good of This City ] | බැටළු සම පොරවාගත් වෘකයා. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද හතරවෙනි කොටස. මේ කතාමාලාවේ බාගයක් දුර අද කොටසත් එක්ක අපි ඉවර කරනවා. තව තියෙන්නේ හතරක් විතරයි. දැන් අද කතාව ගැන අපි බලමු. අද කතාව පටන් ගන්නේ රීඩ් ගේ ඇමරිකානු ශෛල්‍ය වෛද්‍යවරයා වෙච්ච කැප්ටන් ජැක්සන් හා සමඟ ඉන්න ලෝකයේ පරණම රස්සාව කරන අය ඉන්න මඩමක පාලිකාව ගාවට ඇය ගාව …

Read More »

Ripper Street [1×3 – The King Came Calling ] | දුෂ්ට චේතනාව හා වෙස් මුහුණ. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද තුන්වෙනි කොටස. කලින් කොටස් දෙක බාගත්තු අදහස් දක්වපු හැමෝටම ස්තූතියි කියාගෙනම අද කතාව පැත්තට හැරෙමු. අද කතාව පටන් ගන්නේ වයිට්චැපල් නගරය විතරක් නෙවෙයි ඒ කාලේ ජනයා ඉතාමත් බියක් දක්වපු කොළරාව රෝගියෙක් නගරයෙන් හමුවීමත් සමඟයි. අපිටනම් එච්චරම අද්දැකීම් නැතත් සමාර විට අද කාලේ ඩෙංගු වගේ රෝගවලට අපි දක්වන බියට …

Read More »

Ripper Street [1×2 – In My Protection ] | කොළුවා මිනීමරුවෙක්ද නැතිනම් රූකඩයක්ද?.. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි කට්ටිය කතා මාලාව ගැන දළ අදහසක් පලවෙනි කොටසෙන් ගන්න ඇති කියලා හිතනවා. අද දෙවෙනි කොටස. කොහොමත් එක කොටසක තියෙන්නේ අලුත් කතාවක් නිසා මුල කොටස බැලුවෙ නෑ කියලා අවුලක් නෑ. ඒත් ඉතින් චරිත අඳුනගන්න නම් පලවෙනි එක බලන එක හොඳයි. අද කතාව පටන් ගන්නේ වයිට්චැපල් නගරයේ සෙල්ලම් බඩු නිපදවන, සෙල්ලම් …

Read More »

Ripper Street [1×1 – I Need Light ] | එකම ඝාතකයාද?…… [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකට පස්සේ ඔන්න ආපහු අලුත් කතාමාලවකින් හම්බවෙන්න ආවා. කට්ටියට මාව අමතකත් ඇති සමහර විට. 🙂 මේ කතා මාලාව ටිකක් විතර විශේෂ එකක්. මම එහෙම කියන්න එක හේතුවක් තමා ලන්ඩන් ඉතිහාසයේ සෑහෙන නමක් තියපු සිද්ධියක් මත ගෙතුනු සැබෑ චරිත නාම අනුසාරයෙන් නිපදවෙච්ච ඉතිහාස කතාවක් වීම. Jack the Ripper නැතිනම් The Whitechapel …

Read More »
error: Alert: Content is protected !!