Friday , October 30 2020
Breaking News

Tag Archives: Annabeth Gish

The X-Files [S09 : E06] Sinhala Subtitle | ඔවුන් බලාගෙන ඉන්නේ? [සිංහල උපසිරැසි සමඟ]

මේ නවවෙනි කතා සමයේ හයවෙනි කතාංගයයි. අද කතාව මෙහෙමයි.  පරීක්ෂක ජෝන් ඩොගට් සහ මොනිකා රේයස්ට බුද්ධි අංශ රේඩියෝ නාලිකාවලින් ෆොක්ස් මෝල්ඩර්ට සම්බන්ධ කර ගන්න ඕන කියන පුද්ගලයෙක් කතා කරනවා. ඒ පුද්ගලයා කියනවා තමන් ළඟ ජෛවඉංජිනේරු සුපිරි භට ව්‍යාපෘතිය ගැන තොරතුරු තියන බවත් ඒවා භාරදෙන්නේ ෆොක්ස් මෝල්ඩර්ට පමණක් බවත්. මෝල්ඩර්ව සම්බන්ධ කරගන්න පුළුවන් එකම විදිය පරීක්ෂක …

Read More »

The X-Files [S09 : E05] Sinhala Subtitle | මැසි උවදුරක් ! [සිංහල උපසිරැසි සමඟ]

මේ නවවෙනි කතා සමයේ පස්වන කතාංගයයි. කෙලින්ම කතාව කියන්නම්. උසස් පාසලක සිසුන් පිරිසක් ‘ඩම්බ් ඈස් ෂෝ‘ එහෙමත් නැත්නම් ‘මෝඩයන්ගේ වැඩසටහනක්‘රූගත කරනවා. දන්නවා ඇතිනේ ඒ වගේ වැඩසටහන් ගැන. ඒ වගේ වැඩසටහන්වල තරුණයින් මෝඩ අත්හදාබැලීම් කරනවා. ස්කයි කමාන්ඩර් වින්කි සහ කැප්ටන් අභියෝග විදියට රඟපාන වින්කි සහ බිල් කියන ළමයි දෙන්නා තමයි මේ වැඩසටහන කරන්නේ. වැඩසටහන …

Read More »

The X-Files [S09 : E04] Sinhala Subtitle | එකවිට දෙතැනක? [සිංහල උපසිරැසි සමඟ]

මේ The X-Files නවවෙනි කතා සමයේ හතරවෙනි කතාංගයයි. අද කතාව මෙහෙමයි. කතාව පටන් ගන්නේ පරීක්ෂක මොනිකා රේයස් සහ ජෝන් ඩොගට් දරුණු මිනිමරුවෙක් වන ලුකේශ් නමැති පුද්ගලයෙකු අල්ල ගන්න මෙහෙයුමක් ක්‍රියාත්මක කරන අවස්ථාවකින්. මේ මෙහෙයුමේදී ලුකේශ් පොලිසිය තමන්ගේ පස්සෙන් එන බව දැනගෙන පලා යනවා. පලා යන්නේ පරීක්ෂක රේයස්ගේ උගුර හරහා මාරාන්තික …

Read More »

The X-Files [S09 : E03] Sinhala Subtitle | කවුරුන්ද සැබෑ යක්ෂයා? [සිංහල උපසිරැසි සමඟ]

The X-Files කතමාලාවෙ නවවෙනි කථා සමයේ තෙවන කතාංගයයි මේ. කලින් කතාංග දෙකට සම්බන්ධයක් නම් නෑ. ඒ නිසා කෙටියෙන් කතාව කියන්නම්. පරීක්ෂක ජෝන් ඩොගට් සහ මොනිකා රේයස්ට නියම වෙනවා අභිරහස් මිනීමැරුමක් විමර්ෂණය කරන්න. මිය යන්නේ විවාහක මහලු යුවලක්. විශේෂත්වය තමයි ඝාතකයා මිනීමැරුමෙන් පස්සේ ඒක සාතන්ට, එහෙමත් නැත්නම් යක්ෂයාට පවත්වපු පූජාවක් විදියට …

Read More »

The X-Files [S09 : E02] Sinhala Subtitle | කවුරු විශ්වාස කරන්නද? [සිංහල උපසිරැසි සමඟ]

The X-Files කතා මාලාවේ නවවෙනි කතා සමයේ දෙවන කතාංගයයි මේ. මේකත් පසුගිය කොටසටම සම්බන්ධයි. පසුගිය කොටස මතක ඇතිනේ. මේ කොටස ගැන කියන්නම්. පසුගිය කොටසේ අවසානයේ නන්නාදුනන කාන්තාවක් පරීක්ෂක ඩොගට්ව වතුර යටට ඇදලා ගත්තා ඔයාලට මතක ඇති. ජෝන් ඩොගට් සිහි නැති වෙලා ඉඳලා අවදි වෙනකොට දකින්නේ ඒ වෙන කවුරුවත් නෙවෙයි තමන් සම්බන්ධ කරගන්න …

Read More »

The X-Files [S09 : E01] Sinhala Subtitle | පැරණි මිතුදම් [සිංහල උපසිරැසි සමඟ]

ලෝක ප්‍රකට The X-files කතාමාලාවේ නවවෙනි කතා පෙළෙහි ආරම්භයයි මේ. 24 කතා මාලාව වගේම බයිස්කෝප් උපසිරසිකරුවන් සහයෝගයෙන් ආරම්භ කරපු මේ කර්තව්‍යයේ නවවෙනි කොටස මට භාර දුන්න එක ගැන මුලින්ම සමීර චතුරංග අයියාට ස්තුතිවන්ත වෙනවා. මෙතැන් සිට කතාංග 20 ක් ඔබට උපසිරැසි ලබාදෙන්නට මම සුදානම්.අලුත් කතා සමය ගැන කතා කරන්න කලින් …

Read More »

The X-Files [S08 : E21] – Sinhala Subtitle | සුපිරි සොල්දාදුවා පරදන්න එක්ස් ෆයිල්ස් වැඩ්ඩන්ට හැකිවෙයිද? [සිංහල උපසිරැසි සමඟ]

8 වන කතා සමයේ අවසානය අරගෙනයි ආවේ. මේ අවසාන කොටස පෙර කොටසේ දිගුවක් විදියට සලකන්න පුලුවන්.ඉතින් මේ කොටස මුල් වරට විකාශය වෙලා තියෙන්නෙ 2001 වසරේ මැයි 20 වෙනිදා. Imdb දර්ශකයේ 9 ක ලකුණු මට්ටමක් තියනවා. මේ කතාසමයේ වැඩිම ලකුණු මට්ටම හිමි කර ගත්ත කොටස මේකයි. මොකද මෙච්චර දවස් බලා හිටිය …

Read More »

The X-Files [S08 : E20] – Sinhala Subtitle | පිටසක්වල පිටපත් [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසේ ක්ෂුද්‍ර ජීවි විද්‍යාඥයෙක්ගේ භයානක සොයා ගැනීමක් දකින්න ඇති. ඔහු තමන්ගෙ විෂය ක්ෂේත්‍රය වෙනුවෙන් කොයි තරම් කැප වෙලාද කියනවා නම් ඔහුගේ සොයා ගැනීමේ පර්‍යේෂණ මීයා වෙලා තියෙන්නෙත් ඔහු. නමුත් එයින් මිනිස් ජීවිත දෙකක් විනාශ වුනා. තව පොඩ්ඩෙන් ඩොගට්ගෙයි, හැරිසන්ගෙයි ඇස් අන්ධ වෙනවා, ඩොගට්ගෙ ඉලක්කෙ වැරදුනා නම් මෝල්ඩර් මැරෙන්නත් තිබ්බා. …

Read More »

The X-Files [S08 : E19] – Sinhala Subtitle | අන්ධ වුනත් ඩොගට් වැඩ. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් දකින්න ඇති, තෙල් නිධියේ කැණීම් කරපු සේවකයන්ට වුන දේ. පිටසක්වල වෛරසයක් ඇවිත් හැම කෙනෙක්ම ආක්‍රමණය කර ගනිද්දී ඊට ප්‍රතිශක්තියක් තියන අය විතරක් බේරුනා. ඒත් වෛරසය ආසාදනය වුන අය ඔවුන් හොය හොයා මරන්න පටන් ගත්තා. විමර්ශනය පැවරුනෙ ඩොගට්ට නමුත් මෝල්ඩර් කලින්ම නැවට ගිහින් වැඩ පටන් ගත්තා. ඒ අතරේ ස්කලී …

Read More »

The X-Files [S08 : E18] – Sinhala Subtitle | අද්භූත විකිරණ. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් දකින්න ඇති ඩොගට්ගේ පුතාගෙ වියෝව පිළිබඳ අභිරහස විසඳුන හැටි. ඇත්තටම මේ කතාසමය ආරම්භයේ එක කතාංගයක් වෙන් වුනේ අවුරුදු හතක දරුවෙක් අතුරුදහන් වෙලා අවුරුදු දහයකට පස්සෙත් අවුරුදු හතේම දරුවෙක් විදියට ආව සිදුවීමක්. එතනදිත් ඩොගට්ට එයාගෙ පුතාව මතක් වුනා. ඒ වියෝව හරියටම පැහැදිලි වෙන්න ඇති පහුගිය කොටස නරඹද්දී. මොනිකාට කැදවීමක් …

Read More »

The X-Files [S08 : E17] – Sinhala Subtitle | සාතන්ගේ අනුගාමිකයෝ. [සිංහල උපසිරැසි සමඟ]

ධවල මන්දිරේට මනුස්සයෙක් දුවන් ආවා. එයා ඉල්ලුවේ ජනාධිපති එක්ක කතා කරන්න. ඒත් ආරක්ෂක භටයන් ඊට ඉඩ දුන්නෙ නෑ. ඔහු ජනාධිපතිට දෙන්න කියලා CD එකක් දුන්නා, ඒකෙ තිබුනෙ අකුරු තුනයි, “අනාගතය සමඟ සටන..” ඉතින් මිනී වළෙන් නැගිටපු මෝල්ඩර් වැඩ පටන් ගත්තා. ඩොගට්ව නම් මෝල්ඩර්ට ඇල්ලුවෙම නෑ. ඔය අතරේ ඩොගට්ගෙ හිතවතෙක් එයාට …

Read More »

The X-Files [S08 : E16] – Sinhala Subtitle | මිනී වළෙන් නැගිටපු හාදයා. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටස ආරම්භ වුනේ මෝල්ඩර්ගෙ අවමංගල්‍යයෙන්, අවසන් වුනේ මෝල්ඩර්ගෙ පුනරාගමනයෙන්. මෝල්ඩර්ගේ අවමංගල්‍යය උත්සවේ වෙලාවේ ස්කලී ඇඩුවේ මෝල්ඩර් හොයපු සත්‍යය එයාට කවදාවත් හොයාගන්න බැරි වුනා කියලයි. ස්කලී හිත හදන් වැඩට ආවා. මෝල්ඩර්ගේ කේස් එක විසඳුන නිසා කර්ෂ්, ඩොගට්ට උසස් වීමක් දුන්නා. ඒත් ඩොගට් ඒක භාර නොගෙන X ෆයිල්ස් එකේම ඉන්න තීරණේ …

Read More »

The X-Files [S08 : E15] – Sinhala Subtitle | අහෝ මෝල්ඩර්. [සිංහල උපසිරැසි සමඟ]

මෝල්ඩර් අතුරුදහන් වෙන්න කලින් දවසෙ අතුරුදහන් වුන තෙරේසා හෝසි පිට්ටනියකින් හමු වුනා. ඇය හිටියේ මරණාසන්නව. ඇයට කරලා තියන වද හිංසා වචනයෙන් කියන්න බැරි තරම්. ඇය ගැන දැනගත්ත ස්කලී සෑහෙන මානසිකව කඩා වැටුනා. වෙන මොකවත් නිසා නෙවෙයි. මෝල්ඩර්වත් මෙහෙම හමු වෙයි කියලා. සමහරවිට මීටත් නරක විදියට. තෙරේසාගෙ අරුම පුදුම හමුවීම ගැන …

Read More »

The X-Files [S08 : E14] – Sinhala Subtitle | පිටසක්වලයොත් එක්ක බෑ. [සිංහල උපසිරැසි සමඟ]

ස්කලී උත්සහ කරේ එයාගෙ ගර්භනී බව රහසක්ව තියාගන්න. මොකද FBI එකට ආරංචි වුනොත් එයාව X ෆයිල්ස් වලින් අයින් කරයි කියලා. එහෙම වුනොත් ස්කලීට, මෝල්ඩර් ව හොයනෙක කරන්න බැරි වෙනවා. අවසානේ මේ සේරම දැන ගත්ත ඩොගට්, ස්කලීගෙන් ඇහුවේ ඇයි ඒක එයාට නොකියා හිටියේ කියලයි. මෝල්ඩර් හොයන්න ඔහු උත්සහ ගන්නෙ ඇත්තටමයි කියලා …

Read More »

The X-Files [S08 : E13] – Sinhala Subtitle | පිටසක්වල ළමයි.. [සිංහල උපසිරැසි සමඟ]

13 වෙනි කොටස අරගෙනයි ආවේ. පසුගිය කොටසින් දකින්න ඇති දුම්රිය මාර්ගයේ හිටපු මාරයා ගැන. මිනිස්සු ගණනාවකගේ ජීවිත බිලි ගතපු ඒ මාරයා මුහුදු ජීවී ආකාරයක්. ස්කලී මේ විමර්ශනය මෙහෙය වෙව්වෙ පාලක මැදිරියේ ඉඳන්. ඩොගට්ට තනියෙන් උමං මාර්ගෙ ඇතුළට යවලා. ස්කලී එයාගෙ ගර්භනී බව රහසක්ව තියාගන්න සෑහෙන උත්සහ කරනවා. නමුත් කවදා වෙනකල් …

Read More »

The X-Files [S08 : E12] – Sinhala Subtitle | දුම්රියේ මාරයා.. [සිංහල උපසිරැසි සමඟ]

12 වන කොටස අරගෙනයි ආවේ. මේ වෙනකොට 8 වන කතාසමයේ හරි අඩකුත් පහු කරලයි අපි ඉන්නෙ. නමුත් තාමත් අතුරුදහන් වුන මෝල්ඩර් හොයාගන්න ඩොගට්ටවත්, ස්කලීලාටවත් පුලුවන් වුනේ නෑ.මේ වෙද්දී අපි දන්නවා පිටසක්වල ජීවීන් ඉන්නවා කියලා ඔප්පු වෙන සාක්ෂි කිසිවක් පිටසක්වල ජීවීන් ඉතුරු කරන්නෙ නැති බව. ඒ නිසයි මෝල්ඩර්ගෙ අතුරුදහන් වීමත් එක්ක …

Read More »

The X-Files [S08 : E11] – Sinhala Subtitle | ජීවිතයේ සහ මරණයේ අඛණ්ඩතාව. [සිංහල උපසිරැසි සමඟ]

X ෆයිල්ස් 8 වන කතා සමයේ 11 වන කොටසට සිංහල උපසිරැසිය අරගෙනයි ආවේ. පසුගිය කොටසෙන් දකින්න ඇති සිද්ධි මුණිවරයාගෙ කතාව. කතාව අවසානයේ ස්කලී ලොකුම කම්පනේකට මුහුණ දුන්නා ළමයාට වෙඩි තියන්න ගිහින්. ඇත්තටම ඒ හිටියේ ළමයෙක් නෙවෙයි, සිද්ධි මුණිවරයා කියලා හිතන්න පවා ස්කලීට අමාරු වුනා. සුපුරුදු පරිදිම අතුරුදහන් වුන මෝල්ඩර් ඉන්න …

Read More »

The X-Files [S08 : E10] – Sinhala Subtitle | මෙහෙමත් වෙස් මාරු කිරිල්ලක් [සිංහල උපසිරැසි සමඟ]

X ෆයිල්ස් 8 වන කතා සමයේ 10 වන කොටසට සිංහල උපසිරැසිය අරගෙනයි ආවේ. පහුගිය කොටස් දිහා නැවත හැරිලා බැලුවොත් 7 වන කතා සමය අවසානේ අතුරුදහන් වුන මෝල්ඩර් ඉන්න තැනක් ගැන තාමත් හෝඩුවාවක් නෑ. ස්කලීට ලැබෙන්න ඉන්න දරුවගේ තාත්තා මෝල්ඩර්. මේ රහස දැනන් හිටියේ ස්කිනර්නුයි, ස්කලීයි විතරයි. මෝල්ඩර්ගේ අතුරුදහන් වීම ගැන …

Read More »

The X-Files [S08 : E09] – Sinhala Subtitle | පළිගැනීම. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසෙන් දකින්න ඇති නිවුන් සහෝදරයො දෙන්නෙක් වැඩියෙන් සල්ලි උපයන්න ගිහින් කරපු හරියක්. මේ සහෝදරයො දෙන්නගෙන් කෙනෙක්ට අසාමාන්‍ය හැකියාවක් තිබුනා. ඒ තමයි බිත්ති හරහා දකින්න පුලුවන්කම. මේ හැකියාව පාවිච්චි කරලා මේ දෙන්නා එක්ක එකතු වෙලා කුඩු ජාවාරම්කාරයන්ගෙ සල්ලි හොරකම් කරා. කොල්ල කන්න කලින් කාටත් නොපෙනෙන තැනක ඉඳන් ජාවාරම්කාරයොන්ට වෙඩි තියලා …

Read More »

The X-Files [S08 : E08] – Sinhala Subtitle | අදිසි වෙඩි උණ්ඩ [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසෙන් දකින්න ඇති දෙවියන්ව දකින්න ගිය ඇන්තනී ටිපෙට්ට වුන දේ. ගහක පොත්තකින් පිළියෙල කරපු මත් ද්‍රව්‍යයක් භාවිතා කරලා ඔහු ඇසුරු කරන අයගේ විඥානයට පිවිසුනා. විශේෂම දේ තමයි ටිපෙට්ට මේ විදියට අනික් අයගෙ විඥානයට පිවිසෙන්න හැකි වුනේ ඔවුන් නින්දේ ඉද්දී. ටිපෙට් විශ්වාස කරා ඔහුගේ තෙවැනි ඇස විවෘත වුන නිසයි අනික් …

Read More »
error: Alert: Content is protected !!