Friday , October 2 2020
Breaking News

Tag Archives: Avatar: The Last Airbender

Avatar: The Last Airbender [S02 : E20] Sinhala Subtitles | යුද්ධය [සිංහල උපසිරැසි සමඟ]

ගිය පාර මම කිව්ව නේද කට්ටිය මොකද්දෝ ලොකු වැඩකට අරාඳිනවා වගෙයි කියලා. හැබෑවටම ඒක එහෙම තමයි. ඈන්ග් උතුරු දිග වායු පන්සලේ ගුරු පතික් එක්ක අවතාර් තත්ත්වය පාලනය ගැන ඉගෙන ගන්නවා. සොකා තාත්තත් එක්ක සැලසුම් සකස් කරනවා. ටෆ් උගුලකට හසුවෙලා. කටාරා සූකෝ එක්ක එකම හිරකුටියේ. අසූලා පාලනයේ සියලු බලය නතු කරගත්තා. …

Read More »

Avatar: The Last Airbender [S02 : E19] Sinhala Subtitles | ඊලඟට කුමක් වේවිද ? [සිංහල උපසිරැසි සමඟ]

හ්ම්හ්… දු‍ටුවනේ ගිය පාර වෙච්චි හරිය? ඩෛ-ලී වරුන්ගේ තරම කොහොමද? ඔවුන් රජා රූකඩයක් කරගෙන රටේ පාලනය ඔවුනගේ ක්‍රමයට කරගෙන ගිහිල්ලා. තමන්ගේ ලොක්කා සිරගත කළහම ඒකට රජුගෙන් පළිගන්නට සතුරන් හා එකතු වන්නට තරම් ඔවුන් ද්‍රෝහීන් පිරිසක් බවට පත්වුණා අන්තිමේ. තමන්ගේ අධිකාරීත්වය තියාගන්නට හදපු ඩෛ-ලී ලොකු තැන කබලෙන් ලිපට වැටිලා වගේ දැන්. …

Read More »

Avatar: The Last Airbender [S02 : E18] Sinhala Subtitles | විසඳේවිද. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් සොහොයුරනේ; ගිය වර ලිපියෙන් ලබා දීපු කොටස් දෙකත් සමග මට මගේ 50 වෙනි උපසි‍රැසිය ලබා දෙන්නට හැකි වුණා. ඒ කොටස් දෙක පිළිවෙලින් මගේ 50ත් 51ත් ලෙස සටහන් වුණා. ඉතිං මා වෙනුවෙන් ඒ අවස්ථාවේ සුබ පැතුමක් එක්කළ හැමෝටම ස්තුතියි. විශේෂයෙන්ම බයිස්කෝප් ඇඩ්මින්වරුන්ට මගේ විශේෂ ස්තුතියත් ප්‍රණාමයත් පළ කරනවා. මොකද මේ …

Read More »

Avatar: The Last Airbender [S02 : E16 – E17] Sinhala Subtitles | ලෝක යුද්ධය [සිංහල උපසිරැසි සමඟ] (50)

අද මට හරිම විශේෂ දවසක්! ඒ වගේම මම හරිම වාසනාවන්තයි! රොයිලි අයියා සහ දිදුල අයියාගෙන් පස්සෙ බයිස්කෝප් සයිට් එකෙන් උපසි‍රැසි 50ක් සම්පූර්ණ කරන මුල්ම කෙනා මමනෙ! ඉතිං ඒක එහෙම නොවෙන්නෙ කොහොමද? ඒ කියන්නෙ තුන්වෙනියා… හරිම සතු‍ටුයි. මම තවම සිංහල උපසි‍රැසිකරණයට එක්කාසු වෙලා මහ ලොකු කාලයක් වුණේ නෑ. හරියටම කිව්වොත් මාස …

Read More »

Avatar: The Last Airbender [S02 : E15] Sinhala Subtitles | බා-සිං-සේ වලින් කතා! [සිංහල උපසිරැසි සමඟ]

ගිය පාර දුටුවා නේද බා-සිං-සේ වලට ඇතුළු වුණ අපේ අවතාර් ඇතුළු පිරිස සහ සුකෝගෙ කට්ටිය මුහුණ දීපු අද්දැකීම්… අවතාර් භූමි රජුව බැහැදකින්නට අවසර පතන්නෙ ලෝකටම පෙරළාගෙන ඔහුගේ රාජධානිය දෙසට ඇදෙන ආක්‍රමණය ගැන ඔහුට දැනුම් දීලා මේ ශතවර්ෂාධික කාලයක් නැගෙන යුද ගිනි දැල් සදහටම නිවා දමන්නට අවශ්‍ය කටයුතු සංවිධානය කරන්නටයි. ඒකටනම් …

Read More »

Avatar: The Last Airbender [S02 : E14] Sinhala Subtitles | අමුතුම අමුතුයි [සිංහල උපසිරැසි සමඟ]

හප්පේ……හ් සොකාගෙ මොළේ තමා මොළේ! ඒ වුණත් ඒ ප්ලෑන නිසා කට්ටිය තව ඩිංගෙන් කම්බස් වෙනවා. නූලෙන් බේරුණේ. අන්තිමේ නගරෙත් බේර ගත්තා. ඇතුළත පවුර බිදගෙන එන්ඩ කලින් මේ සූත්තර සර්පයා නව්ත්තගන්ඩ හැකි වුණ නිසා හොදයි. 🙂 දැන් කට්ටිය බා-සිං-සේ වල. සෙන්පති අයිරෝ සහ සූකෝත් කොහොමහරි ආවනෙ. මතකද දන්නෙ නෑ, ජෙට්! එයත් …

Read More »

Avatar: The Last Airbender [S02 : E13] Sinhala Subtitles | නගරාරක්ෂක පවුර [සිංහල උපසිරැසි සමඟ]

බා-සිං-සේ ගිය අවතාර් කට්ටිය දුටුව දේ අදහන්ඩවත් පුළුවන්ද? අග්නි හමුදාව අවසාන නොවැටුණු භූමි රාජ්‍යයත් ආක්‍රමණය කරන්ඩ ළගටම ඇවිල්ලා. වෙනද පුරුදු විදිහෙ ආක්‍රමණයක් නොවෙයි මේක. මහා පරිමාණ ආක්‍රමණයක්. දුටුවනෙ මෙච්චර කලක් තමන්ගෙ රාජධානිය ආරක්ෂා කරගෙන හිටපු භූමි බන්ධන ප්‍රවීණයන්ටත් මේකනම් අදහගන්ඩවත් බෑ. කිසි කෙනෙක් නොහිතපු උපක්‍රමයක්. ඔට්ටු වෙන්ඩ ලේසි නෑ…. ඒ …

Read More »

Avatar: The Last Airbender [S02 : E12] Sinhala Subtitles | බා-සිං-සේ [සිංහල උපසිරැසි සමඟ]

දැන් කට්ටිය බා-සිං-සේ නගරයට යන්ඩ ළඟටම ඇවිදින්. නගරයට ඇතුළුවීමේ වරපත් කවුළුව ගාව ඉන්නෙ. අවතාර් ඇතුළු පිරිස විතරක් නෙමෙයි සූකෝ සහ මහප්පාත් නගරෙට යන්ඩයි හදන්නෙ. නගරෙට ඇතුළු වෙන්ඩ වතුරෙන් යන්ඩ තියෙනවා. මෙතනදි අවතාර්ට හරි ඇබැද්දියක් තමා වෙන්නෙ. අවතාර්ල මහ ගොඩයි. ඒ ප්‍රශ්නෙටත් විසඳුමක් ටෆ් දුන්නනෙ. මහප්පගෙ හැකියාවට පින්සිද්ධ වෙන්ඩ සූකෝලටත් ප්‍රශ්නයක් …

Read More »

Avatar: The Last Airbender [S02 : E11] Sinhala Subtitles | සූර්යග්‍රහණය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද පුස්තකාලෙ විත්තිය? ඇයි පුස්තකාලාධිපතිතුමා? අර මහාචාර්යවරයානම් දැනුම වෙනුවෙන් ජීවිතේ කැපකළා. ඒත් කාටවත් ප්‍රයෝජනයක් ගන්ඩ ලබා ගන්න දැනුම පාවිච්චි කරන්ඩ බැරිනම් ඇති ඵලේ මොකද්ද කියලා සොකා ඇතුළු පිරිස වුවමනා දේ විතරක් දැනෙගෙන ඇඟ බේරාගෙන පිටවුණා. ඒ අතරෙ එළියට වෙලා හිටිය ටෆ් මුහුණ දීපු තත්ත්වෙ හරිම සංවේදී, එක දෙයක් අත්හරිනවා හැරෙන්ඩ …

Read More »

Avatar: The Last Airbender [S02 : E10] Sinhala Subtitles | දැනුම [සිංහල උපසිරැසි සමඟ]

හෙහ් කොහොමද වැඩේ නේද? සෙන්පති අයිරෝ අර උපක්‍රමේ අල්ලගෙන තියෙන්නෙ ජලබන්ධකයන්ව අධ්‍යයනය කරලනෙ. බලමුකො ඒකෙත් හැටි. අග්නි ජාතිය මුළු ලෝකෙම ජාතීන් යටත් කරගෙන, බලයට නතු කරගන්ඩ මහා යුද්ධයක් ගෙනියද්දී ඒ අයම හතුරුකම් කරන ජලබන්ධකයන්ගෙ ක්‍රමවේදයක්ම අග්නි ජාතික පි‍ටුවහල් කුමරෙකුගෙ ආත්මාරක්ෂාව උදෙසා ඉගෙන ගන්ඩ වෙනවා. ඒ ආරක්ෂා වෙන්ඩ තියෙන්නෙත් තමන්ගෙම ජාතියෙන්. …

Read More »

Avatar: The Last Airbender [S02 : E09] Sinhala Subtitles | උපක්‍රමයක් [සිංහල උපසිරැසි සමඟ]

දිගටම ඈන්ග් පස්සෙ පන්නපු අසූලා අන්තිමේට ඈන්ග්ව මුහුණට මුහුණ සටනකට හමුවුණා. අසූලා හොඳටම දන්නවා මේ පොඩි කොල්ල තමන්ට එච්චර ගේමක් නෙමෙයි කියලා. ඒ නිසා මේ පාර නොඑන්ඩම යවන්නම් කියල වැඩේට එන්ටර් වෙනකොටම කොහේදෝ ඉඳල කඩාපාත්වෙච්චි සූකෝ මේ හටනට මැදිහත් වුණා. අවතාර්ව හසු කර ගැනීම තම ගෞරවය නැවත ලබා ගැනීමේ එකම …

Read More »

Avatar: The Last Airbender [S02 : E08] Sinhala Subtitles | තනිවම [සිංහල උපසිරැසි සමඟ]

වෙන්වෙලා ගිය මහප්පයි පුතයි කොච්චර එකිනෙකාට බැඳීමකින් හිටියද කියල ඔවුන්ගෙ හැසිරීමෙන් තේරෙන්ඩ ඇති. ඒ වගේම මහප්පට උරුම වෙන්ඩ තිබ්බ රජ කිරුළ ඔහුගෙන් ගිළිහිලා සූකෝගේ තාත්තගෙ ඔළුවට ආපු හැටිත් තේරෙන්ඩ ඇති. දැන් ආපහු අවතාර් කල්ලියට. දැන් 4ක්නෙ ගමන් සගයො. ටෆ්ගෙන් හරිම වදේ. මෙච්චර කලක් හිටියෙ ගැහැණු උදවිය එක්කෙනානෙ. දැන් දෙන්නයි. ඉතිං …

Read More »

Avatar: The Last Airbender [S02 : E07] Sinhala Subtitles | අභියෝග [සිංහල උපසිරැසි සමඟ] (50)

කොහොමද පුංචි අන්ධ කෙල්ලගෙ වැඩ කිඩ? අන්ධ වුණාට මොන ශූරයෙකුටවත් එයා එක්ක හැප්පෙන්ඩ බෑ. මේ තරගෙ බලල අවතාර් ගෙදෙට්ටම ගිහිං ඉල්ලුවත් කෙල්ල බෑ කිව්වෙ මේක අම්ම තාත්තවත් නොදන්න රහසක් නිසා. ඒත් අන්තිමේ ඒ රහස එළි දරව් වුණ හැටිත් දැක්කනෙ. ඔහොම තමයි හැමදාම හැමදේම රහසක් හැටියට තියාගන්ඩ බෑ නොවැ. ඒකෙන් මේකෙන් …

Read More »

Avatar: The Last Airbender [S02 : E06] Sinhala Subtitles | අන්ධ කෙල්ල [සිංහල උපසිරැසි සමඟ]

හහ් 😀 හා…! පහුගිය කොටස බැලුවනම් දකින්ඩ ඇති මම කිව්වෙ බොරුද කියලා. අවතාර්තුමා පිස්සු මිනිස්සු වගේකට මැදි වෙලා ආත්ම ගාණකට ඉස්සර කළා කියල හිතාගෙන හිටි වැ‍රැද්දකට දඬුවම් විඳින්ඩ ගිය වෙලාවෙ කලින් කියල තියල වගේ, කල් වෙලා බලලා අග්නි ජාතික ලුහුබඳින්නන් පිරිසක් කඩන් පැනපු එක දෙයියො දුන්න වගේ ඉහේ කඩන් වැ‍ටුණ …

Read More »

Avatar: The Last Airbender [S02 : E05] Sinhala Subtitles | අතීත වැ‍රැද්ද [සිංහල උපසිරැසි සමඟ]

අර අනුහස් සහගත ගොහොරු බිමේදී ඈන්ග් තමන්ගෙ ගමනට, අරමුණට අදාල වටිනා කියන පාඩමක් ඉගෙන ගත්තා. ගහ කොළ – සතා සීපාව එකිනෙකා අදිසි හුයකින් එකිනෙකා හා බැඳී ඇති බව ඈන්ග්ට පසක් වුණා. ඒ විතරක් නෙමෙයි. මහ පොළවේ හැමදෙයක්ම පුංචිම පුංචි දේක ඉඳං මහා දැවැන්තම දේ වෙනකම් හැමදෙයක්ම එකට බද්ධ වෙලා තිබෙන …

Read More »

Avatar: The Last Airbender [S02 : E04] Sinhala Subtitles | හාස්කම් [සිංහල උපසිරැසි සමඟ]

3 වන කොටස බැලුවනම් දන්නවා, ඈන්ග් තමන්ගෙ වයස්ගත මිත්‍රයා ‘භූමි’ බේරාගන්නට දරපු උත්සාහය ඔහු විසින් ප්‍රතික්ෂේප කෙරුණු බව. නියම වෙලාව එනකම් හිරකාරයෙක් වෙලා ඉන්න එක තමන්ගේ අභිප්‍රාය බව ඔහු කියා සිටියා. ඒ විතරක් නොවෙයි ඈන්ග්ට ඔහු හැර වෙනත් අති දක්ෂ ගුරුවරයෙක් හොයාගන්නටත් හැකිවනු ඇති බව ඈන්ග්ට සහතික වුණා. නිදහස පෙනි පෙනීත් …

Read More »

Avatar: The Last Airbender [S02 : E03] Sinhala Subtitles | යටත් කොළනිය [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම අපේ සයිට් එකෙන් සිංහල උපසි‍රැසි ලබා දීලා, ඉතාම කෙටි කලකින් උපසි‍රැසි 50 කඩඉම පසු කරපු දිදුල සිල්වා සහෝට සුබ පතනවා. ඔහුගේ කැපවීම මහත් සේ අගය කරනවා. එහෙම අය ඉන්න එක අපටත් හයියක්! ඊයෙ කොටස බලන්ඩ ඇති කියල හිතනවා එහෙනම්. කොහොම වුණත් වැඩි දෙනෙක් ඉල්ලීම නොසලකා හැරපු බවකුයි පේන්නෙ. කමක් …

Read More »

Avatar: The Last Airbender [S02 : E02] Sinhala Subtitles | පෙම්වතුන්ගේ ගුහාව [සිංහල උපසිරැසි සමඟ]

ඊයෙ දීපු කොටස සෑහෙන දෙනෙක් බාගෙන තියෙන බව දැක්කම හිතට හැබෑම සතුටක් දැනුණෙ. මගෙ මහන්සියෙන් හුඟ දෙනෙක් ප්‍රයෝජන ලබන බව දකින එකත් සතුටක්. ඒ වුණාට කමෙන්ට් ගැන හිතද්දි බාන ගාණෙන් 10% යි. අපේ අය ගැනනම් ඇති වෙන්නේ කලකිරීමක්. අපි මේව දෙනවට ඉල්ලන්නේ කමෙන්ට් විතරමයි. ඒ එකක් ලබා දෙන්ඩ කිසි වියදමක් …

Read More »

Avatar: The Last Airbender [S02 : E01] Sinhala Subtitles | අරමුණ… [සිංහල උපසිරැසි සමඟ]

මම හිතනවා ඉතිං ගියපාර කතාව හැමෝම බලන්ඩ ඇති කියලා. හැමෝම නැතත් ආශාවෙන් ඒක නරඹපු ටික දෙනෙක් හරි ඉන්නවා කියන එක සයිට් එකේ සටහන් වෙලා තියෙනවා. ඒ හින්දා මගේ මේ සූදානම ඒ කතාවෙ දෙවෙනි කොටස පොරොන්දු වූ පරිදිම සිංහල අරගෙන එන්ඩයි. මේ කතා පෙළ විකාශය වෙලානම් දැන් සෑහෙන කලක් ගත වුණා. …

Read More »

Avatar: The Last Airbender [S01 : E20] Sinhala Subtitles | අති දැවැන්ත ප්‍රහාරය… [සිංහල උපසිරැසි සමඟ]

පළමු සීසන් එකේ අවසන් කතාව මෙන්න අද… දැන් ඔන්න අග්නි නැවි ඇණි උතුරු කරේට ප්‍රහාර එල්ල කරනවා. එසේ මෙසේ ප්‍රහාරයක් නොවෙයි අති දැවැන්ත ප්‍රහාරයක් මේ… මහා හමුදාවක් ඇවිදින් පහර පිට පහර එල්ල කරනවා. මේ අතරෙ මේකට එරෙහිව කටාරා, සොකා, යූවේ සටන් වදිනවා. නමුත් ඈන්ග්; ඔහුට මේ මහා ප්‍රහාරයෙන් ගැළවෙන විදිහක් …

Read More »
error: Alert: Content is protected !!